ඔබ මගේම නම්…………………………07

මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා ..මේ තීවීල් එකට නැග්ගට ඒකට දෙන්න සල්ලිත් නෑ මට..

නපුරට කෝල් එකක් දෙන්න හිතුවත් එයා මට කරපු දේ මගෙ හිතට වාවන්නෙ නෑ..හැමෝම කියන විදියට මන් ගොඩාක් කැතයිද…අනික මගේ අහින්සකකම හැමෝම එයාලගෙ ප්‍රොයෝජනෙට ගන්නවා..ඒකයි හැම තිස්සෙම වෙන්නෙ..ඒ හැමෝම හරිම ලේසියෙන් මගෙ හිත රිද්දනවා..ඒත් ඇයි මට බැරි එයාලගෙ හිත් රිද්දන්න..

නැන්දා මගේ..නිශාදි අක්කත් මගේ නෑයො එතකොට මේ නපුරා එයා කවුද මගේ..මාව සෙල්ලමකට අරන්..ආයෙ නම් මැරුනා කීවත් මන් බලන්නෑ…

මන් නැගපු වීල් එකේ ඉන්නෙ කොල්ලෙක්…ඒ කොල්ලා සැරින් සැරෙ මන් දිහා බලනවා..අමුතු විදියට ..මන් මේ පැත්ත ගැන ඒ හැටි දන්නෙත් නෑ..කටුනායක ඉදලා කොලඹ පාරට දැම්මට පස්සෙයි ඇගෙ නාඩි වැටුනේ..

විරූපී වෙන්න ඇති..කෙනෙක්ට බලන්න ආස හිතෙන රූපයක් නැතුව ඇති ඒත් මමත් කෙල්ලෙක්…

ගෙදර ගිහින් වීල් එකට සල්ලි ගෙව්වා..නැන්දයි නිශාදි අක්කයි මට අරවා මේවා කීවත් ඒ කිසි දෙයක් අහන්න තරම් නිරවුල් මනසක් මට නෑ..රූම් එකේ දොර වහලා මන් ඇදට වැටුනා..

හිත ගොඩක් දුකින් පිරිලා..ඇයි ආදී ඔයා මට මෙහෙම කලේ..ඇයි ඔයා මාව විහිලුවට ගත්තෙ ..

ඔයා ඔයා ඔයා ඔයා මාව ..මාව පාවිච්චි කලා..ආයෙ මන් ඔයත් එක්ක කතා කරන්නෑ..කතා කරත් හිනා වෙන්නෑ..හිනා උනත් බලන් නෑ…බැලුවත්…..අනෙ පිස්සු මට..නෑ නෑ කොහෙත්ම ඔයා ඕනි නෑ.

ඔයා බොස්..මන් ඔයා යටතේ වැඩ කරන සේවිකාවක්..ඊට එහා මුකුත්ම මුකුත්ම නෑ…

ඔයාට තිබ්බා අඩු තරමෙ මට මොනාද උනේ කියලා අහන්න ..මන් ගෙදර ආවෙ කොහොමද අහන්න..නෑ නෑ..

ඔයා පෙන්නුවා ඔයාගෙ සල්ලි බලේ…

——————
වැස්සට පාරෙ කුණු අතු ගෑවිලා හේදීලා යනවා වගේ ඊලග දවසෙ මන් නැගිට්ටෙ හැම දුකක්ම තුනී කරන්..වෙනදා වගේම උදේට කන්න ඉව්වා..අප්පච්චිගෙ ඇදුම් සේදුවා..තේ හැදුවා..වැඩට යන්න ලෑස්ති වුනා…

පොඩ්ඩා සින්දුවකුත් කියන් මගේ කාමරේට ආවා..ඇවිත් ඇදේ පෙරලුනා…මන් මගේ බලු නැටි කොන්ඩෙ එක කරලට ගෙතුවා..ඊයෙ ලේයර් කැපුව නිසා අද කොන්ඩෙ කෑලි කෑලි එහේ මෙහේ පනිනවා…

චූටි අක්කො

ඇයි

ඇයි කියන්නෙ ඊයෙ කොයිද ගියෙ

කොල්ලෙක් හම්බෙන්න

අප්පට සිරි..අරූද

කවුද

අර කීකට් ආදි ..ඔයාගෙ නපුරා

එයා වෙන කෙනෙක්ට ආදරෙ

ඒකත් එහෙමද

හ්ම්ම්

ඒකද මෙයා පෝන් ඕෆ් කරන් උන්නෙ..

පෝන් ඕෆ්..නෑහ්..මේ තියෙ….න්…….

අහ් ඔව්මනි ඊයෙ චාජර් නැතිව පෝන් එක මන් ඕෆ් කලානි…..

මන් පෝන් එක චාජර් ගහලා ඔන් කලා…

අහ් ඉන්බොක්ස් පිරිලා නපුරගෙ මැසෙජ් වලින්..

මන් ඒවා කියෙව්වා..මට බැන්ලා තියෙනවා ..සොරි කියලා තියෙනවා ..ආයෙම කොහොමද යන්නෙ අහලා තියෙනවා ..මට නම් මේ නපුරව තේරෙන්නෙම නෑ අප්පා..

බැනුම් අහන්න බලාගෙනම මන් ඔෆිස් ගියා …

—=—-

යන කොටම නපුරා ඉන්නවා ඔෆිස් එකේ..ටික වෙලාවකින් නපුරා මට එන්න කීවා…

මට එන්න කීවේ

මහ මෝඩියෙක්,ගෙම්බියෙක් ඇටිකිකිලියෙක්..ඇටකිච්චියෙක් ලොකු ඔලුව තියෙන..මන් කා එක අරන් එන්න යද්දි මෙන්න මෙයා ගිහිල්ලත් ඉවරයි..කෝල් කරාට පෝන් ඕෆ්..මෝඩි

හුම්

හුම් තමයි බස්සි..මන් කොච්චර බය උනාද

ඔෆිස් එකට සේවකයෙක් අඩු වෙන හින්දා වෙන්න ඇති..ම්

මැට්ටි..

හුම් අපි මැට්ටියො තමයි ..

ආ ගන්නවා

මොනාද

බලනවකෝ

මන් ඒ බෑග් එක ඇරියා..කීම් වගයක් ඇදුම් තුනක්,පර්ෆියුම් දෙකක්..

ඔය කිරීම් ගාලා සුදු වෙනවා..ලස්සන වෙනවා

හ්ම්ම් මන් කැත හින්දා වෙන්න ඇති නේ ..

දැන් කවුද කැතයි කීවෙ

කියන්න ඕනි නෑ ඒකනි ඇත්ත

හපො වලියටමයි එන්නෙ.මේ අහනවා ඕවා දුන්නෙ කිනාල්..ඌ එද්දි ගෙනාපුවා..අන්න අරහෙ මැරෙන්න යනවා..ඒ වගේ චාම් කෙල්ලෙක් උඹට නෙමි මටයි ගැලැපෙන්නෙ කියලා

ඉතින් මට මොකො

මට මොකො නෙමි..ඕක ඌ ගානෙ..

හුම්ම්..

හරි මේ අහනවා

මොකක්ද

මැට්ටි මුලු සැලරි එකම ඇයි බෑන්ක් එකෙන් ගන්නෙ ආ

ඒ කීවෙ

ඒ කීවෙ මේක..ඇයි මේ ඔක්කොම සැලරි එක අරන් තියෙන්නේ ඉතුරු කරන්නෙ නැද්ද කීයක් වත්..තමුසෙ බැදලත් නැත්තම් ..කොල්ලෙකුත් නැත්තම් ..ඇයි ඔච්චර වියදම්

ම්..නෙමි කියනවා

මගෙ දේවල් ඔයාට වැඩක් නෑනි..එකක් මතක තියාගන්න මින් මත්තට මන් එන්නෙ නෑ ඔයාගෙ කිසිම දේකට..ඒ විතරක් නෙමි මන් ගැන හොයන්නත් එපා

හුම් හුම්..මටත් ඕනි නෑ පොලගියෙක් ගැන දැනගන්න..යනවා ඉතින්

යනවා තමයි මිස්ටර් ආදි..යනවා..

මෝඩි..නපුරි

හුම්ම්..

මන් එහෙම්ම ඒ බෑග් එකත් එතනම දාලා ආවා..ඕනි නැහැ මට කාහෙවත් ඒවා..කිසිම දෙයක්..අනුකම්පාවක් .කවුරුවත් මන් ගැන හොයන්න ඕනිත් නෑ..මන් ශෝට් ලීව් එකක් දාලා ගෙදර ආවා..

ඉන්න බෑ හිසරදේ..එහෙම්ම ඇදන් ඉන්න සාරිය විතරක් ගලෝලා හැට්ටෙයි ස්ක්‍ර්ට් එකයි පිටින් මන් නිදා ගත්තා..

නැන්දගෙ බෙරිහන් දිවිල්ලටයි මන් ඇහරුනේ..තුවාය විතරක් ඇදන් උන්නු ඇදුමට උඩින් දාගෙන මන් සාලෙට ගියා..

අහ්..මෙ..

මන් කොහොමටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්..නෑ කෙනෙක් නෙමී දෙන්නෙක්..

අයියො මමත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ආවනි..වස ලැජ්ජාව..

ආයෙම රූම් එකට ගිහින් පුන්චි වොශ් එකක් දාන් කුස්සියට ගියා..කොහොමද දෙයියනෙ මන් මූණ දෙන්නෙ

චූටි

නැන්දෙ

කවුද උන්

ම්ම්

කියනවා

අපෙ ලොකු සර් ගෙ පුතා

අනිත් එකා

එයාගෙ නෑදෑයෙක්..

ඒකත් එහෙමද

හ්ම්ම්

මොකටද උන් මෙහෙ ආවෙ

දන්නෙ නෑ

මේ අහනවා චූටි මෙහෙ තව කෙල්ලෙක් ඉන්නවා..චූටි ඕනි තැනක ගිහින් මගුල් නටා ගන්නවා..හැබැයි ආයෙම මේ ගෙදරට කොල්ලො එන්න බෑ..ලොක්කිගෙ ලමයා දැනගත්තොත් මොනා හිතයිද දන්නෙ නෑ

මොනා හිතන්නද..ඒ මගෙ බොස්..මාව බදින්න ආවෙ නෑ

හ්ම්ම් හ්ම්ම් ටික දවසක ඉදන් කට වැඩියි..මන් හොයා ගන්නම්කො

නැන්ද මන්න්තරේ වගේ මට බැන බැන ඉද්දි වත්ත පහල පැශන් ගහේ ගෙඩි වලින් හැදුව බීම දෙකකුත් අරන් මන් ඉස්සරහට ගියා..මූණ දෙන්නත් මොනාද වගේ..ඒත් ඉතිම්..

ආ සර් ගන්න

ආදි කෙසෙ වෙතත් කිනාල් නම් හරිම ලෙන්ගතුකමින් මන් දිහා බැලුවා..

තෑන්ක්ස්

සර්ලා මෙහෙ ආවෙ

ඇයි බම් මෙයා උඹට සර් සර් ගාන්නෙ

කොච්චර කිව්වත් අහන්නෑ බම්..සොර් සෝර් ගානවා..

මේවට මන් මොනා කියන්නද ඉතිම්..

නියම රස..ඔයාද හැදුවෙ

ඔව් සර්

මෙ මේ ඔයා ආදිට මොනා කිවත් මට කමක් නෑ..මට සර් කියන්න එපා..කිනාල් කියන්න

ඒත් එහෙම

කියන්න අනේ..

හුම්ම්..

ආ මැට්ටි මේක දාලා ගියානි..මැට්ටිගෙ ඇදුනුයි..බෑග් එකත් ඇති

ආහ් මේක මගෙන්

මොනාද

චොකලට් ..එද්දි ගෙනාපුවා

තෑන්ක්ස්

මේ මුගෙන් බේරිල්ලක් නෑ කෑල්ලගෙ ගෙදර යමු කියලා ඒකයි ආවෙ

නිකම්..මුගෙ බොරු ආදි..හරිතයා ගල් පැලෙන බොරු කියන්න එපා ..

හ්ම්ම් එයා ගල් පැලෙන නෙමී..ගල් වලින් ඉබෙ කැටයම් හැදෙන බොරු කියන්නෙ ..

ඉතින් ලස්සනයි ඔයාලගෙ ගේ..අර උන්නෙ ඔයාගෙ අම්මද

නෑ නැන්දා මම් පුන්චි කාලේ මගෙ අම්මා නැති වුනා..මට ඉන්නෙ තාත්තා විතරයි ..අප්පච්චි දැන් නිදි..බෙහෙත් බීලා..

හරි..මේ මචන් යමුද දැන්

ඇයි බම්..මමයි යන්න හදිස්සි කරන්න ඕනි..ඒත් මූනෙ ..හරි හරි උඹේ කෑල්ලව මන් බලනවට අකමැති නිසානි

අනෙ මන්දා මෙයාලා මොනා කියනවද කියලා

අපි යන්නම් ආදි..

හොදයි සර්

හරිත ආයෙම ගිහින් හැරිලා ආවා..

ඒ පාර මොකො

මැට්ටි මට උදව්වක් ඕනි

මොකක්ද

හෙට නතාශගෙ බර්ත් ඩේ

ඉතින් මට මොකො

මේ අහනවකො මන් කිනාලයගෙන් ඇහුවා..ඌ නතාශට කැමති නෑ..හෙට මන් කට්ටිය ඉස්සරහා ප්‍රොපෝස් කරනවා

ඉතින් මන් නෙමී නෙ නතාශා ..එයාට කියන්න

හරි හරි මෝඩි ඒකටයි හෙල්ප්

මොකක්ද

නතාශා මට එන්න කීවෙ ඔයත් එක්ක..එනවකො මා එක්ක යන්න

මට බෑ

අනේ නපුරියෙ පීස් පීස්

ඒයි හරිතයො පස්සෙ කිස් එක ගනින් දැන් යමන්..

වෙලාවට කිනාල් අඩ ගැහුවෙ..මන් නම් මැරුනා කීවත් යන්නෑ යන්නෑ යන්නෙම නෑ මයි

–තු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *