ඇයත් පතිනියකි 35
35_කොටස
” උබ දැන් මොකක්ද කරන්න හදන්නේ තේජාන්….”
තේජාන් සහස් ගේ කාර් එකට නැගලා මේ වෙනකම් ම කරේ කල්පනා කරපු එක…සහස් එක්ක තාමත් වචනයක් වත් කතා නොකරපු තේජාන් දිහා බලලා සහස් ඇහුවේ හැමදාම වගේ සන්සුන් කටහඩින්…
“මන් දන් නෑ මචන්..”
තේජාන් එහ් වචන ටික විතරක් කියලා ග්ලාස් එකෙන් ඉවත බලාගත්තේ සහස් ගේ මූනට තරහක් එද්දි මයි….
“එහ් කිවුවේ උබ නිසලි ව ගෙදර එක්ක එන්වද…එතකොට අර අහිංසකී….”
සහස් තරහින් තේජාන් ගෙන් අහද්දි තේජාන් දෝතින් ම ඔලුව අල්ල ගත්තෙ සහස් ගේ තරහ ක්ෂණික ව නැති වෙද්දි මයි….
කවදත් තේජාන් ට එක කුස උපන් සහෝදරයෙක් තරමටම ප්‍රේම කරන සහස් ට තේජාන් ගේ පුංචි දුකටත් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තේ එහ් සහෝදර බැදීම හින්දමයි… අවුරුදු දෙකක් නිසලි හින්දා තේජාන් විදපු දුක කොල්ලා ඇස් දෙකටම දැක්ක නිසා කොල්ලගේ හිතේ නම් නිසලි ගැන තිබ්බේ තරහක්…තේජාන් විදවනවා බලන් ඉන්නම බැරි තැන නිසලි ගැන හෙවුවා මිසක් සහස් නිසලිට හිතින් පුදුම විදිහට වෛර කරා…එත් සහස් ට සේයා ගැන තියෙන්නේ පුදුම පැහැදීමක්…සමහර වෙලාවට එහ් පැහැදීම තේජාන් ගෙයි තමන් ගෙයි අවුරුදු ගානක යාලුකමටත් වඩා වැඩියි කියලා කොල්ලාට හිතුන වාර නම් අනන්තයි…එහ් තේජාන් ගේ මූනට අවුරුදු දෙකකට පස්සේ හිනාවක් ගෙනාවේ එහ් අහිංසකී හින්දා….
තේජාන් දෝතින් ම ඔලුව අල්ලන් ඉද්දි සහස් හෙමීට කාර් එක නවත්තලා තේජාන් ට කතා කරේ බිදුනු කටහඩින්…
“හරි මචන්…උබට හරියි කියලා හිතන දෙයක් කරපන්…මන් සේයා ගැන බලා ගන්නම්….ඒකි මට මගෙම නංගි වගේ….”
සහස් එහෙම කියලා ආයෙත් කාර් එක ස්ටාට් කරේ කලින් ට වඩා වේගේ වැඩි කරලා….
නිසලි ගේ ගම තිබුනේ ගොඩක් දුශ්කර පළාතක නිසාම උදෙන්ම ආවත් ගමනනම් ලේසි වෙන් නෑ කියලා දෙන්නම දැනන් හිටියා……
තේජාන් ගිහින් පැය දෙකක් වෙන්න ආවත් කෙල්ල උන්නේ තාමත් මීට පැය දෙකකට කලින් කෙල්ල වාඩි උන පඩි පෙල ලගමයි…මේ වෙද්දි කෙල්ල උන්නේ බාගෙට මැරිච්ච ගානට…අඩලා අඩලම කෙල්ලගේ ඇස් දෙක රතු වෙලා තිබුනේ කෙල්ලට අඩන්නවත් පන නැති වෙද්දි…. කොන්ඩේ ගුලියක් බැදන් හිටියත් සැරින් සැරේ කෙල්ල තමන්ගෙම කෙස් වැටියෙන් තදින් අල්ලගෙන තමන්ටම රිද්ද ගත්ත නිසාම කොන්ඩේ තිබුනෙත් හොදටම අවුල් වෙලා… අඩලා අඩලම කෙල්ල හොදටම දුර්වල වෙලා හිටියත් කෙල්ල අමාරුවෙන් නැගිට්ටේ නිසලි ව ගෙදර එක්ක එන්න කලින් තමන් ගේ හැමදේම තේජාන් ගේ රූම් එකෙන් අයින් කරගන්න ඕනි නිසාමයි…කෙල්ල උන්නේ පඩිපෙල මැදකට වෙන්න වාඩි වෙලා නිසා කෙල්ල ආයෙත් උඩ තේජාන්ගේ රූම් එකට ගියේ පඩිපෙල් අතින් අල්ලගෙන… රූම් එකට ගියපු කෙල්ල තේජාන් තමන් ටම කියලා අරන් තිබ්බ ඇදුම් වලින් දෙක තුනක් විතරක් අර ගත්තේ ඉතුරු ඇදුම් ඔක්කොම නිසලි ට ඉතුරු කරලා…
“මන් මෙහෙ ටික දවසනේ හිටියේ තේජාන්…මන් ඇදපු ඇදුම් ටික විතරක් අරන් ඉතුරු ඇදුම් ටික නිසලි ට තියන්නම්…කොහොමත් මන් මේ ගෙදරින් යනවනේ ඉක්මනටම…..”
කෙල්ල රූම් එකේ තිබ්බ තේජාන් ඒ පින්තූරේ දිහා බලලා කිවුවේ ඇස් වල කදුලු පුරවගෙන උනත් හිනා වෙලා….
රූම් එකෙන් ඇදුම් ටිකක් විතරක් ගත්ත කෙල්ල පහල රූම් එකකට ගිහින් දොර ඇරියේ මොහොතකට හැමදේම අමතක කරලා… රූම් එකේ තිබ්බ හිස් අල්මාරියට තමන් ගෙනාපු ඇදුම් දෙක තුන පිලිවලකට දැන්ම කෙල්ල ඊලට තත්පරේ ආයෙත් තේජාන් ගේ රූම් එකට ගියේ කලින් ට වඩා වේගෙන්….
රූම් එක පිලිවලකට අස් කරපු කෙල්ල රූම් එක දිහා එක පාරක් විතරක් බලලා දොර වැහුවේ හරියට තේජාන් ගේ ජිවිතේට තමන් ට ඇතුලුවෙන්න තිබ්බ චූටි ඉඩත් අදින් පස්සේ මේ දොර වහලා දැන්මා වගේම වැහිලා යනවා නේද කියලා දරාගන්නබැරි තරමට ම ලොකු වේදනවක් දැනෙද්දි…
ආයෙත් පහල රූම් එකට ගියපු කෙල්ල ඇදේ ඇලවුනේ ගතේ වෙහෙසට වඩා හිතේ වෙහෙස ටිකක් හරි අඩු කරගන්නවා කියලා හිතාගෙන…
ඒත් කෙල්ලටත් නොදැනිම විනාඩි 5ක් වගේ කාලයක් ඇතුලත කෙල්ලට හොදටම නින්ද ගියේ දොරවල් පවා ඇරලා තියෙද්දි….
දවල් එකටත් කිට්ටු වෙලත් තේජාන් වගේම සහසුත් හිටියේ තාම මග….වෙනදට ඉවරයක් නැතුව කතා කරන සහස් අද හිටියේ නිහඩවම කල්පනා කර කර..තේජාන් නම් හිටියේ හිත් දෙකක අතරමන් වෙලා…හරියට පිස්සෙක් වගේ….
“මචන්…ඔය lover එක ලගින් නවත්තපන්….නිසලි ට මොනාහරි ගන්න ඕනි…”
කල්පනා කර කර හිටපු තේජාන් එක පාරම කිවුවේ නිසලි ගෙයි තමන් ගෙයි අතීතේ මතකයන් අවදි වෙද්දි මයි…
“තේජාන් උබ….”
“ප්ලීස් මචන්…මන් මගෙ පනව දකින්නේ අවුරුදු ගානකින්…..”
තේජාන් කිවුවේ සහස් කියන්න ගියපු වචන ටික කියන්න නොදීමයි… සහස් ආයෙත් මොනවත් කියන්න නොගියේ කියලා වැඩක් නෑ කියලා හොදටම දන්න නිසා…
තේජාන් දුවගෙන ගිහින් කපල් නෙක්ලස් එකක් ගත්තේ ඉස්සර හැමදාම නිසලි නෙක්ලස් එකක් ඉල්ලලා තේජාන් ට කරදර කරත් තේජාන් නෙක්ලස් වලට ආසා නැති නිසාම නිසලි ගේ අදහස ප්‍රතික්ශේප කරපු බව මතක් වෙද්දි…කොල්ලා කැශියර් එකට සල්ලි දීලා ආයෙත් කාර් එකට දුවගෙන ආවේ විනාඩියක් වත් ප්‍රමාද නොකර….
“යමන්…”
කලබලෙන් ම එහෙම කියපු තේජාන් ඔරලෝසුව දිහා බැලුවේ නිසලි ව බලන්න හදිස්සියෙන්….
ඒත් තේජාන් ගේ මේ හැසිරීම් දකිද්දි කවදත් සේයා ගේ අහිංසකකම් වලට සහෝදරයෙක් වගේ ප්‍රේම කරපු සහස් ට දැනුනේ තරහක්…ඒත් සහස් ඊලගට ගියපු දේටනම් තේජාන් ගේ ඇස් වලින් කදුලු වැටුනේ සහස් බලන් ඉද්දි මයි…
“උබ නිසලි ව ගෙදර ගෙනෙන්…හැබැයි සේයා ව ආයෙත් උබට දෙන්නේ නෑ…සේයා මගේ….”
සහස් කිවුවේ කොල්ලා දිහාට දබර ඇගිල්ල දිග් කරලා…තේජාන් ගේ වචන පවා වෙවුලන්න ගත්තේ සේයා ව තමන් ගේ සහෝදරයා වගේ ඉන්න සහස් ට නෙමෙයි මේ ලෝකේ කාටවත් ම දෙන්න බැරි තරමට කොල්ලා සේයා ට ආදරේ නිසා වගේම ලෝබ නිසා…
” මචන්…සේයා….ම…..”
“ෂ්…ෂ්…ෂ්…උබට ගෑනු දෙන්නෙක් මේන්ටේන් කරන්න බෑනේ තේජාන්…මේන්ටේන් නම් පුලුවන් වෙයි උබ සල්ලි කාරයනෙහ්…ඒත් නිසලි කැමති වෙයි ද උබ ඒකි ලග වගේම සේයා ලගත් ඉන්නවට…”
සහස් ඇහුවේ කෙලින්ම කොල්ලගේ ඇස් දෙක දිහා බලලා…
” ඒත්…මචන්…සේයා…මගේ…”
“ඒකි උබගෙනම් උබ යයි ද පරන ගෑනි ගාවට….දැන් කටවහගෙන ඔය යන ගමන පලයන් තේජාන්…සේයා මගේ…උබට ඒකිව අයිති කරගන්න පින නෑ…ඒත් මන් එහ් රත්තරන් කෙල්කව අත අරින් නෑ….මගෙ ඇස් දෙක වගේ බලාගන්නවා…”
“සහස්….උබ සීමාව පනිනවා…”
තේජාන් කිවුවේ ඇස් දෙක රතු කරන් කවදාවත් සැරෙන් කතා නොකරපු සහස් දිහා බලලා කවදාවත් නැති පුදුම තරහකින්…සහස් එහ් තරහා ගනනටවත් නොගෙන කාර් එකේ ස්පීඩ් එක වැඩි කරලා drive කරන්න ගත්තේ හිතේ තිබ්බ කේන්තියට…
ඇත්තටම සහස් ට සේයා ගැන තිබුනේ තමන් ගෙම නංගිට වගේ ආදරයක්…එහ් ආදරේ ප්‍රේම සම්බන්ධයක් කරගෙන කිල්ටි කරගන්න සහස් ට කොහෙත්ම ඕනි උනේ නෑ…කොල්ලට ඕනි උනේ තේජාන් ට සේයා ගේ වටිනාකම තේරුම් කරලා දෙන්න..වචන වලින් සේයාව තමන් ගේ කරගන්නවා කිවුවත් සහස් ගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුනෙ නැහැ…මොකද කොල්ලා හොදටම දන්නවා සේයා තේජාන් ට මොන තරම් ආදරෙයි ද වගේම තේජාන් පිලිගන්න අකමැති උනත් තේජානුත් සේයාට කොයි තරම් ආදරෙයි ද කියලා… ඒත් තමන් එහ් කිවුව වචන ටිකට තේජාන් ගේ ඇස් රතු වෙලා කෑ ගහද්දි සහස් ගේ යටි හිතට පුදුම විදිහට සතුටක් දැනෙන්න ගත්තේ නිසලි අවුරුද්දක් තිස්සේ තේජාන් ගේ හිතේ තියා ගත්ත තැන සේයා දවස් දෙක තුනකින් කරා නේද කියලා දැනෙද්දි….
“මචන්…උබට හරියන්නේ නිසලි නෙමෙයි අර අහිංසකී..ඒක උබට තේරුම් කරන්න පුලුවන් හැමදේම මන් කරනවා….”
Drive කරන ගමන් ම සහස් හිතුවේ සේයා ගේ අහිංසක මූන මතක් කරගෙන මයි…
තවත් තත්පර දෙක තුනකින් සහස් කාර් එක නැවැත්තුවේ සුවිසල් නිවසක් ලගින්…
තේජාන් ඇස් දෙකත් ලොකු කරන් සහස් දිහා බැලුවේ මේ නිසලි ගේ ගෙදර ද අහන්න වගේ….ඒත් සහස් ගේ ඇස් වලත් පුදුමයක් දකිද්දි තේජාන් කලින්ටත් වඩා පුදුමයෙන් සහස් දිහා බැලුවේ සහස් මොකක්දෝ කියන්න කට හදද්දි මයි…
36 කොටසින් හමුවෙමු….
හෙට උදේටත් කොටසක් දාන්නම් යාලුවනේ….
දෙයක් අහන්නද…
තේජාන් හිටපු තැන සේයා හිටපු තැන වගේම සහස් හිටපු තැන ඔයාලා හිටියනම් ඔයාලා කරන දේත් පුංචි කමෙන්ට් එකකින් කියන් යන්නකෝ…
ඔන්න අදනම් දීර්ග කොටසක් දැන්මා හොදද….
තේජාන් ව නිසලි ට දීලා සේයා ව සහස් ට දෙන්න ද? හී හී….
මොනා උනත් මන් කතාව හිතේ තිබ්බ විදිහටම ලියනවා….
කතාව චරිත ගැන ඔයාලගේ අදහස් කියන් යන්නකෝ යාලුවනේ….
ආදරෙයී….