ඔබ මගේම නම්………………………..15

—15—-

මේ ගෙදර ඉන්න අය ගැන කොහොමටත් මට අමුතුවෙන් හිතන්න වෙනවා ආයෙ දෙකක් නෑ..කෑම කාලා කුසුමා නැන්දට හෙල්ප් එකක් දීලම චුට්ටක් ගෙයින් එලියට ආවා..

ගෙදර ගාඩ්න් එක මල් වත්තක් වගේ එක යායට පිපිනු පාට පාට රෝස,උඩවැඩියා,කානෙශන්,ජර්බරාස් යායක්..වෙනම මල් පිපෙන්නෙ නැති විසිතුරු ගස් යායක්..නැති පලතුරක් නැති තරම්..ඒත් මේවා කන්න වත් කෙනෙක් නැද්ද කොහිද..

මාලිගාවක් වගේ ගෙයක් උනාට මේ ගෙදර කෝ මිනිස්සු..අනේ මන්දා මොකට මෙච්චර ලොකු ගෙවල් හදා ගන්නවද කියලා …

ඉස්සරම මටත් තිබ්බා ලස්සන හීනයක්..මගේම කියලා ආදරනීය මහත්තයෙක් එක්ක පුන්චි අඩුපාඩු නැති හුරුබුහිටි ගෙයක්..ඒ ගෙදර ,මිදුල ලස්සන වෙන්නෙ මගේ අතින්..මගේ මහත්තයගෙ කෑම ටික ඉවෙන්නෙ,රෙදි ටික සේදෙන්නෙ මගේ අතින්..හැන්දෑවට පුන්චි කයියක් ගගහා මොනා හරි කකා තේ බොන්න..එයත් එක්ක ඇවිදින්න යන්න..රන්ඩු කරන්න..ඒ උනුහුමෙ රැදිලා ඉන්න හුම්ම්..අවුරුද්දකට සීමා වූනු සල්ලි වලින් ජීවිතේ මනින මිනිස්සු එක්ක මගේ හීන හීනයක්ම විතරයි …

සුදු මන්ගල සාරිය අදිද්දි හිතට දැනුනු සතුට රතු මගුල් සාරියත් එක්කම එකේ තියෙන පාටට හැන්ගිලා ගියා..

ජීවිතේ ඉස්සරහා කාලේ මට මොනා වේවිද දන්නෙ නෑ..එක දෙයක් දන්නවා..මේ සේරම තාවකාලිකයි කියලා ..දවසක ලොකු දුකක් මට දැනේවී..

ඒ නිසා මේ තාවකාලික බැදීමට මගේ හිත ඇතුලට එන්න කොහොමටත් ඉඩ දෙන්න බෑ…

අපි දෙන්නා බැදලා දැන් දවස් පහකුත් වෙන්න ඇවිත් ..එකම නිදි යහනක උන්නත්..හ්ම්ම්..වැඩිය හිතන්න ඕනි නෑ..මමත් දැනුවත්ව මේ තාවකාලික ජීවිතේ වැලද ගත්තෙ ..පුලුවන් කාලයක් නපුරා එක්ක ඉන්නවා..ලෝකෙට පේන්න ..අප්පච්චිට පේන්න ..

දවස් තුන්සිය හැටපහෙන් තව දවස් තුන් සීයයි තියෙන්නේ ..ඒකත් ගෙවිලා යාවී නොදැනීම …

නපුරා ලස්සනට ඇදලා කොහිද මන්දා ගියා..අහන්න හිතුනත් කොහිද යන්නේ කියලා එයා ඇස් කොනකින් වත් මන් දිහා නොබලපූ නිසා මමත් අහන්න ගියේ නෑ…

ඇරත් මට ඒ ගැන හොයන්න ඕනිත් නැහැ..මට ඒකට අයිතියකුත් නෑ…
..
දැන් එකොලහත් පහු වෙලා අනේ මන්දා මේ නපුරා තාමත් නැහැ..අයිතියක් නැති බව ඇත්ත ..ඒත් මේ හිත එයා ගැන වද වෙන්නෙ ඇයි..අනේ මන්දා

ලොකු සරුයි මමයි විතරයි රෑ ඩිනර් එකට උන්නෙත්..අම්මි එයාලගේ වුමන් සොසයිටි එකේ පාටි එකකට ගිහින්..නන්ගිත් ආව වෙලේ ඉදන් රූම් එකෙන් එලියට ආවෙ නෑ..කන්න කියලා පිරියක් නැති උනත් ලොකු සරුයි අප්පච්චියි කාලා ඉවර වෙනකම් මමත් එතනට වෙලා උන්නා..කොයි වෙලේ හරි එයා ආවම කමුයි කියලා මගේ හිත මට ඇන ඇනම කියනවා..ඉතින් මන් බඩගින්නෙ..කොහිවත් ඉන්න නපුරෙක් නිසා..හ්ම්ම්…

අම්මිත් ආවා..ලොකු සරුත් නිදා ගන්න ගියා..එයාලට අඩුම තරමේ එයාලගේ ලමයා පරක්කු වෙද්දි වත් ගානක් නැති හැටියි..මොනා උනත් නැන්දා බැන බැන හරි කීයට හරි අපි තුන් දෙනා එනකම් බලන් උන්නා..

මන් එලියෙ පෝටීකෝවේ ඉදගෙන උන්නු නිසා කුසුම් නැන්දයි සමන් අයියත් මන් එක්කම උන්නා..

පෝසත් මිනිස්සු ලග නැති උතුම් හදවතක් ,උනුසුමක් මට මේ අහින්සක මිනිස්සු දෙන්නා තුලින් දැනෙනවා ..

කුසුම් නැන්දා මෙහෙට ඇවිත් තියෙන්නෙ ආදි ඉපදුනු දවස් වලමලූ..ආදිට අම්මි කිරි දීලා තියෙන්නේ සති දෙකයි..සති දෙකේ ඉදන් කුසුම් නැන්දයි නැනී කෙනෙකුයි තමයි ආදීව බලාන තියෙන්නේ ..මොනා උනත් සල්ලි මිනිස්සුන්ව එයාලගෙ බැදීම් වලින් ඈත් කරනවා..ඒක මේ ගෙදර පරිසරෙ අපූරුවට කියා දෙනවා..පාඩම් උගන්නනවා..

අන්න නෝනි ආදි බේබීගෙ කාර් එක

ඈතින් සද්දෙට හෝන් ගහගෙන කා එකක් එනවා පේනවා..නපුරට දැනෙන්න තියන්න හොද නැහැ මන් ඇහරන් උන්නා කියලා..

මන් නිදා ගන්න යනවා කුසුම් නැන්දේ..

ම් එයාලා මුකුත් කියන්න කලින් මන් ඇවිල්ලා ඇදට පැන්නා..

කොට්ට බැරැක්කෙ මැද..මට ඇහෙනවා නපුරා එන අඩි සද්දෙ..

මන් තවත් හයියෙන් ඇස් පියා ගත්තා…
යූ ආර් මයි ඒන්ජල්
යු මා ඩාලින්…

ඩාර්ලින්..බම්බුව..මගෙ ගෑනි ..මගේ ආදර වයිෆරෙ නිඩි..මේමත් නිඩනවා..ශිට්..ඉස්ටි රූපේ වගෙ පොශ් කජු කිරි කෑල්ලක් හොය හොයා උන්නු මට පාන්ඩු පාට ලේ නැති හාල්මැස්සියෙක්..අඩු තරමෙ මන් එනකම් ඇහරන් ඉන්නත් බෑ..

මන් එක ඇහක් හොරෙන් ඇරලා බැලුවා..කෙලින් ඉන්න වත් බැරි තරමට බීලා මෙයා..අනේ මන්දා..මන් ඔයා එනකම් බලන් ඉන්නවට ඔයා කැමතිද නපුරෝ..

ඒ පාර නපුරා මගේ බෙඩ් ශීට් එකෙන් ඇද්දා..ඇදන් ඉන්න ගවුම ටිකක් උඩට ගිහින් වගෙ දැනුනත් බැහැනි ඇහරෙන්න මන් නිදි නෙ

හපෝ..පතෝල කරල් වගෙ කකුල්..එහ්..මේවා බලද්දි ..නෑ නෑ දකිද්දි බලන්න වත් හිතෙන්නෙ නෑ..

ඒ සැර මත්පැන් ගද දැන් දැන් මගේ නහය ගාවින් දැනෙනවා නපුරා මගේ ලග..දැන් මට ඇස් අරින්නත් විදියක් නෑ..

අහ්..ලොකු ඇස් කිඹුලි වගේ..බක්කන් නහය..ජම්බු වගේ..මස් නැති කම්මුල්,වේලිච්චි ලිප්ස්,ජිරාෆ් වගේ බෙල්ල..අනිත් ඒවා..අහ්..ඒවා නම් මෙලෝ රහක් නෑ..නෑහ්..

ඩැඩි මාව දැම්ම කරදරෙ..පොලගියෙක් එක්ක රෑ එකට ඉන්න වෙලා මගේ රූම් එකේ..මේ තාප්ප ගහලා මන් අල්ලයි කියලා..අල්ලන්න තියා හිතෙන්නෙත් නෑ..බයයි මගෙ ඇගිලි වැදිලා අතක් පයක් බෝන්චි වගේ කැඩිලා යයි කියලා..ලෑටි බඩ .කොටින්ම කීවොත් වෙසක් එකට ඇටසැකිලි නටවන්න හොදයීඉ..පොලගී…පො පො පොලගි

ට..කොට් කොට් තාම්ප..

නපුරා ඒ පාර කොට්ට ටික විසික් කරනවා..

මගෙ ගෑනි අල්ලන්න මට අවශර මො..ක්කො..පො..ලගි නිදි ….පොලොන්…පො…අද කඩනවා අ…අඩු..

අනෙ අම්මෙ මෙයාගෙ හිතෙ තියෙන දේවල්..බීවම මිනිස්සුන්ගෙ හිත්වල තියෙන දේවල් එලිවෙනවලු…මෙයාගෙ හිතේ තියෙන දේවල්

මගෙ ලගින්ම ඒ උනුසුම දැනෙනවා ..ඒත් බෑ..එයා කොල්ලෙක්..බීලා නිසයි ඔහොම..මන් මගේ ආත්ම ගරුත්වෙ බේර ගන්න ඕනි..හැගීම් දැනීම් මටත් තියෙනවා ඒත් බෑ ඉඩ දෙන්න..දැන් වහාම කියාත්මක වෙන්න ඕනී..

එයාගෙ සුසුම් වල රස්නේ මගෙ කම්මුල් වලට දැනෙනවා ..එයා මගේ මූණට උඩින් ඉන්නවා වගෙ..මට ඒක දැනෙනවා …

ඉක්මනට මොනා හරිම කරන්න වෙනවා

එදා වගේම ආයෙමත් තල්ලු කරන්න හිතන් මන් එයාව ඇල්ලුවා..ඒත් හැල හොල්මනක් නෑහ්..එයා මගෙ පපුව උඩ නිදි..

මට ලෝබයි …මේ උනුසුම..ඇත්තටම මට පලවෙනි පාරට එයා ගැන ලෝබ කමක් දැනෙනවා ..

මන් චුට්ටක් වෙලා බලන් උන්නා..නෑ කිසි හැලහොල්මනක් ..

නපුරා කීවෙ ඇත්ත ..බරයි ඔලුගෙඩියත් මට..මගෙ පපුවට දැනෙන බර ඊට්ත් වැඩී..ගොඩක් අමාරුවෙන් නපුරව මන් එහාට කලා..

පුන්චි බබෙක් වගෙ නිදන් ඉන්න ලස්සන ..කාලයක් මගේ හීනවල උන්නු කුමාරයා..අද ඒ මූන මන් ලග උනත් මට හිමි වෙලා තිබුනත් අල්ලන්න බැරි වෙලා..

සුදු මූණට යන්තමින් වැවීගෙන එන රැවුල් කොට ගේන්නෙ අපූරු ලස්සනක්..හිතෙනවා හිමින් සැරෙ ඒ මූණට හාදු දෙන්න..නෑ නෑ මේ හැමදේම තාවකාලිකයි ..මට අයිති නෑහ්..අයිති නෑ

මන් ඒ මූන දිහා ගොඩක් බලන් උන්නා..කොච්චර බලන් උන්නත් ඇති වෙන්නෙ නෑ වගේ..ආදී ඔයා මාව එදා වගේම අදත් පිස්සු වට්ටනව..ඒත් මේ හැම දෙයක්ම තාවකාලිකයි ..මට බෑ ..මගේ හිත රිද්ද ගන්න..

නපුරා සපත්තු පිටින්ම ඇදේ..මන් සපත්තු දෙකයි මේසුයි ගැලෙව්වා..

එයාගෙ ටීශර්ට් එකෙ උඩ බට්න් ඒවාත්…ම්ම්..සොරි මීට වඩා මට ඔයාට ලන් වෙන්න බෑ

අනික ඔයා බීලා ඉන්නෙ..මට බෑ..මන් කෙල්ලෙක්..මන් පරිස්සම් වෙන්න ඕනි..නැත්තම් මට හැමදාම විදවන්න වෙයි..

බිම වැටිලා තිබුනු කොට්ටයක් අරන් මන් බිමින්ම නිදා ගත්තා..නින්ද මගේ අහලක වත් නෑ..

මහ රෑ නපුරා වොශ් රූම් ගිහින් වමනෙ දැම්මා ඇහුනා..ගිහින් බලන්න හිතුනත් මන් ගියෙ නෑ

ආයෙම ඇවිත් නිදා ගන්නවා වෙනුවට එයා මාව වඩා ගත්තා..

අනේ …

මාව පරිස්සමට ඇදෙන් තියලා එයාම කොට්ට බැරැක්කෙත් තිබ්බා..මට බෙඩ් ශීට් එකත් පොරෝලා එයා නිදා ගත්තා ..

අනේ දෙයියනී..මෙහෙම කරන්න එපා මට..හූල්ලනවා මගේ හිත

එයා නිදිද බලන්න මන් නැගිට්ටා..එයා දිග අත ඉස්සරහට දාලා මාව ආයෙම ඇදට වැට්ටුවා

ගුඩ් නයිට් පොලගි..ආයෙ මන් එනකම් ඇහරන් ඉන්න එපා..

ඒ කියන්නෙ එයා දන්නවා මන් ඇහරන් උන්නා කියලා..හොදයි මන් අල්ල ගන්නම්කො කුසුම් නැන්දවයි..සමන් අයියවයි..

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *