ඇයත් පතිනියකි 45

45_කොටස

” සේයා…ඉක්මනට නගිනවා….”

කාර් එක ලගට ආව කොල්ලා කිවුවේ තාමත් තමන් ගේ අතේ එල්ලිලා ඉන්න කෙල්ල දිහා බලලා තරහින්….

කෙල්ල කොල්ලා කියන පමාවට ගිහින් කාර් එකට නැංගේ තේජාන් ව තවත් තරහා ගස්සන්න කැමති නැති නිසාමයි..

කාර් එක කවදාවත් නැති තරම් වේගෙන් අරන් ගියපු කොල්ලා කාර් එක නැවැත්තුවේ ලොකු බිල්ඩින් එකක් ගාවින්… ඊලගට තිසරු දුන්න කාඩ් එක අතට ගත්තේ එඩ්‍රස් එක හරි ද බලන්න…

” හරි… මෙතන තමයි තැන….”

කොල්ලා තමන් ටම මුමුනගෙන ඊලගට සේයා දිහාබැලුවේ බහින්න කියන්න වගේ…කොල්ලගේ හැගීම මූනෙන්ම තේරුම් ගත්ත කෙල්ල කොල්ලා කියන්නත් කලින් ම කාර් එකෙන් බැස්සේ කොල්ලා මේ වෙලාවේ ඉන්න තත්වේ හොදටම තේරුම් අරන් හිටපු නිසාමයි..කොල්ලගේ ඇස් තරහට ම රතු වෙලා තිබුනත් කෙල්ල හෙමිට ගිහින් කොල්ලගේ අතින් අල්ල ගත්තේ එහ් තරහා යන්තමට හෝ නැති කරන අදහසින්….

” තේ..ජා…න්…ප්ලීස් රිලැක්ස්….එතනට ගිහින් කලබලයක් නම් කරන්න එපා…..”

කෙල්ල කිවුවේ ආදරයෙන් උනත් තේජාන් ගේ ප්‍රතිචාරය මොකක් වෙයි ද කියලා බයෙන්….

” එනවා…ඒක මන් බලා ගන්නම්…”

කොල්ලා කෙල්ලටත් රවලා ගේට් එක ලගට ගියත් ගේට් එක ලග හිටපු securty ගේ හඩින් කොල්ලා මොහොතකට නැවතුනේ තරහා ආයාසයෙන් ම පාලනය කරගෙන…

” ඔහොම ඉන්නවා…appointment එකක් නැතුව ඇතුලට යන්න බෑ….”

Securty කිවුවේ උස් හඩින් උනත් තේජාන් කට කොනකින් හිනා උනේ කොල්ලගේ තරහා පාලනය කරගන්න කියලා කෙල්ලට හිතුනේ සාමාන්‍ය යෙන් මේ වගේ තත්වෙකදි කොල්ලා මේ තරම් සන්වරව හැසිරෙන් නැති නිසා මයි….

” මාව ආලෝක සර් එවුවේ ….”

කොල්ලා අවස්තාවට හැලපෙන විදිහට ම පිලිතුරක් දුන්නේ security පවා ගැස්සිලා යද්දි….

“අනේ සර්…සමාවෙන්න සර්…මන් දැනන් හිටියේ නෑ….”

වචන පටලවමින් security කියද්දි තේජාන් ආයාසයෙන් ම මූනට හිනාවක් ගත්තේ ඇතුලට යන්න තිබුන අවශ්‍යතාවය හින්ද මයි….

” යන්න සර්…මැඩම් ඔෆිස් එකේ ….”

තේජාන් ගේ නිහඩ තාවය නිසාම securty කිවුවේ අසරනව…

කොල්ලා කෙල්ලගේ අතින් අල්ලගෙන තට්ටු තුනක බිල්ඩින් එකේ උඩු මහලටම ගියේ කවදාවත් නැති තරම් වෙගෙන්….

කෙල්ල කොල්ලගේ පස්සෙන් දුවන් ගියේ හති දාගෙන කෙල්ලගේ මූනෙන් දාඩිය පෙරෙද්දි මයි… ඒත් මොහොතකටවත් කොල්ලව තනි නොකරන්න කෙල්ල වග බලා ගත්තේ තෙජාන් ගේ කේන්තිය ගැන හොදටම දන්න නිසා…

ඔෆිස් එකේ 3rd ෆ්ලෝ එකට ආව කොල්ලා ලග හිටපු කෙනෙක්ට කතා කරේ මවාගත්ත සන්සුන් කමකින්…

” ටානියා මිස් ගේ රූම් එක කොතන ද තියෙන්නේ….”

” ඔතනින් වමට යන්න….”

තේජාන් දිහා අමුතු විදිහට බැලුව සේවකයා කිවුවේ සේයා දිහත් අමුතු විදිහට බලලා… කොල්ලා තවත් තත්පරයක් වත් ප්‍රමාද නොකරම සේවකයා කිවුව ටානියා කියන කෙනාගේ ඔෆිස් එක දිහාට දිවුවේ කෙල්ලගේ අතින් තදින් අල්ලගෙන….

” ප්ලිස් තේජාන් කලබලයක් නම්…”

” කට වහනවා සේයා…”

කෙල්ලගේ කතාව බලෙන් ම නවත්තපු කොල්ලා කිවුවේ කෙල්ල දිහාට දබර ඇගිල්ල දිග් කරලා… එහ් බැල්මෙන් කෙල්ල ගැස්සිලා ගියේ තේජාන් ට එකසිය ගානකට තරහා ගිහින් ඉන්නේ කියලා හොදටම දැනුන නිසා….

” අනේ දෙයියනේ නරක දෙයක් නම් වෙන්න එපා…”

කෙල්ල තමන් ගේ හිතින් තමන් ට ම කියා ගත්තේ තේජාන් දිහා ත් ඇස් පේන මානේ තිබුන ටානියා කියන කෙනාගේ ඔෆිස් රූම් එක දිහත් මාරුවෙන් මාරුවට බලමින්….

” යමු…..”

තේජාන් ටානියා ගේ ඔෆිස් රූම් එක ලගට ආවේ කෙල්ලවත් ඇදගෙන මයි…ඊලගට වහලා තිබුන දොර ඇරියේ තවත් විනාඩියක් වත් ප්‍රමාද නොකර…

ඒත් ඔෆිස් රූම් එකේ ඉදන් හිටපු කෙනාව දැකලා තේජාන් ගේ හදවතත් මොහොතකට නැවතිලා ගියේ ඇස් අදහා ගන්නත් බැරි වෙද්දි මයි…කොල්ලා මොහොතක් එහ් දිහා ගල් ගැහිලා බලන් හිටියේ තාමත් තේජාන් ව නොදැකපු තිසරු ටානියා කියලා හදුන්වපු කෙනාගේ හැසිරීම් දිහා….

කොල්ලගේ වචන පවා ගොලු වෙලා ගියේ කොල්ලට ඉන්න තැන පවා අමතක වෙලා යද්දි කොල්ලා එහෙම්මම බිත්තියට හේත්තු උනේ අල්ලන් හිටපු දොර වැහෙද්දි මයි….

46 කොටසින් හමුවෙමු…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කොටස් 50 න් කතාව ඉවරයි යාලුවනේ…

මගෙ අලුත් කතාව “විසේකාරි” අද මුල්ම කොටස පල කරා…එහ් කතාව මගෙ වොල් එකේ විතරක් දාන්න තීරනය කරා…කැමති යාලුවෝ මගෙ වෝල් එකට ඇවිත් කතාව කියවන්න…

ආදරෙයි…

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *