ඇයත් පතිනියකි 41

41_කොටස

මුලු රූම් එකේම බඩු හැම තැනම විසික් කරලා තියෙද්දි කෙල්ල එහ් දිහා බලන් හිටියේ ගැහෙන හදවතින් වගේම පුදුමයෙන්…ලස්සනට පිලිවකට තියන් හිටපු කොල්ලගේ රූම් එක පිස්සන් කොටුවක් වගේ වෙලා තියෙද්දි කෙල්ලගේ හිතට වේදනාවක් දැනුනත් කෙල්ලගේ මුලු හදවතම මොහොතකට නතර වෙලා ගියා වගේ දැනුනේ නම් එහ් සිදුවීම දැකලා ම නෙමෙයි….එහ් තේජාන් ඊලග පොලවේ ගහන්න යන්නේ කන්නාඩිය කියලා දැකපු නිසා…මොකද ඊට කලින් කොල්ලා රූම් එකේ තිබුන වීදුරු දෙක තුනක් ම විසි කරලා තිබුන නිසා ම කන්නාඩිය ලග බිම එහ් වීදුරු කෑලී වැටිලා තියනවා කෙල්ල දැක්ක නිසා තේජාන් ට චූටි වේදනාවක් වත් දැනෙනවට කෙල්ල අකමැති උන නිසා… කොල්ලගේ කකුල තවත් තත්පර කීපයකින් වීදුරු කෑලි වලට කැපිලා යනවා කියලා දැනෙද්දි කෙල්ල කෑ ගහන්න හැදුවත් බය වැඩිකමට ම කෙල්ලගේ මුවින් සද්දේ පිට උනේ නෑ…. කෙල්ල හිතුවා වගේම කොල්ලා ඊලග තත්පරේ කන්නාඩිය අතට ගන්න පය තියනවත් එක්කම බිම තිබුන වීදුරු කෑලි කොල්ලගේ කකුලේ වැදුනේ කකුල් වලින් ලේ ගලම් යනවා කෙල්ල ගල් ගැහිලා බලන් ඉද්දි මයි… ඒත් කොල්ලා කිසි වේදනාවක් නොහදුනන ගානටම කන්නාඩිය පොලවේ ගහලා රූම් එකේ තිබ්බ තවත් බඩු හොයන්න ගත්තේ පිස්සුවෙන් වගේ… කොල්ලා අඩිය තියන වාරයක් ගානේ විදුරු කෑලි කොල්ලගේ කකුල ඇතුලට යන්න ගත්තයින් කොල්ලා තියන හැම පියවරක් ගානෙම කොල්ලගේ කකුලේ ලේ රූම් එකේ ටයිල් පොලව මත තැවරෙන්න ගත්තේ කෙල්ලගේ ඇස් වලින් කදුලු ගලන් යද්දි මයි…..

අද උදේ තේජාන් ට බැන වැදිලා හැගීම් විරහිත ගැහැනියක් වගේ කෙල්ල පිට පිටම කොල්ලව අන්තයටම රිද්දුවත් තේජාන් මේ තරම් දුක් විදිද්දි ත් කෙල්ලට තවත් එහ් ප්‍රතිපත්ති යම අනුගමනය කරන්න තියා හිතන්නවත්බැරි උනා..උදේ තේජාන් කිවුව වචන වලට කෙල්ලගේ හිත හොදටම රිදුනත් ආයෙත් කවදාවත් ම තේජාන් ගේ ජීවිතේට එන්නේ නෑ කියලා කිවුවත් එහ් හැමදේම වචන විතරක් කරලා කෙල්ල තේජාන් ලගට දුවගෙන් ගියේ හිතේ තියන ආදරේ එහ් හැම හිත් රිදවීමකට ම වඩා වැඩි නිසා මයි….

” අනේ තේජාන්…මොකද දෙයියනේ මේ….”

දවසම කොල්ලා එක්ක වචනයක් වත් කතා නොකරපු කෙල්ල අඩ අඩම තේජාන් ව තුරුල් කරන් කිවුවේ කොල්ලගේ එහ් කදුලු පිරිලා තිබුන මූනට හිනාවක් එද්දි මයි….

” මට මැරෙන්න දෙන්න මැනික…”

කොල්ලා සේයාගේ මූන දෝතටම අරන් එහ් ඇස් දිහා බලාගෙන කිවුවේ කලකිරීමෙන් උනත් සේයා තමන් එක්ක කතා කරා නේද කියලා දැනෙද්දි හිතට ඇතුලෙන් සතුටක් දැනෙද්දි මයි….

” ඊට කලින් මාව මරලා ඉන්න…”

කෙල්ල කදුලු පිරි දෑස් වලින් ම කියලා කොල්ලව තව තවත් තුරුල් කර ගත්තේ කොල්ලගේ ඇස් වලිනුත් කදුලු වැටෙද්දි මයි…

” මට සමාවෙන්න මැනික…මන් අද උදේ….”

කොල්ලා උදේ උන හැම සිදුවීමක් ම මතක් කරලා හිත් වේදනාවෙන් ම කියන්න හැදුවත් කෙල්ල එහ් මුවින් තමන් ගේ ඇගිල්ල තියලා කොල්ලව නැවැත්තුවේ අනිත් අතින් කොල්ලගේ ඇස් වල කදුලු පිහින ගමන් මයි… ඊලග තත්පරේ කොල්ලගේ තුවාල වෙලා තිබ්බ කකුල් දිහාබැලුවේ හිත් වේදනාවෙන්… එහ් කකුල් වලින් පුදුම විදිහට වේදනාවක් දැනෙන්න ගත්තත් කොල්ලට එහ් වේදනාව ගානක් වත් නොවුනේ හිතේ වේදනාව ඊට වඩා දහස් ගුනයකින්වැඩි උන නිසා මයි….

කෙල්ල අඩ අඩ ම බිම වාඩි උනේ කොල්ලගේ ලේ පිරුන එක කකුලක් තමන් ගේ අතින් අල්ලන ගමන්…

” මට රිදෙන් නෑ…ඊට වඩා මට රිදුනා ඔයා කතා නොකර ඉද්දි…”

කොල්ලා මූනට හිනාවක් අරන් කියද්දි කෙල්ල හයියෙන් අඩන්න ගත්තේ තේජාන් උදේ තමන් ට මොන විදිහට කතා කරත් තමන් එහ් දේට දුන්න දඩුවම වැඩියි නේද කියලා හිතට දැනුන නිසා මයි….

කෙල්ල අඩ අඩ ම නැගිටලා රූම් එක දිහා බැලුවේ කොල්ලව වාඩි කරන්න තැනක් හොයන්න…මුලු රූම් එකම පිස්සන් කොටුවක් වගේ දෙක කරලා තිබ්බත් එකම එක පුටුවක් විතරක් තාමත් ඉතුරු වෙලා තියනවා දකිද්දි කෙල්ල ඉක්මනට දුවන් ගිහින් පුටුව තේජාන් හිටපු තැනට ගෙනත් තේජාන් දිහා බැලුවේ පුටුවෙන් වාඩි වෙන්න කියන්න…කොල්ලා මොකුත් නොකියම කෙල්ල දිහා බලන් ඉදලා ඊලග තත්පරේ එහ් මූන දෝතට ම අරන් එහ් ඇස් දිහා බලන් කිවුව දේට කෙල්ල ගේ කදුලුත් මොහොතකට නතර වෙලා ගියේ එහ් වචන අදහගන්න බැරි උන නිසා මයි…

42 කොටසින් හමුවෙමු…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *