ඔබ මගේම නම්………………………..33

මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..හිට ගෙන ඉන්නත් බෑ වගේ දැනෙනවා…මන් තෝන්තුවෙන් වගෙ වොශ් රූම් එකට ගියා…සින්ක් එකේ බේසින් එක අත් දෙක තියලා මන් කන්නාඩියෙන් මූණ බැලුවා..

ම්ම් මොකක්ද උනේ ඊයේ..ම්ම්..

ඊයෙ රෑ උනු දේවල් මතක් කරගන්න මන් උත්සහා කලා..

අහ්..ආදී නතාශා එක්ක නටන්න ගියා..ඊට පස්සෙ මන් වේටර් ගෙනාව විස්කි බිව්වා..එක වීදුරුවක්ද..නෑ දෙකක් ..අයියො නෑ හයක් හතක් බිව්වා..

අයියො දෙයියනේ..මන් කිනාල් එක්ක මොන මොනවා කියෙව්වද…ම්ම්ම්

කිනාල් ආදීව එක්කන් ආවම මන් ආදි එක්කත් කියෙව්වා නේද..ආදි මාව වඩාගෙන කා එකට දාගත්තා..එතෝට මාව ගෙදර..ඔව් ගෙදර එක්කන් ආවා මතකයි..

අහ්..එතෝට මේ ඇදුම්..හිතාගන්න බෑ ඒවා මාරු වෙලා..ඒත් කොහොමද..

මන් ආදි එක්ක ……නෑ නෑ නෑ එහෙම දෙයක් කලේ නෑ මන්..

කොහොමද මගෙ ඇදුම් මාරු උනෙ..අයියෝ…ඇදට වැටුනට පස්සෙ මන් මොනාද කලේ කියලා මට කිසි දෙයක් මතක නෑ දෙයියනේ…

කොහොමද මන් දැන් ඒක දැනගන්නෙ..ම්ම්…

තෝන්තුවෙන්ම මන් ආයෙ ඇවිත් ඇදෙන් ඉදගත්තා..

ඒත් එක්කම කාමරෙ දොර ඇරන් ආදී ආවා…

කවදාවත් නැතුව තේ දෙකකුත් අරන්..

ආ මැඩම්..ගුඩ් ආෆ්ටර්නූන්

ගුඩ් ආෆ්ටර්නූන්…ඒ කියන්නෙ දැන්

ඔව් දැන් එකා මාරයි වෙලාව..

අයියො ..

අයියෝ තමයි මොකක්ද පොලගියෙ ඊයෙ කරපු වැඩේ..

ඇයි…

දන්නවා නපුරා මට බනින්න යන්නෙ කියලා ඒත් ඊට කලින් මගේ ඇදුම් ගැන අහලා ඉන්න ඕනී..

මොකො ම්ම්

ආදි

ඇයි

කවුද..කොහොමද මගෙ ඇදුම් මාරු උනේ

ඒක පස්සෙ කියන්නම්..ඔක්කොටම කලින් කියනවා මොකක්ද ඊයෙ කරපු ඒ පිස්සු වැඩෙ කියලා…

ඇයි

ඇයි කියන්නෙ..මොකටද බිව්වෙ ආ

………………………

.
ඇයි ඔයාට විතරද බොන්න හොද ආ

මන් වගේද මෝඩී ඔයා..කලින් බීලා තියෙනවද

නෑහ්

එහෙනම්

ඔයාට බොන්න හොද නම් මන් බීවම මොකො

මැට්ටි..ආයෙ බීවොත් බලාගමු

ඇයි මොනා කරන්නද

වොශ් රූම් එකට දාලා දොර ලොක් කරලා තියෙනවා..

කමක් නෑ..ඔයාට බොන්න හොද නම් මන් බීවම මොකො බොනවා බොනවා මන් බොනවා

හා හා බොනවා..බීලා පිස්සු නටනවා..සත්තු වත්තෙම ඉන්න සත්තුන්ගෙ නම් කිය කිය මිනිස්සුන්ට බනිනවා

මන් කාටවත් බැන්නෙ නෑ

බැන්නෙ නෑ..අනෙ යනවා ඇයි බැන්නෙ..හැල කිඹුලි කිය කිය

ඉතින් මිනිස්සුන්ට බැන්නෙ නෑනෙ..හැලකිඹුලිට බැන්නෙ

ඊයෙ මට ලැජ්ජ කරනවා තව පොඩ්ඩෙන්..වෙලාවට කිනාලයා දැක්කෙ නැත්තම් මගෙ සායම් ඉවරයි එහෙම් පිටින්

ඉතින් ඔයානි මාව දාලා ගියෙ..

දාලා ගියා යැයි..නටන්නනෙ ගියෙ..

ඔයා ගියෙ නම් නටන්න තමයි ආදි..ඒත් රිදුනා මගෙ හිත ගොඩක්..ගොඩක්..ඔයා මගේ ආදි..බීලා මන් කියෙව්වෙ මගෙ හිතෙ තියෙන වේදනාව..

ම්ම්

මන් ඔයාට ගොඩක් ආදරෙයි ආදි..ඔයයි මමයි මැරි කරද්දි මගෙ හිතෙ ඔයා ගැන තිබ්බෙ තරහක් විතරයි..ඒත් ටිකෙන් ටික ඔයත් එක්ක ජීවත් වෙද්දි ඔයා කොච්ච්‍ර මට වෙනස්කම් කලත් මන් ඒ වෙනස්කම් ,නපුරුකම් ඒ දේවල් වලට ආදරෙ කරන්න පටන් ගත්තා..ආදි..ආදරෙ කරන්න ගත්තා..ඔයාත් මාත් එක්කම වෙනස් වෙද්දි මට ආදරෙ දෙද්දි තවත් ඒ නපුරුකම් වෙනස්කම් උහුලන්න බෑ ආදි..මන් මෝඩ කෙල්ලෙක් නෙමි..මන් දන්නවා..මන් හොදටම දන්නවා ඔයායි නතාශයි අයියයි නන්ගියි..මන් ඔයාගෙ ජීවීතේට ආවෙ ලගදි..ඔයාලා දෙන්නා ඉපදුනු දවසෙ ඉදලම..ඒත් හැම තිස්සෙම ඔයාව නතාශා එක්කන් යද්දි ඔයත් මන් ගැන නොහිතා එයා එක්ක යද්දි මගෙ හිත රිදෙනවා ආදි..ගොඩක් රිදෙනවා..මට බෑ මගෙ ඇස් දෙකින් බලන් ඉන්න ඔයාව නතාශා එක්ක..බෑ දෙයියනෙ බෑ..ඔයාව කාටවත් දෙන්න බෑ..ආදරෙයි මන් ඔයාට ගොඩක්..

මට ඔයාගෙන් මෙහෙම ඉල්ලන්න අයිතියකුත් නැතිව ඇති..ඒත් රත්තරනේ ආයෙම මහත්තයො ඔහොමයන්න එපා නතාශා එක්ක..අනෙ ඔයා මගෙ ආදි..මගෙ..මන් ඔයාගෙ වයිෆ්..නතාශා එක්ක යන්න එපා දෙයියනේ..යන්න එපා..

මන් දැන් බීලා නෙමෙයි ඉන්නෙ ආදි..හොද සිහියෙන් ඉන්නෙ..ඊයෙ බීවෙ දුකට..මැරෙන්න තරම් දුකයි…වේදනාවයි…මගෙ පපුව පැලිලා යනවා මහත්තයො ඊයෙ මන් නොබීවා නම්..බීලා නෑ කලින් වයින් බිදක් වත්..ඒත් දෙයියනෙ මටත් තියෙන්නෙ හිතක් මහත්තයො..මේත් හිතක්..මේ හැම වේදනාවක්ම දරාගන ඉන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා මහත්තයෝ..

සමාවෙන්න ඊයෙ මන් හින්දා ඔයාට වරදක් උනානම්..ලැජ්ජාවක් උනානම්..මට සමා වෙන්න මගෙ හිතට දැනුනු දුක නිසයි එහෙම උනෙ..

ආයෙම රත්තරනෙ නතාශා එක්ක යන්න එපා..බුදුන් වදින මේ අත් දෙකින් වැදලා ඉල්ලන්නම්..නතාශා එක්ක යන්න එපා..අනේ

අන්තිම ටික කියද්දි මගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනා..මන් ඒ කකුල් ලග වැද වැටුනා…


ආදී මාව නැගිට්ටෝලා ගත්තා..මගෙ උරහිස් වලට අත තියලා..

කෝ ඔලුව උස්සන්න

ම්ම්..බෑ

උස්සන්න..කෝ..මැනික

කදුලු පිරුනු ඇස් වලින් මන් එයා දිහා බැලුවා..

ඒ ඇස් තෙත් වෙලා..ඒත් ඇයි

මගෙ මැනික මට ඔච්චර ආදරේද..ම්ම්

මන් ඔව් කියන්න ඔලුව වැනුවා..එයා මාව එයාගෙ පපුවට අරන් තුරුල් කර ගත්තා…

ඒ අත් වලින් මගෙ ඔලුව අතගෑවා..මට දැනෙනවා මුලු ලෝකෙම මගේ ලග තියෙනවා වගෙ..මගෙ වටෙ ශක්තිමත් පවුරක් බැදලා තියෙනවා වගෙ

මැනිකගෙ හිත මන් මෙච්චර කල් තැලුවා නම් රිද්දුවා නම්.මට සමාවෙන්න රත්තරන්..ආදරෙයි මමත්..සමාවෙන්න..පොරොන්දු වෙන්නම් ආයෙම යන්නෙ නෑ නතාශා එක්ක..යන්නෙ නෑ ..

ඇත්තමද

ඔව්….

මන් ඊයෙ දැනගත්තා මැට්ටිගෙ හිතෙ තියෙන ඉරිසියාව..මේ අහන්න මැට්ටියෙ මන් කලින් සුවිටි ගැන කැමැත්තක් තිබුනා තමයි..ඒත් ඒ එයාගෙ රූපෙට බැදුනු ආශාවක්..ඔයා මගෙ ජීවිතේට එන්න කලින් මන් දැකලා තිබුනෙ මගෙ ලොකෙ උන්නෙ සුවිටි වගෙ ගෑනූ..ඒත් ඔයා ආවට පස්සෙ මන් තේරුම් ගත්තා දැනගත්තා කෙල්ලෙක් නම් කොයි වගෙ වෙන්න ඕනිද කියලා..රූපෙ කියන්නෙ නැතිවෙන දෙයක්..ඒත් ඔයාලග තියෙන ඒ අහින්සක ගෑනුකම මගෙ පිරිමි හිත ආයෙම කිසි කෙනෙක් ලගට යන්න බැරි වෙන්න හෙල්ලිලා තියෙන්නෙ..සුවිටි දැන් මට නන්ගි කෙනෙක් විතරයි..තේරුම් ගන්න බබි..එක පාරම අවුරුදු ගානක් තිබ්බ පුරුදු අත් හරින්න බෑ..ඒත් මගෙ මැනිකගෙ හිත ඒ දේවල් වලින් රිදෙනවා නම් ආයෙ මන් නොකර ඉන්නම්..යන්නෙ නෑ මැනික..යන්නෙ නෑ පොරොමිස්..

ඇත්තමද

ඔව්

ආදරෙයි ගොඩක් මන්

කකුල් වලින් ඉස්සිලා මන් ඒ නල්ල සිප ගත්තා…

මැට්ටි මගෙ බීවම ශෝයි අප්පා ඊයෙ රෑ වාව් මර..

ූ …
ඇයි ඊයෙ රෑ මොකො

මොකො කියන්නෙ ශෝයි ශෝයි දේවල් උනෙ

ඔයා බොරු කියන්නෙ

ඇයි මන් බොරු කියන්න්‍ර්..බිව්වම ඔයා මරු..වාව්..

නෑ නෑ එහෙම මුකුත්ම උන්නෑ ඔයාගෙ බොරු

බොරු නම් කොහොමද ඔයාගෙ ඇදුම් මාරු උනෙ ම්ම්..මන් මම්..දැක්කා දැක්කා ..හැමදේම දැක්කා

කන් දෙක පලාගෙන කම්මුල් දිගෙ උනු ලෙ ගලන් යනවා..ලැජ්ජාවෙ බෑ..අනෙ එහෙම දෙයක් උනාද

මේ දේවල් එයාට තමයි අයිති..ඒත් ඒ ලස්සන මොහොත මන් නොදැනුවත්වම..අනේ ඉතින්..

මොකො ඒ පාර

ආදි….

ම්ම්ම්

මන් ඒ පපුව පහුරු ගෑවා..කොහොමද දෙයියනෙ කටක් ඇරලා මන් ඒක අහන්නෙ

ආදි

කිකිලි වගෙ කෙකර ගාන්නෙ නැතුව කියනවා මෝඩි

ඊයෙ

ම්ම්

එහෙම

ම්ම්

උනාද

කොහොමද

ඔයා කි.ය..න විදියට එහෙම උනානම්…ම්ම්..ඔයා ඒක

මන් ඒක..ඒක මොකක්ද

ඔයා ඒක දැක්කද..මගෙ..අනෙ කියන්නකො .මට මතක නෑ මුකුත්ම

මැට්ටි මොකො බය වෙලා..

අනෙ කියන්නකො..ඔයා දැක්කද මගෙ…අරක

අයියො ..හා හා ඇත්තම කියන්නම්කො..එහෙම දෙයක් උන්නෑ..මන් එහෙම කොල්ලෙක් නෙමි කෙල්ලෙක්ට සිහිය නැතිව ඉද්දි එහෙම දේවල් කරගන්න..මෙච්චර කල් ඔයා එක්ක ඉන්න පුලුවන් නම් ඊයෙ රැ ඉන්න බැරිද මට..මට එහෙම ඕනි නෑ..තේරුනාද

අනික

අනික

ඒවා කරන්නෙ කොහොමද මෝඩි ඇදට වැටුන ගමන් දොයි නෙ මෝඩි..

එතකොට මගෙ ඇදුම්

අද උදෙ කුසුම් නැන්දට කියලා මාරු කෙරෙව්වෙ..

ඇත්තමද..ඇති යාන්තම්

ඇති යාන්තම් කීවෙ මේවා මගෙ නෙමීද ආ

ඔයාගෙ තමයි ඒත්

හරි හරි මැට්ටි මට තේරෙනවා..ඒ දවස අපි ලස්සනට සමරමු..මෝඩ මැට්ටි..

ම්ම්

ආදරෙයි මන්..

මමත් ආදරෙයි..

සුදු හාමිනෙ මගේ

ආදි

ම්ම්

තව පොරොන්දුවක් වෙන්න

පොරොන්දු ගොඩයි..කියන්නකො බලන්න

ආයෙම බොන්න එපා ආදි…

බිව්වොත්

මමත් බොනවා

අම්මො එපා එපා..ඊයෙ බීවා ඒ හොදටම ඇති..හරි පොමිස් මන් ආයෙ බොන්නෙ නෑ නතාශා එක්ක යන්නෙත් නෑ..මගෙ පොලගිව නටො නටෝ ඉන්නම්..

මොකක්ද කීවෙ

පොලගිව නටෝනවා මේන් මෙහෙම

ආදි මාව අල්ලන් ඩාන්ස් කලා..ඒ මූණෙ ආදරෙ පිරිලා..

අනේ ඉතින් මන් ආදරෙයි..ගොඩාක්..හැමදාම මැරෙන තුරාම ඔයා මගේම වේවා..

…මතු සම්බන්දයී… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *