ඔබ මගේම නම්…………………………16

16

මටත් නොදැනිම කාලය ඉගිල යනවා..ගෙවී යන කාලය සුන්දරද මිහිරිද මන් දන්නෙ නෑ..ඒත් ගොඩක් කටුක අනාගතයකට මට මූණ දෙන්න වෙන බව නම් සත්තයි …

අපි බැදලා අදට සති දෙකක්..තව දවස් තුන්සීය පනහයි..හිත ඇතුලට නුහුරු හැගුම් ඇවිත් ඔච්චම් කරනවා..ඒත් ඒ හැගීම් වලට ඉඩ දෙන්න උනොත් මට අඩන්න සිද්ද වෙවී…

අපි අතර මොන වගේ දේවල් තියෙනවඩ්ද..ඒ බැදීමේ නම මොකක්ද අනේ මන් දන්නෙ නෑ..හිතට අවන්කව ජීවත් වෙන්න බෑ..ඒනිසා මන් මෙහෙම කියන්නම් ..මන් එයාට ආදරෙත් නෑ..මන් එයාට කැමතිත් නෑ..මට එයාව ඕනී..නෑ ..නෑ..නෑ මට එයාව ඕනීත් නෑ..මේ හැමදේම තාවකාලිකයි ..සිරියහන බෙදා ගත්තා තමයි ..ඒත් ජීවිතේ බෙදා ගෙන නෑ..

එයා ගැන කියනවන..එයාගෙ නපුරුකම් එහෙම්මම්යි ..වෙලාවකට තේරුම් ගන්නම බෑ..හරියට පෝන් එකේ සිග්නල් වගේ මේ ඉන්නවා මේ නෑ..හිතුනම මට කියලා යනව..හිතුනම නොකියා යනවා..අම්මි උන්නොත් අම්මි කියන දේවල් කරනව..කනවා..අම්මි නැත්තම් අපි එක්ක වාඩි වෙලා මගෙ අතින් හැදුනු කෑම කනවා..වෙලාවකට ගිලින්න වගේ මන් දිහා බලන් ඉන්නවා ..වෙලාවකට මන් දිහා නොබලම ඉන්නවා ..එයාගෙ හිනාව මන් වෙනුවෙන් ගොඩාක් විරලයි..හැබයි අනිත් අය වෙනුවෙන් ඕනි වෙලේක දත් තිස් දෙකම එලියේ…කොල ආදී නපුරා..

ගෙදර අනිත් අය ගැන කීවොත් ලොකු සර් මට එදා වගේම ආදරෙයි ..එයාගෙම දුවට පුතාට වඩා මන් එයාට සමීපයි වගේ දැනෙනවා ..

අම්මිට ලන්වෙන්න ගත්තු හැම උත්සහයක්ම අසාර්ථකයි ..කොටින්ම කීවොත් එයාට මාව දිරවන්නෙ නෑ…මට එයාව කොහොමටත් දිරවන්නෙ නෑ..වුමන් සොසයිටි කියලා රැයක් දවාලක් නැතුව අරහෙ මෙහේ ඇවිද්දට එයා දුප්පත් මිනිස්සුන්ව හෙළා දකින විදිය ….ගෑනියෙක්ට මෙච්චර දුස්ට වෙන්න පුලුවන් කියලා මන් ඉගෙන ගත්තෙ එයාගෙන් …

නන්ගිව මේ සති දෙකට ඇහට දැක්කෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්ද මන්දා ..ස්කූල් ගිහින් ආව වෙලේ ඉදන් එයා එක්කො රූම් එකේ..එක්කො නයිට් ක්ලබ්…

ආදීට වත් එයාගෙ නන්ගිව හදා ගන්න උවමනාවක් නෑද කොයිද..ඒත් ඉතින් හැම රෑකම එයා එන්නෙත් හොද සිහියෙන් නෙමී නේ..

මේ ගෙදර මට ආදරෙ අර අහින්සක මිනිස්සු දෙන්නා විතරයි ..

මේ ඕනී දෙයක් ඕනී විදියකට වෙන්න කියලා මන් මගේ ජීවීතේ හදා ගන්න ඕනී..අනාගතේ ගැන හිතන්න ඕනි.
මේ ලැබෙන සැප තාවකාලිකයි ..මන් ඒ යතාර්ථයට මූණ දෙන්න ඕනී ..

————-

ඕනී මගුලක් වෙද්දෙන් කියලා මන් ඔෆිස් යන්න ඇදගත්තා …මගේ සාරී ජැකට් එක චුට්ටක් හිරයි හිරයි වගේ …හොදටම ෆිට්..පිටිපස්සෙන් සාරි පොට රදවන්න කටුව ගහන්න අත උස්ස ගන්න බෑ…අයියො මන් කාගෙන්ද උදව් ඉල්ලන්නේ…

මන් කටුවත් එක්ක අරගල කර කර ඉද්දිම තමයි ආදිත් වොශ් රූම් එකේ ඉදන් එලියට ආවෙ..

මෙයාගෙන් උදව් ඉල්ලනවද..මොකද..

මොකො උදේ පාන්දර ඩාන්ස් එකක්ද..

හුම්

කොහිද යන්න හදන්නෙ

ඔෆිස්

ඔෆිස්..කවුද කීවෙ ඔෆිස් යන්න

ඔයාගෙ ඇග්‍රිමන්ට් එක සයින් කරද්දි මන් ඔයාට කීවා

කීවා තමයි ඒත්..හුම් හුම්..මේ අහනවා මන් බොස් උනැයි කියලා තමුසෙ මගෙ වයිෆ් උනැයි කියලා මගෙ තැන තමුසෙට දෙන්න බෑ

මන් දැන් තැනක් ඉල්ලුවද..මට මගෙ පෝස්ට් එක ඉහ්හටත් උඩින්..

හරි හරි..ඕනි මගුලක්

හ්ම්ම්.

මන් ආයෙමත් කටුව ගහ ගන්න උත්සාහ කලා..එයාට පිටුපාලා මන් ඉන්නෙ..ඒත් මට එයාව පේනවා

කෝ දෙනවා කට්ට

එයාම මගෙන් කටුව උදුර ගත්තා..නපුරු කමට එයාම අනියිද දන්නෙ නෑ..මට දෙයියන්ගෙම පිහිටයි .

හරිම පරිස්සමට එයා කටුව ගැහුවා.ඒ අත් මගේ පිටේ වදිනවා..මට කිති

මොකො ආ..ඇබරෙන්නෙ

කුචි

ආහ් එහෙම ඒවත් තියෙනවද කෝ බලමූ

එයා මගෙ ඉනත් කිහිලිත් අල්ලල්ලා කුචි කැව්වා..අහ් මට ඉන්න බෑ..බෑ බෑ අයියෝ

අයියො ඉන්න දෙන්නකො

බෑ ඉන්න දෙන්නෙ නෑ.ඔහොම හිනා වෙනවා..

එයා දිගටම කුචි කැව්වා..එයාගෙන් බේරෙන්න මමත් නපුරව කුචි කැව්වා…

ඒයි ඒයි..හි..හි..මෝඩි

බලන් යද්දි මෙයාටනි මට වඩා කුචි…

අපි එහෙම්ම ඇදට වැටුනා.ඇදේ දෙපැත්තට හැරිලා අපි දෙන්නා බඩ අල්ලන් හිනා වුනා..හම්මො දැන්නම් ඇති

මන් එයාගෙ පැත්තට හැරුනා..හිනාව විරල උනත් අව්‍යාජව හිනා වෙද්දී කොච්චර ලස්සනද ..

එයා මගේ කම්මුල් දෙකට ඇගිලි වලින් ඇන්නා

මොකො

වලවල් දෙකයි..වල් ආදී..

එයා මේ කියන්නෙ හිනාවෙද්දි වලගැහෙන මගේ කම්මුල් ගැන..

කෝ කට අරිනවා

ඇයි..

දත් මැදලද බලන්න

කවුද දන්නෙ නෑ දත් මැදලා නැත්තේ

කට වහන් අරිනවකෝ

කට වහන් කොහොමද අරින්නෙ..මට බෑ

මන් දන්නවා අරින විදිය

එයා ආයෙම මාව කිචි කැව්වා..

ඔය තියෙන්නේ

හම්මො ඩ්‍රැකියුලා වගේ

ඇයි

මේ නල දත්

මගෙ කටේ නල දත් දෙකක් තියේ..එයා හරි ඩ්‍රැකියුලා වගේ තමයි …

එයා මන් දිහා හරියට බලන්නෙ අදද..එහෙමත් නැත්තම් මගේ ඇගේ අඩුපාඩු හොයනවද

නල්ලෙ දකුනු පැත්තෙ එක උපන් ලපයයි..තොලෙ එකයි..නිකට එකෙයි..බෙල්ලෙ එකයි..පිටේ මැද එකයි..තව දනහිසට උඩින් අගල් දෙකක් තව එකයි

මොනා ..කොහොමද ඒක දැක්කෙ කියනවා

කොහොම හරි

බෑ බෑ මට දැනගන්න ඕනී

කොහොම හරි කිවනි

බෑ බෑ ඕනිමයි දැනගන්න

මන් මන් දැක්කා එදා රෑ

හෑ කොදා රෑද

කියන්නෙම නැහ්

මොකක්..කියනවා කියනවා කියනවා

මන් නපුරගෙ කන් දෙක මිරිකුවා

ඌයි ඌයි..යක්ශනී…

අද මන් ආදී එක්කමයි ඔෆිස් ආවෙ

මාව දැකලා මනෝජිගෙයි කන්චුක ගෙයි ඇස් උඩ ගියා..කවුරුත් හිතන්න වත් නැතුව ඇති මන් ආයෙම එයි කියලා..හරියට බැලුවොත් මම් මේ වගේ අයිතිකාරි

ගුඩ් මෝනින් දෙන්නටම..මොකො පුදුමෙන් බලන් ඉන්නෙ

ගුඩ්මෝනින් විහගි..නෑ සොරි විහගි මැඩම්

මොකො මේ කවදාවත් නැතුව මැඩම් කෑල්ලක්

ඔයා..නෑ මැඩම් නේ මේකේ

හයියො හයියෝ..මම් ආදිගෙ වයිෆ් තමයි හැබැයි ඔෆිස් එකේදි ඒ නෑදෑකම් නෑ..එයා බොස්..මන් සේවකයෙක් ..ඔයාලා මන් එක සමානයි

ඒත්

ඒත් මේත් මුකුත් නෑ..මන් ඉස්සර වගේමයි ප්‍රණ විහගිමයි

නැ ඒත්

හ්හරි හරි පස්සෙ කතා කරමූ..කෝ මේ වීක්ස් දෙකේ එකවුන්ට් සෙක්ශන් එකේ ඩොකියුමන්ට් ටික අරන් එන්න..

හ්ම්ම්..හරි

ඔෆිස් එකේ තැන තැන කසු කුසු..මන් ඔෆිස් ආව එක එයාලට පුදුමයක් වෙන්න ඇති..මේ හැම දෙයක්ම මට තාවකාලිකව ලැබුනු දේවල් කියලා කොහොම නම් කියන්නද

වැඩ ගොඩයි..ඉතින් උදේ වරුවම මන් ඒ වෙනුවෙන් ගත කලා..තව දවස් තුනකින් සැලරි..ඉතින් ඒවා ටික හරියට හදන්න ඕනී…

විහගි ..

කන්චුක බත් එකත් අරන් මන් ලග

කන්චු

යන් කන්න

ම්

සොරි පරණ පුරුද්දට අඩ ගැහුවෙ..

නෑ ඉන්න..මාත් එන්නම්

මමත් හෑන්ඩ් බෑග් එකෙන් බත් එක ගත්තා..එතකොට තමයි මතක් උනේ උදේ මන් නපුරරත් බත් එකක් දාගත්තා කියලා..පව් එයත් බඩගින්නෙ ඇති..

ස්ටාෆ් රූම් එකටම ඇවිත් මන් ආයෙම එයාට ගෙනාපු බත් එකත් අරන් ඔෆිස් රූම් එකට ආවා

ඔයා ගොඩක් ලස්සන වෙලා සුවිටි..වාව් කොන්ඩෙ..නියමයි කර්ලි කරලා..කියනවකො කොහොමද ඔහොම බොඩි එක මේන්ටෙන් කරන්නෙ

නතින් බබී..

බබී..නල්ල මලේ බබී..මගේ දෙයක් මගෙ ඉස්සරහම නැතිවෙනවා වගේ දැනෙනවා ..සුවිටි..හොද සුවිටි..කූඹී වැහුවොත් ඉවරයි..මොන මගුලකට ආවද මන්දා..මෙයත් මෙන්න දාගෙන නලෝනවා..

සුවිටි ඉතින්..

අයියො මෝඩ හරිත අයියෙ..දැන් මාව නලෝලා හරියන්නෙ නෑ..ඔයාට ඉන්නෙ..

කවුද අර හාල්මැස්සිද

ඔව ඔව් එයාතමයි

අපෝ හාල්මැස්සිට විහිලු කරන්න බයයි..ඕන වෙලේක කල්පනා ලොව මල් වනේ..බුම්මන් ඉන්නෙ..අනික මට බයයි..මටම යට වෙලා කෙල්ල මැරෙයි කියලා

හෝ හෝ ඉතින් ඉතින්

ඇටකෝට්ටි..කොයි වෙලේ හරි එක්කන් ගිහින් විටමින් එකක් ගහලා සමපෝශ ගුලි සීයක් විතර කවලා හුලන් ගහන්න ඕනී..ඇවිදිද්දි කෙල්ලො කොච්චර හැඩද…හාල්මැස්සිගෙ මෙලෝ ලස්සනකුත් නෑ හැඩකුත් නෑ..ලෑටි බඩ..ලෑටි…ලෑටි..බලු නැටි කොන්ඩෙ..ලේ නැති මූණ

අහ් මරු වර්නනාව

දෙයියනේ මන් එචචර කැතද..එයා මට අකමැති ඒ නිසාද ..

දැන් ආයෙමත් යනවද නැද්ද ඇතුලට ..ඒත් එයා උදේ කෑවෙත් ටිකයි..පව් බඩගින්නෙ ඇත්තේ

සර් මේ අයි කමින්

අහ්..ආදි කම්..

මන් කැමති නෑ ආදිව නතාශා එක්ක දකින්න..ඒත් හුම්

ආදි..මේ කෑම එක

මන් එයාගෙ කෑම පාරසලෙ එයාට දික්කලා..නතාශා මන් එක්ක නිකම් වත් හිනා වුන්නෑ..හැටි විතරක් ඇදන් ඉන්න එක..මෙයත් ඉතින් පැනි හල හල බලන් ඉන්නවා..පාත් උනොත් ඔක්කොම එලියෙ..මෙයාටත් ඕනි සබ්බ සකලමනාවම එලියට දාන් ඉන්න රත්තරන් පාට කෙනෙක් නෙ..මන් ඉතින් පාන්ඩු පාට නේ

හරිත බබි..යන්කො එලියට ලන්ච් ගන්න..මන් ආවෙ ඔය්‍යාව එක්කන් යන්නමයි..බබි

මගෙ මිනිහව වෙන උඩැක්කියක් හුරතල් කරනවා..අත්සනක් විතරක් තමයි ..ඒත් ඒත් මේ පපුව හිර වෙනවා..අනේ ආදි යන්න නම් එපා මේ උඩැක්කිය එක්ක ප්ලීස්

හරි බබි යන්..

මන් යනවා ආදි..එන්න හවස් වෙයි..ඔයා වීල් එකකින් ගෙදර යන්න..ඕකෙ

කිසිම හිතක් නැතුව මාව දාලා ගිය අපූරුව..හුම් ඔයා ඔප්පු කලා ආදි අපි අතර තියෙන බැදීම..නතාශට තියෙන තැන මට නෑනි නේද..හුම්..මන් කවුද..අවුරුද්දකට සීමා වෙච්චි කෙනෙක්..නතාශා එහෙමද ..අනික මන් ලේ නැති මෙලෝ හැඩක් නැති හාල්මැස්සියෙක් ..බලු නැට්ටක් තියෙන..හුම්

උදේ කොච්චර සතුටින් උන්නද මන්..මගෙ හිත රැවටුනා..ඔව් මේ හැමදේම තාවකාලිකයි ..මට ඔයා අයිති නෑ…ඔයා කුමාරයෙක් අහසෙ ඉන්න..හුම්..මටත් එපා..ඕනිත් නෑ..ඉක්මනට මේ අවුරුද්ද ගෙවිලා මට මගේ පාඩුවෙ ඉන්න ලැබෙනවනම්..හ්ම්ම්..

ඒත් ආදි හුම්ම්..මන් එක දෙයක් කරනවා..එකම එක දෙයක්..ඒ මන් වෙනුවෙන්..මන් වෙනුවෙන්මයි….

මන් තීරණයක් ගත්තා..දැන් තියෙන්නේ ඒක කරන්නයි..ඔයාට රිදෙයි ආදි..දවසක ඔයා පසු තැවෙයි..

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *