ඇයත් පතිනියකි 38

38_කොටස

” ඇයි මහත්තයෝ පරක්කු…අද ගෙදර එන්නේ නැද්ද…”

8 ටත් කිට්ටු නිසාම සේයා තේජාන් ගේ මූන හිතේ මවාගෙන තමන් ටම කියා ගත්තේ අඩ අඩ මයි…දවසම පිස්සියක් වගේ අඩපු කෙල්ලට දැන් අඩන්නවත් පන නැති තරම්..කෙල්ල රූම් එකේ තිබ්බ වතුර වීදුරුව බොන්න ගත්තේ දවසටම කෑමක් නැතුව ඇගට පන නැති වෙලා යනවා කියලා දැනෙද්දි මයි…. දවල් නිදා ගත්තත් ඇගේ වගේම හිතේ අමාරුව නිසාම කෙල්ලට සැරින් සැරේ ඇහැරුනා…

කෙල්ල හිටියේ වෙනමම ලෝකෙක නිසාම කෙල්ලට ගෙදර දොරවල් ජනෙල් ඇරලා දාලා කියන දේ පවා අමතක වෙලා ගියා…කෙල්ල අඩ අඩ ආයෙත් ඇදට උනේ ලග තිබුන කොට්ටෙත් පපුවට තුරුල් කරගෙනමයි…

“එහ් කියන්නේ ඔයා අද ගෙදර එන්නේ නැද්ද තේජාන්…නිසලි කිවුවද මන් ඉද්දි ගෙදර එන්න බෑ කියලා…”

කෙල්ල ඔරලෝසුව දිහා බලල තමන්ටම කියාගත්තේ මේ වෙද්දි 8.30ත් පහු වෙලා තිබුන නිසාමයි…

වේදනාව ඉවසන්නම බැරි තැන කෙල්ල ඇස් දෙක පියාගත්තේ කෙල්ලට සැනසීමක් තියෙන්නේ නින්දෙදි විතරයි කියලා දන්න නිසාමයි..කෙල්ල හිතුවා වගේම කෙල්ල හිතන්නත් කලින් කෙල්ලට ආයෙත් නින්ද ගියේ කෙල්ලගේ කම්මුල් වල තිබ්බ කදුලු කැට එහෙම්මම වේලිලා යද්දි….

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

” ගාන කීයද…….”

රුපියල් දාහේ නෝට්ටුවක් දිග් කරපු තේජාන් ඇහුවේ හරියට හිටගන්නවත් බැරි වෙද්දි… සහස් ට මගින් දාන්න කියලා කොල්ලා එහෙම්මම ගියේ හොදටම බොනවා කියලා හිතාගෙන…ජිවිතේට එහ් ජරාව කටේවත් තියලා නැති කොල්ලා අද කෙලින් හිටගන්න බැරි තරමට බීලා ගෙදර එන්න හැදුවේ අද උන හැමදේම මතක් කරමින් ඇස් වල කදුලු පුරවගෙන මයි….

” රුපියල් 820යි සර්….”

“අහ්…ඕක තියාගන්නවා…”

තේජාන් දාහේ නෝට්ටුව දිග් කරලා එහෙම්මම පාරට ඇවිත් වීල් එකකට නැන්ගේ පයින් යන්න අමාරුයි කියලා කොල්ලට ම දැනුන නිසා…

“කොහෙටද මහත්තයා…..”

” මන් කියන්නම්…යමු…”

තේජාන් කිවුවේ කතා කරගන්නත් අපහසුවෙන්….කොල්ලා හොදටම බීලා හිටියත් යම් තරමක සිහියක් තිබුන හින්දම ගෙදරට යන පාර හරියට කියාගන්න පුලුවන් උනා… කොල්ලා වීල් එකේ මනුස්සයට රුපියල් පන්සීයේ නෝට්ටුවක් දිග් කරලා වීල් එකෙන් බැහැලා ඇතුලට ආවේ වැටි වැටී මයි…ඊලගට පඩිපෙල අල්ලගෙන තමන්ගේ රූම් එකේ දොර ලගට ආවේ කොල්ලා රූම් එකේ දොර ඇරියේ සේයාව මතකයට එද්දි මයි…

” සොරි මැනික…මට ටිකක් පරක්කු උනා…”

කොල්ලා යාන්තමට මූනට හිනාවක් අරන් කිවුවත් රූම් එකේ දොර අරිද්දි කෙල්ල පේන්න හිටියේ නැති හින්දම කොල්ලගේ මූන අදුරු වෙලා ගියා…

“ඔයා වොශ් රූම් එකේද….”

කොල්ලා වෙවුලන කටහඩින් ඇහුවත් කෙල්ලගෙන් පිලිතුරක් නැති හින්දම වොශ් රූම් එකේ දොර ඇරියේ ඇස් වල කදුලු පුරවන්… ඒත් කෙල්ල වොශ් රූම් එකෙත් නැති උනාම කොල්ලට එක පාරම මතක් උනේ ඊයේ රෑ කෙල්ල කිවුව වචන ටික…

” ඔයාව නිසලි ට දීලා මන් ඔයාගෙන් ඈතකට යනවා තේජාන්….”

කෙල්ල කිවුව වචන ටික කොල්ලගේ හිතේ දෝන්කාර දෙද්දි කොල්ලා බිත්තියට හේත්තු වෙලාව රූම් එකට ඇවිත් අල්මාරිය අවුස්සන්න ගත්තේ කෙල්ලගේ ඇදුම් තියෙයිද බලන්න…. ඒත් මේ දවස් ටිකේ කෙල්ල ඇදඖ එක ඇදුමක් වත් අල්මාරියේ හොයාගන්න නැති උනාම කොල්ලා කෙල්ලගේ නම කියලා කෑ ගහන්න ගත්තේ එහ් කටහඩින් මුලු කාමරයම දෝන්කාර දෙද්දි….

නින්ද ගිහින් හිටපු සේයා එහ් කටහඩින් ගැස්සිලා ඇහැරුනේ කිසි දෙයක් හිතා ගන්න බැරුව….කෙල්ල නිදි මතේම සද්දේ ඇහුන තේජාන් ගේ රූම් එකට ගියේ කලබලෙන්….

කෙල්ල යද්දිත් කොල්ලා උන්නේ බිත්තියට ඔලුව තද කරගෙන මහ හයියෙන් අඩමින්.. උනේ මොකක්ද කියලා හරියට නොදැන උනත් තේජාන් ගේ කදුලු දකිද්දි කෙල්ලගේ පපුව පිච්චිලා ගියේ ඇස් වලට කදුලු එද්දි මයි… කෙල්ල අඩ අඩම තේජාන් ලගට දුවන් ගියේ කොල්ලා ඔලුව උස්සලා පුදුමයෙන් කෙල්ල දිහා බලද්දි…

” තේජාන්..අනේ…අනේ මහත්තයෝ…මොකද මේ…”

කෙල්ල අඩ අඩ ම තේජාන් ගේ මූනට දෝතට අරන් ඇහුවේ කොල්ලා කදුලු මැදින් උනත් කෙල්ල ආසම විදිහට හිනා වෙද්දි….

“සේයා…ඔයා…මන් හිතුවේ ඔයත් මාව දාලා ගියා කියලා….”

කොල්ලා අඩ අඩ ම උනත් හිනා වෙවී කෙල්ල දිහා බැලුවේ කෙල්ල කොල්ලා දිහා බලලා අහිංසක විදිහට හිනා වෙද්දි….

“කෝ මහත්තයෝ නිසලි…එයා….එයා එන්න බෑ කිවුවද…මන් මෙහෙන් යනකම්…”

කෙල්ල අමාරුවෙන් වචන ගලපන් මූනට හිනාවක් අරන් අහද්දි කොල්ලා කොල්ලා දෝතින්ම ඔලුව අල්ලා ගත්තේ හිසෙන් දරාගන්න බැරි වේදනාවක් දැනුන හින්ද මයි….

“නිසලි…මාව රැවැට්ටුවා සේයා….මන් අවුරුදු දෙකක් පිස්සෙක් වගේ දුක් වින්දට නිසලි කියන්නත් බැරි තරම් සතුටින් ඉදලා තියෙන්නේ….”

කොල්ලා බිදුනු කටහඩින් කියන් යද්දි කෙල්ල අඩ අඩ ම උනත් කොල්ලව ඇදෙන් වාඩි කෙරෙවුවේ කොල්ලට හිටගෙන ඉන්න බෑ කියලා දැනුන හින්ද මයි…

“අපි උදේට කතා කරමු මහත්තයෝ….කෝ දැන් නිදා ගන්න…ඔලුව රිදෙනව ද…ඉන්න මන් අත ගාන්නම්…ඔයා හොදටම බීලා…..බිවුවා කියලා ප්‍රශ්න විසදෙන් නෑ තේජාන්…”

කෙල්ල ඇස් වල කදුලු පුරවන් කොල්ලගේ ඔලුව සීරුවට අත ගාලා ආදරෙන් කියලා කොල්ලව ඇදේ හාන්සි කෙරේවුවේ කොල්ලා අසරනව සේයා දිහා බලන් ඉද්දි…. ඊලගට දාන් හිටපු කොල්ලගේ සපත්තු දෙක හෙමිට ගලවලා බිම වාඩි වෙලාම කොල්ලගේ ඔලුව අත ගාන්න ගත්තේ කොල්ලට නින්ද යනකම්… ඒත් කොල්ලාට නින්ද යන පාටක් නම් පේන්නවත් තිබුනේ නෑ….

“නිදා ගන් නැද්ද මහත්තයෝ…”

කෙල්ල ආදරෙන් කොල්ලගේ ඇස් දිහා බලන් අහද්දි කොල්ලගේ කදුලු අලුත් උනේ කොල්ලා අමාරුවෙන් ඇදේ හේත්තු වෙද්දි මයි…

“මන් මහා පවු කාරයෙක් සේයා….උබ තාමත් මේ පවු කාරයට ආදරෙයි ද මගෙ දෙයියෝ…. උදේ උබව එපා කියලා ගියපු මිනිහා හවසට බීලා ඇවිත් ඇස් වල කදුලු පුරව ගත්තම ලගට අරන් තුරුල් කරගන්න තරම් අහිංසක වෙන්න එපා මයෙ අම්මා..උබ මේ මොන පාරමිතාවක් ද දෙයියනේ සම්පූර්ණ කරන්න හදන්නේ….”

කෙල්ලගේ කම්මුලකින් අත තිබ්බ කොල්ලා කෙල්ලව තව තවත් අඩවද්දි කෙල්ල නිහඩවම කොල්ලගේ පපුවට තුරුල් උනේ ඇස් වල ක්දුලු නිදහසේ ගලන් යන්න දීලා මයි….

” උබ මේ පවු කාරයව බැන්දේ නැත්නම් උබ මොන තරම් සතුටින් ඉන්න තිබ්බ කෙල්ලෙක් ද… “

තේජාන් අඩ අඩ ම තමන් ගේ පපුවට තුරුල් වෙලා ඉන්න කෙල්ලගේ ඔලුව අත ගාන්න ගත්තේ කෙල්ල තව තවත් එහ් උනුහුම්ට නතු වෙද්දි මයි…

” උබේ ඇස් දෙකත් හොදටම රතු වෙලා…උබ අද දවස්ම ඇඩුවම මැනික…”

බලෙන්ම තේජාන් ගේ තුරුලෙන් කෙල්ලව අයින් කරලා කොල්ලා ඇහුවේ කෙල්ලගේ මූන දිහා පරීක්ශාවෙන් බලලා….

කෙල්ල මොකුත්ම නොකියා හිනා වෙද්දි කොල්ල ගල් පිලිමයක් වගේ කෙල්ල දිහාම බලන් හිටියේ මේ වගේ ආදරේ කරන කෙල්ලෙක් නැති කරගන්න තරම් තමන් කොච්චර මොඩද කියලා තමන් ගැනම තරහින් හිතද්දි..

” නිදා ගන්න මහත්තයෝ… ඔයාට අමාරුයි….”

” උබ කොහොමද මැනික මේ හැමදේම දරාගෙන ඉන්නේ…උබ වෙන එකෙක් ගේ උනොත් මගෙ පපුව පැලිලා මැරෙයි…අද සහස් මගෙන් උබව ඉල්ලුවා මයෙ අම්මා….උබ මාව දාලා ඌ ලගට යන් නෑ නේද…ඌ මගෙ සහෝදරයා උනත් උබව ඌට දෙන්න තරම් මගෙ හිත හයිය නෑ…මන් මාව රවට්ටපු ගෑනියෙක් හින්දා උබව පන පිටින් මරලා දැන්මා තමයි…ඒකට මට විදවන්න වෙයි රත්තරනේ කවදහරි දවසක….ඒත් උබව මන් කාටවත් දෙන්නේ නෑ…උබ මාව දාලා කාගෙවත් ලගට යන්නේ නෑ නේද මැනික….සහස් ලගට වත්…මන් නිසලි ලගට යද්දි උබ ඇස් වල කදුලුහංගගෙන බලාගෙන හිටියට උබ වෙන එකෙක් ලගට ගියොත් මගෙ පපුව පැලිලා මැරෙයි මැනික…..”

තේජාන් අඩ අඩ ම බිත්තියේ අත තදින් වද්ද ගත්තේ මෙච්චර වෙලා නිහඩවම හිටපු සේයා ගේ මූන තරහින් පිරෙද්දි…

කවදාවත් හීනෙකින්වත් කොල්ලට රිද්දලා නැති කෙල්ල අද තේජාන් ට තරු පේන තරමට ම කම්මුලට පාරක් ගැහුවේ කොල්ලගේ වෙරි නැති වෙලා යන්න මයි..

” පිස්සුවෙන් ද කියවන්නේ….මන් තමුසෙට ආදරෙයි තේජාන්…තමුසේ මගෙ පන….මගෙ හුස්ම ටික….තමුසේ ගැන ඇත්ත දැන දැනත් මන් තමුසෙව මැරි කරේ තමුසෙට තිබ්බ ආදරේඑ හින්දා…තමුසේ නිසලි ඕනේ කියලා අඩද්දි මන් මගෙ දුක හංගගෙන තමුසෙව නිසලි ට දෙන්න හැදුවේ තමුසේ හැමදාම හිනා වෙලා ඉන්නවා බලන්න ආසා කරපු හින්දා…තමුසෙව නිසලිට දෙනවා කියන එකේ තේරුම මන් වෙන මිනිහෙක් ලගට යනවා කියන එකද තේජාන්…තමුසේ මගෙ හුස්ම ටික…මේ පපුව පලලා පෙන්නන්න ඕනි ද මන් තමුසෙට ආදරේ තරම්…තමුසේ හින්දා දවස ගානේ මේ ප්පුව විදවන විදවිල්ල…ආයෙත් මාව වෙන කෙනෙක් ට දෙන ක්තා කියලා තිබ්බොත් මන් උබව මරලා හිරේ යනවා..උබ නිසලි ගේ උනාට මන් උබේ තේජාන්…”

තරහින් ම එහෙම කියපු කෙල්ල ඊලග තත්පරේ කොල්ලව තමන් ගේ පපුවට තුරුල් කර ගත්තේ අඩ අඩ මයි….

“මට…ස…මා..වෙ…න්….න…තේජාන්…අනේ ඔයාට රිදුන ද…මන් හිතලා කරේ නෑ..”

අඩ අඩම කෙල්ලගේ පපුවේ උනුහුම හෙවුවත් තාමත් වව්හනයක් වත් කතා නොකරන කොල්ල දිහා බලලා කෙල්ල කිවුවේ මහා හයියෙන් අඩමින්…..

ඒත් තේජාන් ගෙන් වචනයක් වත් පිට නොවෙද්දි කෙල්ල කොල්ලගේ මූන දෝතට ම ගත්තේ එහ් ඇස් දිහා බලාගෙන මයි…

” මගෙ පපුවේ ලියලා තියෙන්නේ එක නමයි…එහ් තේජාන් කියන නම විතරමයි…ඔය තරමට මාව අවිශ්වාස නම් ඇයි මහත්තයෝ මාව වෙන කෙනෙක් ලගට යන්න බැරි වෙන්නම ලන් කර ගන් නැත්තේ….”

කෙල්ල අඩ අඩම කියපු දේට කොල්ලට හිත ගැස්සිලා ගියා….

” සේයා උබ මොනවද මේ කියවන්නේ…උබ හිතුවද උබේ මේ අහිංසක ජීවිතේ තලලා පොඩි කරලා දාන්න තරම් මන් තිරිසනෙක් කියලා..”

තේජාන් තරහින් සේයා දිහා බලලා අහද්දි කෙල්ල අඩ අඩ ම වචන ගලපන්න ගත්තේ කොල්ලගේ ඇස් දිහා බලාගෙන මයි…….

” තිරිසනෙක් නෙමෙයි රන්…එහ් අයිතිය….අමතක උනාද නිසලි ඔයාගෙ පන උනාට මමයි වයිෆ් කියලා….”

කෙල්ල අඩ අඩ ම කොල්ලගේ කම්මුලකට අත තියන් බලන් ඉද්දි කොල්ලා අසරනව කෙල්ල දිහා බැලුවේ වචන ගොලු වෙලා යද්දි මයි….

” මොනවද මහත්තයෝ ඔය තරමට හිතන්නේ….නිසලි ලගට ගියපු දවසට මන් තනි වෙයි කියල ද….නෑ රන්…කවදාවත් නෑ….කවදහරි මාව සතුටින් තියන්නේ මේ මතක….. අනික ඔයා කැමති ද එහ් දේ මේ ලෝකේ වෙන පිරිමියෙක් අතින් මට වෙන්වට….”

කෙල්ල තේජාන් ගේ ඇස් වලට බර වෙලා අහ්ද්දි කොල්ල අඩ අඩ ම කෙල්ලගේ පපුවට ආයෙත් තුරුල් උනේ ඔලුව හොල්ලලා නෑ කියන ගමන්…..

” එදාට මාව මැරිලා යයි…උබ මගේ සේයා….මගෙ විතරයි….”

කොල්ලා අඩ අඩම කෙල්ලගේ පපුවෙ දෙතොල් තවරන්න ගත්තේ කියා ගන්න බැරි තරම් මහා ලොකු ආදරේකින්….

” එහෙනම් මට මගෙ අයිතිය දෙන්න මහත්තයෝ….”

කෙල්ල අඩ අඩ ම කියද්දි කොල්ලා කෙල්ලව පපුවට තදින් තුරුල් කරගත්තේ වචන වලින් කියන්න බැරි තරම් මහා ගොඩක් ආදරේන්…

ඊලගට එහෙම්මම කෙල්ලගේ මූනෙත් ගෙලෙත් දෙතොල් තවරන්න ගත්තේ කෙල්ල තේජාන් ටම නතු වෙද්දි…. තවත් තත්පර ගානකින් එහ් දෙතොල් කෙල්ලගේ මුලු ඇග ම වෙලා ගද්දි කෙල්ල නිහඩවම තව තවත් එහ් උනුහුමට ගුලි උනේ ආත්මයෙන් ම තේජාන් ගේ වෙන්න මුලු හිතෙන්ම පේ වෙලා….

විනාඩී ගානකින් හිතින් වගේම මුලු ආත්මයෙ ම කෙල්ල තේජාන් ගේ උනේ කවදාවත් කොල්ලෙක් ගේ අතින්වත් අල්ලලා තිබුන් නැති කෙල්ල මේ ලෝකේ හිත ගිය එකම කොල්ලා අතින් ම ගැහැනියෙක් උනා කියන සතුට කෙල්ලගේ මුලු හිතම වෙලා ගද්දි…

තවත් තත්පර ගානකට පස්සේ කොල්ලා දාඩිය පිරුන මූනෙන් කෙල්ල දිහා බැලුවේ වේදනාවෙන් වගේම හිතේ උතුරන මහ මෙරක් තරම් ආදරේකින්…

” දැන් උබ මගෙ විතරයි මගෙ මැනික… උබව මන් කාටවත් ම දෙන්නේ නෑ…පොඩ්ඩක් ඉවසලා හිටපන් මයෙ අම්මා..මේ ප්‍රශ්න ටික විසද ගන්නකම්….ඊට පස්සේ මන් මේ ඇස් වල කදුලු ඉක්මනටම පිහදානවා….”

කොල්ලා අඩ අඩ ම උනත් ආදරෙන් කෙල්ලගේ නලල මත දෙතොල් තවරලා කියද්දි කෙල්ල තේජාන් ගේ පපුවට තුරුල් උනේ හිතේ දාහක් ප්‍රශ්න තිබ්බත් හිත පිරෙන්නම හිනා වෙලා…

” දැන් මාව මැරිලා ගියත් කමක් නෑ මහත්තයෝ…මන් ඔයාගෙනෙ…”

කෙල්ල තේජාන් ගේ පපුවේ උනුහුම විදින ගමන් ම හිතුවේ වචන වලින් කියා ගන්න බැරි තරම් ආදරයක් හිතට දැනෙද්දි මයි….

39 කොටසින් හමුවෙමු….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

” අනේ චුට්ටයි නෙහ් ” කියලා කියලා කියලා තිබ්බොත් ඇත්තමයි හොයන් ඇවිත් මරලා දාලා මමත් සේයා එක්කම හිරේ ඉන්නවා…😡..

කතාව ඉවර වෙන්න තව තියෙන්නේ කොටස් කීපයයි යාලුවනේ….

අනේ මට මහන්සියි…අද මන් කොටස් තුනක් ම ටයිප් කරා….මට මේවට මොනා හරි ඕනි…. මන් කොච්චර ආදරෙයි ද… 😒😒…එකනි මෙහෙම කරන්නේ…ඔක්කොමලා එකතු වෙලා චොකලට් එකක් හරි අරන් ඕනි….😒😒😒😒…ඒකත් බැරිනම් ඉතිම් අද කතාව ගැන දිගම දිග කමෙන්ට් එකක්වත් ඕනි…නැත්නම් මන් ආයෙත් කතාව දාන්නේ නෑ😒😒😒😒….ආදරෙත් නෑ😢😢..සේයාවයි තේජාන් වයි දෙන්නවම මරල දාලා මහා නපුරු දුශ්ටියක් වෙනවා…😒😒😒🖤🖤🖤……..

ආදරෙයී…….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *