ඔබ මගේම නම්………………………..17

හැමදාම විදවන්න බෑ..හිතෙන් අයිතියක් නෑ තමයි ..ඒත් රිදෙනවා මේ හිත ගොඩක්..ගොඩාක්..

මේ තීරනෙ ගැන ඔයා පසුතැවෙයි..හ්ම්ම් සමහර විට එහෙම වෙන එකකුත් නෑ..

තව දුරටත් ඔයා මන් වගේ කැත කෙනෙක් එක්ක කොහොමටත් ඉන්න ඕනි අනෙ..ඔයාගෙ වර්න්නාවෙ හැටියට මගෙ ලග ලස්සන කියන නාමයක් වත් නෑ..

ඕනි නෑ..මට ඔයා නිසා වෙනස් වෙන්න..මේ මන් උපන්න හැටි..මට බෑ මේකප් උලාගෙන ජීවත් වෙන්න..

ඔයාට නතාශා ගැන තියෙන්නේ ආශාවක්..එයාගෙ රූපේ නැති දාට ඔයාට එයා එපා වෙයි..අනික ආදරෙ කියන්නෙ රූපය,ලස්සන ,උස් මිටිකම් ,වයස,ජාතිය තරාතිරම නෙමියි..දෙන්නෙක් අතර තියෙන බැදියාව,අවබෝධය ,විස්වාසය ..

ඔයාට මාව එපා නම් මටත් තත්පරේකට වත් ඔයා එපා..කොහොමටත් ..ඔයාගෙ සතුට තියෙන්නේ නතාශගෙ රූපෙ ලග නම්..ඔයා එතන රැදෙන්න..කමක් නෑ

වෙන කෙල්ලො වගෙ හොටු පෙරන් ඔයාගෙ මත්තෙම නැහි නැහි හැපි හැපි ඉන්නෙ නෑ මන්..

කොහොමටත් අවුරුද්දක් යද්දී ඔයා මගෙන් අයින් වෙනවනි..ඒ නිසා මන් අද ඒ තීරනෙ ගන්නවා..


කන්න තරම් පිරියක් නැති නිසා කෑම එක කට්ටියට කන්න කියලා මන් බඩගින්නෙ උන්නා..

හ්ම්ම්..එයාට ..මට මේ මොනාද වෙලා තියෙන්නේ ..ඇයි මන් එයා ගැනම හිත හිතා ඉන්නෙ…

තවත් බෑ වැඩ කරන්න ..මන් යනවා…තාවකාලිකව හරි මන් බොස්ගෙ වයිෆ්..ඉතින් කාටවත්ම කියන්න කියලා නීතීයක් නෑනි…මන් යනවා..

ඔෆිස් එකේ ලීව් බුක් එකේ සයින් එකක් දාලා මන් එලියට බැස්සා …

දැන් කොහෙටද මන් යන්නෙ …ගෙදර ..බෑ අප්පච්චි බය වෙයි..වෙන කොහිද ..හ්ම්ම්..මන් යනවා නැන්දගෙ ගෙදර ..අපේ මහ ගෙදර ..

මාර අවුවක් තියෙන්නේ .ශිට් මන් කුඩේ අරන් ඇවිල්ලත් නෑ..ගිනි අව්වෙ ඇවිදිනවා කියන්නෙ මරන්න ගෙනියනවා වගේ..

උදේට කෑවෙත් නැති නිසා අමාරුයි ටිකක් …එක්කො මොනා හරි බීලාම යනවා…

මන් කොෆි ශොප් එකට ගියා….

බොන්න නෙස්කැෆේ ඕඩර් කරලා ටිකක් වටපිට බැලුවා …

ම්..මෙහ

් හායි

හුම් හායි

ඉතින් ඉතින්

ඉතින් කිතුල්

නෙස්කැෆේද බොන්නෙ

ඔව්

හරි ඉන්න මාත් අරන් එන්නම්

ඕකේ

අහම්බෙන් උනත් හම්බුනේ කිනාල්ව..ඉතින් කතා නොකර බෑනි

මන් අයිනෙම නිස්කලන්කව ඉන්න පුලුවන් ටේබල් එකෙන් ඉද ගත්තා ..කිනාලුත් එයාගෙ නෙස්කැෆේ එක අරන් එතනට ආවා..

ඉතින් මැඩම් කොහිද මේ යන්නෙ

ගෙදර

ගෙදර කීවෙ ..දැන් ගෙදර නෙවේද උන්නෙ

නෑහ් ඔෆිස් එකේ

ආ අද ඔෆිස් එක බලන්න ආවද..දැන් ඉතින් ලේසි නෑ නේද..බොස්ගෙ වයිෆ් නේ

මන් එහෙම හිතන් ආවෙ නෑ පරණ පුරුදු රස්සාවට ආවෙ..

ඒ කිවෙ

ජොබ් එකට

අහ්..ඒත්..ඇයි

ජොබ් එකට නැදෑකම් අදාල නෑනි

ඔව්..ඒත්

ඒත් නෑ ආවෙ වැඩට ඒත් ඔලුව කැක්කුමයි..ගෙදර යනවා

පයින්

නෑ බස් එකෙන්

ඇයි කෝ හරිතයා

එයා …

මන් මෙයාට කියනවද කා එක්කද ගියෙ කියලා..ඒත් කිනාල් ආදිගෙ නෑදෑයෙක් උනත් එයා පිට මනුස්සයෙක් ..අවුරුද්දක් හරි දවසක් හරි අපෙ බැදීම් ගැන කවුරුත් දැනගන්න ඕනි නෑ..ලොකු සර් ඇරෙන්න ..

ඉතින් ආදීව ඇහුවා විතරයි මනො ගැහුවා..ඒ තරමට ලව් ද ආ

ලව් ..ලව් නෙමි මල ඉලව්..
කට කොනකට හිනාවක් විතරක් කිනාල්ට දීලා වචන ටික මන් මගෙ හිතේම තියාගත්තා…

කො ආදි ඉතින්

මන් ඈත පාර බලන් නෙස්කැෆේ එක බීවා මිසක් එයාට උත්තර දෙන්න ගියෙ නෑ..

කොහොමද කියන්නෙ මගෙ මිනිහා මන් ඉස්සරහාම වෙන ගෑනියෙක් එක්ක ගියා කියලා..ඇරත් කිනාල් හිතාවි මන් මහා පටු විදියට හිතන්නෙ කියලා..

හරිතයා කෝ අනේ

මන් උත්තරයක් දෙන්න කලින්ම එයාට කෝල් එකක් ආවා..මන් උන්නෙ ගොඩාක් ලොකු කල්පනාවක නිසා එයාගෙ පෝන් කෝල් එක ඇහුනත් මගෙ හිතට දැනුන්නෑ..සැරින් සැරෙ එයා මන් දිහා බල බල කතා කරන බව නම් දැක්කා

අනෙ අනෙ මේකයි මෙයාගෙ ඔලුව කැක්කුම

මොකක්ද

හරිතයා

මට ඕන් නැති හරිතයෙක් නෑ

ඔව් ඔව් ඕනි නෑ කියලා මූනෙන්ම පේනවා..

හ්ම්ම්

දැන් කතා කලෙ කවුද දන්නවද

නෑ..

සුවිටි..

ඉතින්

ඉතින් කියන්නෙ එයාලා එක්ක ලන්ච් ගන්න යන්න එන්නලු මට

හ්ම්ම්..

ඔයා ඔරොවන් ඉන්න හේතුව මන් දන්නවා..ආදි කොහිද කියලා ඔයා කියැන්නැති හේතුවත් දන්නවා..

හරිතයයි නතාශයි පීට්සා හට් එකේ..එන්නලු මටත්..

හ්ම්ම්..යන්න ඉතින්

මන් ආස නෑ..

හුම්..

ඔයා නෙස්කැෆේ එක බීලා ඉවරද

ඔව්

හරි මටත් එපා

එහෙනම් ගත්තෙ

මම් ඔයාව දැකලයි ආවේ..දැනටමත් මන් නෙස්කැෆේ තුනක් බීලා ඉන්නෙ..ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න ආවෙ.
යද්දී ඔයාව දැක්කා
හ්ම්ම්

හ්ම්ම් කියන්න එපා ඔයා බස්සියෙක්ද

ඔව්

නපුරු බස්සියෙක්

වෙන්න ඇති

හා හා..එන්න මන් ගිහින් දාන්නම්

එපා මන් බස් එකේ යන්නම්

අනෙ මේ..

මන් යන්නම්

යන් යන් මෝඩි..හරියට බැලුවොත් ඔයා මගෙ නන්ගි..ඔන්න අයියා අඩගහනවා කියලා එන්නකො

දැන් ඉතින් කොහොමද මන් මේ ආරාදනේ නොපිලිගන්නෙ

හ්ම්ම්

ඔන්න හරි යන්

කිනාල්ගෙ තියෙන මනුස්සකම ආදි ගාව තිබ්බ නම්..හුම්..

එයාම කා එකෙ ඩෝ එක ඇරලා මට එන්න කීවා…

අපි ටිකක් දුර ඉස්සරහට ආවා

කොහිද මේ යන්නෙ

කිනාල් කා එක දැම්මෙ ගෙවල් පාරට නෙමී

කොහිද යන්නෙ මේ

බීච්..

බීච් මොකටද

යන්කෝ

අනේ මන්දා..

කිනාල් මාව එක්කම් ගියෙ බීච් එකට..ඒත් ඇයි මේ..

යන්කො

අපි දෙන්නා මුහුද පේන හරියට ගියා..හිත තැන්පත් කරන් ඉන්න අපූරු තැනක් මුහුද ..පෙම්වතුන් හමුවන ආදරෙ කරන තැනක්..ඒත් කිනාල් ඇයි මාව මෙහෙ එක්කරන් ආවෙ

ඔයා මෙතනින් ඉදගන්න මන් අයිස්ක්‍රීම් අරන් එන්නම්

මාව එක්කන් ඇවිල්ලා අයිස්ක්‍රීම් කවනවා..පිස්සු මෙයාට ..

තෑන්ක්ස්..

හරි ඕක කාලා කියන්න

මොනාද

හිතේ තියෙන දේවල්

ඒ මොනාද

මන් නෙමි ඔයානි දන්නෙ ඔයාගෙ හිතේ තියෙන දේවල් ඉතින් කියන්න

මගෙ හිතෙ මුකුත් නෑ

මුකුත්ම

ඔව්

බොරු

බොරු නෙමි..ඇත්ත

දෙයක් කියන්නද

හ්ම්ම්

හරි ඒක කියන්න කලින් මන් මේක අහන්නම්කො

මොකක්ද

කෙලින්ම කාරනේට බහිමු..ඔයා හරිතට ආදරේද

මේ මොන ප්‍ර්ශ්නයක් ද..එයා මගෙ හස්බන්ඩ් නෙ..ආදරෙ නැතුව කොහොමද

අහන්න ..ඔයා හන්ගන හැමදේම මන් දන්නවා

මොකක්ද

ඔයාගෙයි හරිතගෙයි මැරීජ් ලයිෆ් එක ගැන

මොකක්

මොකක් නෙමි

මෙයා කොහොමද මේවා දන්නෙ අනිත් එක මේවා කියන්නෙ විහිලුවට වෙන්න ඇති

ඔයා සතුටින්ද ඉන්නෙ

ඔව්

බොරු

නෑ

හරිත ඔයාට ආදරෙයි ද

හ්ම්ම්

හ්ම්ම්ම් කීවෙ

ඔව්

ශුවර්ද

දන්නෙ නෑ..

හ්ම්ම්..

මේ අහන්න ආදී..මන් ඔයාලගෙ හැමදේම දන්නවා..ඔයා බැන්ද හැටි..මේ දවස් දාහතර ගෙවුනු හැටි ඒ හැමදේම..මේ ටිකේම හරිතයා බීලා කීවෙ ඒවා

මොකක්

ඔව්..ඌ බීලා කියෙව්වා..ඔයාලගෙ ඇග්‍රිමන්ට් එක..එතකොට ඌ ආදරෙ නතාශට ..නෑ නතාශගෙ රූපෙට .ඔයා වර්ජින්..ඔයාලගෙ බැදීම අත්සනක් විතරයි..හරිම පරිස්සමට මන් මේ දේවල් අහන් හිටියෙ..ඌ පිස්සෙක්..ඔයාට ඌ කල දේ කොහෙත්ම කොහෙත්ම හොද නෑ..

මන් දැන් මේවාට ඔව් කියන්නද ..

ඒත් දෙයක් කියන්නම්..මන් ඔයාව දැක්ක පලවෙනි දවසෙමයි ඔයාගෙ චාම් කමට කැමති උනෙ..ඒත් හරිතයා ඔයාව මැරි කරනවා කියපු නිසා මන් එතනම ඒ අදහස වල දැම්මා..බැදලා පස්වෙ

ඒ කීවෙ

ඔයාගෙ ගතිගුන ඌව තැන් දෙකක අතරමන් කරලා..ඌ හැදුනෙ හරි සන්කර විදියට ..ඌ පුන්චි කාලෙ ඉදන් දැක්කෙ උගෙ අම්මා ලස්සනට ඉන්නවා..පොශ් එකට..ඉතින් ඒ රූපෙ තියෙන කෙල්ලෙක්ව ඌ හෙව්වෙ..නතාශා ඒ විදියමයි..ආන්ටි වගේමයි ගතිගුනත්..ඒත් ඇත්තටම කීවොත් ඌ හිතන් ඉන්නෙ ඌ කරන්නෙ නතාශට ආදරයක් කියලා..නමුත් එතන තියෙන්නෙ ඌ උගෙ අම්මගෙ රූපෙ නතාශා තුලින් දකිනවා..ඌට ඕනි හොද පොශ් ලස්සන කෙල්ලෙක්..

ඉතින්

ඉතින් ඔහොම ඉද්දි ඌට ඔයාව බදින්න වෙනවා අන්කල්ගෙ බලේට..අකමැත්තෙන් උනත්..ඌ පාර්තනා කරන රූපෙ ඔයා ලග නෑ..ඒත් ඌ ඔයා තුලින් උගෙ අම්මගෙනුත් නොදැක්ක ගෑනුකම දකිනවා..ඌ ඒ ගෑනුකමට ආදරෙයි .ඒත් ඔයා ලග ඌ හිතපු රූපෙ නැති නිසා ඌ දෙලොවක් අතර ඉන්නෙ..

හ්ම්ම්

මන් කීවා ඇයි මෙහෙම කලෙ අර අසරනීට කියලා ..ප්ස්සෙ කීවා ඔයත් මේකට කැමතියි කියලා..

හ්ම්ම්

ඒත් අද මට දැනුනා දෙයක්

මොකක්ද

නතාශයි හරිතයි ගැන කියද්දි ඔයාගෙ ඇස් ඉරිසියාවෙන් බර වෙනවා..ඔයාට ඔලුව කැක්කුමත් ඒකයි..ඇත්තටම කීවොත් ඔයා එයාට ආදරෙයි

ම් නෑ..කවදාවත් නෑ

බොරු කියන්න එපා ආදි..ඇයි එහෙනම් ඔයාගෙ ඇස්වල කදුලු..ඇයි හරිතයා අර විදියට බොන්න්‍

මන් දන්නෙ නෑ

මේ අහන්න .ඔයා හරිතයට ආදරෙයි..ඌ ඔයාගෙ ගෑනුකමට ආදරෙයි..පිරිමි ඉක්මනට ලස්සනට වහ වැටෙනවා..අනික ඕනිම පිරිමියෙක්ගෙ හිතෙ ඇදෙන්නෙ එයාගෙ අම්මා වගෙ කෙල්ලෙක්..ඉතින් ඌ පිස්සා දැනට ලස්සනට රැවටිලා ඉන්නෙ..ඒත් දවසක ඌ ඔයාට ආදරෙ කරයි

නෑ ඒක කවදාවත් වෙන්නෙ නෑ..එයා මට කැමති නෑ..මන් කැතයි

කවුද කීවෙ කැතයි කියලා ..කෙල්ලෙක් ගාව තියෙන හැම ලස්සන්කම ඔයා ගාව තියෙනවා ඒත් ඔයා ඒ හැමදේම හන්ගන් ඉන්නෙ..

මොකක්

මුකුත් නොතේරුනා වගේ ඉන්නෙ මෝඩී..මේ අහනවා අපි වෙනස් වෙමු..

ඒ කීවෙ

වෙනස් වෙමු..හැමදේම වෙනස් කරමු

වෙනස් කරමු

කැමතිද

ඔව්

ආදිව ඕනිද

හ්ම්ම්

හරි …අපි වෙනස් වෙමූ..

ඔයා උදව් කරනවද

ඔව්

හරි එහෙනම් අපි අද ඉදන් ගේම පටන් ගමූ…

දන්නෙ නෑ මට නපුරා හිමි ව්වෙද කියලා ..ඒත් පුන්චි උත්සහයක් ගන්නවා…ආදි නපුරා මන් වෙනස් වෙන්නම් ඔයා වෙනුවෙන් ..

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *