ඇයත් පතිනියකි 30

30_කොටස

” මචන් තේජාන්… මන් නිසලි ඉන්න තැන හොයා ගත්තා…”

ස්කීන් එකේ තිබ්බ මැසේජ් එක කෙල්ලගේ හිතේ ආයේ ආයේත් දෝන්කාර දෙන්න ගත්තේ දරා ගන්න බැරි ලොකු වේදනාවක් එක්කමයි…කෙල්ල අඩ අඩ ම තමන් ගේ රිදෙමින් තිබුන පපුවට එක අතක් තියාගෙන අනිත් අත හිසෙන් තියා ගත්තේ තේජාන් ව නිසලි ට දෙනවා කියලා කෙල්ල තමන්ටම පොරොන්දු උනත් තේජාන් නැති ජීවිතයක් කෙල්ලට හිතා ගන්නත් බැරි හින්දමයි…

එත් කෙල්ලගේ ඇඩිල්ල තත්පර ගානකට නැවතුනේ කොල්ල ගේ ෆෝන් එක ආයෙත් vibrate වෙන්න ගත්තයින්….ආයේත් ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත් තියනවා දකිද්දි කෙල්ල දෙපාරක් නොහිතම මැසේජ් එක ඕපන් කරේ එහ් මැසේජ් එකෙත් සහස් ගේ නම පෙන්නපු නිසාමයි….

“හැබැයි උබ අර අහිංසකීට දුකක් දීලා තිබුනොත් මන් උබව මරනවා..සේයා ට මේක දැනගන්න තියන්න එපා…උබට අහන්න තියන දෙයක් නිසලි ගෙන් අහලා ඒකිව අත ඇරලා දාපන්… සේයා උබට පන ඇරලා #$%#…. “

එහ් මැසේජ් එක දකිද්දි කෙල්ල කලින් ටත් වඩා ඉකි ගගහා අඩන්න ගත්තේ සහස් තමන් ගේ අයියා වගේ තමන් පස්සෙන් ම ඉන්නවා කියලා දැනෙද්දි…මොහොතක් එහෙම්මම අඩ අඩ හිටපු කෙල්ල එක පාරටම ඇස් වල කදුලු අත්ලෙන් පිහිදගෙන සහස් ට කෝල් එකක් ගත්තේ තමන් ගේ දුක හිත ඇතුලෙම තද කරගෙන…

කෙල්ල කෝල් එක ගන්නවත් එක්කම එහ් සැනින් සහස් ෆෝන් එක ආන්සර් කරද්දි කෙල්ල ආයාසයෙන්ම තමන් ගේ කදුලු පාලනය කරගෙන සාමාන්‍ය විදිහට කතා කරන්න උත්සාහා කරත් කෙල්ලට තමන්ගේ කදුලු පාලනය කරගන්න තරම් ශක්තියක් තිබුනේ නෑ….. සහස් ගේ මුල්ම වචන ටික ඇහෙද්දිම කෙල්ලගේ ඉගිය ඇඩිල්ලක් වෙන්න පටන් ගත්තා….

” මන් උබ ගන්නකම් තමයි බලන් හිටියේ… හැබැයි පුතේ මන් උබට කිවුව දේ මතකනේ…සේයා මැරෙයි @#$#$ උබව නැති උනොත්.”

කෙල්ල වචනයක් වත් කියන්න කලින් සහස් කියාගෙන කියාගෙන ගියේ කෙල්ල ගේ ඇස් වලින් කදුලු කැට ගලන් යද්දිමයි…

කෙල්ල සහස් කියන දේ මොකුත් නොකියා නිහඩවම අහන් හිටියත් කෙල්ලගේ ඇඩිල්ල හොදටම ඇහුන සහස් ට මේ කතා කරන්නේ සේයා කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..

“නංගි ඔයා…තේජාන් ගේ ෆෝන්…එකෙන්…”

කොල්ලා එක පාරම ගැස්සිලා ගියත් ඊලගට කොල්ලා වේදනාවෙන්ම සේයාට කතා කරේ කොල්ලගේ වචන පවා පැටලෙද්දි..

” නංගි මන්…ඔයාට..”

“නෑ අයියේ…මොකුත් ම කියන්න එපා….කිවුවා නේද නිසලි ව හොයා ගත්ත ගමන් මට කියනවා කියලා…ඇයි මටත් හොරෙන් තේජාන් ට කියන්න හැදුවේ…නිසලි හොදින් ඉන්නවද අයියේ…එයා කොහෙද ඉන්නේ…”

කෙල්ල සහස් ගේ කතාව බලෙන්ම නවත්තලා තමන් ගේ හිතේ තියන දුක පාලනය කරගෙන කිවුවේ ඇස් වලින් කදුලු වැටුනත් එහ් බවක් සහස් ට දැනෙන්න නොදීමයි…

“නංගි…එයා…එයා හොදින් ඉන්නවා…”

“අපි තේජාන් ට එයාව ඉක්මනට ම දෙමු අයියේ…මන් තේජාන් ආවම කියන්නම්…එයා මීටින් එකක හින්දා මන් අතට ෆෝන් එක දුන්නා…එහෙනම් මන් තියන්නම් අයියේ…බුදු සරණයි….”

කෙල්ල එහෙම කියලා ඉක්මනට ෆෝන් එක කට් කරේ සහස් මොනවත් කියන්නත් කලින් මයි..

ඊලගට කෙල්ල අඩ අඩ ම ටේබල් එකෙන් ඔලුව තියා ගත්තේ පුදුම අසරනමකින්….

පැය බාගයක් විතර කෙල්ල එහෙම්මම අඩ අඩ කාලය ගෙවුනත් ටික වෙලාවකින් කෙල්ලට එහෙම්මම නින්ද ගියේ කෙල්ලගේ කම්මුල් වලින් තෙමිලා තිබුන කදුලු කැට වේලිලා යද්දි…

හරියටම පැයකට පස්සේ තේජාන් ඔෆිස් රූම් එකට ආවේ හරියටම පන රහිත පුද්ගලයෙක් වගේ….කොල්ලා එහෙම්මම ඇවිත් ඔෆිස් රූම් එකේ දොර ලොක් කරලා ටයි එක බුරුල් කරලා බිත්තියට ඔලුව ගහ ගත්තේ එහ් සද්දෙට නිදාගෙන හිටපු කෙල්ල ගැස්සිලා ඇහැරෙද්දිමයි….

එහ් වෙද්දිත් කොල්ලා හිටියේ හොදටම ඔලුව අවුල් කරගෙන පිස්සෙක් වගේ…කොල්ලව එක පාරට දකිද්දි කෙල්ල ගැස්සිලා ගියත් ඊලග තත්පරේ කෙල්ල දුවගෙන තේජාන් ලගට ගියේ කෑ ගහගෙනමයි….කෙල්ල බිත්තියට ඔලුව තියාගෙන තමන් ට පිටුපාලා ඉන්න කොල්ලගේ උරහිසෙන් අල්ලලා තමන්ගේ පැත්තට හරවගත්තේ කොල්ලගේඇස් වලට කදුලු එද්දි මයි… ඇස් වල කෙල්ල කවදාවත් ම දැකලා නැති තරම් අසරනකමක් දකිද්දි කෙල්ලගේ මුලු පපුවම පිච්චිලා ගියේ එහ් බැල්ම දරාගන්නම බැරි උන තැන….කෙල්ල කොල්ලගේ මූන දෝතට ම අරන් එහ් ඇස් දිහා බැලුවේ කොල්ලගේ ඇස් වල කදුලු ගලන් යන වේගය වැඩි වෙද්දි මයි…

“තේජාන්…අනේ ඇයි මහත්තයෝ මේ…මොකද උනේ කියන්න..”

කෙල්ල අඩ අඩම කොල්ලගෙන් ඇහුවත් කොල්ලගෙන් පිලිතුරු විදිහට කිසිම දෙයක් නොලැබෙද්දි නම් කෙල්ලගෙ හිතට බයක් දැනෙන්න ගත්තේ කොල්ලගේ මේ විදිහේ හැසිරීමක් කවදාවත් දැකලා නැති හින්දමයි…

“ප්ලීස් කියන්න තේජාන්…මන් මට පුලුවන් විදිහට ඔයාට…උදවු කරන්නම්….”

කෙල්ල අඩ අඩ ම උනත් හිනා වෙවී කිවුවේ කොල්ලගේ දුක අඩු කරන්න හිතාගෙනමයි…

“ඔයාට බෑ මැනික…හැමෝම මාව රවට්ටලා…”

කොල්ලා කිවුවේ අඩ අඩ මයි…

” හැමෝම කිවුවේ…”

කිසිම දෙයක් තාමත් හරි හැටි නොදන්න්න කෙල්ල ඇහුවේ පුදුමයෙන්…

” මේ බිස්නස් තාත්තාගේ උනාට තාත්තා මට මේ හැම දෙයක් ම බාර දීලා තිබුනේ සේයා…මන් කැම්පස් යන කාලේ ඉදන් accnt චෙක් කරේ මන්..ඩිග්රි එක ගත්තට පස්සේ තාත්තා මට මේ හැම බිස්නස් එකක් ම සම්පූර්නයෙන් ම බාර දුන්නා…බිස්නස් කරන්න විශ්වාසේ තියෙන්න ඕනි හින්දම මන් කරේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මගෙම සහෝදරයෝ ටික branch වල මැනේජර් ලා කරපු එක….මන් තාත්තාගේ පුතා උනාට බිස්නඩ් run කරන්නේ උන් තුන් දෙනා… මන් කරේ උන් එවපු details check කරපු එක විතරයි…. මන් කවදාවත් හිතුවේ නෑ උන් මෙහෙම කරයි කියලා…ten ලැක්ස් නෙමෙයි කෝටි ගානක් මේ වෙද්දි මිසින්… last month මගෙ private ස්කට්රි අස් උනා..ඊට පස්සේ ආව ස්කට්රි ට මන් දුන්නා flies ටික check කරන්න…ඒකත් වෙඩින් එක හින්දා… එහ් කෙල්ලට මේ හැමදේම අහු වෙලා තියෙන්නේ…තාත්තාට කෝල් කරලා කියලා accnts වල අවුල් වගයක් තියනවා කියලා… තාත්තා ඇවිත් බලද්දි අවුලක් තිබ්බත් එහ් කොතන ද කියලා හොයා ගන්න බැරි වෙලා…අද මීටින් එකේදි හැම ෆයිල් එකක් ම චෙක් කරා…මේ හැමදේම කරලා තියෙන්නේ අරුන් තුන් දෙනා… මට දුක කෝටි ගානක සල්ලි නැති උනාටත් වඩා උන්ව මටත් වඩා විශ්වාස කරපු එක… මගෙ තාත්තා මහන්සියෙන් ජීවිත කාලෙම හම්බ කරපු ඒවා තේජාන් ..මන් හින්දයි හැමදේම..උන් තුන් දෙනාවම මන් අස් කරා….ඒත් මට තාමත් හිතා ගන්න බැරි දෙයක් තියනවා…මන් ජීවිතේට උන්ට තියා මගෙ තාත්තට වත් නිකියපු සමහර accnts වල security code මුන් දැන ගත්තේ කොහොමද…මගෙ ඔලුව පැලෙන්න වගේ සේයා… මට…මට ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්න බැරි උනා…එහ් වගේම මගෙ තාත්තාටත් හොද පුතෙක් වෙන්න බැරි උනා සේයා…”

කොල්ලා අඩ අඩම කෙල්ල නොදන්න ඔෆිස් එකේ විස්තර බොහොම කෙටියෙන් උනත් පැහැදිලිව් කියන් ගියේ හොදටම නැතත් කොල්ලගේ හිතට යම් තරමකට සහනයක් දැනෙද්දි මයි….

“දන්නව ද මහත්තයෝ…හිතේ තියන දුක කාට හරි කිවුවම හිතේ දුක අඩු වෙනවලු… ඔයා මේ දේවල් හිතේ තියාගෙන ඉන් නැතුව මට කිවුව එක හොදයි…දැන් හිතේ බර ටිකක් හරි අඩු උනා නේද ම්ම්ම්ම්….. “

කෙල්ල කොල්ලගේ ඇස් දෙක දිහාම බලාගෙන අහද්දි කොල්ලා ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න …

“මන් බිස්නස් ගැනනම් දන්නේ නෑ මහත්තයෝ…ඒත් මොන දේ උනත් මන් ඔයා ලගින් ම ඉන්නවා… කාවවත් ඕනිවට වඩා විශ්වාස කරන්න එපා තේජාන්… අපි හිතනවට වඩා මේ ලෝකේ ගොඩක් නපුරුයි….”

කෙල්ල කිවුවේ කකුල් දෙකෙන් ඉස්සිලා කොල්ලගේ නලල ආදරෙන් සිප ගන්න ගමන්… කෙල්ල ලග ඉද්දි කොල්ලට අමුතුම ආරක්ශිත හැගීමක් දැනෙන්න ගත්තේ හිතේ ප්‍රශ්න කෝටියක් තිබ්බත් මොහොතකට එහ් හැමදේම අමතක වෙලා යද්දි…

“කලබල වෙලා බෑ මහත්තයෝ….අපි හෙමීට හොයලා බලමු security code දැනගත්තේ කොහොමද කියලා…මට හිතෙන්නේ එතනින් තමයි මේ තරම් ලොකු වන්චාවවක් කරන්න හොදම support එක ලැබිලා තියෙන්නේ…තව දෙයක්… තාත්තා අසනීපෙන් ඉන්නේ…එයාව මේ හැමදේකින් ම නිදහස් කරන්න…බිස්නස් ගැන මොකුත් නොදන්නවා උනාට එක පාරක් කියලා දුන්නොත් මටත් යමක් කමක් කරගන්න පුලුවන් මහත්තයෝ…. මන් හොරකම් කරොත් කියලා තමයි හොරකම් කරන්නේ…”

මුල්ම වචන ටික කොල්ලට කෙල්ල පොඩි ලමයෙක් ට ටීචර් කෙනෙක් දෙයක් තේරුම් කරනවා වගේ ආදරෙන් කිවුවත් අන්තිම වචන ටික කිවුවේ හිනා වෙවීම කිවුවේ ප්‍රශ්න කෝටියක් මැද්දේ ඉන්න තේජාන්ගේ මූනට පවා හිනාවක් එද්දිමයි…

ඊලගට කෙල්ල කොල්ලගේ කම්මුල රතු වෙන තරමට මිරිකුවේ වෙනදා වගේම ඇස් දෙකත් පුංචි කරන් හිනා වෙන ගමන් මයි…

සහස් කිවුව කතාව වගේම මීට මොහොතකට කලින් කෙල්ල දුකින් අඩ අඩ හිටපු හේතුවත් කෙල්ලට මේ වෙද්දි හොදටම අමතක වෙලා තිබුනේ කවදත් තමන් ගෙ සමීපතයෙක් ගේ දුකක් ඉස්සරහා කෙල්ලට කෙල්ලගේ දුක අමතක වෙලා යන හින්ද්මයි..

31 කොටසින් හමුවෙමු…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

අනේ යාලුවනේ මේ දවස් ටිකේ වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ… ඒකයි කතාව ලේට් වෙන්නේ.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *