ඔබ මගේම නම්………………………..36

ආයෙමත් ජීවිතේ මුල ඉදන් හ්ම්ම්ම්..

පටන් ගත්තා විතරයි ආයෙමත් පරණ තැනටම..

දැන් මන් කලින් උන්නු විහගි මද…ලෝකෙට බැදලා අවුරුද්දක් යන්න කලින් කසාදේ ඉහිර ගත්තු ගෑනියෙක්..නිකම්ම නෙමි අයාලේ ගිහින්..

මන් තවමත් ජීවතුන් අතර ඉන්නෙ කොහොමද කියලාවත් මන් දන්නෙ නෑ..අප්පච්චි නැත්තම් මෙලහකට මන් ඔලුව හැරුනු අතේ කොහේම හරි ගිහින්..

ජීවීතේ ලස්සන දකින්න පටන් ගත්තා විතරයි..ලස්සන ආදරයක් අත්විදින්න පටන් ගත්තා විතරයි..ඒත් අන්තිමට…

ඉපදුනා කෙල්ලෙක් වෙලා..අවුරුදු හතක් යද්දි අම්මගෙ ආදරෙ නැතිව ගියා..අප්පච්චි උන්නත් එයා මාව බලාගන්න ඕනි කාලේ මට එයාව බලාගන්න උනා..ස්කූල් ගියා..හීන දැක්කා..අහසෙ උන්නු කුමාරයෙක් ගැන..ඒ කුමාරයම මගේ ජීවීතේට ඇවිත් මගේ ජීවිතේ වෙනස් කරා..මට ආදරෙ චුට්ටක් පෙන්නලා..ජීවීත කාලෙම විදවන්න දුකක් ඉතුරු කරලා මාව පටන් ගත්ත තැනින්ම හැලුවා..

මේ මොහොතේ ඔයා මොනවා කරනවා ඇත්ද රන්..ඉස්සර වගේ ඔයාගෙ නපුරුකම් බලන්න..ඔය පපුවෙ සැනසුම ලබන්න මට ආයෙමත් ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි මගේ පපුව රිදෙනවා රන්..හීල්ලෙනවා මට…ඇයි මට ඔයාව අහිමි උනේ..

මන් අතේ වරදක් නැතුව වැරදි වැටහීමක් නිසා මට ඔයා අහිමි උනා…ඔයාට මන් දොස් කියන්නෙ නෑ රන්..දොස් කියන්නෙ නෑ..ඒ වගේ දෙයක් උනු ඕනිම කෙනෙක් ඒ තීරනේ ගනියි…මන් උනත්…ඒත් මගෙ මහත්තයෝ තවමත් මන් ඔයාගෙ විතරයි…කිලිටි වෙලා නෑ…

මුලු ලෝකෙම මන් දිහා වැරදි ඇහෙන් බලන්නෙ…මම් වනචර අයාලේ ගිය ගෑනියෙක් කියලා හන්වඩු ගහනවා…මිනිස්සු මන් දිහා බලන්නෙ කෑදර කමින්…නෑ රන් නෑ..මන් නරක නෑ..

හා පුරා කියලා ආදරෙ දුන්නෙ ඔයා…ඔයයි මගෙ මහත්තයා…මැරෙනකම්ම මන් ඔයාගෙ විතරයි…ඔයා කවදහරි මගේම වෙයි කියන හීනෙ දකින්න මට අයිතියක් නෑ තමයි..ඒත් මේ හිතත් ,ගතත් සදාකාලික අයිති කාරයා…ඔයාම විතරයි මගේ මහත්තයෝ ඔයාම විතරයි…

නිකමට වත් වැරදිලා හරි ඔයාගෙ පෝන් නම්බ එක මගේ පෝන් එකට වැටෙන කම්..මන් බලන් ඉන්නවා රන්..බලන් ඉන්නවා…

ආදරෙයි මන් ඔය හිතට තාමත්
හීනෙකට වත් ඔයා දුටුවාමත්
වෙන්වෙලා අපි ඉදිමු යැයි කීවත්
මතක් වෙන්නෙ ඔයාමයි තාමත්

………………

චූටි අක්කො…

සිතුවිලි සේරම බිදිලා ගියේ..මල්ලිගෙ සද්දෙන්..

ඇයි පොඩ්ඩො

මේ චූටි අක්කො බලන්න කවුද ඇවිත්

මාව බලන්න…ආදි..ඒ ඔයාද රන්…

කම්මුල් වල ඔහේ ගලන් ගිය කදුලු ඇදන් උන්නු බ්ලවුස් එකෙන් පිහිදාගෙන විසිරිලා ගිය කොන්ඩෙ එක මිටකට බැදන් මන් ඉස්සරහට ගියා…

කවුද මාව හොයන් ඇවිත් තියෙන්නෙ

ආදී…

හ්ම්ම් කිනාල්..

කිනාල්

ඔයාට කොහොමද ආදි

තවමත් හුස්ම වැටෙනවා

හ්ම්ම්..ඔයාගෙ හැටි…

හ්ම්ම්

ඇයි ආදි ඔෆිස් එන්නෙ නැත්තෙ

මන් කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ කිනාල්..හමෝම මන් දිහා බලන්නෙ කැත අදහසින්..ගෑනියෙක් එක්ක පිරිමියෙක් උන්නම ඒ ගෑනි වටා ලස්සන ශක්තිමත් අත්තිවාරමක් බැදෙනවා..ඒත් ඒ ගෑනිය දාලා පිරිමියා ගියාම ඒ බැම්මෙ පුන්චි පුන්චි හිල් අස්සෙන් වෙන වෙන අය එනවා…මටත් වෙලා තියෙන්නෙ ඒක..මට පාරට බහින්න බෑ කිනාල්..ගෑනු මට හිනා වෙනවා…කෙල ගහනවා..පිරිමි මගෙ පස්සෙන් එනවා..

ඉතින් ඔයා කවදා වෙනකම් ඔහොම හැන්ගිලා ඉන්නද…අනික ඔයා වැරදි නැති බව ඔයා දන්නවනේ

ඒක දන්නෙ ඔයත් මමත් විතරනි කිනාල්..කාටවත් බයෙ මන් හැන්ගිලා ඉන්නෙ නෑ..ඒත් තවත් මේ දේවල් දරාගන්න තරම් ශක්තියක් නෑ කිනාල්..පොඩ්ඩක් වත් නෑ…මගෙ අප්පච්චි නැත්තම් මන් යනවා කොයි හරි..

දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ හැම දේටම වග කියන්න ඕනි මන්..මට සමා වෙන්න ආදි..මට බෑ ඔයා ඔහොම ඉන්නවා බලන්න…

හ්ම්ම්..ඔයා විතරයි යාලුවෙක් විදියට වත් මට ඉන්නෙ…මේක කාගෙවත් වැරැදක් නෙමි කිනාල් මගෙ නොලැබීම..ඉපදුනු දා ඉදන්ම මට ආදරෙ කරන හැමෝම ටික කාලෙකින් මාව අයින් කරනවා එයාලට මාව එපා වෙනවා..ඒ මගෙ ලැබීම

ඔයා ඔහොම කියද්දි ඉවසන්න බෑ..ආදි…ඇති දැන් කියන්න..අප්පච්චිට කොහොමද

එයා ඉන්නවා කිනාල්..බලාගත්තු අත බලන් ඉන්නවා..මන් හින්දා එයාටත් සැනසීමක් නෑ..

හ්ම්ම්

කිනාල්

ම්ම්ම්

අනෙ එයා හොදින්ද කිනාල්

කවුද හරිතයද

ඔව්

ඌ බිබි ඉන්නවා…ගෙදර ඇත්තෙම නෑ…මන් එක්ක උන් කතා නෑ…අපේ ගෙදර අය එක්කවත්…වතාවක් දෙකක් මන් හරිතයා එක්ක කතා කරන්න උත්සහ කලා..ඒත් සුවිටි උගෙ පස්සෙන්මයි…මට වෙලේකට හිතෙනවා මේ හැම දෙයක්ම සුවිටිගෙ ප්ලෑන් එකක් කියලා

හ්ම්ම්..කවුරු ප්ලෑන් ගැහුවත් දැන් හැමදේම සිද්ද වෙලා ඉවරයි කිනාල්..ආදිගෙ හිතෙ මන් ගැන ඇති වෙලා තියෙන වැරදි වැටහීම…ඒක නැති කරන්න මට බැරි වෙයි…
මට එයා කොහෙ හරි සතුටින් උන්නොත් ඇති කිනාල්

ඔයාව අතහැරිය කෙනෙක් ගැන ඇයි ඔච්චරම හිතන්නෙ…ඌ එදා ඉදන්ම ඔයාට කලෙ වැරදි දේවල් නෙමීද

එයා මට මොනා කලත් මන් හැමදාම එයාගෙ විතරයි කිනාල්..මගෙ ආදරෙ..මගෙ ජීවිතේ හැමදෙයක්ම එයාගෙ නමින් බාර දීලා ඉවරයි මන්..

ඒත් ඔයා…ඔයා ගැනත්

දැන් ඇති කිනාල්..ඉන්න මන් ඔයාට බොන්න මොනා හරිම අරන් එන්නම්..

කිනාල් එක්ක තව කියවන්න ගියොත් එයා තව තව දේවල් කියවයි…මට ඕනි මේ කතාව නවත්තන්න..ඒ හින්දයි කිනාල්ට මොනාහරිම හදන් එන්න මන් කුස්සියට ගියෙ..අප්පච්චිටත් එක්කම තේ එකක් හදන් මන් ආයෙම කිනාල් ගාවට ගියා..

…..

අහ් හොටෙල් ගානේ ජවුසන් නටලා මදි වෙන්න ඇති ගෙවල් අස්සෙත් රින්ගන්න පටන් ගත්තෙ..යකො උරුමෙ උරුමෙ කියලා මේකි ගේ අස්සෙ රින්ගුවා මදිවට දැන් හොර මිනිහවවත් ගෙන්න ගන්නවා..යකඩො මගෙ කෙලීව පාරක එක්කන් යන්න පුලුවන්ද මේ නොසන්ඩාලියෙක් නිසා…

නැන්දා එයාගෙ පහාරෙ පටන් අරන්..කිනාල් ආව නිසා ඒක වැඩි වෙලා

නැන්දෙ කටතිබ්බ පලියට කෑ ගහන්න එපා ඇත්ත නොදැන

හහ් ඇත්ත..ඔයා අපූරුවට විඩියො වෙලා තිබුනෙ කැරැට්ටුව..මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉදපන් චූටියො..අර ලෙඩ මනුස්සයා නිසයි උඹට මන් ගේ අස්සට රින්ගන්න දුන්නෙ..ඔය නොසන්ඩාල වැඩ මගෙ එකි කලානම් අම්මපා මන් වහ කාලා මැරෙනවා

කට වහගන්න නැන්දෙ..ඔහොම කෑගැහුවම අහල පහල මිනිස්සුත් දැනගනියි

තව මොනා දැනගන්නද බන්..මෙතන එක එක එවුන්ගෙ කාර් නවත්තන් ඉද්දි..අර හන්දියෙ උන් මට විහිලු කරනවා..උඹෙ ගාන කීයද කියලා…යකො මගෙ එකීවත් මට දීගන්න බැරි වෙනවා…උඹ නිසා

කෑගහන්න එපා දෙයියන්ගෙ නාමෙට නැන්දෙ

ආන්ටි ඔහොම කතා කරන්න එපා..ආදි අතෙ වරදක් නෑ

අනෙ බම් මෙ මහත්තයො…උඹ මෙතන මේකිව සුද්ද කරන්න ඕනි නෑ..ඔච්චර රුදාව නම් හොරෙන් හොරෙන් ගෙවල් අස්සෙ රින්ගන්නෙ නැතුව අරන් යමන්කො මේකීව..අනෙ උඹලත් තව එනවනෙ..ලැජ්ජාවක් නැතුව…නටාගන්න නැටිල්ලක් මේකිව මෙහෙන් අරන් ගිහින් නටා ගත්තොත් හොදයි..මට මගෙ එකීව දීග දෙන්න ඕනි…අරන් යමන් මහත්තයො මේකිව..කොහොමත් මහත්තයගෙ හොර ගෑනිනෙ

නැන්දා..ඇති

කිනාල් යන්න මෙතනින් කරුනාකරලා යන්න..මෙතන තවත් වචන අහගන්නෙ නැතුව..ආයෙ කිසිදාක එන්න එපා මෙහෙ..යන්න

ඒත්

අප්පද බොල බලාහල්ලකො ලව් එක..කලිසම් මහත්තයට බැන්න ගමන් මේකිට ඩෝන්..අන්‍ර් අම්මෙ පාඩු නෑ..සේරම අල්ලන්නෙ සල්ලි කාරයො..යකෝ අවුරුද්දට එක මිනිහෙක්..තුහ් නොදකින්…

තවත් මට නැන්දගෙ වචන අහන් ඉන්න බෑ..මන් දුවලා ගිහින් අප්පච්චි ලග දනින් වැටුනා..

අනේ අප්පච්චි..මන් අතෙ වරදක් නෑ අප්පච්චි..වරදක් නෑ..අනෙ අප්පච්චි මට මැරෙන්න ඕනි අප්පච්චි

අප්පච්චිගෙ මූණෙ කදුලු ගොඩයි..මන් පොඩි කාලෙ වගෙ ඒ ඔඩොක්කුවෙ ඔලුව තියන් ඇඩුවා…

එක පාරටම අප්පච්චිගෙ අත මගෙ බෙල්ලට කඩා වැටුනා..

———-

අනෙ නැන්දෙ අප්පච්චි

අප්පච්චිගෙ බෙල්ල කඩා වැටිලා..අනෙ මගෙ අප්පච්චි

අප්පච්චි,අනෙ අප්පච්චි

මගෙ කෑගැහිල්ලට නැන්දා ,පොඩ්ඩා ,අක්කා කිනාල් සේරමල්ලා දුවන් ආවා..

කිනාලුයි පොඩ්ඩයි එකතු වෙලා අප්පච්චිව කා එකට දා ගත්තා

හිතට එක එක සිතුවිලි එනවා..අප්පච්චිගෙ අත සීතලයි..මට අනේ

අප්පච්චිව අරන් අපි හොස්පිට්ල් ගියා..

අප්පච්චි පරික්ශා කරපු ඩොක්ට අප්පච්චිට හදිසියෙ ඇති වුනු හදිසි හර්දාබාදයක් නිසා එයාගෙ නහරයක් පිපිරිලා කීවා

අනේ..මගෙ අප්පච්චි…….

හැමෝම වගේම එයත් අන්තිමට මාව දාලා ගියා…..

…මතු සම්බන්දයි…
ලයික් කමේන්ට්ස් හැම දේකටම ස්තූතියි…දවසට කොටස් දෙකක් දාන්න අමාරුයි යාලුවනි..මේ ටිකෙ ගොඩක් බිසී.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *