ඔබ මගේම නම්…………………………19

19

ආදි මොකද නතාශා එක්කම මේ උදේ ආවේ..හුම් රිදෙනවා මේ හිත..ගොඩක්..පිච්චෙනවා..ඔයා වෙන කෙනෙක් එක්ක ඉද්දි ..දුර ඉදන් බලද්දි ඔයයි නතාශයි හොදටම මැච් වෙනවා..එහෙම බලද්දි මන් නව දැලි හේනෙ වැදිරි වගේ….

ආදි මොකො උනෙ මමීට..

හරිත මාව උරහිසෙන් හොල්ල හොල්ල ඇහුවා..මන් වෙනුවට එතනට ආව ඩොක්ට කෙනෙක් එයාලට උත්තර දුන්නා…

හැම දෙයක්ම හරිම පරිස්සමට අහන් උන්නු හරිත මන් දිහා බැලුවා

ඔයාට ගොඩක් පින් ගොඩක් පින්..මගේ ආදි..ගොඩක් පින්

මට ඒ ඇහුනු වචනය හීනෙන් ඇහුනු එකක් වගේ…මගේ ආදි…

මොකක්ද හරිත අයියා ..මේ තර්ඩ් ක්ලාස් හොස්පිට්ල් එකක චූටි නැන්දිව ගෙනල්ලා තියෙන්නේ ..ඉක්මනට ඩිස්චාර්ජ් කරන් යමු අප්පා..ශිකෙ..මෙතන හිටන් ඉන්නත් ලැජ්ජයි

හුම්ම්..එයාලගෙ තත්වෙට නොගැලපෙනවා ඇති ඒත් ඒ වෙලාවෙ හැටියට ලගම තැනට එක්කන් එන ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

හ්ම්ම්..ආදි ඔයා එහෙම හිතනවනම් අපි අම්මා එක්කන් යන්..ඒත් තවම එයා අයි සී යූ එකෙ..සිහිය එනකම් ටිකක් ඉමු…

නෑ නෑ..සුදු මැනිකෙව කොහිවත් ගෙනියන්න ඕනි නෑ..මෙහෙ හොදයි වෙලාවෙ හැටියට විහගි දූ කරලා තියෙන්නේ හොදම දේ..දුවෙ මන් දූට නයගැතියි…

එහෙම කියන්න එපා සර් මමත් දැන් ඔයාලගෙ ආදිගෙ අම්මා මගෙත් අම්මා…

අනේ හරිත අයියා මන් යනවා..මෙතන ඉන්න බෑ…දවල්ට අපේ මමීලා එක්ක පුලුවන් උනොත් එන්නම්…කිනාල් අයියා එනවද යන්න…

ඔයා යන්න මන් ඉන්නවා

නතාශට එතන ඉන්න බෑ කියලා යන්න ගියා…

දැන්වත් හරි දේ තෝරගනින් …හරිතයෝ…

හ්ම්ම්ම්

ඊයෙ රෑ කොහිද උන්නෙ…

නතාශලාගෙ යාලුවෙක්ගෙ පාටි එකක ..එහෙ පුටුවක් උඩම නින්ද ගියා

උඹට ගෙයක් නැද්ද …උඹ එනකම් ගෑනි බලන් ඉන්නවා කියලා දන්නෙ නැද්ද …දවල්ට කෙසෙ වත් රෑට වත් ගෙදර ඉදින්..අද මේ කෙල්ල නැත්තම් උඹලගෙ සල්ලි වලින් වැඩක් තියේද..උඹ උන්නා කියලා ගෙදර මිනිස්සුන්ට වැඩක් තියේද ..අනික කො උඹේ නන්ගි..එකීත් කොහෙ හරි ගිහින් බීලා වැටිලද…

පේශන්ට සිහිය ඇවිත් ඔයාලට පුලුවන් ඇතුලට එන්න…

කිනාල්ගෙ දේශනයත් නතාශා නිසා මගේ හිතේ ඇතිවුනු තරහත් ඒ නිව්ස් එක නිසා නැති වුනා…

අපි සැරින් සැරේට ගිහින් අම්මිව බැලුවා …..

අම්මිව හොස්පිට්ල් එකෙ සති දෙකක් තියාගත්තා ..ඒ මුලු සති දෙකම මන් ගත කලේ හොස්පිට්ල් එකේ..

අම්මෙක්ගෙ උනුහුමක් දැනුන් නැති මට මෙහෙම පේවෙලා අම්මෙක් වෙනුවෙන් කැප වෙන්න උනු එක හිතට ගොඩක් දැනුනා..

මේ සති දෙකටම නතාශා ඕනි නම් දෙපාරක් තුන් පාරක් එන්න ඇති..නන්ගිත්..ආදි නම් ආව හැම මොහොතකම කදුලු පුරෝගෙන මන් දිහා බලන් උන්නා..

දෙවියො කොයි විදියෙ සැලැස්මවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද මන් දන්නෙ නෑ..ඒත් ආදි මේ දේවල් මන් කරන්නෙ ඔයාගෙ හිත දිනාගන්න නම් නෙමි..අම්මෙක් නැතුව හැදුනු මට අම්මෙක්ගෙ අගේ ගොඩක් දැනෙන නිසයි..

අම්මගෙ බ්ල්ඩ් කවුන්ට් එක හොද අතට හැරුනු තුන් වෙනි දවසෙ එයාව ඩිස්චාර්ජ් කලා…

මන් මට පුලුවන් උපරිම විදිහට අම්මිගෙ හැම වැඩක්ම මගෙ අතින් කලා..ඒ ගමන්ම මගෙ ජොබ් එකත්..

ඇත්තටම වෙනස් වෙනවා කියලා මහා ලොකුවට හිතන් උන්නට උනෙ නම් මන් තවත් කැත වුනු එක..මට ක්ලාස් එකට යන්න බැරි උනා..

දැන් මමත් ඇටසැකිල්ලකුත් අතර වෙනසක් තියෙ නම් තියෙන්නෙ ඇටසැකිල්ල හුස්ම ගන්නෙ නෑ මන්

හුස්ම ගන්නවා..

උදෙන්ම අම්මිට කන්න මන් රතු හාලෙ බතුයි සම්බෝලයි පරිප්පුවකුයි කරෝල බැදුමකුයි හැදුවා..අම්මි දැන් ඉස්සර වගෙ කෑම තෝරන්නෙ නෑ..අනික මන් දිහා නපුරු විදියට බලන්නෙත් නෑ..

එයාට කතා කරන්න හිතුනම මාත් එක්ක වරු ගනන් කතා කලා..ඉතින් මට අම්මිගෙ ආදරෙ ලැබුනු එකත් ඇති..

ආදිවත් නන්ගිවත් එයාලගෙ ජීවිත නම් වෙනස් කරගත්තෙ නෑ..හැබයි ආදි නන්ගිට වඩා අම්මිට ආදරෙයි..

සල්ලි වැඩිවෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ගෙ හිත් වලින් ගුනවන්ත දේවල් නැත්තටම නැති වෙලා යනවා කියන එකනම් බොරුවක් නෙමි…ඒක මන් මේ ටිකට හොදටම අත් දැක්කා….

කිනාල් හැමදාම වගෙ ආවා..මාව දැකලා එයා ගොඩාක් දුක් වුනා..ඒත් ලස්සන වෙනවට වඩා අම්මිව සනීප කරගත්තු එක මට ගොඩක් වටිනවා…

දුව

මට ඒ ඇහුනෙ මොකක්ද ..

දුව

මන් මෙහෙට ඇවිත් මාස දෙකක් වෙන්නත් ඇවිත්..ඒ මාස දෙකටම අම්මි මට දුව කියලා කීව පලවෙනි වතාව

අම්මි

දුව මට සමාවෙන්න

අම්මි එයාගෙ අත් දෙක එකතු කරලා කිව්වා..දැන් එයාට හොදටම හොදයි…

අම්මි

මන් ඔයාට සැලකුව විදිය වැරදියි..මගේම ලේවත් මන් වෙනුවෙන් මෙච්චර කැප වෙන්නෙ නෑ..අද මන් අපෙ මහත්තයගෙ තීරනේ ගැන සතුටු වෙනවා…ඇත්තමයි

අම්මි

හ්ම්ම්..මගෙ පුතයි දුවට්‍යි මට මමි කියන්නෙ ඒත් අද ඔයාගෙ කටින් අම්මි කියන වචනෙ ඇහෙද්දි මගෙ හිතට ගොඩක් දැනෙනවා..

එදායින් පස්සෙ අම්මි මා එක්ක ගොඩක් යාලුයි..අම්මිගෙ හැම වැඩකදිම මන් අම්මිට හෙල්ප් කලා..මන් අතින් ඉවුනු හැම රස කෑමක්ම අම්මි කෑවා..මන් නොදන්න එක එක කේක් ජාති හදන්න අම්මි මට කියලා දුන්නා..

මට ගොඩක් සතුටුයි..ඒ වගේම දුකයි..මන් එන්න එන්න ලස්සන වෙනවා වෙනුවට එන්න එන්න කැත වෙනවා..මෙහෙම ගියොත් ආදි මට නැති වේවි…

දුව

අම්මි..කියන්න

මන් ගොඩක් දවසක ඉදන් අහන්නමයි උන්නෙ

මොනාද අම්මි

දරුවො ඔයා එන්න එන්න වැහරෙනවා..

හ්ම්ම්

මූණට මුකුත් යූස් කරන්නෙ නැද්ද

නෑ අම්මි

ඒක තමයි මෙ පිම්පල්

හ්ම්ම්

අපි කීම් එකක් ගාමු

මන් ආස නෑ අම්මි

මේ අහන්නකො..පිරිමි ආසයි අපි ලස්සනට ඉද්දි..ඒ නිසා අපි ලස්සන වෙමු

අම්මි

ඔව් ..මේ කෙට්ටු ඇග ..පිම්පල් මූණ වෙනස් කරගමු

අම්මිටත් මොනා හරිම දැනිලද

අම්මි

අහ්..ලේලියි නැන්දම්මයි ලෝකෙ පෙරලන්න සාකච්ඡාවක් වගෙ

අහ් කිනාල් පුතා..නෑ මන් මේ කීවෙ මේ ලමයට ටිකක් ලස්සන වෙමු කියලා

ඒකනි ආන්ටි මමත් කියන්නෙ ඕක

කිනාල් මන් දිහා තරවටු බැල්මක් දැම්මා..දැක්කනි දැක්කනි..මන් කිව්වනි කියන්න වගේ

ඉතින් ආන්ටි ඔයා මොකක්ද කරන්න යන්නෙ

ඒවා අපෙ රහස්..පුතා බලන් ඉන්නකො

පුතා විතරක් නෙමි..මමත් බලන් ඉන්නෙ..මටත් ඕනි වෙනස් වෙන්න..මට ඕනිආදීව…එයාව ගිලිහෙන්න දෙන්න කොහොමටත් බෑ…

–මතුසම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *