ඔබ මගේම නම් 02


………………………..
02
විහගි අදීශා ගුන්නෑපාන …මේ ඔෆිස් එන වෙලාවක්ද ආ..තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ..
හම්මො ආව ගමන් මට බනිනවා..නපුරෙක්ද මන්දා..මොනා උනත් මගේ සර් නේ..
සොරි සර්..මට පොඩ්ඩක් ලේට් උනා
මේ අහනවා තමුන් මෙච්චර කල් කොහොම වැඩ කලාද මන් දන්නෙ නෑ..හැබැයි මීට පස්සෙ වැඩ වෙන්න ඕනි මට ඕනි විදියට ..නීතිය නම් හැමෝටම එක වගෙ..මේකෙ තේ හදන එකාටත් එකයි තමුන් ටත් එකයි..මට ඕනිවැඩ..ඩැඩීගෙ වැඩ පිලිවෙල අදින් පස්සෙ ඉවරයි..ඉන්න ඕනි නම් මට ඕන විදිහට ඉන්නවා තේරුනාද…
හනෙ අම්මෙ මන් කන් අඩිත් පිපිරුවා..මේ නපුරා ආව ගමන්ම සද්දෙ..හ්ම්ම් මගේනෙ වැරැද්ද ..මේ ජොබ් එක නැත්තම් අප්පච්චි එක්ක මන් මොනා කරන්නද..හුම්ම්..
සොරි සර්..ආයෙ එහෙම වෙන්නෙ නෑ
හොදයි මෙතන ගල්බනිසක් වගෙ හිටන් ඉන්නෙ නැතුව යනවා ඉතින් ගිහින් වැඩ කරනවා..
යනවා තමයි මෙන්න මෙතන පැළවෙලා ඉන්න ආවෙ නෑ..එහෙම කියන්න හිතුනත් මුකුත් නොකියා ආවෙ තව දුරටත් රස්සාව රැකන් ඉන්න ඕනි නිසා..
මන් සර්ගෙ ඔෆිස් රූම් එකෙන් එලියට ආවා..කන්චුක දුවන් ආවා..
මොකො මැලවිලා..බැන්නද
හුම්ම්
ගනන් ගන්න ඒපා මෝඩි..
මොකො කන්චුක මෙයා කියන්නෙ ..
මේ මනෝජිටත් ඕනි නැති දෙයක් නෑ..
මුකුත් නෑ බන්..ඉන්දියාවේ අල ලාබයි කියන්නෙ
අනෙ මෙ..ඒක නෙමි..විහගි අලුත්සර් මාර හැන්ඩියා නෙමී..සර් දැක්කාම මගේ හදවත කීන් ගෑවා..උස ,මහත්,කලර් එක වාව් සෝ කියුට්
වෙන මොනාද දන්නෙ නෑ කීන් ගෑවෙ නේ..
අනෙ කන්චුකයො මට කියලා තට්ටෙ පලාගන් නැතුව යනවකො මෙතනින්..විහගි කියන්නකො සර්ගෙ ඇස් මොනවගේද…මාර හැන්ඩියා නේද
මන් ඔය මුකුත් දැක්කෙ නෑ
හැ..ඔච්චර ලගට දැකලත් ..
ඔලුව ලැප් එකට ඔබන් උන්නෙ..මන් දැක්කෙ නැ..
හපො වැඩක් නෑ..
වැඩක් නෑ තමයි ..මහාම මහා නපුරෙක්..
ඒයි මනෝජි පෝන් එක රින් වෙනෝ
වෙලාවට ඔෆිස් පෝන් එක රින්ග් උනේ..නැත්තම් ඔය මනෝජි ගෙන් ගැලවෙන්න ලැබෙන්නෑ වරුවකට..
විහගි ඔයාට සර්ගෙ රූම් එකට එන්නලූ
අයියො ආයිමත්..මේ පාර මොකො..
මන් අතේ තිබ්බ පෑන දමලා ගහලා ඔෆිස් රූම් එකට ගියා ආයෙම
මේ පාර මොන මගුලකට එන්න කියනවද මන්ද..මුන් දෙන්න එක්ක කියෝපු නිසාද..හයියෝ..මට නම් බෑ..මෙහෙම බැනුම් අහන්න..අද මහම මහා එපාම එපා කරපු දවසක්
සර්..
මන් ආවා කියලා දැන දැනත් පෙනේද ඔලුව වත් උස්සන් නැති හැටි..මන් හිතන්නෙ මන් කියන ඒවා ඇහෙන්නැත්තෙ බීරී නිසා වෙන්න ඇති
සර්..
ලැප් එකට ඔලුව ඔබන් ගොලු බෙල්ල වගෙ..මෙතන මට එන්න කියල..තියෙන ලොකුකම.
එයාගෙ පවර් එක පෙන්නනවා ඇති..
සර්..
මේ පාර මන් ටිකක් හයියෙන් කතා කල.
ඔහ්
ඔහ් තමයි ..ඇයි වදෙ
සර් මට එන්න කීවෙ..
තමුන්ගෙ නම
අහ් ඉන්ටව් කරන්න එන්න කියලා තියෙන්නේ ..ලොකු සර්ගෙ පුතෙක් නෙමීද මන්දා..ඔච්චර ඕනිනම් මගෙ ඩීටේල්ස් ඔක්කොම තියෙන්නේ බලන්න එපැයි
විහගි අදීශා
ස්කූල් එක
මුලින් ගියෙ ජීබී සේනානායක එකට..පස්සෙ ග්‍රේඩ් සික්ස් වලින් පස්සෙ ඩිමැසනඩ් ගියා
මටත් කට පියන් ඉන්න බෑනි වැඩිපුරත් කියනවා..
ඩී මැසනඩ්..නෙ..එතකොට ඒලෙවල් කරපු ඉයර් එක..
ඒලෙවල් කලෙ අනෙ මන්දා..දැන්ට අවුරුදු තුනකට කලින් නෙ
2013සර්
එහෙමද ..මොනාද සබ්ජෙක්ට්ස්
කොමර්ස් කලෙ..
ඉස්කූල් යාලූවෝ කීවෙ ආදී කියලද
ම් ඔව්..ඒත් සර් කොහොමද ඒක දන්නෙ
ආදී..වයලින් ගහපු කන්නඩි පොලගි නේද
ඔන්න ඉතින් මෙයා මගෙන් කන්න යන්නෙ..මොනා උනත් මගෙ ඉතිහාස නම් දන්න කෙනෙක් ..ඒ කියන්නෙ අපෙ ස්කූල් එකෙ කෙනෙක්
සර්..එතකොට ඩීමැසන්ද් එකටද ගියා
ඒක කියනවත් එක්ක අලුත් සර් ඔලුව ඉස්සුවා..අනෙ මෙ..
අදුරනවද
මොකොද මන් අදුරන්නෙ නැත්තෙ..ඉස්සර අපෙ ස්කූල් එකේ උන්නු දක්ශම ක්‍රිකට් ප්ලේයර්..අපි කෙල්ලො සෙට් එකගෙ සිහින කුමාරයා..
මතකද
ඔව්
ම්ම්..කන්නාඩි පොලගි වෙනස් වෙලා..
ටිකක්..
ටිකක් නෙමි..හුගක්..කෝ කන්නාඩිදෙක
හැම තිස්සෙම දාන්නෙ නෑ..වැඩ කරද්දී දානවා..
සෑහෙන්න වෙනසක්..
ඔව් ඉතින් හැමදාම එකම විදියට ඉන්න බෑනි
ම් ඔව් සර්
මෙහෙ පෝස්ට් එක මොකක්ද ..
එකවුන්ට් ක්ලාර්ක් ..එකවුන්ට් ශෙක්ශන් එකෙ හෙඩ් මන්..
හුම්..හරි එහෙනම්..යනවා.
මෙතන ආවා කියො කියො ඉන්න..යනවා ගිහින් වැඩ කරනවා..
අහ් එයාම එන්න කියලා මට බනින හැටි..
යනවා..ඔරොවන් නැතිව
ලොකු සර්ගෙ පුතා නෙමී නම් දන්නවා කරන දේ..
පොඩ්ඩක් ඔහොම ඉන්නවා
අහ්..යන්න දෙන්නෙත් නෑ මගුල
සර්
තේ හදන එක්කෙනාට කියනවා..මට රස කිරිකෝපී එකක් ඕනි කියලා
සර්..ඔය ඔතන තියෙන බෙල් එක ඔබලා සුවිච් එක තද කරන් ඉන්න..එතකොට ටී ආන්ටි කතා කරයි
මන් ඒක දන්නවා..මට උගන්නන්න එන්නෙ නැතුව තමුන් ගිහින් මන් කියපු දේ කරනවා
මේ නපුරෙක් නිසා අද මට උදේ කෑම එකත් මිස් උනා..හෙට කට්ටියගෙ සැලරි බේරන දවස..ඒ නිසා අද ඒ සේරම ඩොකියුමන්ට් චෙක් කරලා ෆයිනල් චෙකින් වලට ආයෙමත් මට නපුරා ගාවට යන්න වෙනවා..
ඒයි අද ලන්ච් ගන්නෙ නැද්ද
කන්චුකයි මනෝජියි කන්න අඩගහනවා..ඒත් මට තව වැඩ වගයක් තියෙනවා බඩත්ගිනි..උදෙත් කෑවෙ නැති නිසා අමාරියි..ඒත් දෙක වෙන්න කලින් මේ ටික චෙක් කරන්න දෙන්න ඕනි..මන් ආයෙමත් ඔෆිස් රූම් එකට ගියා..
නපුරා නිදි කටත් ඇරන්…මට සද්ද දැම්මට මහා මැට්ටෙක්ද කොයිද..
ඉස්ස්‍ර තිබුන ලමා පාට නැති වෙලා ලස්සන වෙලා තවත්..ඒ කාලෙ අපෙ සිහින කුමරා..කවුද හිතුවෙ මගෙ බොස් වෙලා එයි කියලා..
සර්..
සර්
තුන්වෙනි පාරත් කතා කරලා නැගිට්ට නැති හින්දා මන් බෙල් එක එබුවා..
සර්
අනෙ අම්මි ඇති අම්මි..කන්න බෑ..
හෑ..තාම චූටි බබා අම්මි ගැන සිහින දකිනවා
සර්
එක පාරම අන්ද මන්ද වෙලා නැගිට්ට සර් පුටුවෙ හරියට ඉදගත්තා
තමුන්..
හුම්
මොකො..මගෙ රූම් එක අස්සෙම රින්ගන්නෙ..
ඔව් මෙතන මට වෙන වැඩක් නෑනි..මෙයාගෙ අස්සෙම රින්ගන්න..ඔන්න ස්කූල් යන කාලෙ නම් කිවත් කමක් නෑ..
සර් හෙට සැලරි ඩේ එක
ඉතින්
බෑන්ක් එකට කෑශ් ඩිපොසිට් කරන්න ඕනි..ඊට කලින් ෆයිනල් චෙකින් එක…
දැන් ඒකත් මන් ද කරන්න ඕනි ආ
හ්ම්ම් සර් තමයි
කෝ දෙනවා ඉතින්..කො ෆයිල් එක
ෆයිල් එකෙ නෙ..ඔෆිස් පේජ් එකෙ තියෙන්නේ
කියනවා ඉතින්
ඉන්න සර්..ඒ පාස් වර්ඩ් බලන්න පුලුවන් මටයි ලොකු සර්ටයි විතරයි
එහෙමද
හ්ම්ම්
හරි එහෙනම් යන් තමුන්ගෙ ටේබල් එකට
ඇයි සර්ගෙ ලැප් එක..
තමුසෙ දන්නවද මේක යූස් කරන්න
හිතන් ඉන්නෙ මන් තුන්පනෙ කියලා වෙන්න ඇති.මුකුත් නොකියා මන් සර්ගෙ ලැප් එකෙ ස්කීන් එක ඕපන් කලා..ආව පරක්කුවට පාස් වර්ඩුත් දාලා
මේක ඕපන් කරලා දෙන්න සර්
ඉන්නවා..
නපුරා ලැප් එක අනිත් පැත්ත හරවන් ඒක ඕපන් කරා..අනෙ මට මොකො..
මෙන්න
හරි..
මන් සර් ගාව හිටගෙනම එකවුන්ට් ෆයිල් එක ඕපන් කලා..
මන් බලද්දී ඒ ඇස් තිබුනෙ වෙන දිහාක..
සර් මෙන්න
අහ්..හරි
චෙක් කරන්න
තමුසෙ හොර ඩීටෙල්ස් දාලා නෑනි..
මට කාටවත් හොර කරන්න ඕනි නෑ
එහෙනම් චෙක් කරන්න ඕනිත් නැ..
චුට්ටක් ඉන්න සර් ..සර්ගෙ ෆින්ග ෆ්‍රින්ට් එක ඕනි..අද ඉදලා මේක වෙනස් වෙනවා කියලා බෑන්ක් එකට කියන්නත් ඕනි
ඕනි මගුලක් කරනවා
සර්ගෙ ඇගිල්ල මෙතනින් තියන්න
හුම්ම්
හරි සර්..තෑන්ක්ස්
ආදි..පොලගි
ඔෆිස් එක නෙමි නම් මමත් දන්නවා ඕකට උත්තර දෙන්න..
මෝඩයා …
……
ඔෆිස් ඇරිලා ගෙදර ආවා..හරි මහන්සි අද..හරියට කන්න ලැබුනෙත් නෑනි..
චූටි අක්කි
මේ ගෙදර මට අප්පච්චි ඇරෙන්න ආදරෙ කරන්න ඉන්න එකම කෙනා..නැන්දගෙ පුතා..දිනාර මල්ලි..
පොඩ්ඩො
අද මහන්සි පාටයි අක්කිට
ටිකක් විතර
ම්ම්ම්..අක්කි අද අපි ගැහුවා අනිත් ටීම් එකෙ එවුන්ට ඇඩෙන්නම
ඉතින් ඇඩුවද
නෑ හින උනස්
මැට්ටා..සැන්විචර්ස් කෑවද
ආහ් ඒක කියන්න තමයි ආවෙ..මේ යාලුවො කීවා ඊලග දවසෙත් ඕනි කියලස්
ම්ම්..ඊලග දවසෙ නිශාදි අක්කිට කියමු
අපො ලොකු අක්කි හොදයි ගේ ඉස්සරහා පර්දර්ශනේට තියන්න..මගෙ සුදු අක්කි පැටියනි..ඔන්න ඔඉනි හාද
හා හා
හරි ඒක නෙමි අක්කි අද ඉතින් ඔෆිස් එකෙ මොකො උනෙ
උනේද
මන් උදෙ ඉදන් වෙච්ච සේරම මල්ලි එක්ක කීවා..මල්ලිට හිනා්
හෙන නපුරෙක් වගෙ..අක්කි එයා තාමත් ඔයාගෙ ඩ්‍රීම් බෝයිද
පිස්සුද මැට්ටො
බොරු එපා
අනෙ මන් දැක්කෙත් හුග කාලෙකින්..ස්කූල් කාලෙ පිස්සු අදහස් නෙ මල්ලි ඒ
හරි හරි බලමු බලමු නෙ
මොන බලන්නද
මන් පොඩ්ඩගෙ කන මිරිකුවා
ඌයි..අම්මියෝ
ඒ මැට්ටො ඕන් ඇතෑරියා..නැන්දව ගෙන්නන්න එපා..දැන් යනවා මෙතනින් මන් ඇදුම් මාරු කරන්න ඕනි
හරි හරි..අපි කැපුනා්..ආදි..පොලගි
මගෙම් කන්නයි හදන්නෙ
හරි හරි රෑට කමු
මේ මැට්ටා නම්
ඉක්මනට ඇදුම් ගලෝල මන් වොශ් රූම් එකට ගියා.
.
ඩීම් බෝයි..සිහින කුමරා..හරිත අදීශ…ක්‍රිකට් ආදි..කොළ (හරිත )ආදී
–මතු සම්බන්දයි— 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *