ඔබ මගේම නම්………………………..35

හිතේ ඇතිවුනු බය නිසා කිනාල්ට තුරුල් වෙලා උන්නෙ මන්..

ඒත් එක්කම දොරත් ඇරන් ආවේ ආදී…

එයාගෙ ඇස් ලොකු වෙලා…

මගෙ හිතට දැනුනෙ සැනසුම් සුසුමක්..

මන් කිනාල්ගෙන් මිදිලා ආදි ගාවට දුවන් ගියා…

අනේ හරිත…අනේ

මන් එයාගෙ උරහිස බදාගත්තා…

මොනාද මෙතන වෙන්නෙ ආ…ඇයි ඔහොම

ආදි මගේ උරහිස් දෙකෙන් අල්ලන් ඇහුවා..

අනේ ආදී..මන් මන්…

සිද්ද වුනු හැම දෙයක්ම අකුරක් නෑර මන් ආදිට කිව්වා…කිනාලුත්…

හැම දෙයක්ම හරිත කිසිම කලබලයක් නැතුව අහන් උන්නා..එයාගෙ ඇස් වල තිබ්බෙ අවිනිශ්‍යතාවයක්…

කට කොනකින් උපහාසයට එයා හිනා වෙනවා වගේ දැනුනා

ඉතින් ඒ තුන් දෙනා ඔයාව රේප් කලේ නැද්ද අයියෝ පව්..ඔච්චර වෙලාවක්..කිනාලයා එනකම්ම නිකන් උන්නද උන් ආ…අයියො අපරාදේ..අන්තිම බට්න් එක ගලවද්දි මූ ආවද…හරියට ෆිල්ම් වල දුස්ටයා කෙල්ලව රේප් කරන්න ඔන්න මෙන්න තියෙද්දි වීරයා ඇවිත් නෙලනවා වගේ…මූ හරියට ඒ වෙලාවෙම සුපර් මෑන් වගේ ඇවිත් නෙලුවද..ම්ම්ම්…මෙහෙම එහෙම නැත්තම් මෙහෙම

හරිතට මොකො මේ වෙලා තියෙන්නෙ එයා මේ හැම දෙයක්ම විහිලුවට අරන්..

අනේ පව් නේද..ඔයා බයට සහෝදර හිතින් කිනාල්ව් බදාගත්තා නේද…එතකොට කිනාල් සහෝදරකමට ඔයාව කිස් කලාද…මෙතන…එහෙමත් නැත්තම් මෙතන…පව් නේ අරුන් තුන් දෙනා…ම්ම්..මේ වගේ හොද හොටෙල් එකකට ඔයාව එක්කන් ඇවිත් ඇදුම් විතරයි ගලවන්න ලැබුනේ …අයියෝ ඒ මදිවට ගුටිත් කාලා..

හරිත ඇයි මේ

අනේ පව් ..මට මෙච්චර කල් මුකුත් තේරුන්නෑනේ..අහින්සක බබා පාර්ට් එක දාගෙන මට ආදරෙයි කිය කිය..ආ..ඒක තමයි හැමදාම මන් ඇල්ලුවාම අද බෑ අද බෑ ගෑවෙ..තමුසෙට ඔප්පු කරන්න බෑනි වර්ජින් කියලා..පුලුවන් තරම් මූත් එක්ක නටලා නටලා දැන් මන් ආදරෙයි කීව නිසා මගෙ ඇගේ එල්ලිලා ඉන්න..හොදයිනෙ..දෙන්න එක්කම උන්නෑකිනේ..තමුසෙ කියන විදියට ඔෆිස් ප්‍රොජෙක්ක්ට් එකක් තිබ්බනම් කොහිවත් යන එකෙක්ට කියන්න ගියෙ ඇයි..මටම කියන්න තිබ්බානේ..මොකො මූද මේ අපෙ කම්පැනිය එක බලාගන්නේ…

හරිත මගේ මූනට අත තියලා..එක අතකින් කම්මුල් මිරිකුවා…

තෑන්ක්ස් ගෝඩ්..මෙච්චර කල් තමුසෙ නටපු නාඩගම් අද එලි උනාට..මන් රැවටුනා..මේ සුදු මූනට..අහින්සක බබා පාට් එකට…හැමදේම නැවත්තුවා..කොහේවත් ඉන්න පොලගියෙක් නිසා…කෙල්ලො මායිම් නොකර උන්නු මන් හා පුරා කියලා ආදරෙ කරන්න ගත්තා..තමුසෙව මගේම කරන් හැමදාම තියා ගන්න හිතුවා..ශිට්..මාර ඇන්දිල්ලක් මෙච්චර කල් මන් ඇන්දුනේ..කොහේවත් ඉන්න එකෙක්ගෙ තුරුලේ උන්නු එකියක්ව ..ශිට්…මට පොඩි සැකයක් තිබ්බා..මුගෙ වැඩෙ කොච්චරවත් විහගි විහගි ගාද්දි..විහගිට ආදරෙ කරපන් කියද්දි..කෝල් කරද්දි…ශිට් ..උපන්දා ඉදලා ලගින් ඉදලා මාව රැවට්ටුවා…රැවට්ටුවා…යකො තොපිලා දෙන්නට පව් යකෝ..පව්…මාව මෙච්චර කල් ඇන්දුවට…ශිට් මන් මන් මෝඩ උනා..ශිට් ශිට්..මාර ඇන්දිල්ලක් මාර ඇන්දිල්ලක්..

මේ මොනාද හරිත කියන්නෙ

අනේ හරිත එහෙම දෙයක් නෑ අපි අතර..අනේ ඇයි ඔහොම ඇයි මාව සැක කරන්නෙ…මන් තවම ඔයාගෙ හරිත අනේ

හහ්..තවත් රවට්ටන්න ..යනවා අහකට..හරිත අයියගෙන්..

නතාශා මාව තල්ලු කරා…

කිනාල් මාව වැටෙන්න නොදි අල්ල ගත්තා..

උඹට පිස්සුද ආ..මේ අසරනි ගැන ඔහොම කියන්න..කවුද සුවිටිද කිව්වෙ මේවා..ආ..

මට කවුරුවත් කියන්න ඕනී නෑ යකො..මන් මගෙ ඇස් දෙකින් දැක්කා..උඹලගෙ නාඩගම්..මන් මේකිව විස්වාස කරා..ආදරෙ කරා..මලක් වගෙ පරිස්සම් කරා..ඕනි තරම් අවස්තාව තිබුනත් මන් වැරැද්දක් කලේ නෑ…මාත් හැගීම් දැනීම් තියෙන කොල්ලෙක් යකෝ…හැමදාම රෑට මේකි එක්ක එක ඇදෙ නිදා ගද්දි මට තිබ්බා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේකිව ගන්න..මට ඕනි උනේ මලක් වගෙ තියන් ආදරෙ දෙන්න ආදරෙ ගන්න…උඹලා දෙන්නම මාව රැවට්ටුවා…ශිට්

ආදී ලෑස්ති වෙනවා ඩිවෝස් එක ගන්න..මන් තමුසෙට කිසි දෙයක් දෙන්නෙ නෑ..

අනේ හරිත වැරදියට හිතන්න එපා මන් තාම ඔයාගෙ..හැමදාමත් ඔයාගෙ විතරයි…

අනේ යමන් යන්න..තවත් එනවා අපේ හරිත අයියගෙ ඇගේ එල්ලෙන්න…කිනාල් අයියෙ ඔයත් මරු ආ…නියමයි..ශී ශී

මන් මොන දේ කිව්වත් ආදි පිලිගත්තෙ නෑ…එයා මාව සැක කරනවා…

නතාශා හරිතගෙ අතේ එල්ලිලා යන්න ගියා…

………..

දෙවියො හැම තිස්සෙම මා එක්කම සෙල්ලම් කරන්නෙ ඇයි..ඇයි..මාව …

විහගි ඇදගන්න..අපි යන් දැන් රෑ වෙලා

මට බෑ කිනාල්..මට බෑ හැම දෙයක්ම ඉවරයි..හැම දෙයක්ම ..එයා මට ආදරෙ කරන්න ගත්තා විතරයි…මන් එයාගෙන් ආදරෙ විදින්න ගත්තා විතරයි…අනේ

දැන් ලෑස්ති වෙන්න …මෙතන ඉන්න බෑනී…මන් ඔයාට වැරැද්දක් වෙන්න ඉඩ තියන්නෙ නෑ..ඇදගන්න..අපි යන්

අනේ කිනාල්

අඩන්න එපා යන්

ඒත්

ඔයා ඇදගෙන එන්න..අපි වැරදි නෑනේ..මොකක් හරි මාර්ගයක් ලැබෙයි…යන්…

කිනාල් රූම් එකෙන් එලියට ගියා..මන් යන්තම් සාරිය පටලවන් එලියට ආවා…

කිනාල් එක්ක කාර් එකෙ යන අතරෙ මගේ ජීවිතේ ආදි හමුවුනු දවසෙ ඉදන් සිද්ද උනු දේවල් මන් කල්පනා කරා

මන් වැරැද්දක් කලේ නෑ..තුන් හිතක වත් ආදි ගැන ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගැන හැගීමක් උපන්නෙ නෑ..ඒත් ඇයි මේ මටම..මටම…

විහගි බහින්න අපි ආවා

හ්ම්ම්..මට කකුල් ඉස්සෙන්නෙ නෑ වගෙ..කොහොමද මන් හැමොටම මූණ දෙන්නේ..

අපි දොරකඩට යද්දි..හැමෝම ඉස්සරහට ආවා..

අනේ අම්මි

ඔහොම නවතිනවා

අම්මි

අම්මි මන් කවද්ද තමුන්ගෙ අම්මි උනේ..චී චී…අපිව රැවට්ටුවා..උඹලත් ගෑනුද බ.ම්..මූණෙ තියෙන අහින්සක කමට අපි රැවටුනා..ශී…මගෙ දරුවව රැවට්ටුවා…

ඒකනෙ නැන්දෙ පව් අපේ හරිත අයියා…ඔය වගෙ දුප්පත් එවුන් ඔහොම්මමයි…දෙන්නවම රවට්ටන් කඩා ගන්නයි හැදුවෙ

කුසුමා ගෙනෙන් මේකිගෙ ලට්ට ලොට්ට..එක කොන්ඩ කටු කෑල්ලක් මෙහෙ තියන්න එපා

අනෙ අම්මි මන් කියන දේ අහන්න..අනේ ආදී ඔයාවත්..ප්ලීස්

ආදි අහස දිහා බලන් උන්නා…

අනේ ලොකු සර්..නන්ගි..මන් මන් වැරදි නෑ….

හැමෝම ඉස්සරහා මන් බැගෑපත් උනා…

කුසුම් නැන්දා බයෙන් බයෙන් මගෙ බඩු එලියට ගෙනාවා…

ඇයි දෙවියනෙ මන් වෙනුවෙන් කිසිම කෙනෙක් නැත්තේ..ඇයි කවුරුත් මාව විස්වාස කරන්නෙ නැත්තේ

කුසුමා සේරම හරිද

හ්ම්ම්..ඔව් නෝනා..

ඔය හිගන හැත්ත ආයෙම එන්නෙ නැති වෙන්න මුන් ගිය ගමන් ගේට්ටු ලොක් කරලා දාන්න..අපි යන් ලමයි

මන් දුවලා ගිහින් ආදිගෙ ඇගේ එල්ලුනා

අනේ..ආදි මාව යවන්න එපා ආදි..මන් නිර්දෝශයි ආදි.. මන් නිර්දෝශයී…

අහකට යනවා..තමුසෙ වගෙ එකියක් මගෙ ඇගේ ගෑවෙන වට වත් මන් කැමති නෑ..තමුසෙටයි කිනාලයටයි පවුල් කන්න..මන් තමුසෙව රිලීස් කරන්නම්..දැන් අයින් වෙනවා..උසාවියේදි හම්බෙමූ

මාව බිමට තල්ලු කරලා මූණට දමලා ගහන්න වගෙ ආදි දොර වැහුවා..

මන් බිම ඉදන් කොච්චර වෙලා ඇඩුවද දන්නෙ නෑ..මාව මැරිලා යන්නෙ නැත්තේ ඇයි දෙයියනේ..

අපි යමු විහගි..එන්න..මුන්ට තේරුම් කලාට වැඩක් නෑ…යන්

මට බෑ කිනාල්..ආදි නැතුව එක අඩියක් මන් මෙතනින් හෙල්ලෙන්නෙ නෑ..

මෝඩියෙක් වෙන්න එපා විහගි..එයාලා කතා කරපු හැටි දැක්කනෙ..අපියන්

බෑ

යන්

හුම්ම්..ඉතින් හැම දෙයක්ම ඉවරද..

හිතක් නැති පිලිමයක් වගෙ මන් ඔහේ ඉද්දි කිනාල් මගෙ ඇදුම් කා එකට දා ගත්තා..කුසුම් නැන්දයි සමන් අයියයි විතරක් දුකින් බලන් උන්නා..

විහගි යන්..තවත් මෙතන බලන් ඉදලා වැඩක් නෑ…

කා එකට නගින්න හදද්දිම ගෙදර දොර ඇරුනා..මන් හිතුවෙ ආදි මාව නවත්තගන්න හැදුවා කියලා..

නෑ මට වැරදුනා..ආදි නෙමි..නතාශයි අම්මියි

මේ ගෑනියෙ තමුවන්ගෙ මේ අබ්බගාත අප්පවත් අරන් ගියා නම් තමයි හොද…

අනෙ අප්පච්චි..

අප්පච්චිටත් මන් නිසා සැනසීමක් නෑ..

අප්පච්චිවත් දාගෙන අපි ආවා…

විහගි යන් අපේ ගෙදර

බෑ…

කිනාල් එයාලගෙ වහලා තිබ්බ ගෙදරකට අප්පචිවයි මාවයි එක්කන් ගියා..හුම්ම්…

කිනාලුත් නොහිටියනම් මේ දේවල් මන් කොහොම දරාගන්නද…..

……

ඊටත් සති දෙකකට පස්සෙ උසාවියේදි මමත් ආදිත් වෙන්වුනා…

හැම දෙයක්ම මටත් කිනාල්ටත් විරුද්දව පෙල ගැස්සිලා තිබ්බා..

හොටෙල් එකේ cctv කැම් එක පවා..ඒකෙ තිබ්බෙ කිනාලුත් මමත් රූම් එකට ආව විදියත්..මන් කිනාල්ව බදන් අඩපු විදියවත් විතරයි..

අන්තිමට මට මගේ ආදීව අහිමි උනා..නීතියෙන් මාව අයිති කරගත්තු ආදී නීතියෙන්ම මාව අයින් කලා..

මගෙ නිවැරදි බව ඔප්පු කරන්න කිසිම අවස්තාවක් ඉතුරු නොවී මන් වැරදි කාරියක් උනා..

උසාවියෙ තීන්දුවෙන් පස්සෙ මන් එලියට ඇවිත් බලන් උන්නෙ..එකම එක පාරක් හරි එයා මන් දිහා බලාවි කියලා..

නෑ එහෙම වෙන්නෙ ෆිල්ම් වලම විතරයි..ආදි මන් දිහා ඇහක් වත් ඇරලා බැලුවෙ නෑ..නතාශා එයාගෙ අතේ එල්ලිගෙන හිනා වේගෙන ගියා…

ඉතින් හැම දෙයක්ම ඉවරද…

…………

කිනාල් ඔයාට ගොඩක් ස්තූතියි..මාව හැම වෙලේම බලා ගත්තට..ඔයා හොද යාලුවෙක්

ආදි මේක කරන්නම ඕනිද..ඔයාට ඕනි කාලයක් මේ ගෙදර ඉන්න පුලුවන්

නෑ කිනාල්..මන් නිසා ඔයාටත් කරදර..අපහාස…මේ ඇති හොදටම..

මම් යනවා කිනාල්..මගෙ දුප්පත් අප්පච්චි එක්ක..අපෙ මහ ගෙදර..

ජීවත් වෙන්නවත්..ජීවිතෙ ගැනවත් ආසාවක් වත් බලාපොරොත්තුවක් වත් නෑ…ඒත් මගෙ අහින්සක අප්පච්චි ජීවත් වෙන තාක් මමත් ජීවත් වෙයි..ඔයාට පින්…ඊලග ආත්මෙ මන් පාර්තනා කරන්නම්…මගෙ ජීවිතේට මෙහෙම නොවෙන්න කියලා…මන් ආදරෙයි..මැරෙනකම්ම ආදරෙයි..මගෙ ආදිට..ඊලග ආත්මෙ අපි අතර මේ ඇති නැති පරතරෙ නැතිවෙලා එයා මන් වෙනුවෙනුත්මන් එයා වෙනුවෙනුත් උපදින්න ඕනි…ඔයාට මන් මගෙ සහෝදරයෙක්ට වගෙ ගරු කරනවා කිනාල්..තව දුරටත් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ..ගොඩක් පින් ඔයාට..මගේ ආදීව මන් වෙනුවෙන් බලා ගන්න…

ඒත්

මුකුත් කියන්න එපා කිනාල්..මුකුත් කියන්න එපා…ඉතින් මේ හැම දෙයක්ම ඉවරයි..යන්නම්…

අප්පච්චිගෙ වීල් චෙයා එක තල්ලු කරන් මන් කැබ් එකට නැග්ගා..

කිනාල් බලන් ඉද්දි..අප්පච්චිත් මමත් නැගුනු කැබ් එක ඉස්සරහට ගියා..

ඉතින් මේ නැවතුමක් නෙමී…ඇරඹුමක්….තවත්….

හෙට ආයෙම හිරු ඒවි
නුඹ ඒ හිරු දැක සැනසේවි
හිරු එන්න කලින් පිපි
පින්න මලක් විලසින්
මා හිරු දැක මැලවේවී…
ඉතින් ආයුබෝවන්….
එහෙත් එක දෙයක්
පවසන්නම්…..
මා තවමත් ඔබේමයී…
තවමත් මේ හිතේ
ඔබ වෙනුවෙන් පේමය උපදියි…
හිනැහෙන්නම් අපේ අතීතය සිහිකර
අනේ ඔබ
**ඔබ මගේම නම්**

–මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *