ඔබ මගේම නම්………………………..32

පොලගියේ ලෑස්තිද ඔයා..

ඉන්න එන්නම්..

මේ නපුරා ඇදගත්තම පුදුම කරදරයක් නෙ තියෙන්නෙ…

පාටි එකට යන්න මන් අම්මිට කියලා මේකපු ටිකක් දා ගත්තා..අම්මිත් කරකො කරකො මොන මොනාදෝ කරනවා…ම්ම්ම් ම්ම්ම් ම්ම්

කෝ එනවකො මැට්ටියෙ

අම්මි දැන් ඇති නේ අන්න අරහෙ අරයා බෙරිහන් දෙනවා..

මන් ඉක්මනට අම්මිට වැදලා එලියට ආවා..

වාව්…

ම්ම්ම්

නියමයි..යන ගමන නවත්තලා හපන්න හිතෙනවා

අම්මො එපා

ඇයි..මන් හස්බන්ඩ් නෙ

ඒ උනාට ඔයාට පිස්සු බලු බෙහෙත් විදලා නෑනි..ඒ හින්දා එපා

මොකක්ද ආ කීවේ..කියනවා

ඌයි අනෙ රිදෙනවා..අම්මිට කියලා අමාරුවෙන් හදා ගත්තෙ කොන්ඩෙ..එපා අදින්න

හරි ඉන්නවකො මේ දවස් ටික ඇරුනම මන් කරන්නම්කො හොද වැඩක්

ඇයි මොනාද කරන්නෙ

කියන්නෑ කරලම පෙන්නම්කො මැට්ටි..දැන් නගිනවා ලේට් වෙනවා…

මායි නපුරයි ආදිගෙ කසින්ගෙ බර්ත්ඩෙ පාටි එකට ගියා…

වැඩිහිටියො නෑ වගේ..සම වයසෙ අය තමයි හැම තැනම උන්නෙ…

මේ දේවල් අනේ මන්දා මගෙ හිතට ගැලපෙන්නෙ නෑ වගේ..කෙල්ලො ඇදන් උන්නු ඒ වල හැටි…මීට හොදයි ඇදුම් නැතුවම ආවානම්…ඊහ්..හපෝ…

මන් ආදිත් එක්කම ඇතුලට ගියා..මාව අදුරන කවුරුත් නැද්ද මන්දා…
හරිත අයියේ…

අපො මෙයා කොහේ ගියත් ඒ සතුට ගිලින්න කඩන් පාත් වෙනවා කිඹුලි වගෙ..හැටි..උඩැක්කිය..

නතාශා ඇවිත් නපුරගෙ ඇගෙ එල්ලුනා..මොන මගුලකට එනවද මන්දා හරිත මට ආදරෙයි කියලා කිව්වට පස්සෙත්…

අයියෙ එන්නකො යන් මගෙ යාලුවො වගයක් ඉන්නවා එන්නකො එන්නකො අයියෙ..මන් ඔයා ගැන කිය කිය උන්නෙ මෙ එයාලත් එක්ක

මොනාද දන්නෙ නෑ ආදි ගැන කිය කිය උන්නෙ..ගෙම්බියක් වගෙ හැමතිස්සෙම අපෙ මැද්දට පනිනවා..

අනෙ අයියෙ හිත හිතා ඉන්නෙ යන්කෝ

අනෙ නපුරො යන්න නම් එපා ඔය හැල කිඹුලි එක්ක

මේ විහගි ඉන්නවනි..මන් ටිකකින් එන්නම්

එයා ඉදියි අයියෙ අපි යන්කො

එයා කාවවත් අදුරන්නෙ නෑනි..එහෙනම් එයත් එක්කම යන්..

හපො හා හුම්

දැක්කද හැල කිඹුලියෙ මගෙ නපුරා ආදරෙ මටයි…

අපි දෙන්නා නතාශගෙ යාලූවො ගාවට ගියා..යාලුවොත් ආයෙ නතාශට දෙවනි නෑ..ඒ අයත් හැල කිඹුලියො තමයි..කොහොම ඉන්නවද මන්දා නපුරා ඉස්සරහ ඔහොම ඇදන්..කෙල්ලෙක්ගෙ ඇග නිරාවරනෙ වෙන්න ඕනි එයාගෙ සැමියා ඉස්සරහා විතරයි ඒත් මෙයාලා…මෙයාලට නම් හස්බන්ඩිට පෙන්නන්න කියලා මුකුත්ම නැතිව ඇති..

ඩිල්කි,රශ්නි,නිතුකි මේ මගෙ ලව්ලි කසින් හරිත අදීශ…මගෙ චූටි අයියා..මයි එවර් ලවින් අයියා…

හායි..නයිස් ටූ මීට් යූ

මන් හිනාව දාන් උන්නට නතාශා මාව එයාලට හදුන්වලා දුන්නෙ නෑ..හ්ම්ම්..ආදිට තිබ්බා මාව හදුන්වලා දෙන්න..මාව මෙතනට කොහෙතම ගැලපෙන්නැති කෙනෙක් වගේ…

අන්න ඩීජේ එක ශැල් වී ගෝ ෆො අ ඩාන්ස්…

ඕකෙ ලෙට්ස් ගෝ

නතාශාගෙ යාලුවො ටික ඩාන්ස් කරන්න ගියා..ආදිත් කෝල් එකක් ඇවිත් ටිකක් එහාට ගියා

මන් මෙ හැල කිඹුලි එක්ක ..

නතාශා මන් හිතපු නැති වෙලේක මන් දිහා බැලුවා

මේ තමුසෙ හිතුවෙ තමුසෙ දිනුවා කියලද

මට ඔයත් එක්ක තරගයක් නෑ

රියලි..බලන් ඉන්නවා තමුසෙට වැඩිකල් හරිත අයියා එක්ක ඉන්න ලැබෙන්නෙ නෑ..මන් හරිත අයියව තමුසෙගෙන් අයින් කරනවා

ඔයා හිතන් ඉන්නෙ මන් නිකම් ඉදියි කියලද නතාශා

ඇයි තමුසෙ මොනා කරන්නද

මෙච්චර කල් කට වහන් උන්නෙ ආදි මට ආදරෙද නැද්ද කියලා දන්නෙ නැති නිසයි හැබැයි දැන් ඔයාට මගෙන් ආදිව ලැබෙන්නෙ නෑ අන්න ඒකත් ඔයා මතක තියා ගන්න නතාශා..මගෙ ලග ඔයාට වගෙ සල්ලි නෑ තමයි..ලස්සනත් නැතුව ඇති..හැබැයි ඔයා ගාව නැති මගේම විතරක් උනු දෙයක් මන් ලග තියෙනවා…ඒ ආදිගෙ ආදරෙ…ඔයාට ලේසියෙන් මන් එක්ක දිනන්න බැරි වෙයි

ආයු චැලෙන්ජ් මී..වේට් ඇන්ඩ් සී..හව් අයි ඩූ ඉට්..මන් තමුසෙගෙන් හරිත අයියව අරන් පෙන්නනම්..හොදින් නැත්තම් නරකින්..තේරූනාද

හරි බලමුකො…

අපේ කතාව නවත්තන්න උනේ..ආදි එතනට ආව නිසයි…

හරිත අයියෙ යන්කො ඩාන්ස් කරන්න

පස්සෙ එන්නම් සුවිටි

බෑ බෑ යන් යන්..

නතාශා ඩ්‍රින්ක්ස් අරන් ආදිටත් දුන්නා..මෙයාටත් ඉතින් පෙරේත කමනි..මේන් බීවා..මැට්ටා

යන්කො

විහගි

එයාව කවුරුත් ගිලින්නෑ අපි යන්…

අනෙ නපුරො යන්න එපා මේ කිඹුලි ඔයාව ගිලී…

යන්කෝ

ආදිගෙ ඇගෙ ඇලි ඇලි එයා ආදිව එක්කන් ගියා..මට ඉතින් හුලන් තමයි..හුම්ම්ම්…

මාව අමතක කරලා කෙල්ලො මැද්දෙ දෙකට කැපුනු පනුවා වගෙ ඇබරෙන හැටි…
කාත් කවුරුත් අදුරන් නැති තැනක මන් තනි වුනාම හ්ම්ම්..ඔයා මාව දාලා කිඹුලියක් එක්ක නටනවා නේද..මන් කොහොමද ඔයාව මගෙ ලගින් පරිස්සම් කරලා තියාගන්නෙ මහත්තයෝ…

වේටර් කෙනෙක් මට ඩ්‍රින්ක්ස් ඇල්ලුවා…ජීවිතේට වත් වයින් ටිකක් වත් තොල නොගාපු මන් ඒ ඩ්‍රින්ක් එක අතට අරන් එක හුස්මට බීවා…

මුලින්ම උගුර පිච්චිගෙන යනවා වගෙ දැනුනා..මෙලො රහක් නැ ගද විතරයි..ඒත් දෙයියනෙ කොහොමද මන් අර වගෙ නාඩගමක් දිහා ඇහක් ඇරන් බලන් ඉන්නෙ..මගෙ මිනිහගෙ කරෙ වෙන එකියක් එල්ලිගෙන..අහ්..මට බෑ

හිතට දැනුනු ආවෙගේත් එක්කම මන් ඒ ට්‍රේ එකෙ තිබ්බ සේරම අරන් අරන් බිව්වා..අප්පච්චි අප්පච්චි මට සමා වෙන්න..ඔයාගෙ දූ අද අමුම අමු බේබද්දියෙක් උනා.

දැන්නම් මගෙ ඔලුවත් මොනාද වෙනවා වගේ..අහ්…

ආදි මොකෝ මේ

ක කවුද මේ

ආදි ඕක නවත්තනවා

මන් අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා..කිනාල්

අහ් කි කි කිනාල්…මගෙ යාලුවා..ඔයා ආවා

මොකො මෙ ආ..මොනාද මේ බොන්නෙ

ඇයි..විස්කිනෙ..ලසයි..ඔයාටත් පොවන්නම්..මෙ…

ඔයාට පිස්සු..බොන්න එපා

ඇයි..ආදිටහොදයි මේවා..ඔයාට හොදයි..නතාශට හොදයි..අරයට හොදයි අර අර මෙ මෙයාට හොදයි..ඉතින් විහගි බීවම මෝකෝ

කෙලින් ඉන්නත් පන නෑ..ඔහොම ඉන්න මන් හරිතව එක්කන් එන්නම්

අන්න හොදා…යි..අර හැ හැල කිඹුලිගෙන් බේරන් අරන් එන්න..එයා ගි ගි ගිලියි..

ඇගට වාරු නැති නිසා මන් එතන ඉද ගත්තා..

ටික වෙලාවකින් කිනාල් ආදිව එක්කන් ආවා..

ඒත් අනෙ ශෝයි..එක ආදිට ආදිලා හයක්..කතරගම් දෙයියො වගෙ

එකා..යි..දෙකායි..තී…හතාරායි..ෆයිව්..සික්ස්..ආදිලා හයක්..ශො ශෝයි

පොලගි මොකො මේ

පොලගි මන් පොලගි එතකොට අරයා සුවිටි..කූඹි වහන සුවිටි..ඔයා එයාගෙ ඇබාඋආ..ඇඹලයා..සුවිට් නෙ..මන් පොලගි..දස් දශට කරන..මේහෙ පෙනේ මගෙ..පුස්

පුස්…

මන් ආදිට අත පෙනෙ වගෙ පුප්පලා දස්ට කලා

අයියො පිස්සි..මොනා කරගන්නවද මන්දා

ඉතින් මන් මොනා කල්ම්න්ව්ද..මෙතන තනියෙන් උන්නා..ඔයාව කිඹුලි ඩැහගෙන යද්දි..මට අර අරයා ..ඔඑ අරයා ට්‍රේ එක දික් කලා..ඉතින් මටඑ නේ..මම් බීවා..නියමයි..ටොප්..එලකිරි..අහ්..නෑ විස්කි..

අයියො මගෙ වැරැද්ද මෙතනට ඔයා අරන් ආව එක

ඔව් මන් අර වගෙ හෙ හෙලුවෙන් නෑනි..ගැලපෙන්නෙ නෑ..අර වග්ගෙ ඇබරෙන්න දන්නෙත් නෑ..ඉතින්..ගැලපෙන්නෙ නෑ

හරිත විහගිව අරන් යන්න..

බෑ බෑ මට ඩාන්ස් කරන්න ඕනි..අර කිඹුලි වගෙ..ඔයා කිඹුලි කනකම් බලන් ඉන්න බෑ..ඔයා මගෙ..මම් ඔයාගෙ..කිඹුලි ගිලි..යන් ඩාන්ස් පාරක් දාලා ආතල් එකක් ගමු

හරිත බලපන් වටෙ ඉන්න අයත් බලනවා..විහගිට හොදටම වැදිලා..අරන් පලයන්

යන්..

මට බෑ බෑමයි නටන්න ඕනි..

මන් පොඩි එකෙක් වගෙ එතන බිම ඉදගත්තා..

යන් ආදි

බෑ කීවනි…ඔයා මගෙ..අර කිඹුලිගෙ නෙමි..එකී එකී එකී..මොකක්ද එකී කීවෙ..මතක නෑනේ…

හරි යන්නෑ බන්..උස්සගෙන හරි පලයන්..

ආදි මාව උස්සලා අරගත්තා..මන් එයාගෙ කරවටෙ බදන් ඒ මූණ කිස්කලා

ඔයා මගෙ ආදි..අර සුවිටියගෙ නෙමි..මගෙ..මගෙ මන් ඔයාට ආදරෙයි..ආයෙ ඒ සුවිටා එක්ක යන එපා..ම…ම..ම..ට දු..ක…යි…

වෙරිමතෙන් තව මොන මොනවා කීවද මන් දන්නෑ…

අයි ලව් යූ ආදි….

මාව රූම් එකට අරන් ආවා මතකයි..ඇද ලගදි..ඇද උඩට මන් ඩොග්…

…මතු සම්බන්දයි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *