ඔබ මගේම නම්………………………..28

-ලියන්නෙ කමෙන්ට්ස් ලයික් බලාගෙන නෙමියි..ඒ උනත් එක ලයික් එකකින් එක කමෙන්ට්ස් එකකින් හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.වෙන වෙනම මැසේජ් නොකලට හැම කමෙන්ට්ස් එකකටම ලයික් එකකටම ගොඩක් ස්තූතියි..ඉවසීමෙන් මන් කතාව සම්පූර්නෙන් දානව බලන් ඉන්නවටත්,ඉන්බොක්ස් මැසේජ් වලටත් ් ස්තූතියි…

ආදි ඔච්චර හදිස්සියෙන් මට නොකියම කොහිද ගියේ මේ..මමත් ආදිගෙ පිටිපස්සෙන් දිව්වා..

ආදි ඔහොම ඉන්න කොහිද යන්නෙ

හොස්පිට්ල්..ඉක්මනට එන්නම්

හොස්පිට්ල්..ඒත් ඒ මොකටද

දෙයියනේ නතාශා..එයා..එයාට තුවාල වුනාද…නැහැ නැහැ මට හොදට මතකයි…එයා වැටුනා මිසක් මුකුත් තුවාලයක් නම් උන් නෑ.මට ඒක ශුවර් ඒත් එයාගේ තියෙන කපටිකමට ආදිව රවට්ටන්න රගපානවද දන්නෙ නැ..

එහෙම උනොත් එයා ආදීට මොනා කියයිද…

ආදී මට බනීවිද..තරහ වෙයිද මන් එක්ක..අනේ ඉතිම් නතාශමනේ රන්ඩුවට ආවෙ.

මන් හිතේ දාහකුත් ප්‍ර්ශන තියාගෙන රූම් එකට ආවා..දැන් ඇවිල්ලා පැයකටත් වැඩී..තවම මන් ඇදුම් ගැලෙව්වෙත් නෑ..

කොච්චර ලස්සන අවස්තාවක්ද මග ඇරුනේ…ආදිගෙ ආදරෙ ඉස්සරහා මන් චූටි බබෙක් වගේ අවනත වෙන්නෙ මටවත් නොදැනම

ඒ ඇස්, ඒ මූණ ඒත් එයා මට එහෙම ලන්වුනේ මට ආදරෙ නිසාද එහෙමත් නැත්තම් පෙනුමටද..මට ඕනි එයාගෙන් ඒ විදියේ ආදරයක්ද…

නෑ මට එයාගෙන් ඕනී ආත්මය ආදරයක්..ලස්සන ඉස්සරහා කැමැත්ත වියැකිලා යාවි..ඒත් ආත්මීය ආ…

හ්ම්ම් ඒ පාර පෝන් එක රින්ග් වෙනවා..නපුරා වෙන්නැති..නතාශා ගිනි තියලා ඇති එක දෙක කරලා..

මගෙන් ඇහුවොත් මන් මොනාද කියන්නේ..කමක් නෑ ඔන්න ඔහේ ඇත්ත සිද්දියම කියනවා..පිලිගන්න එක නොගන්න එක ඔයාටම බාරයී ආද

ී හෙලෝ

ආදී…

මේ හරිත නෙවෙයි නේ කිනාල්..ඒත් ඇයි

හෙලෝ කිනාල් මොකො හදිස්සියෙන්

හරි වැඩේනේ ආදී

ඇයි මොකො වෙලා තියෙන්නෙ

ඔයා දන්නවද අපි දැන් කොහෙද ඉන්නෙ කියලා

අපි කීවෙ?

මමයි හරිතයයි

ඒ කියන්නෙ හොස්පිට්ල් එකේද ඉන්නෙ

අහ් හරිතයා කීවද ඔයාට

නෑ හොස්පිට්ල් යනවනම් කීවා..

හ්ම්ම්..

කවුද හොස්පිට්ල් ඉන්නෙ

කන්චුක

කන්චු ක..ඒත් ඇයි

එයා බයික් එකේ එද්දි ඇක්සිඩන්ට් වෙලා

බයික් එකේ..ඒත් එයා කීවෙ අද බස් එකේ ආවා කියලනි..කොහොමද බයික් එකෙන් ඇක්සිඩන්ට් වෙන්නෙ ඇරත් ..

අහන්නකො ආදි..ටිකක් සීරීයස්

කන්චුකට මොකද

අයි සීයූ දාලා තියෙන්නෙ

අයියො අනෙ ගොඩක් අමාරුද. අනෙ ඇයි අප්පා මේ කොල්ලො හයියෙන් යන්නෙ

මේ අහන්න ආදි මෙතන තියෙන්නෙ ඊට වඩා දෙයක්

ඒ මොකක්ද

ඔයා දන්නවද බයික් එක කාගෙද කියලා

නෑ කාගෙද

ඔයාගෙ

මොකක්

ඔව්..බයික් එකේ බ්‍රේක් පොඩ්ඩක් වත් නෑ ආදී..ඔයාගෙ වෙලාවට හරිතයා ඔයාව එක්කන් ගියේ නැත්තම් මේ ටික වෙන්නෙ ඔයාටයි

අනේ දෙයියනේ..ඒත් උදේ හොදට බ්‍රේක් තිබ්බනි කිනාල්

හ්ම්ම් මටත් තේරෙන්නෙ නෑ උදේ ඔයා කොහොම ආවද කියලා..ඒත් ඇත්තටම බයික් එකේ චුට්ටක්වත් බ්‍රේක් නෑ..මන් ඔයාලා ගිහින් පැයකට විතර පස්සෙ කන්චුකට යතුර දීලා බයික් එක ගෙනියන්න කීවෙ..හෙල්මට් එක තිබ්බෙ නැත්තම් කොල්ලගෙ ඔලු කට්ට කුඩු

අනේ

හ්ම්ම්..මට තියෙන එකම සැනසීමඔයා මේකේන් බේරුනු එක..අද කන්චුක වෙනුවට ඔයා එහෙම ආවනම් අනේ දෙවියනේ හිතා ගන්නත් බෑ..

ම්ම්

මේ මන් තියනවා ආදි..විස්තර මුන ගැහුන වෙලේක කියන්නම්..දැන් අපි ගෙදර එනවා .බුදු සරනයි පරිස්සමින් ඉන්න

හ්ම්ම්

කිනාල් පෝන් එක තිබ්බා..එතකොට මන් ආව නම් අද මන් නේද කන්චුක වෙනුවට හොස්පිට්ල් ඉන්නෙ..මගේ අවසනාව කන්චුකගෙ පිටින් ගියා ..පව් අහින්සකයා…

ඒත් මට හොදට මතකයි..බ්‍රේක් තිබ්බා හොදට උදේ පැයකට විතර පස්සෙ ආදී ගෙදර ආවා..මන් දුවන් ගියා එයාගෙ ඉස්සරහට

අනේ ආදි කන්චුකට මොකද

හ්ම්ම් දැන් නෝමල්..

අනේ මේ සේරම මන් හින්දා

හ්ම්ම්..මමි ඩැඩී ආවද

නෑ තාම

ආදිගෙ මූන ගොඩක් විඩාබරයි..එයා එලියේ සෙටියේ එහෙම්ම දිගෑදුනා..

කන්චුකට මෙහෙම උනෙ මන් නිසයි. ශිට්…

ආදි

ඔව් කියන්න

මගේ ඔලුව ටිකක් අතගානවද

හරිත මගෙන් ඔච්චර ආදරෙන් ඉල්ලීමක් කරපු පලව්ව්නි වතාව..

මන් ඒ ඔලුව කිසිම කිලුටක් නැතිව මගේ ඔඩොක්කුවෙන් තියා ගත්තා..හිමින් සැරෙ ඒ මුදු කෙහෙරැලි ඇතුලින් මගේ ඇගිලි යැව්වා..හරිතට නින්ද ගිහින්ද…

එයා එහෙම්ම අනිත් පැත්ත හැරිලා මාව බදා ගත්තා..මමත් ඉස්සර පුන්චි කාලේ අප්පච්චි මගේ ඔලුව අතගාද්දි මෙහෙම ඉන්නවා..

හරි සනීපයි ආදී

ම්ම්

දෙයක් කියන්නද

කියන්න

මන් අද ගොඩක් බය උනා

ඇයි

කන්චුක වෙනුවට ඔයා ගියානම් කියලා

ම්ම්

ඔව් ආදි දෙයක් ඉල්ලන්නම්

ඉල්ලන්න

ආයෙ බයික් එකෙ යන්න එපා

එතකොට මන් වැඩට යන්නෙ

මන් එක්ක යන්

මෙච්චර දවසක් මට හරිත එයා එක්ක ඔෆිස් යන්න අඩගහලා නෑ..ඇත්තටම ගොඩක් සතුටුයි

ඒත් හරිත..ඔයා එක්ක යන එක ප්‍ර්ශ්නයක් නෙමි..ඒත් එද්දි ඔයා නෑනී..එතකොට එන්න වෙන්නෙ බස් එකෙ..ඔයා දන්නවනි ඔෆිස් ඇරෙන ටයිම් එකට බස් වල එන්න ගියාම පිස්සු හැදෙනවා

හ්ම්ම්..එහෙනම් මෙහෙම කරමු

කොහොමද

මන් ඔයාට කා එකක් අරන් දෙන්නම්

ඒත්..මට පුරුදු නෑනි

එහෙනම් එදා අම්මිව අරන් ගියේ

ඒ හදිස්සියටනි..මට පාරෙ යන්න බයයිනේ

මන් පුරුදු කරන්නම්

ඇත්තමද

ඔව්..මට බයයි ඔයාව බයික් එකේ යවන්න..මට මට ඔයාව

ඒත් එක්කම මිදුලට ආව කා එක නිසා අපේ කතාව එතනම නැවතුනා

කා එකෙන් බැස්සෙ නතාශා අතේ බැන්ඩේජුත් දාගෙන

ඇස් දෙකෙන් ගිනි පුලුගු විසිරෙනව වගෙ අපි දෙන්නව මෙහෙම දැකලා..

ආදි මගෙ කකුලෙන් නැගිට්ටෙත් නෑ ඒ හින්දා මමත් නැගිටින්න ගියෙ නෑ..ඇරත් මන් මොකටද එයාට බය වෙන්නෙ..මන් ඔන්නෙ මගෙ හස්බන්ඩ් එක්ක

හරිත අයියා මොකො මේ

ඔලුව කැක්කුමයි සුවිටි

ඔයාට ඔලුව කැක්කුම එන්න මෙයා මොනාද කලේ

එයා කරපු දෙයක් නැ.සුවිටි..කන්චුකයා හොස්පිට්ල්

ඉතින් එයා ඔයාගෙ සර්වන්ට් කෙනෙක්නෙ..ඔයා ම්මොක්ස්ටද දුක් වෙන්නෙ

හ්ම්ම්..ඌ ගියෙ විහගිගෙ බයික් එකෙ..ඒකෙ බ්‍රේක් නැතිව තිබිලා තියෙන්නෙ..වෙලාවට විහගි මන් එක්ක ආවෙ

ඒකත එහෙමද ඔයා හොද නෑ හරිත අයියා කොහෙවත් ඉන්න සර්වන්ට් කෙනෙක් ගැන දුක් වෙනවා..මේ බලන්න මගේ අත ඩැමේජ්

ඒ පාර හරිත නැගිට්ටා

අහ් මොකො මේ..මොකද උනේ

වල් බැල්ලියෙක් හැපුවනි..දවල්

(මෙයා මේ නොකියා කියන්නෙ වල් බැල්ලි කියලා මටද

ඉන්ජෙක්ශන් ගැහුවද කොහිදිද උනේ

ඔව් මන් ඒ වල් බැල්ලිට ඉන්ජෙක්ශන් දෙන්න ගියෙ..කොහිද ඒක වැදුනේ අහක ඉන්න හොරිකඩ බල්ලෙක්ටනි

මට නම් කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ..සුවිටි

(ඔයාට නොතේරුනාට මට තේරේනවා ආදී

වල් බැල්ලි හිතන් ඉන්නෙ ඒකීට මගේ දම්වැල ගන්න ලැබෙයි කියලා ඒවා කොයිද මන් ඉන්නකම්..අද මන් ඒකි මරන්න ගියෙ..කොහිද ඉතින්..හැබයි මන් ඒකිට පාඩමක් උගන්නනවා ලගදිම..උඩ පනිනවා වැඩි ඒකී

අනේ මන්දා..දැන් ඔයාට අඩුද

අතට නෙමි හරිට්ගයයියා හිතටයි රිදෙන්නෙ..ඒකි බේරුනානී

ආදි අපිට බොන්න මොනා හරි ගේනවද

හ්ම්ම් මටත් මෙතනින් යන්න ඕනී..හිතන්න ඕනි ගොඩක් දේවල්..ඇයි කෙනෙක් මෙච්ච්‍ර නපුරුකම් කරන්නෙ කියලා..එතකොට හැම දෙයක්ම නතාශයි කරලා තියෙන්නෙ..

ආදිට ආදරෙ කරන්න ගිහින් අන්තිමේ මට ජීවිතෙන් යන්න වෙයිද මැරෙන්න නම් බයක් නෑ..ඒත් ආදී මට ආදරෙ නම් මන් ජීවීතේට ආදරෙයි..

…මතු සම්බන්දයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *