ඇයත් පතිනියකි 32

32_කොටස

” තේජාන්…ඔයා..මට..උදේ ෆෝන්..එක…මන් අතට දුන්නනේ..”

කොල්ලා හැම තැනම මූනත් දෙක කරන් ෆෝන් එක හොයද්දි කෙල්ල කිවුවේ වෙවුලන කටහඩින්…

“ඔහ් ශිට්…මට අමතක උනානේ…කෝ දෙනවා…”

“මගේ..බෑ…ග්..එකේ….”

කෙල්ල කිවුවේ ඇද උඩ තියන hand bag එක අතින් පෙන්නමින්…. කොල්ලා ඉක්මනට බෑග් එක ඇරලා ෆෝන් එක අතට ගද්දි කෙල්ලගේ පපුව පිටතට ඇහෙන තරමටම ඩිග් ඩිග් ගාන්න ගත්තේ කෙල්ල බයෙන් වගේම වේදනාවෙන් කොල්ලා දිහාම බලන් ඉද්දි….

“Calls 10 ක්…කාගෙන් ද මේ….”

ෆෝන් එක අතට ගත්ත ගමන් ම කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් ෆෝන් එක දිහා බැලුවේ කෙල්ල උන් තැනම බලන් ඉද්දි…

“අහ්…මූව…ශුවර් එකට ම මගෙ නංගි හොදින් ද අහන්න වෙන්න ඇති…බූරුවා…තමුසෙගෙම අයියනෙහ් ඉතින්….”

කොල්ලා කිවුවේ මූනට ලාවට හිනාවක් අරන්…කෝල් අරන් තියෙන්නේ සහස් කියලා කෙල්ලට දැනුනේ තේජාන් ගේ එහ් කතාවෙන්…

“අනේ දෙයියනේ…දැන් තේජාන් සහස් අයියට කෝල් කරයි ද……”

කෙල්ල තමන් ගේ හිතින් ම ඇහුවේ ඇස් වලට ආව කදුලු ආයාසයෙන් ම පාලනය කරගෙන…… ඒත් ඊලගට කොල්ලා කිවුව දේට කෙල්ලගේ හිත මුලුමනින්ම සැහැල්ලු වෙලා ගියා….

“සහස් ට පස්සේ යමු…කෝ එනවා…”

කොල්ලා එහෙම කියලා කෙල්ලගේ අතින් බලෙන්ම ඇදලා තමන් හිටපු තැනට ගත්තේ ලාවට හිනා වෙලා…ඊලග ට දෙන්නත් එක්කම ෆොටෝ දහයක් විතර ගත්තේ කෙල්ලට ෆොටෝ එකට ලස්සනට ඉන්න වෙලාවක් වත් නොදී..සමහර ෆොටෝස් වල කෙල්ලගේ එක ඇහක් පියවිලා තිබුනා වගේම තවත් සමහර ෆොටෝස් වල කෙල්ල හිටියෙ කොන්ඩේ හදන ගමන්… කොල්ලා විතරක් හිනා වෙලා ලස්සනට ෆොටෝ ගන්නවා දැක්කම කෙල්ලට තරහා යන්න තත්පරයක් වත් ගියේ නැ…කෙල්ල කොල්ලා අතින් ෆෝන් එක උදුරලා ගත්තේ තමන් කැතට ඉන්න ෆොටෝස් ඩිලෙට් කරනවා කියලා හිතාගෙන…කෙල්ල එකින් එක ෆොටෝස් ඩිලිට් කරන්න ගත්තේ කොල්ලට රවාගෙන මයි…

ෆොටෝස් අටක් විතර ඩිලිට් කරාට පස්සේ කෙල්ල දැක්ක ඊලට ෆොටෝ එකට කෙල්ලට එක පාරම තේජාන් දිහා බැලවුනේ කොල්ලා ගල් ගැහිලා කෙල්ල දිහා බලන් ඉද්දි… කෙල්ල දෙපාරක් නොහිතම එතනින් එහාට තිබුන ෆොටෝසුත් බලන්න ගත්තේ කලබලෙන්..ඇස් වල කදුලු වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි..

“කෝ දෙන්න..දැන් ඇති…”

එක පාරම එහෙම කියපු තේජාන් ෆෝන් එක උදුරලා අරන් පැත්තකින් තිබ්බේ කෙල්ලගේ බැල්ම මග ඇරලා…. කෙල්ලගේ ඇස් වලින් නිමක් නැතුවම කදුලු ගලන් යන්න පටන් ගත්තේ පුදුම වේගෙකින්… එහ් ෆොටෝස් වල තිබුනේ වෙන මොනවත් නෙමෙයි…තේජාන් වගේම නිසලි ත් තුරුල් වෙලා හිටපු ෆොටෝස්..ෆොටෝස් සිය ගානක් ගැලරියේ එක එක ෆෝල්ඩර් වල දාලා තියනවා දකිද්දි කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවගෙනම ඉදගෙන හිටපු ඇදෙන් නැගිට්ටේ කොල්ලා දිහා නොබලමයි…

” සේයා…අනේ මට සමාවෙන්න…මන් එහ් එක ෆොටෝ එකක් වත් ඩිලිට් කරේ නැහැ…අවුරුදු ගානකට පස්සෙයි අද මගෙ ෆෝන් එකෙන් මේ ෆොටෝ එකක් ගත්තේ….”

කොල්ලා හිත් වේදනාවෙන් ම කෙල්ල දිහා බලලා කිවුවත් කෙල්ල මොකුත් නොකියම ඔලුව හෙල්ලුවේ හා කියන්න…

” ප්ලීස්…යන්න එපා…මට කතා කරන්න ඕනි…”

යන්න හදපු කෙල්ලගේ අතින් අල්ල ගත්ත කොල්ලා කිවුවේ කෙල්ල දිහා අසරන විදිහට බලලා…

“එයා ඔයාගේ.. සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කරේ නෑ…ඉක්මනට ම ඔයාව එයාට දෙන්නම්… සහස් අයියා නිසලි ඉන්න තැන හොයාගෙන…එයා උදේ කතා කරා…උදේ කියන්න බැරි උනා වැඩ එක්ක අමතක උනා…අයියට කෝල් කරලා එයා ඉන්න තැන හොයාගෙන එයා ලගට යන්න…”

කෙල්ල අත්ලෙන් කදුලු පිහින ගමන් කොල්ලා දිහා අහිංසක විදිහට බලලා හිනා වෙලා…කොල්ලා එහ් සැනින් ෆෝන් එකේ සහස් ගේ මැසේජ් වගේම කෝලුත් ආයෙ ආයෙත් බැලුවේ කලබලෙන්…ඊලග තත්පරේ සේයා දිහා බැලුවේ කෙල්ලට තේරුම් ගන්න බැරි හැගීම් ගොඩකින්…

“සේයා….”

කොල්ලා කෙල්ලට කතා කරේ බිදුනු කටහඩින්… ඊලගට ඇදෙන් නැගිටලා සේයා ලගට ආවේ කෙල්ලගේ ඇස් වලට ආයෙත් කදුලු පිරෙද්දි…

” උදේ මන් ඔෆිස් එකට එද්දි ටේබල් එකට ඔලුව තියන් හිටියේ සහස් එක්ක කතා කරල ද….”

කොල්ලා ඇහුවේ කෙල්ලගේ මූන දෝතටම අරන් ආදරෙන්… කෙල්ල ඔව් කියන්න ඔලුව හොල්ලනවත් එක්කම කොල්ලා කෙල්ලව තදින් බදා ගත්තේ කොල්ලගේ ඇස් වලටත් කදුලු උනද්දි මයි…

නිසලි ගැන දැනගත්ත ගමන් කොල්ලා මේ මොහොතෙම නිසලි ව හොයාගෙන යයි කියලා හිතුනත් කොල්ලගේ මේ හැරිසීම දකිද්දි කෙල්ලගේ හිතට මොකක්දෝ සතුටක් දැනෙන්න ගත්තා….

“මැනික සහස්…මොනවද කිවුවේ….”

කෙල්ලව තුරුල් කරගෙන ම කොල්ලා ඇහුවේ කලින්ටත් වඩා බිදුනු කටහඩින්..

“මොකුත් නෑ තේජාන්…ඔයා…අයියට දැන් කෝල් කරන්නකෝ…..” .

කෙල්ල ආයාසයෙන් ම කදුලු පාලනය කරගෙන කිවුවේ කොල්ලගේ තුරුලෙන් බලෙන් ම අයින් වෙන ගමන්… .

” සේයා…උබට මන් නැතුව ඉන්න පුලුවන් ද… උබට මාව වෙන කෙල්ලෙක් ට දෙන්න පුලුවන් ද මැනික….”

කොල්ලා ඇස් වල කදුලු පුරවගෙනම කෙල්ලගේ ඇස් දිහා බලන් කියද්දි කෙල්ල එහ් ඇස් වලින් ඇස් දෙක ඉවතට අරන් කිසිත් නොකියම ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න…

“උබට පුලුවන්…..ඒත් මට බෑ උබව වෙන එකෙක්ට දෙන්න…උබ මගෙ..මගෙ විතරයි…..”

කොල්ලා තරහෙන් ම කෙල්ලගේ ඇස් ඉස්සරහට දබර ඇගිල්ල දිග් කරලා කියද්දි කෙල්ල කොල්ලා දිහා බලලා ආයෙත් අහිංසක විදිහට හිනා වෙලා ඇස් වල කදුලු අත්ලෙන් පිහගත්තේ කොල්ලා තරහින් උනත් අසරනව බලන් ඉද්දි…

“හ්ම්….එහෙනම් රෑ වෙලා අයියට කෝල් කරලා අහ ගන්නකෝ…ඊට පස්සේ හෙට යන්න නිසලි ව හම්බෙන්න…පුලුවන්නම් හෙටම එයාව එක්ක එන්න… මන් හෙට ගෙදර යන්නම්….කෝ දැන් කාලා ඉන්න…බලන්නකෝ තාම උදේට කෑම ගමන් නෙහ්..”

කෙල්ල කොල්ලගේ බඩට අත තියලා හිනා වෙවීම කියලා ඇද ට ගිහින් ඇස් දෙක පියා ගත්තේ කොල්ලා නිහඩවම කෙල්ල දිහාම බලන් ඉද්දි….

කොල්ලා නිසලි ට පනටත් වඩා ආදරේ කරත් කොල්ලට සේයා නැතුව ඉන්නවා කියලා හිතද්දි පවා දරා ගන්න බැරි වේදනාවක් දැනිලා ඇස් වලට කදුලු එන්නේ ඉබේමයි….. අවුරුදු ගානකට පස්සේ නිසලි ව දකින්න මේ දවස එනකම් ඇගිලි ගැන ගැන හිටපු කොල්ලට අද තියෙන්නේ සතුටකට වඩා ලොකු හිත් වේදනවක්… කොල්ලා ඇස් දෙකේ කදුලු පුරවගෙනම ඇදේ ඇලවිලා ඉන්න සේයා ලගට ගිහින් බිම වාඩි උනේ පන රහිත කෙනෙක් වගේ….

“මැනික….”

කොල්ලා අඩ අඩම කෙල්ලගේ අතකින් අල්ල ගත්තේ ඇස් වල කදුලු සේයා ගේ මූනට වැටෙද්දි මයි….

කෙල්ල බොරුවට ඇස් දෙක පියන් හිටියත් තේජාන් ගේ කටහඩින් ගැස්සිලා ඇස් දෙක ඇරියේ පුදුමයෙන් තේජාන් දිහා බලන ගමන්…

“තේජාන් මොකද මේ…”

කෙල්ල එහෙම්මම ඇදේ වාඩි වෙලා බිම ඉදගෙන හිටපු තේජාන්ගේ මූන දිහා බලන් අහද්දි කොල්ලා ගේ ඇස් වලට අලුතින් කදුලු උනන්න ගත්තේ කෙල්ලා බලන් ඉද්දි මයි….

“මට නිසලි ව ඕනි…ඒත් මට උබවත් ඕනි මැනික…”

කවදාවත් නැති තරම් හයියෙන් කෑ ගහලා අඩපු කොල්ලා එහෙම්මම කෙල්ලගේ උකුලෙන් ඔලුව තියා ගත්තේ කෙල්ලගේ ඇස් වලටත් කදුලු පිරෙද්දි මයි…

” මට වඩා නිසලි ව ඕනනේ මහත්තයෝ…කෝ අදවත් හිනා වෙලා ඉන්නකෝ…මන් ලග ඉන්න අන්තිම දවසනෙ අද…මාව කාටවත් දෙන්නෙත් නැත්නම් මන් මේ මතක එක්කනේ මහත්තයෝ මුලු ජිවිත කාලෙම ඉන්න වෙන්නේ…ඔයා අද ඇඩුවොත් මට හැමදාම ඔයාව මතක් වෙද්දි ඇඩෙයි…කෝ නැගිටින්න….”

කෙල්ල අඩ අඩ ම කිවුවේ කොල්ලා ඇස් දෙකේ කදුලු පුරවගෙන ඇදෙන් වාඩි වෙද්දි මයි…

“මන් නිසලි එක්ක කතා කරලා එයාටඇත්ත කියලා එනවා මැනික…”

කොල්ලා සේයා දිහා බලලා කෙල්ලගේ ඇස් වල තියන කදුලු තමන් ගේ අත් දෙකෙන් ම පිහින ගමන් කිවුවේ අඩ අඩ ම උනත් හිනා වෙවී…

“හිතට බොරු කරන්න එපා තේජාන්…ඔයාට එයා නැතුව බෑ…”

කෙල්ල කිවුවේ තේජාන් නිසලිට මොන තරම් ආදරෙයි ද කියලා හොදටම දන්න නිසා…කෙල්ලගේ එහ් කතාවෙන් කොල්ලා වේදනාවෙන් ම දෝතින් ම ඔලුව අල්ල ගත්තේ සේයා කියන කතාව ඇත්ත උනත් කොල්ලට සේයා වත් ඕනි හින්ද මයි…….

” තේජාන්…මේ බලන්න මහත්තයෝ…හෙට නිසලි ව දැක්කම තත්පරෙන් මාව අමතක වෙයි…එහ් හින්දා දැන් අඩන් නැතුව ඉන්නවා..හිනා වෙලා ඉන්න ඕනි දවසෙත් මෝඩයෙක් වගේ අඩනවා…”

කෙල්ල එහෙම කියලා ඇදටත් බිත්තියටත් හේත්තු කරලා කොට්ටයක් තියලා කොල්ලව හාන්සි කෙරෙවුවේ කොල්ලගේ ඔලුව සීරුවට අත ගාලා… ඊලගට කොල්ලගේ ඇස් වල තිබ්බ කදුලු පිහිදැන්මේ කොල්ලට හිනා වෙන්න කියලා ඇස් දෙකෙන් කියන ගමන්…

ඒත් කොල්ලගේ එහ් අහිංසක මූන දකිද්දි කෙල්ල කවදත් ආදරේ කරන ආසා කරන එහ් රතු පාටට හුරු රෝස පාට ලිප්ස් දකිද්දි කෙල්ලට කොල්ලව දෙන්න ලෝබ හිතුනේ පපුවේ මෙච්චර වෙලා තිබ්බ වේදනාව දෙගුන තෙගුන වෙද්දි මයි… කොච්චර වේදනාවක් දැනුනත් කෙල්ල අන්තිම වතාවට හිතේ හැටියට කොල්ලගේ එහ් අහිංසක මූන දිහා බලන් හිටියේ ආයෙත් ජිවිතෙ කවදාවත් ම මේ වගේ අවස්තාවක් එන්නේ නැති හින්ද මයි… කොල්ලටත් එහ් හැගීම් එහ් විදිහටම දැනුනයින් කොල්ලත් කෙල්ල දිහා එහ් විදිහට ම බලන් හිටියේ පුදුම වේදනාවකින්… තත්පර ගානකින් කෙල්ලගේ වගේම කොල්ලගෙත් දෙතොල් ලන් උනේ ජිවිතේ දෙවෙනි වගේම අන්තිම වතාවට එහ් පහස විද ගන්න ලෝබ කමින්… විටෙක මෘදු වගේම තවත් විටක රලු දීර්ග සිප ගැනීමකින් අනතුරුව කෙල්ල එහෙම්මම තේජාන් ගේ පපුවෙන් හිස තියා ගත්තේ කදුලු වලට නිදහසේ ගලන් යන්න ඉඩ දීලා…

කොල්ලත් පැය ගානක් ම කදුලු වලට ඔහේ ගලන් යන්න ඉඩ දීලා තමන් ගේ පපුවට හිස තියන් ඉන්න කෙල්ලගේ හිස සීරුවට අත ගාන්න ගත්තේ තමන් ගැනම කලකිරීමෙන් හිතන ගමන්….

යාන්තන් කොල්ලගේ ඇස් දෙක පියවීගෙන ආවත් කෙල්ලගේ කටහඩ නිසා කොල්ලා ඇස් දෙක ඇරියේ අඩලා අඩලම ඉදිමිලා තිබුන එහ් ඇස් දෙකෙන් කෙල්ල දිහා බලන ගමන් මයි…

33 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *