ඔබ මගේම නම් 05


………………. ……….
05
දැන් ඉතින් අර නපුරා එක්ක මන් යන්න එපැයි..අපරාදේ ඊයේ එද්දි මගේ නම්බර් එක දුන්නෙ..උදෙ ඉදන් පුදුම වදයක් මෙයාගෙන් තියෙන්නේ ….
හෙලො
මැට්ටි එන්නෙ නැද්ද
මට උණ
හදිස්සියෙම …ම්ම් එනවා මන් බෙහෙත් අරන් දෙන්නම්
මට බෑ..නැගිටගන්නත් අමාරියි මට
එහෙමද ..ඉන්නවා ..මන් එන්නම් ගේ හොයාන්..
අනෙ මේ නම් මගෙ කරුමයක්..මාව අහු උනානි මේ නපුරටම..කියන්න බෑ එන්නත් බැරි නෑ
හරි හරි මන් එන්නම්..හුම්ම්
මන් ඉස්සෙල්ලාම මේ කොල්ලෙක් හම්බෙන්න යනවමයි..ඒත් හුම් එයා එන්නෙ වෙන කෙල්ලෙක් බලන්න මිසක් මාව බලන්න නෙමී නේ..මගෙ කොල්ලා හම්බෙන්න යන දාට ලස්සනට යනවා..මොකටද බොරු විච්චූරන..
මන් බිම ගෑවෙන දිග ස්ක්‍ර්ට් එකට කලු පාට ටී ශර්ට් එකක් ඇද ගත්තා ..කොන්ඩෙත් ඩිගට ගොතා ගත්තා..කෝමත් මගේ කොන්ඩෙ බලු නැට්ට වගේ..ඇති ලස්සනක් නෑ..මේ ඇති..මගෙ කොල්ලා බලන්න නෙමී නෙ මන් යන්නෙ
චූටි කොහිද යන්නෙ
ඔෆිස් එකෙ වැඩක්
අනෙ මෙ..මන් දන්නවා ගෙදර වැඩ කරන්න වෙන හින්දා වෙන්න ඇති මාරු වෙලා යන්නෙ..
හ්ම්ම්
හ්ම්ම් ගාන්නෙ..මොකක්ද හොර වැඩෙ
මන් ලග ඇති හොරයක් නෑ
ඔව් අම්මි..ඔෆිස් වෙන්න ඇති..කවුද අම්මි මේ වගෙ ඇටසැකිලි වැදිරියෙක් දිහා බලන්නෙ..ඔන්න මන් වගේ උන්නනම් සැක කරන්න වත් තිබ්බා..යන්න දෙන්න අම්මි
හ්ම්ම්..මෙයාලා කියන තරම් මන් කැතයිද දෙයියනේ …හුම්ම්ම්
මැට්ටි නගිනවා
මන් මුකුත් කතාවක් නැතුවම නැග්ගා කා එකට
අපො හැටි..නගර සබාවෙද වැඩ කරන්නෙ ආ
ඇයි
ඔය සායෙ මුලු ටවුන් එකේම තිබ්බ කුනු අතුල්ලන් ඇවිත්..හැටි අයියො..
ඔයාට මාව කැතයි නම්,එක්කන් යන්න ලැජ්ජයි නම් වෙන ලස්සන කෙනෙක් හොයා ගන්න…මන් බහින්න්නම්
හෝව් හෝව්..මැට්ටි දැන් කවුද ඔයා කැතයි කීවෙ…
කවුරුත් නෑ
ඔහොම ඉන්නවකො..නතාශා එන්න තව පැය දෙකක් තියෙනවා
මොකක්ද
යන්කො
මෙයා මට මොනා කරන්න යනවද මන්දා …
එයා කෙලින්ම ගිහින් නැවැත්තුවෙ සැලූන් එකක් ලග
එන්න යන්
මමත් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට එයාගෙ පස්සෙන් ගියා
යියස් සර්…හව් කැන් අයි හෙල්ප් යූ
ම්ම්….මෙහෙමයි මේ මගේ ගර්ල්..අපි පුන්චි ෆන්ක්ශන් එකකට යන්න යන්න්‍ර්..තියෙන්නේ තව පැයයි..මන් එයාගෙ වෙයරින් ක්ලෝත්ස් අරන් එනකම් ඔයාලා මගේ බබීව රෙඩි කරන්න ..
එයා මාව සැලුන් එකට බාරදීලා එලියට ගියා..ඇයි එයා මාව එහෙම්ම හදුන්වා දුන්නෙ ..
ඔයා නම් හරි ලකී..
එහෙම කියන ගමන් සැලුන් එකෙ ග්‍ර්ල් එයාගෙ වැඩ පටන් ගත්තා…
ම්ම් අපිට ටයිම් ලැබුන් නැනි හරියට..ඒත් ඔන්න පුලුවන් විදියට කලා..මේකත් ඇදගමූ..
අත් දිග ලේස් ගවුමක්..අනෙ මන්දා ඉරට්ටෙක් වගෙ ඉන්න මට මේක හරි යාවිද
ම්ම්ම්..ඔන්න හරි..ඔයා ආයෙ දවසක එන්න..කොන්ඩෙට ට්‍රීට් කරමු..බලන්න ලස්සනයි ද කියලා
අනෙ මේ ඉන්නෙ මමද..
සෝ නයිස්..දැන් ඔයාගෙ බෝයි පුදුම වෙයි..
මට පුදුම ලැජ්ජාවක් දැනෙන්නේ ..මෙහෙම මන් ඇදලම නෑ..මේ වගෙ ඇදුමක් අදින්න ආසවක් තිබ්බත් ඇට සැකිල්ලක් වගෙ ඉන්න මට ..මෙහෙම එකක් මැච් වෙන්නෙම නැතුව යයි කියලයි මන් හිතුවෙ..ඒත් ඉතින් මට ලස්සනයි උනාට ..එයා නපුරා මොනා කියයිද..මන් හෑන්ඩ් බෑග් එකෙන් මගෙ කන්නාඩි දෙක දාගත්තා..කොන්ඩෙ තිබ්බටත් වඩා කොට කරලා..
මන් යද්දී එයා මයිලො එකක් බිබි කල්පනා කරනවා..ම් අර ග්‍ර්ල් ගැන වෙන්න ඇති හිතන්නෙ
සර්..සර්..ආදි සර්
එයා එක පාරම පුදුම වෙලා වගෙ බලන් උන්නා
හෑ..
එහෙම කියලා හිනාවෙන්න ගත්තා..ඔරන් ඔටන් වගෙ ඇති ඒකනි හිනා වෙන්නෙ
මැට්ටි..මට අදුරන්නත් බැරිව ගියා..කන්නාඩි දෙක නැත්තම් අදුරනවා බොරු
හුම්..කැතයිද
නෑ මැට්ටි ලස්සනම ලස්සනයි ..නතාශට හිත ගිහින් තිබ්බෙ නැත්තම් අම්මපා..
හුම්ම්
ඒ උනාට ඔය කන්නාඩි දෙක දාපූවම අපෙ ආච්චි වගෙ..ඕක ගලෝනවකො
බෑහ්
ඔහොම ඉන්නවා මන් ම ගලවන්නම්..
එයා මගෙ මූනෙන් කන්නාඩිය ගැලෙව්වා..ඊට පස්සෙ කා එකෙ දොර ඇරලා මට නගින්න කීවා..ඊටත් පස්සෙ මගෙ දිහා බලන් උන්නා..ඒ විදියට කිසිම කොල්ලෙක් මා දිහා බලලා නැතුව ඇති..හිතත් මොනාදෝ වෙනවා..
සෝ සුවිට්..අල්ලන් හපන්න හිතයි..මන් කීවට හිතුවෙ නෑ ඇටකෝට්ටි ඇන්දම මෙච්චර හැඩට ඉදියි කියලා ..
ඒ බැල්ම මට නම් දරාගන්න බෑ..පලවෙනි පාරට මට එයා දිහා බලද්දී ලැජ්ජාවක් හිතුනා..
අපි දෙන්නා කොච්චර වෙලා එකිනෙකා දිහා බලන් උන්නා..ඒ සේරම බිදිලා ගියෙ නපුරගෙ පෝන් එක නිසයි..
හරි බබි..මෙ අපි එනගමන්..
හුම්ම්..මමත් මැට්ටි..එයා මාව ලස්සනට අන්ද ගත්තෙ එයාගෙ ග්‍ර්ල් ගාවට යද්දි ලැජ්ජ හින්දයි..මන් මෝඩියක් උනා..මොහොතකට අන්ද උනා..මෝඩ විහගි..
පැය බාගයක් යද්දි අපි එයාපෝට් එකෙ..අපි දෙන්නා නතාශා එනකම් බලන් උන්නා…
අහ්..අන්න එනවා මයි සුවිට් හාර්ට්..
කොන්ඩෙ ටින්ට් කරපූ..මල් මල් ලෙගින් එකට චූටි ටී ශර්ට් එකක් ඇදලා සග දාලා ට්‍රැවලින් බෑග් එකක් තල්ලු කරන් එන කෙල්ලෙක්ව එයා මට පෙන්නුවා..
හ්ම්ම්..ලස්සනයි ඇත්තටම බෝනික්කෙයෙක් වගෙ.දෙන්නා මැච් වෙනවා..එයා එක්ක බලද්දී මන් නිකම් නවදැලි හේනෙ වැදිරියෙක් වගේ..
වාව්..තවත් ලස්සන වෙලා..මැට්ටි දන්නවද..නතාශා මගෙ කසින්..අවුරුදු තුනකින් මන් දකින්නෙ..වාව්..
හුම් මෙයා එයාව වර්නනා කරන හැටි..හුම්..හිතට පුන්චි ඉරිසියාවක් නොදැනුනාම නෙමි..ඒත් ඉතින්..හුම්ම්
ඔහ් හරිත අයියා
සුවිටි..හව් ආර් යූ..
අයිම් ෆයින්..
බබි අයි හෑව් ස්‍ර්පයිස් ෆෝ යූ
මී ටූ
රියලි..ඕකෙ ලේඩිස් ෆ්‍ර්ස්ට්
ඕකෙ..වේට්..
Hmm.මෙයාලා කඩ්ඩෙන්ම වැඩ අපි ඉන්නෙ ඉතින් මේ නරි නාටක බලන්න විතරමයි නේ..
මොනාද දන්නෙ නෑ මෙයා නපුරට දෙන්න යන ස්‍ර්පයිස් එක..
හරිත අයියා බලන්න එන කෙනාව අදුරගන්න පුලුවන්ද කියලා..
ඒ ගර්ල් අපිට තව බෝයි කෙනෙක්ව පෙන්නුවා..ආදි නපුරගෙම හැඩ රුව තියෙන ඊටත් වඩා ලස්සන කොල්ලෙක්..
අහ් කිනාලයා
ම්ම් ඔව්
ඌත් ඔයා එක්කද ආවෙ..
ම් මන් ආව ෆ්ලියිට් එකේමයි අයියා
එහෙමද ..
ඔව්..අයි ල්ව් හිම්..සෝ මච්
වට්
ම්ම්
මේ මොකක්ද මේ උනෙ නපුරා ආවෙ එයා බලන්න ..මෙන්න මේ කෙල්ල වෙන කෙනෙක්ට කැමති ලූ..මොනා උනත් නපුරා පව්..මට දුකයි ඒ මූණ බලන්න ..නපුරගෙ මූණ අදුරු උනු හැටි..
ඒ ගර්ල් කියපු බෝයිත් අපි ලගට ආවා
අම්මට හරිතයා..දැක්ක කල්
කොහොමද මචන්
ඉන්නවා බම්..උඹනම් ලස්සන වෙලා
ඇයි උඹත් එහෙමනි..සුවිට් හාර්ටුත් එහෙමයි
හ්ම්ම් හරි සුවිට් හාට්..දෙන්නම කියන්නෙ ඒ නමද කොයිද..මෙයාලා අස්සට ආව මන් නිකම් අවලංගු කාසියක් වගේ
ඉතිම් ඉතිම්..මොනාද අලුත් නිව්ස්
මොන අලුත් නිවුස්ද බම්..වෙනදා වගේම තමයි ..හරි හරි යන් කොෆි එකක් බොමු
අම්මො..යන් යන්..ලන්කාවෙ කොෆි එකක් බීව කාලයක් මතක නැ..
තුන් දෙනාම කරවල් වලට අත් දාගෙන ඉස්සරහට ගියා..නපුරට මාව අමතකයි වගෙ..මමත් ආවනි නොගැලපෙන ගමනක්..මන් දැන් මෙයාලා පස්සෙන් යනවද මොකද..මගෙ බෑග් එකයි ඇදන් උන්නු ඇදුමයි..කා එකෙ..ඒක ආයෙම ගන්න ඕනි..මෙහෙම යන්න බෑනි ගෙදර ..
මමත් එයාලගෙ පස්සෙන් ගියා ..වෙන කරන්න දේකුත් නෑනි මට..
එයාලා මගෙ ඉස්සරහින් යනවා..ඒ කතාවෙන දේවල් මට ඇහෙනවා ..දුප්පත් අපිට මේ සේරම සුරන්ගනා කතා තමයි..
ඒයි මන් කෝපි ඕඩර් කරන්නම්
කිනාල් කොෆි ඕඩර් කරන්න ගියා..නපුරයි එයාගෙ සුවිට් හාර්ටුයි කතාව
හරිත අයියා මන් අම්මිලාට කියනවා කිනාල් අයියව මට ප්‍ර්පොස් කරන්න කියලා ..එයා කොච්චර ලස්සන වෙලාද..සෝ හැන්ඩ්සම්
හ්ම්ම්
මෙන්න බබී..
කිනාල් කට්ටියට කොෆි බෙදුවා..මාව අමතකයි නපුරට..මට යන්න ඕනි ගෙදර ..මේ දැන්ම
එක්ස්කියුස් මි ආදි සර්..
මේ තුන් දෙනා මැද්දට මන් ආගන්තුකයෙක් වගෙ කඩා පැන්නා..ඒත් කරන්න දෙයක් නෑ..මට ගෙදර යන්න ඕනි දැන්
අහ් ආදි ..
නපුරා මන් දිහා බලලා කතා කරපු නිසා අනිත් දෙන්නත් මන් දිහා බැලුවා..කිනාල් නම් මන් දිහා බලලා හිනා උනත් නතාශා හිනාවත් උන්නෑ
ආදී..ඈ මෙයාගෙ නමත් ආදී ද..කවුද බම් මේ ඒන්ජල්..කොයින්ද ගෙනාවෙ..අහන්නයි උන්නෙ මන්
මේ..විහගි අදීශා
තව
ආදි නතාශගෙ මූණ බැලුවා..නතාශා කිනාල් දිහා ආදරෙන් බලන් ඉන්නවා..
මෙ විහගි..ආදි..හරි ඒක..මේ උඹේ කවුද බම්..
–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *