ඇයත් පතිනියකි 46

46_කොටස

” නි..ස….ලි……”

කොල්ලා අමාරුවෙන් වචන ගලපන් කියද්දි කොල්ලගේ කටහඩට රූම් එකේ හිටපු තිසරු ටානියා නමින් හදුන්වපු තරුනිය හිස ඔසවලා බැලුවේ එහ් ඇස් වල කියාගන්න බැරි හැගීම් ගොන්නක් සටහන් වෙද්දි මයි..

” ටානියා කියන්නේ නිසලි ද..”

සේයා ට ඉබේම කියවුනේ තේජාන් ගේ හිත තවත් දුර්වල කරලා…. කොල්ලා උන් තැනම ගල් ගැහිලා නිසලි දිහාම බලන් හිටියේ අසරන ව… නිසලි ට තමන් ඉදන් හිටපු පුටුවෙන් නැගිටුනේ ඉබේමයි…. කෙල්ල මොහොතක් තේජාන් දිහා ගල් ගැහිලා බලන් හිටියේ තේජාන් ගේ පැමිනීම කෙල්ල හීනෙකින්වත් අපේක්ශා නොකරපු නිසා මයි…. ඊලග තත්පරේ කෙල්ල ගැහෙන හදවතින් උනත් තේජාන් හිටපු තැනට යන්න ගත්තේ මේ හැමදේම නිහඩවම බලන් හිටපු සේයා ගේ මුලු ඇගම පන නැති වෙලා යද්දි මයි… කෙල්ල එහෙම්මම තේජාන් දිහාට එන නිසලි දිහා බලන් හිටියේ හිත පුදුම විදිහට හයිය කරගෙන….

තේජාන් ලගට ආව නිසලි කොල්ලගේ කම්මුලක් සියුම් ව ස්පර්ශ කරෙ ඇස් වල කදුලු පුරවගෙන උනත් තේජාන් ගේ මූනේ තිබ්බේ පිලිකුල් සහගත හැගීමක්..එහ් නිසාම කොල්ලා නිසලි ගේ අත ගසලා දැන්මේ එහ් මූන දිහා එක පාරක් විතරක් බලලා….

” තේ..ජා…න්….”

නිසලි අඩ අඩ ම ආයෙත් කොල්ලගේ මූන තමන් ගේ පැත්තට හරවගන්න හැදුවත් ඊලගට උනේ කෙල්ල හීනෙකින් වත් හිතුවේ නැති දෙයක්…. තේජාන් තමන් ගේ දකුනු අත උස්සලා කෙල්ලගේ වම් කම්මුලට පහරක් ගැහුවේ තේජාන් ගේ ඇගිලි පහම කෙල්ල්ගේ කම්මුලේ හිටින තරමට ම තරහින්….

“තා…ත්…ති…ම..ට…ස…මා…වෙ…න්…න….”

තේජාන් ට ආදරේ කරපු කාලේ කෙල්ල තේජාන් ට කතා කරපු එහ් දවස් වල තේජාන් කෙල්ලගේ කටින් අහන්න ආසම කරපු එහ් වචන ටික කියලා කෙල්ල කොල්ලගේ පපුවට තුරුල් උනේ මෙච්චර වෙලා ඉගියක් පමනක් වෙලා තිබ්බ කෙල්ල මහා හයියෙන් අඩාගෙන… කොල්ලා එහ් සැනින්ම කෙල්ලව තමන් ගේ තුරුලෙන් අයින් කරේ හිතට ආව පිලිකුල තරහා නිසාම ඇස් දෙකත් රතු කරන්..

” උබට මොනවද නිසලි ඕන…කියපන්….උබ මේ දේවල් කරේ මොනවා ලබාගන්න ද…..”

තේජාන් නිසලි ගේ කෙස් වැටියෙකින් අල්ලගෙන ඇහුවේ කෙල්ල ඇස් වල කදුලු පුරවන් තේජාන් දිහා අසරනව බලද්දි….

” ඔය කදුලු වලට රැවටින කාලයලුත් තිබුනා නිසලි….හැබැයි දැන් එහ් තෙජාන් මැරිලා ඉවරයි….උබ එහ් අහිංසකව හේතුවක් නැතුවම අත ඇරලා දාපු ද්වසේ ඌ මැරුනා..දැන් මට ඇත්ත කියපන්…හැමදේම මුල ඉදන් ම…..”

තේජාන් තර්ජනාත්මකව කියද්දි කෙල්ල ඇස් වල තිබ්බ කදුලු අත්ලෙන් පිහිදගෙන තේජාන් ගේ ඇස් දිහා බලන් අහපු දේට නම් කොල්ලා ගැස්සිලා ගියා…

” මිස්ටර් තේජාන් මුනසිංහ…මන් ඇයි මේ දේවල් කරන්නේ…..සල්ලි වලට ද…තමුන් ගේ හැමදේම මට අයිති කරගන්න ද…එහෙනම් හොදම දේ මන් තමුන් ව මැරි කරන එක…මිස්ටර් තේජාන් මුනසිංහ මේ නිසලි සදෙවුමි කියන කෙල්ලට පන ඇරලා ආදරේ කරද්දි මන් මොකටද තමුන් ව අත අරින්නේ අහ්….”

කෙල්ල කොල්ලගේ ඇස් වලට එබිලා තරහින් අහද්දි කෙල්ලගේ එහ් බැල්මට කොල්ලා පුදුම විදිහට අසරන වෙලා ගියා…කොල්ලා ගොලු වෙලා ගියේ කෙල්ල කියන දේ ඇත්ත කියලා කොල්ලට තේරුන හින්දමයි…

” දන්නේ නෑ නේද…ඒකත් මන් ම කියන්නම්…මන් තමුන්ට පන වගේ ආදරේ කරපු කාලේ තමුන්ට කවදාවත්දැනුන ද එහ් සල්ලි වලට කියලා….අඩුම තරමේ තමුන් මට සල්ලි දුන්නත් මන් ඒවාවත් ගත්තේ නෑ නේද…එහෙවු මම තමුන්ව සල්ලි හින්දා අත ඇරියා කියලා හිතුවෙවත් කොහොම ද.. “

කෙල්ල් ආයෙමත් කොල්ලා දිහා බලලා අහද්දි කොල්ලගේ ඇස් වල කදුලු පිරුනේ කොල්ලා මීට අවුරුදු දෙකකට කලින් නිසලි එක්ක ගත කරපු එහ් සුන්දර අතීතේ මතක් වෙලා….

” එදා තමුන් ව එක පාරට අත ඇරලා ආයෙත් නොයෙන්නම ගියේ තමුන්ගේ ජිවිතේ ම්ගෙ සතුටට වඩා වටින හින්දා තේජාන්… තමුන් ජීවත් වෙනවා බලන්න ආසා නිසා නිසා….”

කෙල්ල තේජාන් ගේ ඇස් දිහා බලන් ඇස් වල කදුලු පුරවන් කියද්දි කොල්ලා ගේ ඇස් වලනම් තිබුනේ පුදුමයක්…

” මට තේරුන් නෑ….”

කොල්ලා අමාරුවෙන් වචන ගලපන් කිවුවා..

” ආලෝක…ආලෝක අයියා කිවුවා එයාලාට උදවු කරේ නැත්නම් ඔයාව මරනවා කියලා… මට මන් දන්න හැම විස්තරයක් ම කියන්න උනා….ඔයාව බේර ගන්න තාත්ති…..මන් පිච්චි පිච්චි ජීවත් උනේ…. මන් දැනන් හිටියා මෙහෙම දවසක් එනවා කියලා…ඒකයි නිසලි වෙනුවට මන් ටානියා කියන නම පාවිච්චි කරේ…අනේ මට සමාවෙන්න තාත්ති…. මන් …මන් මේ හැමදේම කරේ ඔයාට තිබ්බ ආදරේ හින්දා…..”

කෙල්ල බලෙන් ම තේජාන් ගේ පපුවට තුරුල් වෙලා එහ් පපුව මත කෙටි හාදු ගනනාවක් තියමින් කිවුවේ අඩ අඩ මයි…

තේජාන් තමන් ගේ අත තමන් ගේ පපුව මත තුරුල් වෙලා ඉන්න කෙල්ලගේ ඔලුව මතින් තියලා එහ් හිස සීරුවට පිරිමදින්න ගත්තේ කෙල්ල කිවුව හැමදේම පිලිගත්ත නිසා වගේම අවුරුදු දෙකක් පුරාවට හෙවුව එහ් ආදරේ ලැබුන නිසාම හිත සතුටින් පිරෙද්දි…

හැමදේම නිහඩවම උනත් පපුව පිච්චිලා යන තරමට ම වේදනාවෙන් බලන් හිටපු සේයා තේජාන් ගේ පපුවට තුරුල් වෙලා ඉන්න නිසලි දිහත් හරි පරිස්සමට නිසලි ගේ හිස පිරිමදින තේජාන් දිහාත් කදුලු පුරවන් බලලා රූම් එකේ දොර ඇරියේ මුලු හිතම අසරනකමින් වගේම තනිකමින් පිරිලා යද්දි..

නිසලි ගේ ඔෆිස් එකේ ඉදන් පහලට යනකම්ම තේජාන් හමුවුන දවසේ ඉදන් මේ වෙනකම් තමන් ගේ ජිවිතේ ගෙවුන එහ් ලස්සන මතකයන් එකින් එක කෙල්ලට මතක් වෙන්න ගත්තේ කෙල්ල ගේ ඇස් වලින් කදුලු වගේම විටින් විට එහ් මුවින් සිනහා හඩවලුත් පිට වෙද්දි… කෙල්ල දිහා බලන් ඉන්න ඕනි කෙනෙක් මේ ඉන්නේ පිස්සියක් කියලා හිතන තරමට ම කෙල්ල මානසිකව වගේ ම කායිකවත් දුර්වල උනා… තේජාන් ගේ මතකය පමනක් හිතේ තියාගෙන කෙල්ල පාර දිගේ ඇවිදන් ගියේ තේජාන් ඇරෙන්නට එහ් හිතේ කිසිම දෙයක් නැති වෙද්දි මයි…

පැය බාගෙකට ආසන්න කාලයක් පිස්සියෙක් වගේ ඔහේ ඇවිදන් ගියපු කෙල්ල අන්තිමට නතර උනේ නගරයෙන් තරමක් ඈත් උන වැඩිය මිනිසුන් ගැවසෙන් නැති පාලු පාරක් ලග ..කෙල්ල මේ ඉන්නේ කොහෙද කියන්නවත් කෙල්ලට තේරුමක් නැති වෙද්දි කෙල්ල එහෙම්මම බිම වාඩි උනේ ගතට වගේම හිතටත් පුදුමාකාර වෙහෙසක් දැනෙද්දි මයි….

47 කොටසින් හමුවෙමු….

කතාවේ අන්තිම කොටස් කීපය ගොඩක් ඉවසීමෙන් කියවන්න කියලා මගෙ පැංචෝ පැංචියෝ ටිකගෙන් ඉල්ලනවා….🙂

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

මන් කවදාවත් ඔයාලගෙන් කිසිම හෙල්ප් එකක් ඉල්ලලා නෑ නේද යාලුවනේ….ඒත් මට මේ පාර හැමෝගෙන්ම උදවු ඕනි…. දන්නවද මන් කතාව පල කරේ කෙටි කතා ගොනුවෙයි නවකතා කියවන්නෝ ගෲප් එකෙයි මගෙ වෝල් එකෙයි විතරයි…. මේ වෙනකම් කතාව එක්ක 6000 ක පිරිසක් හිටියා…. එහ් යාලුවෝ හැමෝටම ගොඩක් ආදරෙයි වගේම ස්තූතියි මගෙ කතාව එක්ක හිටියට….

ඒත් ආයෙත් මට මගෙ කතාව කෙටි කතා ගොනුවේ දාන්න වෙන්නේ නැහැ….කොටස් 5 කට වඩා වැඩි කතා ගෲප් එකෙන් approd කරන් නෑලු….මට ගොඩක් දුකයි.. කතාවේ අවසානම කොටස් ටික මේ වෙනකම් ගෲප් එකේ කතාව වෙනුවෙන් හිටපු යාලුවෝ වෙනුවෙන් දාන්නබැරි වෙන එක… .

අනේ මගෙ යාලුවෝ ටික..පුලුවන්නම් එහ් යාලුවොන් ව දැනුවත් කරන්න….මගෙ වෝල් එකට ඇවිත් කතාව කියවන්න කියන්න…..

” විසේකාරී ” මගෙ අලුත් කතාව….මට දැන් මගෙ වෝල් එකේ විතරයි දාන්න වෙන්නේ….කැමති යාලුවෝ මගෙ අලුත් කතාව එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා…. ඒක ටිකක් වෙනස් කතාවක් නිසාම මන් කතාව ලයික් බලාපොරොත්තුවෙන් ලියන් නැහැ…මොකද මන් දන්නවා එහ් කතාව කියවන පිරිස අඩු වෙනවා…මන් වෝල් එකේ විතරක් කතාව දාන නිසාම….

අද ඉදන් ” ඇයත් පතිනියකි ” කියවන පිරිසක් අඩු වෙයි…ඉතින් මට ගොඩක් දුක හිතෙයි…😢😢😢

ඒත් මන් ආදරෙයි…..

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *