ඇයත් පතිනියකි 36

36_කොටස

“ම..ච…න්….මේ…නි…ස…ලි…ගේ….ගෙ…ද…ර….ද….”

සහස් වෙවුලන කටහඩින් තේජාන් දිහා බලන් අහද්දි කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් සහස් දිහා බැලුවෙ කලින්ටත් වඩා පුදුමයෙන්…

“උ..බ…ද…න්…නැ..ද්…ද….”

තේජාන් ග්ලාස් එකෙන් නිවස දිහා බලලාගෙනම අහද්දි සහස් නලලට වැටිලා තිබ්බ දාඩිය බිංදු ටික පිහ දාගත්තේ සන්සුන් වෙන්න උත්සාහා කරමින්…

“අරූ මට address එක දුන්නට මන් ඇවිත් තිබුන් නෑ තේජාන්…මිනිහා මට බොරුවක් වත් කරාද…. නිසලි මේ වගේ ගෙදරක ඉන්න විදිහක් නෑනේ මචන්…ඉස්සර ඒකිට study වැඩ වලට සල්ලි පවා දුන්නේ උබනෙහ්….ඒකිට සල්ලි තිබ්බනම් ඒකි අර එහ් දවස් වල අර විදිහට අදියි ද…උබනේ ඒකිට උබ ආසා විදිහට ඇදුම් පවා අරන් දුන්නේ….. “

සහස් මවාගත් සන්සුන් කමකින් තේජාන් දිහා බලන් කියද්දි තේජාන් අතීතේ උනු හැම් සිදුවීමක් ම මතක් කරමින් හිස සැලුවේ සහස් කිව්ව දේ හරි කියන්න…

“අනික බලපන්න්කෝ…අපි ආව පාරේ උනත් තිබ්බේ නිකන් අටවපු ගෙවල් ටිකක් නෙහ්…මේ වගේ ගමක මේ වගේ සුරපුරයක් වගේ ගෙයක් තියෙනවා කියන්නේ පට්ටටම් සල්ලි තියන සල්ලි කාරයෙක් වෙන්න ඕනිනේ….”

සහස් තේජාන් ට කිවුවේ තමන් ටත් ප්‍රශ්නයක් වෙලා තියන මේ ප්‍රශ්නෙට තේජාන් ගෙන් යම් තරමක හෝ විසදුමක් බලාපොරොත්තුවෙන්…

” මටත් හිතා ගන්න බෑ මචන්…සමහරවිට නිසලි ඩිග්‍රිරි එක නොගත්තට ගමට ඇවිත් ඉගෙන ගන්න ඇති…මගෙ කෙල්ල කොහොමත් ඉගෙන ගන්න දක්ෂයි… “

තේජාන් කිවුවේ සහස් ගේ මූනේ ඉරියවු වෙනස් වෙලා මූනට මද හිනාවක් එද්දි මයි…

” උබට ඉතින් එහ් #$%##$ මොනා කරත් හරිනෙහ්…මේවා උබට කියනවට මට ගහන්න ඕනි…”

කට කොනකින් හිනා වෙලා කියපු සහස් කාර් එකෙන් බැස්සේ තේජාන් මූනත් දෙක කරන් බලන් ඉද්දි…

“බැහැපන් ඉතින්…අවුරුදු දෙකක් තියන තිස්සේ උබ බලාගෙන හිටියෙ ඕකට නෙහ්….ගේට් එක ලගට ගිහින් කතා කරලා බලමු…”

සහස් තේජාන් දිහා බලන් කියද්දි කොල්ලත් කාර් එකෙන් බැස්සේ ප්‍රශ්න කෝටියක් හිතේ තියාගෙන…

“මචන්…අර බලපන්…security ලා ඉන්නවා…අඩෝ යන්න දෙන එකක් නැද්ද…”

ගේට් එක ගාවට යන්නත් කලින් සුවිසල් ගේට් දිහා බලලා සහස් කිවුවේ ඇස් දෙකත් ලොකු කරන්…

” යමන්කෝ…”

තේජාන් සහස් ගේ වචන ගනන් නොගෙනම ඉක්මන් කරලා ගේට් එක ගාවට ගියේ සහසුත් තේජාන් අනුගමනය කරමින් පිටිපස්සෙන් යද්දි මයි…

” මහත්තයලා කවුරු හම්බෙන්නද…”

ගේට් එක ලගට යනවත් එක්කම එතන හිටපු මැදිවියේ පුද්ගලයෙක් තේජාන් දිහා බලන් අහද්දි තේජාන් ලාවට හිනා වෙලා සහස් දිහා බැලුවේ හිත නොසන්සුන් හින්දමයි…

“මිස්…නිසලි ව හම්බෙන්න…”

තේජාන් වෙනසක් නොපෙනෙන්න වචන ගලපමින් කියද්දි සහසුත් ලාවට හිනා උනේ ඔව් කියන්න වගේ….

” ලොකු නෝනා නම් අද එන්න ටිකක් පරක්කු වෙයි… පුංචි නෝනා නම් ඉන්නවා…නෝනා කියලා තියෙන්නේ කාවවත් ඇතුලට ගන්න එපා කියලා…මහත්තයලා ඉන්නකෝ….මන් පුංචි නෝනට කතා කරන්නම්…”

එහෙම කියපු security ඉක්මන් කරලා ගේ ඇතුලට ගියේ තේජාන් වගේම සහසුත් කටත් ඇරන් ගෙ දිහා බලන් ඉද්දි…

“අඩෝ..නිසලි ට නංගි කෙනෙකුත් ඉන්නවද…”

සහස් ඇහුවේ තේජාන් ගේ කනට කොදුරලා තේජාන් ට විතරක් ඇහෙන විදිහට…

“අනේ මන්දා බන්…”

තේජාන් එහ් වචන ටික විතරක් කියලා ගේ දිහා බලන් හිටියේ security ” පුංචි නෝනා” නමින් හදුන්වපු කෙනා එනකම් නොඉවසිල්ලෙන්…

විනාඩි 5ක් වගේ කාලයක් ඇතුලට ගේ ඇතුලේ ඉදන් දනිස්ස ලගට කොට ඩෙනිමකුයි ටී ශර්ට් එකලුයි ඇදන් ආව අවුරුදු 19 ක යැයි කිව හැකි කෙල්ලෙක් තේජාන් ලගට ආවේ හිනා වෙලාමයි…

“මිස්…නිසලි…”

“අහ්…අක්කි අද වැඩ…ඔයාලා අක්කිගේ…”

“අපි නිසලිගේ කැම්පස් එකේ යාලුවෝ…”

“අහ් අක්කි මට කියල තියනවා….im ශේනූ….ශේනු සහස්‍යා….”

තේජාන් දිහාට අත දිග් කරලා එහ් girl කියද්දි තේජාන් සහස් දිහා බැලුවේ ඉබේමයි…ඊලගට ආයෙත් කෙල්ල දිහා බලලා තමන් ගැන කියන්න කලින් ම සහස් එතනට අඩියට දෙකට ආවේ තේජාන් පුදුමයෙන් සහස් දිහා බලන් ඉද්දි….

” im මිස්ටර් සසින්දු… he is my best frnd සංක….”

සහස් කිවුවේ වෙනසක් නොකරම හිනා වෙලා…

තේජාන් කිසි දෙයක් හිතා ගන්න බැරුව සහස් දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරන්….

” මචන් උබ…”

තේජාන් කිසි දෙයක් නොතේරෙන හින්දම සහස් ට යමක් කියන්න හැදුවත් කොල්ලා රවලම තේජාන් ගේ කතාව නැවැත්තුවේ කෙල්ලට වෙනසක් පේන්න නොදී මයි…

“ෂ්…ෂ්…ෂ්…කට වහපන්…..”

සහස් කිවුවේ තේජාන් ට රවමින් කවුරුන් හෝ මේ කතා බහ දැක්ක ද කියලා වටපිට බලමින් මයි……..

37 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *