ඔබ මගේම නම්………………………..22

හිතේ පුන්චි සතුටක් ඇතිවෙලා..නපුරා මන් ගැන හොයන්න අරන්..කොච්චර දෙයක්ද …

ඒයි පොලගියෙ එනවකෝ

මේ නපුරෙක්ගෙන් බේරීලා මට වොශ් රූම් එකේ වත් ඉන්න නැති හැටි…

මොකො වදේ..

එනවකෝ ඉක්මනට

මන් නානවා..

පැයක් තිස්සෙ අයියො එනවකො..තවත් නම් ඉන්න බෑ..එනවකෝ

මොන මගුලක්ද අයියො

එනවාකෝ

මේ නපුරා තව ටිකකින් දොරත් කඩලා දාවි වගෙ

මොකො අනේ..

සින්දුවක් කියන්න ඕන

ඉතින් කියනවකො ඇයි මට කියන්නෙ

අයියො ගොන් වස්සියෙ මට චූ බරයි

අහ් ඕක කියන්නද මෙච්චර වෙලා කෑ ගැහුවෙ..හපෝ මෙහෙමත් මැට්ටෙක්

ඉක්මනට ටවල් එක විතරක් ඇදන් මන් දොර ඇරියා ..මෙයා දොරටම හේත්තු වෙලා ඉදලද කොහිද..දොර ඇරිය ගමන් මගේ ඇගේ..

මොකො

නපුරා මන් දිහා බලන් ඉන්න හැටි…

ඇයි

මන්..මේ ..ඔයාව මෙහෙම ..දැක්කමයි

මාව කොහොමද

එතකොටයි මට මතක් උනෙ මන් ඉන්නෙ ටවල් එක පිටින් කියලා..කම්මුල් පුරා උනු ලේ ගලන් යනවා වගෙ දැනෙනවා ..හිතට ලැජ්ජාවක් එනවා…බැදලා මාස හතරක් උනත්..එයා ඉස්සරහා මන් තාමත් අමුත්තියක්…මේ හැගීම්..ඒත් අපේ ගිවිසුම..බෑ බෑ කිසිම හැගීමකට වහල් වෙන්න බෑ..

දැන් චූ බරයි කීවනි යනවා ඉතින්

මන් නපුරව තල්ලු කරලා දොර වැහුවා…

කිසිම හැගීමකට කොහොමටවත් වහල් වෙන්න බෑ…

එයා ඉක්මනට එන්න කලින් මන් ටක් ගාලා ඇද ගත්තා…

තෙත කොන්ඩෙ වතුර පිහින ගමන් මන් කල්පනා කලා..ආසයි ජීවිතේ බෙදා ගන්න ..ඒත් දුක් විදින්න බයයි..ඔක්කොටම කලින් හැමදේම දැනගන්න ඕනි…හැගීම් වලට වහල් වෙලා ජීවිතේ නාස්ති කරගන්න කොහොමටත් බෑ…

වාව්

මන් ගැස්සිලා හැරුනා…නපුරා මන් දිහා බලන් ඉන්නවා

මොකො

මුකුත් නෑ…පොලගි ලස්සන වෙලා

හුම්

කොන්ඩෙ දික් වෙලා

හුම්

සුදුත් වෙලා

හුම්

ඇග…

බෑ බෑ තව ඉස්සරහට මේ කතාව ගෙනියන්න බෑ…

මට බඩගිනි යන් කන්න

දැන්

ඔව්

මෝඩි දැන් එකොලහයි වෙලාව

කමක් නෑ බඩගිනි

හරි යන්

මාත් නපුරත් කිචන් එකට ගියා..ඇත්තටම ගොඩාක් බඩගිනියි………මාව වෙව්ලනවා…

මොකො

බඩගිනි ගොඩාක්

ඔයා වෙව්ලනවා

හ්ම්ම්

දවල් කෑවෙත් නැද්ද

නෑ

අපෝ මෙහෙමත් මැට්ටියෙක්..ඉන්නවකො මන් කිරි එකක් හදලා දෙන්නම්

හෑ

ඔහොම කට අරින්නෙ නැතුව කියලා දෙනවා මට…

මෙයාට මේ මොකො වෙලා තියෙන්නේ මට තේ හදලා දෙන්න යන්නෙ

මොකො

ඔයා තේ හදන්නද යන්නෙ

ඔව් ඇයි බැරිද

පුලුවන් පුලුවන් ..

හරි එහෙනම් කියලා දෙනවා

ඔලුව උස්සන් ඉන්න බැරි හින්දා මන් ටේබල් එකෙ ඔලුව ගහගත්තා..මෙයාගෙ තේ එකකුත් බීලම බලමුකෝ

ඉස්සෙල්ලාම වතුර එකක් උනු කරන්න..හීටරෙ ගහලා

හරි..

විනාඩි පහකට විතර පස්සෙ මැට්ටා කෑ ගැහුවා

ඔන්න හරි..දැන්

ලොකු ජග් එක ගන්න

හරි

ඒකට තේ කොලයි සීනියි දාන්න

කොච්චරක්ද

තේ හැදි දෙකක් දාන්න

හරි..සීනි

ඔයාට රසයි කියලා හිතෙන තරම්

හරි

ම්

දැන්

තව ජග් එකක් අරන් පිටි හැදි හතරක් දාන්න

හරි නෙස්ටමෝල්ට් තියෙනවා දාන්නම්ද

කැමැත්තක්

හරි දැන්

පෙනේරෙන් පෙරලා දාන්න

තේ හදන්න මෙච්චර වෙලා යනවා කියලා මන් අදයි දැන ගත්තේ..තවත් විනාඩි දහයක් විතර යන්න ඇති..

මෙන්න ආ

මැට්ටා එයාගෙයි මගෙයි මග්ස් වලට තේ දාගෙන ඇවිත්..

නපුරා මන් වෙනුවෙන් තේ හදලා..හුම්..මන් තේ එක අරන් පලවෙනි උගුර තොල ගෑඅවා

දෙයියනේ මේ මොන ජරාවක්ද..අහ්..ඒත් ආසාවෙන් බලන් ඉන්න ඒ හිත රිද්දන්නෙ කොහොමද මන් අමාරුවෙන් උනත් තේ එක ඔක්කොම බිවා

රසද

ම්ම්ම්

ම්ම් කියන්නෙ

මන් බීපූ අපූරුම තේ එක

නියමයි ..මන් හදපු පලවෙනි තේ එක..

අනෙ නපුරො ඔය වැඩෙ නම් කරන්න එපා..නපුරා එයා හදපු තේ එක බොන්න ගත්තා..අනෙ ඒ මූනු ඇඹුල් උනු ලස්සන..මූණ පුරා අමුතු අමුතු පෙරහැරක් යනවා වගෙ

අයියො මෙ මොන ජරාවක්ද

ම්ම්

කොහොමද ඔයා ඕක බීවෙ

ඔයානි හැදුවෙ

මන් හැදුවොත් ඕන දෙයක් බොනවද

ඒකට උත්තරයක් නෑ නපුරෝ..මේ හිත ඔයා දවසක හරියට තේරුම් ගත්ත දාක ඔයාට තේරේවි මහත්තයෝ …

නිදිමතයි..යන් නිදමූ…

වෙනදා තරම් නැති සැහැල්ලුවක් හිතේ පුරවන් ඇදට වැටුනු ගමන් මන් නිදා ගත්තා

..
වෙනදා වගේම අලුත් දවසක්..ඒත් මගේ ඔලුව කැක්කුමයි …

මන් ගොඩාක් වෙලා නිදා ගෙනත් එක්ක..කීයද වෙලාව..අනේ දහය වෙන්නත් ඇවිත්..කෝ නපුරා..

එයා ගිහින්..හුම්ම්..කියන්නෙ නැතුවම…

දැන් ඔෆිස් යන්න බෑ..ඔන්න ඔහේ ගෙදර ඉන්නවා..

වොශ් එකක් දාගෙන මන් ගාර්ඩ්න් එකට ගියා..අම්මි සමන් අයියත් එක්ක එකතු වෙලා මල් වගයක් හිටෝනවා

ගුඩ් මෝනින් අම්මි

අහ් ගුඩ් මෝනින් පුතා

මොනාද මේ මල්

මගේ සොසයිටි එකෙන් හම්බුනෙ..රෝසස් වගයක් බඩ් කරපු..අලුත් ජාතියක්

එහෙමද

ම් ඔව්..දුව කෑවද..

තව ටිකකින් කනවා

නෝනා ඊයෙ රෑ මාර වැඩක් නෙ වෙලා තියෙන්නේ

ඇයි

කිචන් එක ගන්න දෙයක් නෑ..යකා නටලා වගෙ

එතකොට තමයි මට මතක් උනෙ ඊයෙ රෑ උනු දේවල්

මොකො දූ හිනා වෙන්නෙ

අම්මි

ම්ම්

ඊයෙ රෑ

ඔව්

ආදි මට තේ හදලා දුන්නනි

මොකක්

ඔව්

අහ්..ඒක තමයි එහෙනම් ..ඉතින් රසද

මොන

ඇයි

හොදයි ඊට වඩා රසයි ඉදුල් වතුර

හික්ස්..මගෙ කොල්ලා කවදා කරපු දේවල්ද

හ්ම්ම්

මොකො දුව

උදේ ඉදන් මට වමනෙට එන්න වගෙ අම්මි

ඒ මොකො

අනේ මන්දා

මන් කටට දැනෙන අපුල පාලනෙ කරගන්න බැරුව එතනම වමනෙ දැම්මා…

දුව

අමාරුයි අම්මි

යන්කො

කෝකටත් අපි යන් ඩොක්ට කෙනෙක් ගාවට

ඕනි නෑ අම්මි

නෑ නෑ යන්කො

අම්මිගෙ පෙරැත්ත නිසාම මන් අම්මි එක්ක ඩොක්ට කෙනෙක් ගාවට ගියා…

මන් මැරීඩ් කියලා කීවම ඩොක්ට මගෙ යූරින් එකකුත් ගත්තා…

අම්මි

බය වෙන්න එපා ලමයො හොද දෙයක් වෙයි…

හරි අම්මි..අපි යන්ද

යූරින් ටෙස්ට් එක බලලම යමූ දූ…

හ්ම්ම් අම්මි කියනවනම්…

යූරින් ටෙස්ට් එකෙ රිපෝට්ස් දෙනකම් මන් අම්මි එනකම් කා එකට වෙලා උන්නා..

ගොඩක් සතුටුයි..නපුරා මන් වෙනුවෙන් තේ හැදුවා..මෙලෝ රහක් නෑ තමයි ඒත් එයා ඊයෙ එහෙම කලේ මන් වෙනුවෙන් ..කොච්චර දෙයක්ද

මගෙ පෝන් එක රින් උනෙත් ඒ වෙලාවෙමයි

නපුරා

හෙලො

පොලගි කොහෙද ඉන්නෙ

අම්මි එක්ක ඩොක්ට ගාවට ආවා

අර මොකටද..

උදේ නැගිට්ට වෙලේ ඉදන් මට ඔලුව කැක්කුමයි වමනෙත් ගියා

අර මොකො

දන්නෙ නෑ

බෙහෙත් ගත්තද

ඔව් යූරින් එකකුත් ගත්තා

ඇහ්..ඒ ඇයි

මන් දන්නෙ නෑ අනේ..මැරිඩ් කීවම ගත්තා

හුම් හුම් කෝ අම්මි

අහ් ඔන්න එනවා

අම්මි හිනා වෙවි ඇවිත් කා එකට නැග්ගා

කවුද දූ

ආදි

ආහ් කෝ දෙන්න

හෙලො පුතෙ

අම්මි විහගිට මොකො

මොකො කියන්නෙ ..සේරම ඔයාගෙ වැඩ තමයි

ඒ කිවෙ අම්මි

ඒ කිවෙ ඒ..

අනෙ අම්මි බය කරන් නැතුව කියන්නකො

ඔයා මාව ආච්චි අම්මියෙක් කරලා

මොකක්…

ආදි වගේම මගේ හිතත් තිගැස්සුනා

දෙයියනේ එහෙම වෙන්නෙ කොහොමද …මම මන්..අනේ මන් තාම…

නෑ නෑ එහෙම කොහොමටත් වෙන්න බෑ කොහොමටවත්

…මතු සම්බන්දයි— 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *