ඇයත් පතිනියකි 40

40_කොටස

” මන් මොකක් ද මේ කරගත්තේ….”

කොල්ලා දෝතින් ම ඔලුව බදාගෙන තමන් ටම කියා ගත්තේ ඇස් වල කදුලු නිමක් නැතුවම ගලන් යද්දි…

පැය බාගයක් විතර එහෙම්මම හිටපු කොල්ලා වොශ් රූම් එකට වොශ් එකක් දාගත්තේ තමන් ඊලගට මොනවද කරන්න ඕනි කියලා කිසිම අදහසක් නැතුවමයි..

රූම් එකට ඇවිත් ඇදුමක් දාගත්තත් කොල්ලට හැම තත්පරේම සේයා ගේ අහිංසක මූන වගේ ම එහ් කදූලු මැවි මැවී පෙනෙන්න ගත්තයින් තවත් ඉවසන් ඉන්න බැරිම තැන කොල්ලා පහලට ආවේ කෙල්ලගේ රූම් එකට යන්න හිතාගෙන…ඒත් රූම් එක ඇරලා දාලා කෙල්ල පේන්නවත් නොහිටපු නිසාම කොල්ලා කලබලෙන් කෙල්ලව ගේ හැම තැනම හොයන්න ගත්තේ කෙල්ල ගෙදරින් ගියාදෝ කියලා හිතට බයක් වගේම වේදනාවක් දැනෙද්දි මයි…..

ඒත් එහ් වේදනාව වගේම බයත් හිතෙ තිබුනේ තත්පර කීපයක් විතරයි…කිචන් එක දිහවෙන් සද්දයක් ඇහුන හින්දා කොල්ලා කිචන් එකට ගියේ සැනසුම් සුසුමක් හෙලලා….

කෙල්ල උන්නේ උයලා පියාගනට බත් බෙදන ගමන්…කොල්ලා ගේ ඇස් වලට ආයෙමත් කදුලු පිරුනේ සේයා එක්ක මේ කිචන් එකේ තියන සුන්දර මතක හිතට ඇතුල් වෙද්දි මයි… ඒත් කෙල්ලත් එක්ක වචනයක් වත් කතා කරන්න කොල්ලගේ හිතට හයියක් නොතිබුන හින්දම කොල්ලා නිහඩවම කෙල්ලා දිහා බලන් හිටියා…

කෙල්ල කිචන් එකට ආව තේජාන් ව අගේට දැක්කත් නොදැක්ක ගානට තේජාන් ගේ රුම් එකට ගියේ බෙදපු බත් පිගානත් අතින් අරන්…පිගාන ටේබල් එක උඩින් තියලා තවත් පිගානකිම් වහලා ආයෙත් පහලට ආවේ පහල තිබුන තමන් ගේ රූම් එකට යන්න….

” ඔයා කන්නේ නැද්ද….”

තේජාන් ට විතරක් බත් බෙදලා කෙල්ල කන්නේ නැතුව ඉන්න හදද්දි කොල්ලා ඇහුවෙ තවත් කතා නොකර ඉන්න බැරිම තැන… ඒත් කෙල්ල මොකුත් නොකියම රූම් එකේ දොර වැහුවේ තේජාන් කිවුව කිසි දෙයක් නෑසුන ගානට….

” සේයා…”

තේජාන් සේයා වහපු දොරට හයියෙන් ගහමින් කිවුවේ වෙනදා පුංචි දේටත් තරහා යන එහ් කටහඩ කදුලින් පිරෙද්දි මයි….

ඒත් කෙල්ල කිසි දෙයක් නෑහුන ගානටම රුම් එක ඇතුලට වෙලා හිටියේ කොල්ලා විනාඩි 10ක් විතර දොර ලගට වෙලා කෙල්ලට කතා කරලා බැරිම තැන කොල්ලගේ රූම් එකට යන පා සද්දේ අහගෙන මයි….

දවසම කෙල්ල රූම් එක ඇතුලට වෙලා හිටියත් කොල්ලා උන්නේ දවසම අඩා ගත්ත ගමන්…. සේයා කොල්ලට කන්න වෙලාවට කෑම එක රූම් එකෙන් ගිහින් තිබ්බත් කෙල්ලට නම් වතුර උගුරක් බොන්නවත් හිතක් තිබුනේ නෑ…. රූම් එකට යද්දි කෙල්ල උදේ ගෙනත් තිබ්බ කැම එක එහ් විදිහට ම තියනවා දකිද්දි කෙල්ල හැගීම විරහිතවම කෑම එක dustbin එකට දැන්මේ කොල්ලා කතා කරන්න හදපු හැම වෙලාවෙම කොල්ලව ප්‍රතික්ශේප කරමින්….

උදේට දවල් ට වගේම රෑටත් කෙල්ල ගිහින් තිබ්බ කෑම එහ් විදිහට ම තිබ්බත් සේයා රුම් එකට යන එහ් පුංචි වෙලාවෙත් කොල්ලා අඩ අඩම කෙල්ලට කතා කරේ දවසම බදගින්නේ හිටියත් එහ් ගැන වගක්වත් ගන්නේ නැතුව…

තේජාන් ලග කොච්චර මුරන්ඩු උනත් රන්ඩු කරත් කෙල්ලට තේජාන් ගේ කදුලක් දකින හැම තත්පරේම ඇස් වලට කදුලු ආවේ හැමදේම අමතක වෙලායද්දි…. ඒත් උදේ උන සිදුවීම නිසා කෙල්ලගේ මේ අසාමාන්‍ය වෙනස්වීම දකිද්දි කොල්ලට දරාගන්න බැරි ලොකු වේදනාවක් දැනෙන්න ගත්තේ සේයා නැතුව හිටපු මේ එක දවසත් කල්පයක් වගේ දැනෙද්දි….

නිසලි ට කොයි තරම් ආදරේ කරත් නිසලි දාලා ගියාම කොල්ලා මැරි මැරි උනත් මේ තරම් කාලයක් ජීවත් උනා…ඒත් සේයා තමන් ගෙන් ඈත්වෙනවා දකිද්දි කොල්ලට ජිවිතෙත් එපා වෙන්න ගියේ පැය විසිහතරකටත් වඩා අඩු කාලයක්…..

කොල්ලා උදේ තමන් සේයා ට කතා කරපු විදිහ වගේම තමන් බීමතින් හිටපු නිසා කලින් දවසේ රාත්‍රීයේ උන හැම සිදුවීමක් ම හරියට මතක තිබුන් නැති උනත් හිතට වේදනයි කියලා දැන දැනත් මතක් කරන්න ගත්තේ එහ් මතක වල සුන්දර බව නිසාම කොල්ලට තමන් ඉන්න තත්වෙත් අමතක වෙලා මූනට හිනාවක් එද්දි මයි…

කොල්ලා එහ් හිනාවෙන් ම ෆෝන් එක අතට ගත්තේ එදා කෙල්ල එක්ක ගත්ත ෆොටෝස් මතක් වෙලා….සේයා දැන් ලග නැති නිසාම එහ් දුක අඩු කරගන්න ෆොටෝ එකකින් හරි කෙල්ලගේ දිහා බලන් ඉන්න කියලා කොල්ලගේ හිත කොල්ලට වද දෙන්න ගත්තා….

එහ් ෆොටෝස් වල කෙල්ල හිටපු විදිහ දකිද්දි කොල්ලට හයියෙන් හිනා ගියේ හැම දුකක් ම මුලු හිතින් ම අමතක වෙලා කොල්ලා වෙනමම ලෝකෙකට යද්දි…

ෆොටෝස් වල කෙල්ල හිටපු මොන්ගල් පාට් එක දකිද්දි කොල්ලා හිනා වෙවීම එහ් දිහා බලන් හිටියේ ෆොටෝ ගන්න වෙලාවෙදි කොල්ලා කෙල්ලට හිතා මතාම හරියට ඉන්න ඉඩක්වත් නොදී තමන් විතරක් ලස්සනට ඉන්න විදිහට ගත්ත එහ් මොහොත මතක් කරමින් මයි….

” පිස්සි…. කොහොම හිටියත් ලස්සනයි මගෙ මැනික…”

කොල්ලා ෆොටෝස් දිහා බලාගෙන තමන් ට ම් කියා ගත්තේ හිතේ උතුරන ආදරෙන්….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

වෙලාව හරියට ම රෑ 9 යි…. කෙල්ල උන්නේ ඔහේ බලාගත්ත අත බලාගෙන… ඒත් එක පාරම කෙල්ල ගැස්සිලා ගියේ තේජාන් ගේ රූම් එකෙන් ඇහුන සද්දෙට…. දෙපාරක් හිතන් නැතුවම කෙල්ල තේජාන් ගේ රූම් එකට දුවලා ගියත් දැක්ක දේ නිසා කෙල්ලගේ හදවතක් මොහොතකට නතර වෙලා ගියා….

41කොටසින් හමුවෙමු…….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *