ඇයත් පතිනියකි 42

42_කොටස

” මගෙ මැනික…මන් කවදාවත් උබව දාලා කොහෙවත් යන් නෑ…උබ මගේ…මගෙ විතරයි….උබ නැතුව මට මේ ලෝකේ කවුරු හිටියත් වැඩක් නෑ….”

කොල්ලා ඇස් වල කදුලු පුරවන් උනත් එහ් කදුලු මැද්දෙන් කෙල්ල ආසම විදිහට හිනා වෙලා කිවුවේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි…එහ් කවදාවත් තේජාන් ගේ කටින් මේ තරම් ස්ථීර හඩින් කිසි දෙයක් අහලා නොතිබුන හින්දමයි…

” උබ අද උදේ කිවුවා නේද වෙන ගෑනියෙක් හින්ද දුක් විදලා උබ ලගට ඇවිත් දුක කියද්දි උබ මගෙ හිත හදපු එකයි වැරැද්ද කියලා….ඔව් මැනික….උබ කරපු ලොකුම වැරැද්ද ඒක…උබ අහිංසක උනා වැඩියි..එදාම උබ මට මෙහෙම දඩුවමක් දුන්නා නම් මන් ආයෙත් කවදාවත් එහ් වැරැද්ද කරන එකක් නෑ….උබ හිතනවා ඇති මැනික මන් එක හිතක් නැති තිරිසනෙක් කියලා..කමක් නෑ මගෙ මැනික….උබ එහෙම හිතුවට….උබ සාධාරණ යි….හැබැයි එක දෙයක්…මේ තේජාන් ට උබ නැතුව එක දවසක් වත් ඉන්න බෑ…මාව මැරිලා යයි….”

කොල්ලා අඩ අඩම උනත් මවාගත්ත සන්සුන්කමකින් කියද්දි කෙල්ලගේ ඇස්වලට ආයෙත් කදුලු පිරෙන්න ගත්තත් කෙල්ල අඩ අඩම උනත් කොල්ලගේ ඇස් වල තිබ්බ කදුලු පිහිදැන්මේ කොල්ලව පුටුවෙන් පරිස්සමට වාඩි කරන ගමන් මයි…ඊලගට බිම වාඩි වෙලා කොල්ලගේ ලේ පිරිලා තිබුන වීදුරු කටු ඇනුන කකුලක් අතට ගත්තේ කොල්ලා දිහා වේදනාවෙන් බලන ගමන්….

කකුලෙන් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තත් කොල්ලා අහිංසක විදිහට කෙල්ල දිහාම බලන් ඉද්දි කෙල්ලට දරාගන්න බැරි වේදනාවක් දැනෙන්න ගත්තා….

ඇස් වල කදුලු පුරවගෙනම කකුලේ තිබ්බ වීදුරු කටු ටික අයින් කරපු කෙල්ල ඊලගට පහලට දුවන් ගිහින් first aid box එක ගෙනාවේ කොල්ලගේ රූම් එකේ එක බඩුවක් වත් හොයා ගන්න බැරි තරමට ම කොල්ලා රූම් එක පිස්සන් කොටුවක් කරල තිබ්බ හින්දා……. රූම් එක පුරා දුවද්දි රූම් එකේ තැනින් තැන තිබ්බ වීදුරු කටු වලට කෙල්ලගේ කකුලත් තේජාන් ගේ තරමට ම නැතත් යම් තරමට තුවලා වෙලා තිබුනත් කෙල්ල එහ් ගැන වගක්වත් නැතුව කොල්ලගේ තුවාල වලට බෙහෙත් දාන්න ගත්තේ කොල්ලා එහ් හැමදේම නිහඩවම බලන් ඉද්දි..කකුල් දෙකට ම බෙහෙත් දාලා ඉවර වෙලා කෙල්ල තේජාන් දිහා බැලුවේ තාමත් රිදෙනවද අහන්න වගේ….ඒත් කොල්ලා කකුලෙන් වේදනාවක් දැනුනත් එහ් වේදනාව ගානකටවත් නොගෙනම නැගිට්ටේ කෙල්ලටත් නැගිටින්න කියලා අතින් කියන ගමන් මයි… ඊලගට ලග තිබුන first aid box එක කෙල්ලගේ අතට දීලා කෙල්ලව හරහට වඩා ගත්තේ කෙල්ලගේ ඇස් ආයෙත් ලොකු වෙද්දි…එහ් කෙල්ල හීනෙකින් වත් බලාපොරොත්තු නොවුන දෙයක් නිසා….

” තේ…ජා…න්…”

කෙල්ල තමන් ටවත් හරිහැටි ඇහෙන් නැති තරම් හෙමින් කිවුවේ කොල්ලගේ මූනට හිනාවක් එද්දි මයි….

“ෂ්…ෂ්…සද්ද බෑ…..”

කොල්ලා එහෙම කියලා පහලට යන්න ගත්තේ කෙල්ලගේ වචන ගොලු වෙලා යද්දි… ඊලගට උදේ කෙල්ල හිටපු රූම් එකේ දොර ඇරලා කෙල්ලව පරිස්සමට ඇද උඩින් තිබ්බේ කියා ගන්න බැරි තරම් ආදරේකින්…

කෙල්ලගේ අතේ තිබ්බ first aid box එක අරන් කෙල්ලගේ තුවාල වෙලා තිබ්බ කකුල් වලට බෙහෙත් දැන්ම කොල්ලා ඊලගට කෙල්ල ලගින් ම ඇදේ එක පැත්තකින් වාඩි උනේ කෙල්ල එහ් විදිහට ම ඇදේ හාන්සි වෙලා ඉද්දි…ඊලගට කෙල්ලගේ අත තමන් ගේ පපුවට තියාගෙන කොල්ලා කිවුව දේට මෙච්චර වෙලා අඩ අඩ ම හිටපු කෙල්ලගේ මූනටත් හිනාවක් ආවේ කෙල්ලටත් නොදැනි මයි…

” හෙට සහස් ට එන්න කියමු මැනික….සහස් ට ගෙදරම hospital එකක් දාලා දෙමු….කොහොමත් දවසකට එක පාරක් ලෙඩක් සෙට් වෙනව ම නෙහ්….”

” අනේ….පව්..අයියා…..”

කෙල්ල හිනා වෙවීම කිවුවේ කොල්ලගේ පපුවට තුරුල් වෙන ගමන් මයි…

” නෑ…අපි ඌට සැලරි එකක් දෙමු….”

කොල්ලා හිනා වෙවීම කෙල්ලගේ ඔලුව අත ගාලා කිවුවත් කෙල්ල මොකුත් නොකියම නිහඩවම එහ් පපුව යාන්තමට සිප ගත්තත් කොල්ලට ඒක හොදට ම දැනුනා…කොල්ලා තවත් කෙල්ලව තමන් ගේ පපුවට තද කරගත්තේ කියන්න බැරි තරම් ආදරේකින්….

එහෙමම ටික වෙලාවක් හිටපු කෙල්ල ඊලග තත්පරේ ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවේ කොල්ලා බලෙන් ම කොල්ලගේ නලල මත දෙතොල් තවරන ගමන්….

” නිදාගන්න මගෙ මැනික….. “

කොල්ලා කෙල්ල ආසම විදිහට එහ් රතු පාටට හුරු රෝස පාට ලිප්ස් වලට කවදත් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ල කෙල්ලටත් නොදැනිම එහ් දෙතොල් පහස විදගන්න ලන් උනත් කොල්ලා අහිංසක විදිහට හිනා වෙලා කෙල්ලව නැවැත්තුවේ කෙල්ල කොල්ලගේ ඇස් වලින් තමන් ගේ ඇස් ඉවතට අරන් පියවි සිහියට එද්දි මයි….

” එපා මයෙ අම්මා….ආයෙත් උබට මන් ලන් වෙන්නේ උබගේ හිතේ තියන හැම දුකක් ම මන් නැති කරලා දැන්ම දවසට…එතකම් මේ පපුවට තුරුල් වෙලා හිටපන් මැනික… ඊට වඩා දෙයක්…”

” ඔයා මගේ…මට ඕනිනම් මන් ඕනි දෙයක් කරනවා…”

කොල්ලා කියන්න ගියපු වචන ටික එහෙම්මම නතර කරලා කොල්ලා කවදත් ආදරේ කරපු එහ් හුරතල් වගේම මුරන්ඩු කටහඩින් කිවුව කෙල්ල කොල්ලට රිදෙන තරම ට එහ් ලිප්ස් එක පාරක් විතරක් සිපගෙන කොල්ලා දිහා බැලුවේ මවාගත්ත තරහකින්….

” දැන් නිදා ගමු…පැටියත් දොයි ඇති….”

කෙල්ල කිවුවේ කෙල්ලගේ කුසින් තමන් ගේ අත තියාගෙන…..

” මගෙ පිස්සි…..හ්ම්….කෝ එන්න….නින්ද යනකම් ඔලුව අත ගාන්න….”

කොල්ලා කියන පමාවට ම කෙල්ල කොල්ලගේ පපුවට තුරුල් උනේ පොඩි ලමයෙක් ගේ හැසිරීම් තියන කෙල්ලගෙ හැසිරීම් දිහා කොල්ලා ආසාවෙන් බලන් ඉද්දි මයි…. ඒත් ඊලගට කෙල්ල කිවුව දේට නම් කොල්ලගේ මූන අදුරු වෙලා යන්න තත්පරයක් වත් ගියේ නෑ….

” හෙට අපිට ඔෆිස් යන්න බැරි වෙයි ද තේජාන්…ඔයාගේ කකුල ගොඩක් රිදෙනවා නේද…තාත්තා පව් …මන් ඔෆිස් එකට ගිහින් වැඩ ටික බලන්න ද…කම්පැනි එකේ තියන ප්‍රශ්න ටික ඉක්මනට ම විසදගන්න ඕනි.. තාත්තා දුකින් ඉන්නවා බලන්න බෑ මට…..”

” නෑ මැනික…..මමත් එනවා…මට අමාරුවක් නෑ….”

මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බ ඔෆිස් එකේ ප්‍රශ්නේ මතක් උන නිසා ද මන් දා කොල්ලාකිවුවේ අන්තයටම වැටිලා අසරන ව…

” ඔයා එක්ක මන් ඉන්නවා රන්…හැමදේකටම….”

කෙල්ල කොල්ලගේ ඔලුවේ අත තියලා දිවුරුමක් විදිහට කියද්දි හැමදාම වගේ කෙල්ල ලගදි හිතෙ තිබ්බ් හැම දුකක්ම අමතක වෙල කොල්ලා හිනා උනේ කෙල්ලගේ හිතටත් සැනසීමක් ගෙනත් දෙමින්…..

” මට නොතේරෙන ලොකු දෙයක් වෙනවා මැනික ඔෆිස් එක ඇතුලේ…මට ඒක දැනෙනවා…මන් හැමදේම ඉක්මනට ම හොයා ගන්නවා…”

කොල්ලා දිග සුසුමක් හෙලලා කෙල්ලව තමන් ගේ පපුවට තුරුල් කරගෙන කිවුවේ සේයා තමන් ලග ඉන්න නිසාම තමන් තනි වෙලා නෑ කියලා හිතට සියුම් සතුටක් වගේම සේයා නිසාම හිතට ලොකු හයියක් දැනෙද්දි මයි…

43 කොටසින් හමුවෙමු….

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *