ඔබ මගේම නම්…………………………08

තැන තැන නිවි නිවි පත්තුවෙන ලයිට්,මුලු හොටෙල් එකම තොරණක් වගේ..කන් අඩි පැලෙන ඩීජේ මිසුසික්,රස නහර පිනා යන කෑම සුවද ,එක එක විච්චූරන ඇදගත්තු කෙල්ලෝ,,කොල්ලො,තමන්ගෙ වයසට නොගැලෙපෙන සුකුරුත්තම් පොරෝ ගත්තූ අය හැම තැනම..

ඒ හැමෝවම මෙතනට ගැලපෙනවා..නොගැලපෙන්නෙ මන් විතරයි ..

මන් හැම පැත්තටම ඇස් කරකෝලා බැලුවත් නපුරා නෑ පේන්න..අර ඉන්නෙ නතාශා නේද..දිග ගවුම උඩටම පලලා,තව පොඩ්ඩක් කර පහලට ගියානම් උඩ ඔක්කොම එලියෙ..කහ පාට ඇග ඈතට ලස්සනට කැපී පේනවා..මන්වත් ,මගේ ඇදුමවත්,මගේ දුප්පත් තෑග්ගවත් කොහොමටත් ගැලපෙන්නෙ නෑ…

ආපු එකේ ගොන්කම කියලා හිතෙනවා ..කොහේවත් ඉන්න නපුරෙක් වෙනුවෙන් මන් මෙහෙ ආවා..ඇත්තටම මට නම් පිස්සු කියන්නෙ හොදටම පිස්සු..

හායි

වටපිට බල බලා ඉද්දි තමයි කිනාල් එතනට ආවෙ..කෝට් එකක් එහෙම දාලා ..ලස්සනයි ඇත්තටම ..මන් කිනාල් එක්ක හිනා වුනා..මෙච්චර ආගන්තුකයෝ ගොඩක් මැද මාව අදුනු ගත්තු එක්කෙනෙක් හරි ඉන්න එකත් කොච්චර දෙයක්ද..මට ඉන්වයිට් කරපු කෙනාට නම් වගේ වගක් නෑ..පේන්නවත් නෑ අඩු තරමේ

කිනාල් මන් දිහා බලන් උන්නා

ඇයි සර්

හෝව් හෝව් මගෙ කන් ඇහුන් නෑ..මොකක්ද කීව්ව්..සෝර්

සොරි

හුම්ම්..ඇත්තටම අද ඔයා ගොඩක් ලස්සනයි

අනේ බොරු නොකියා ඉන්න ස්..කි කිනාල්

බොරුවක් නෙමී..චාම්බව කෙල්ලෙක්ට ආබරණයක් කියලා අහලා තිබ්බත් අද තමයි ඇස් දෙකෙන් දැක්කෙ..ඇත්තමයි

සුදු සල්වාර් එකට හීනි පටි තිබුනු සුදු සැන්ඩ්ල් එක දාලා කොන්ඩෙ ගොතලා උන්නේ මන්..මන් ලග තිබ්බ ඉස්තරම්ම ඇදුම

ලස්සනයි ඇත්තටම අනේ ඒත් ලේට් නේ

මොකක් මන් පාටි එකට ලේට් ද

නෑ නෑ වෙන දෙයක් කීවෙ..ඉතින් ඉතින්..කොහොමද චොකලට් කෑවද

චොකලට් වලට තෑන්ක්ස් කරන්න කියලා හදද්දිම එතනට නතාශා දුවන් ආවා..

කිනාල් අයියා ඔයා මෙතනද අනේ…එන්නකො..අරහෙ කට්ටියම බලන් ඉන්නවා..

නතාශා කිනාල්ගෙ ඇගේ එල්ලිලා එයාව ඇදන් ගියා..මාව තුට්ටුවකට වත් මායිම් කලේ නෑ..

අනේ මෝඩි මෙතන උයන් සිරි නරඹනවා..මන් මෙතන පණ දාගෙන හොයනවා..එනවා යන්න

නපුරා මාව ඇදන් කේක් කපන තැනට ගියා..

————————–
කට්ටියම කේක් එක වටේ එකතු වෙලා බලන් උන්නෙ කොයි වෙලේ කපයිද කියලා..මන් ඉන්න ගමන් ඉටිපන්දන් ගනන් කලා..ඔක්කොම විසි එකක් තියෙ..මට වඩා අවුරුද්දක් බාලයි..

සේරම ඉටිපන්දම් ලොකු හුස්මක් අරන් පිඹලා දැම්මා..

හෝව් හෝව් අසව් අසව්..ඇටෙන්ශන් ප්ලීස්..

කේක් කපන්නෙ නැතුව මෙයා මේ මොනාද කරන්න යන්නෙ

මේ අහන්න ඔක්කොමල්ලාම මට රහසක් තියෙ කියන්න ..මගෙ ඩැඩි මට අවසර දුන්නා ඊයෙ රෑ..ඉතින් ..මේක වෙරි ස්පෙශල් මුමන්ට් එකක්..ෆොර් මී..සෝ..මේකයි..ඔයාලා දන්නවා මන් ලන්කාවට ආවෙ පෙරේදා කියලා ආෆ්ටර් ටෙන් යියර්ස්..ඉතින් පොඩි කාලෙ ඉදලම අයි හෑව් ඩ්‍රීම් බෝයි..අයි නො එව්‍රි ග්‍ර්ල් හෑව් ලයික් දැට්..ඊයෙ මගෙ ඩැඩා ඇහුවා සුවිටි වට් යු වෝන්ට් කියලා ..මන් කා ඉල්ලුවෙ නෑ..ඔයාලා කවුරුත් නොහිතන දෙයක් ඉල්ලුවා ..ඩැඩි මට අවසර දුන්නා..යූ නෝ එව්‍රි ග්‍ර්‍ර්ල් ලයික් හැම කෙල්ලෙක්ගෙම ආසව කොල්ලා ඉස්සෙල්ලාම එයාට අයි ලව් යූ කියනවට..බට් මන් වෙනස්..ඇන්ඩ් අයි කාන්ට් වේට්..සෝ නව් අයි ගොයින්ටු ඩූ දැට්..

වන්,ටූ,තී

අනෙ මන්දා මේ පෝසත් කෙල්ලන්ට තියෙන පිස්සුවක් ..ආදරයක් කොල්ලෙක් කීවමයි නෙ ලස්සන ..එතකොට තමයි හිතට ගැම්මක් එන්නෙ..අනිත් එක එහෙම කීවත් කමක් නෑ..ඒත් මෙහෙම කට්ටියක් ඉස්සරහා ..අනෙ මන්දා..මගෙ පපුවත් ඩිග් ඩිග් ගානවා..නපුරාත් ඉන්නෙ බය වෙලා..කිනාල්ට නම් කිසි වැඩක් නෑ වගේ ඉන්නවා..හොදයි මේ දෙන්නගෙන් කවුද බලමු සුවිටි බේබිගෙ ලව..

හැමෝම අත්පුඩි ගහලා කෑ ගහලා චියර් කලා.

අයි

ලව්

යූ

කිනාල් අයියා..අයිලව් යූ..ඇන්ඩ් අයි වෝන්ට් යූ

මෙ මොකක්ද බොලෙ සිද්ද උනෙ..නපුරා උනෙ එයාට ප්‍ර්පෝස් කරන්න..ඒත් උනෙ..අනෙ නපුරා..පව්..එයාගෙ මූණ අනෙ මට බෑ බලන්න ඉන්න..ඒ මූණ ,එයා නපුරු කමින් මට බැන්නත් කමක් නෑ..ඒත් ඔය විදියට පරාජිතයෙක් වගෙ ඉන්නවා බලන්න මට බෑ..

එයා අතේ තිබුනු බියර් වීදුරුව එහෙම්ම පොඩි කල..මැට්ටෙක් මහා ලේ එනවදත් මන්දා
පව් දෙයියනේ ..ඇත්තටම බැලුවොත් නපුරට වඩා කිනාල් හොදයි තමයි ඒත් කිනාල්ගෙ චොයිස් එක වෙනස් එයා කැමති චාම් කෙල්ලෙක්ට..එහෙම බලද්දි .නතාශට තිබ්බා පොඩ්ඩක් ඉන්න..එහෙම උනා නම් නපුරගෙ ආදරෙ දැනගන්න ..හයියු ඉතිම් මන් ආව එකත් වැඩක් වුන් නෑ..මට මේ පාටි දිරවන්නෙ නෑ අප්පා..ගෙදර යන්න ඕනි..

ඕල් ඔෆ් යූ ඇටෙන්ශන් ප්ලීස්..නතාශට කියන්න දෙයක් තිබ්බා වගේම මටත් තියෙනවා කියන්න දෙයක් ..හැබයි මන් ඩැඩි ගෙන් අවසර ගත්තෙ නෑ..ඒඑත් දැන් කියනවා..හැමෝටම

මොනාද ඒ පාර මෙයා කරන්න යන්නෙ..මොකක් හරි පිස්සුවක් වෙන්න ඇති..

ඩැඩි,මමි, මයි ෆ්‍රෙන්ඩ්ස්,රිලේශන්ස් ඕල් ඔෆ් යූ ලිස්ට්න්..මේ ඉන්නෙ මගෙ ආදරෙ..මන් ආදරෙ මෙයාට..මයි ආදි..විහගි අදිශා..මගෙ ස්කූල් එකෙ ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක්..අයි ලව් ශී..ඩැඩි ප්ලීස් ගිව් මී ප්‍ර්මිශන් ටූ මැරි හ..

හැමෝගෙම කටවල් ඇරුනා..මේ මොන කෙන් ගෙඩියක් ද..නපුරො ඔයා මේ දැන් කරපු දේ නම් එච්චර හොද දෙයක් නෙමි..ඔයා සෙල්ලම් කරන්නෙ දුප්පත් කෙල්ලෙක් එක්ක..මන් වගෙ කෙනෙක්ට ඔහොම අපහාස කරන එකට දෙයියො දඩුවම් කරයි ඔයාට ..

හැමෝම මන් දිහා බලන් ඉන්නෙ සූ එකේ ඉන්න වදුරු පැටියෙක් ගානට..අනෙ මේ නපුරා..නපුරා නපුරා කෑවා මාව

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *