ඇයත් පතිනියකි 26

26_කොටස

“අයියේ…ඔයා මගෙම අයියා නේද….”

“සේයා….ඔව් නංගි…මොකද මේ…..”

“අයියලා නංගිලට කිසි දෙයක් හංගන්නෙත් නෑ නේද…”

“ම්ම්ම්…නැහැ…කියන්නකෝ මගෙ නංගි…මොකක්ද ප්‍රශ්නේ….”

සහස් ඇහුවේ කෙල්ලගේ කදුලු පිරිලා තියන ඇස් දෙක දිහා බලාගෙන සන්සුන්ව…..

කෙල්ල ආයෙත් ඇස් වල තිබ්බ කදුලු අත්ලෙන් පිහිදැන්මේ කොල්ලා ගෙන් ඇස් ඉවතට අරන්…

“කෝ ඉතින්…මෙහෙ බලන්න…මොකද මේ…ඊයේ මොකක් හරි ප්‍රශ්නයක් උනාද….එහෙම උනොත් මන් අරුව මරනවා…”

සහස්ගෙ ඇස් දෙක මොහොතින් රතු වෙලා කිචන් එක දිහාට ඇස් යොමු වෙද්දි කෙල්ල අඩ අඩ ම ඔලුව හෙල්ලුවේ කිසිවක් නෑ කියන්න….

“එහෙනම් මොකද මේ…අයියට කියන්න බැරි දෙයක් ද…”

“නෑ අයියේ…මට අයියගෙන් හැමදේම දැනගන්න ඕනි…අයියට විතරයි මට උදවු කරන්න පුලුවන්…”

කෙල්ල අහිංසක විදිහට හිනා වෙලා කියද්දි සහස් කෙල්ලගේ හිත සීරුවට පිරිමැද්දේ කෙල්ලගේ ඇස් වල කදුලු තවත් වැඩි වෙද්දි….

“හ්ම්….කෝ…කියන්න මට හැමදේම….මේ අයියා නංගිට මොනවත්ම හංගන් නෑ..”

කොල්ලා කෙල්ලගේ ඔලුවෙන් අත තියලා පොරොන්දු උනත් ඊලගට සේයා කිවුව දේට කොල්ල ට කට උත්තරත් නැති වෙලා ගියා….

” නිසලි ගැන ඔයා දන්න හැමදේම මට කියන්න..”

කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන උනත් කොල්ලගේ ඇස් දිහා බලාගෙනම දැඩිව ඇහුවා…. කොල්ලා මොහොතක් සේයා දිහා බලන් ඉදලා ඊලට තත්පරේ කෙල්ලගෙන් ඇස් ඉවතට ගත්තේ පුදුම තරම් අසරන විදිහට…

“නංගි…ඔයාට…ඒවා මොකටද දැන්….”

කොල්ලට කියන්න දෙයක් හිතා ගන්නම බැරි උන තැන කොල්ලා අමාරුවෙන් වචන ගලපගෙන ඇහුවේ සේයා ගේ මූනව හිනාවක් එද්දි මයි…

“මගෙ අයියා කිවුවා නේද…ඒත් කියන්න බෑ නේද…”

කෙල්ල කට කොනකින් හිනා වෙලා සහස් ගෙන් අහද්දි කොල්ලා අසරන විදිහට සේයා දිහා බැලුවේ නංගිව වගේම යාලුවත් ඕනි නිසාමයි… කෙල්ලට එහ් හැගීම තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ….

“තේජාන් ට මන් මොකුත් ම කියන් නෑ අයියේ…මාව විශ්වාස කරන්න….. මට නිසලි ගැන දන්න හැමදේම කියන්න…ප්ලීස්…ඔයාට ගොඩක් පින්…”

කෙල්ල අත් දෙක එකට එකතු කරලා සහස් ට කියද්දි කොල්ලගේ ඇස් වලට පවා කදුලු ආවේ කෙල්ල ගැන ඇත්තටම දුක හිතිලා…මොහොතක් කල්පනා කරපු කොල්ලා ඊලග තත්පරේ දි සේයා ට කිවුව දේ නිසා කෙල්ල හිනා වෙවීම ඇස් වල තිබ්බ කදුලු පිහිද ගත්තේ මහා ලොකු වටින දෙයක් ලැබෙන්න යනවා වගේ….කෙල්ලගේ එහ් හැසිරීම දකිද්දි සහස් ට ඇත්තටම තේජාන් ගැන දැනුනේ පුදුම තරහක්.. මේ තරම් අහිංසක කෙල්ලට දුක් දෙනවා නේද කියලා හිතද්දි…..

කොල්ලා කෙල්ල දිහා බලලා ලාවට හිනා වෙලා නිසලි ගැන තමන් දන්න හැමදේම සේයා ඉස්සරහා කියන්න පටන් ගත්තේ කෙල්ල ගැන අනුකම්පාවෙන් වගේම හිතේ උතුරන සහෝදර බැදීමෙන්….

“නිසලි සදෙවුමි….. තේජාන් ට නිසලි ව හම්බුනේ හරියට ම අවුරුදු 3 කට කලින් …තේජාන් මැනේජ්මන්ට් ඩිග්රි එක කරන කාලේ….බෙහෙතකටවත් කොල්ලෙක් දිහා නොබලන අපේ එකාට එහ් කෙල්ලට කොහොම හිත ගියාද මන් දා සේයා…එතකොට තේජාන් final year…semester එක පටන් ගද්දි මයි ලවු එකත් පටන් ගත්තේ… නිසලි තේජාන් ට වඩා අවුරුද්දක් බාලයි…එතකොට තේජාන් full මීටරේ….ජුන්නොන්ට රිවිශන් කරා එහ් දවස් වල…ඔය නිසලි කියන්නේ තේජාන් ගේ revision එකට ආව junior කෙනෙක්… ඇත්තටම තේජාන් පාඩුවේ හිටපු එකෙක් සේයා..නිසලි තමයි මුගේ පස්සෙන් ආවේ… අන්තිමට නිසලි තේජාන් ට ලිවුමක් ලියලා තේජාන් ගේ යාලුවෙක් අතට දීලා තේජාන් ට දෙන්න කියලා… එහ් ලිවුමේ තිබුනේ මොකක්ද දන්නවද…” ඔයා මට ආදරේ නැත්නම් මන් ජීවත් වෙලා වැඩක් නැහැ අයියා…මේ මන් ජීවත් වෙන අන්තිම දවස….” තේජාන් මේක දැක්ක ගමන් පිස්සෙක් වගේ නිසලි ලගේ borrding house එකට ගියා….කෙල්ල මැරෙනවා කිවුවට මැරිලා තිබුන් නෑ..හැබැයි මුලු අතේම තේජාන් ගේ නම ලියාගෙන බ්ලේඩ් එකකින්…තේජාන් ගේ ඇතුලට යද්දිත් කෙල්ලගේ අතින් ලේ ගලවනලු හොදටම… ඊට පස්සේ තේජාන් නිසලි ට හයියෙන් කනේ පාරක් දීලා අතට බෙහෙත් දාලා….එදාම ආදරෙයි කියල ත් කිවුවා… තේජාන් කවදාවත් නැති තරම් සතුටකින් හිටියේ නංගි…පන ඇරලා තේජාන් ඒකිට ආදරේ කරේ…නිසලි ත් එහ් වගේමයි…තේජාන් එහ් දවස් වල අපේ ගෙදර ආවම නිසලි විනාඩි 5න් 5 ට මූට කතා කරනවා…. අවුරුද්දක්ම දෙන්නා ඔය විදිහට හිටියා…. ඒත් එක දවසක් හිටි හැටියෙම නිසලි තේජාන් ට මැසේජ් එකක් එවුවා…මමත් එහ් වෙලාවේ තේජාන් එක්කමයි හිටියේ…එහ් මැසේජ් එකේ තිබ්බේ “මාව අමතක කරන්න තේජාන්…මට සමාවෙන්න..” කියලා…. මූ පිස්සෙක් වගේ නිසලි ගේ බෝඩින් හවුස් එකට ගියා…ඒත් කෙල්ල හිටියේ නැ…බෝඩිමේ ඇන්ටි කිවුවා දැන් පැයකට කලින් කෙල්ල ගමේ යනවා කියලා ගියා කියලා….නිසලි ආයෙ කැම්පස් ආවෙත් නෑ…ෆෝන් එකක්වත් වැඩ කරෙත් නෑ…. තේජාන් නිසලිට පන වගේ ආදරේ කරාට ඒකි ඉන්න ගමක නමක් වත් අහගෙන තිබ්බේ නෑ…. නිසලි ගේ යාලුවොන් ගෙන් බලකරලා අහ ගත්ත විස්තර ටිකක් ඇරෙන්න නිසලි ඉන්න තැනක් ගැන කවුරුත් දැනන් හිටියේ නෑ… ජීවිතේට බොන්න තියා එහ් ජරාව කටේවත් තියලා නැති මූ ගෙදර ඇවිත් හොදටම බිවුවා…එදා ඉදන් හැම දවසකම බොන්න පටන් ගත්තා… දැන් මූට බොන්නේ නැතුව ඉන්නවා කියන එක කීයටවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි… අවුරුද්දක affair එකක් හින්දා මේ අහිංසකයාඅවුරුදු දෙකක් ම විදෙවුවා…උබ දන්නවද නංගි…මූ හින්දා අර අන්කල් වින්ද දුකක්…මූ මෙහෙම හරි හිනා වෙලා මනුස්සයෙක් විදිහට ඉන්නවා දැක්කේ මේ දවස් දෙකේ විතරයි නංගි…එහ් හැමදේම උබ හින්දා..උබට විතරයි පුලුවන් පරන තේජාන් ව ආපහු ගේන්න….”

සහස් හිත් වේදනාවෙන් එදා ඉදන් මේ වෙනකම් උන හැමදේම බොහොම කෙටියෙන් කියාගෙන යද්දි කෙල්ලගේ හිතට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක්…එහ් තේජාන් නිසලි හින්දා මොන තරන් නම් දුකක් විදින්න ඇති ද කියලා හිතෙද්දි…

“අයියේ…නිසලි ඉන්න තැනක් ගැන….කවුරුත් දන්නේ නැද්ද තාම….”

කෙල්ල ඇහුවේ එදා තේජාන් සහස් එක්ක කතා කරපු දේවල් මතක් උන හින්ද මයි…

“මට උබට බොරු කියන්න ඕනි නෑ මගෙ නංගි….මූ මේ අවුරුදු දෙකටම මේකිව හොයපු නැති තැනක් නෑ…මමත් එහෙමයි….නිසලි ගේ යාලුවෙක් කිවුව ගමක් ගැන මන් දන්න මනුස්සයෙක් දාලා හොයලා බැලුවා….නිසලි ගේ ෆොටෝ එකකුත් දීලා… එහ් මනුස්සයා දැකලා තියනවා එහ් වගේම කෙනෙක්….මට එහ් වෙලාවෙම කෝල් කරලා කිවුවා…තේජාන් ට එහ් වෙලාවේ තමයි මන් කෝල් කරේ..ඔයා ඔලුව තුවාල කර ගත්තේ ඒහ් දේවල් ඇහිලා නේද මගෙ නංගි… ම්ම්ම්….තේජාන් මට පොරොන්දු උනා ඌ කවදාවත් උබව දාලා යන්නේ නෑ කියලා….නිසලි දාලා ගියපු හේතුව දැනගන්න විතරක් ඒකිව එක පාරක් මුනගස්සවන්න කිවුවා…කියපන් නංගි…උබ කැමති නෑ නේද ඒකට…උබ අකමැති නම් මන් කීයටවත් ඌට නිසලි ව මුනගස්සන් නෑ…”

සහස් කිවුවේ කෙල්ලගේ කම්මුල් දෙකෙන් වැටෙන කදුලු දිහා වේදනාවෙන් බලමින්…

ඒත් කෙල්ල කිවුව දේට සහස් ගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ තත්පරයක් වත් යන්න කලින්….

“අපි එහ් දෙන්නව එකතු කරමු මගෙ අයියේ…මට ඕනි මගෙ තේජාන් සතුටින් ඉන්නවා බලන්න….. නිසලි ටත් සාධාරන හේතුවක් තියෙන්න ඇති එච්චර ආදරේ කරලත් එක පාරට දාලා යන්න ඇත්තේ ඒකයි…..”

කෙල්ල අඩමින් උනත් හිනා වෙවී කිවුවේ සහස් ගේ ඇස් වලට තවත් කදුලු උනද්දි…

“නංගි උබට පිස්සු ද…උබගෙ අම්මයි තාත්තයි උබව…..”

“එයාලා මට ආදරෙයි අයියේ…එයාලා මට මොකුත් කියන් නෑ…මන් අන්කල් ටත් තේරුම් කරලා දෙන්නම්…ඊට පස්සේ තේජාන් ව නිසලි ට දීලා මන් මෙහෙන් යනවා…එහ් දවස වෙනකම් මට තේජාන් එක්ක සතුටින් ඉන්නයි ඕනි….”

“නංගි උබ……”

“මගෙ අයියා නම් මට එහ් කූඩුව එකතු කරන්න උදවු කරන්න අයියේ…”

කෙල්ල අඩ අඩ සහස් ට කියද්දි කොල්ල හිත් වේදනාවෙන් ම සේයා ගේ ඔලුව අත ගාන්න ගත්තා….

“උබ ගැන මට හිතා ගන්නත් බෑ සේයා….”

සහස් දිගු සුසුමක් හෙලලා කියද්දි කෙල්ල ඇස් වල තිබ්බ කදුලු පිහිදගෙන හැමදාම වගේ මූනට හිනාවක් අරන් සහස් දිහා බැලුවේ හිනා වෙවීමයි….

“එහෙම තමයි…මේ ආත්මේ පින් කරාම ඊලග ආත්මේ බෝනස් එක්කම ලැබෙනවා….කෝ කෝ ඔයා කදුලු පිහිද ගන්න…තේජාන් දකී…මගෙ හස්බන්ට් ට දුක හිතිල තිබ්බොත් අයියා කියලා බලන් නෑ මරලා දානවා…”

කෙල්ල හිනා වෙවීම එහෙම කියලා ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටිද්දි කොල්ලා හිත් වේදනාවෙන් ම සේයා දිහා මොහොතක් බලන් හිටියේ නිහඩව මයි…

“යමු කිචන් එකට…අර මැට්ටා දැනටමත් මොනා කරගෙන ද දන් නෑ…”

කෙල්ල එහෙම කියලා සහස් ගේ අතින් අල්ලගෙනම කිචන් එකට ආවත් දැක්ක දේ නිසා දෙන්නම මොහොතකට මූනේන් මූන බලා ගත්තේ කෙල්ලගේ කටත් ඇරෙද්දි..

ඒත් ඊලගට ඇහුන වචන ටික නිසා සහස් ට වගේම සේයා ටත් උන් හිටි තැනුත් අමතක වෙලා ගියා….

27 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…..

දැනුයි කතාව ටයිප් කරලා ඉවර උනේ…රෑට කතාව දානවද දැන් දානවද කියලා හිත හිත ඉදලා දැන්මම දැන්මා…

රෑට කතාවේ තව කොටසක් දාන්න බැරි උනොත් සමාවෙන්න යාලුවනේ….පුලුවන් උනොත් 7 ටත් තව කොටසක් දාන්නම්….

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අද cover එක වෙනස් කරා යාලුවනේ….

අලුත් cover එකක් හදලා දෙන්න කියලා ගොඩක් අයට කිවුවා..ඒත් හැමෝටම ගොඩක් වැඩනේ….අන්තිමට මන් ම cover එක තනියම හදා ගත්ත…එහ් හින්දා cover එකනම් අවුල් ඇති…cover එකක් හදා ගන්න ගිහින් හිත රිද්ද ගත්ත අවස්ථාත් නැතුවම නෙමෙයි..කමක් නැහැ…අන්තිමට කැතට හරි cover එක මන් ම හදා ගත්තා….. 😢

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ….

ආදරෙයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *