ඔබ මගේම නම්…………………………37

අන්තිමට අම්මා වගේම අප්පච්චිත් මාව දාලම යන්න ගියා..මට හීන විතරක් ඉතුරු කරලා…

අහස වැහි වලාකුලින් බර වෙලා තියෙන වගේම මගේ හිතත් දුක් වලාවකින් වැහිලා..

හිමි වෙලා තිබුනු හැම දෙයක්ම අහිමි වී ගෙන යද්දි කෙල්ලෙක් වෙලා ඉපදුනු මන් කොහොම නම් ඒ දේ දරා ගන්නද..

අප්පච්චිගෙ අන්තිම සුවදත් වා තලයට එක් වෙද්දි මළ හිරුත් බැහන් යන්න ඔන්න මෙන්න..

එකා දෙන්නා සොහොන් පිටියෙන් ගිහින්..ඉතුරු වෙලා උන්නෙ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්..හැමෝටම මාව අමතක වෙලා…

දෙවියොම මාව අමතක කරපු එකේ මිනිස්සු ගැන කවර කතාද…

මන් අන්තිම පාරටත් ආදාහනාගාරේ උඩින් හිස් අහසට ඇදෙන ඒ දුම් වලාවන් දිහා බැලුවා..

හ්ම්ම්..අප්පච්චි ඔයත් එහෙනම් මාව දාලා තනිකරලා ගියා…දැන් මන් කවුරු වෙනුවෙන්ද අප්පච්චි ජීවත් වෙන්න ඕනී…ඔයාට තිබ්බා අප්පච්චි මාවත් අරන් යන්න…

හැම දුකක්ම ඉවසන්න ශක්තිය දුන්නු ඔයාම මන් හින්දම අද ජීවීතෙන් ගියා…කොහොමද අප්පච්චි ඔයාගෙ දෝනි මේ දුක දරා ගන්නේ…මට කවුරුත් නෑ අප්පච්චි කවුරුත් නෑ…

චූටී අක්කො අපි යන්…

පොඩ්ඩා ඇවිත් මාව වත්තම් කරගත්තා…

අනේ පොඩ්ඩො මගෙ අප්පච්චි…අනේ එයාට බඩගිනි ඇති අනෙ එයාට තනියෙන් වැඩ කරගන්න බෑ පොඩ්ඩො…

අපි යන් චූටි අක්කො..

මට බෑ මල්ලි…මට කවුරුත් නෑ දැන් මට යන්න ඕනි මගෙ අප්පච්චි ලගට…

මෙතන මෙහෙම ගෑනු ලමෙක්ට ඉන්න බෑනි ආදි එන්න අපි යන්…

කිනාලුයි පොඩ්ඩටයි මැදි වෙලා මන් ගෙදර ආවා…

……..

අප්පච්චිගෙ මළ බත කන්න සෑහෙන්න සෙනගක් ඇවිත්..ඉන්නකන් උන්නද මලාද කියලා හොයලා නොබලපු නෑදෑයෝ රෑනක්..

ආව හැමෝටම ඕනි උනේ අප්පච්චිගෙ මිනිය බලන්න නෙමී…මගෙ ගැන හොයන්න

නැන්දයි නිශාදියි අක්කයි අඩුවක් නැතිව මගේ ගැන හැමදේම එයාලට කීවා..

ආව ගෑනු මන් දිහා බැලුවෙ එයාලගෙ මිනිස්සු ඩැහැගන්න ආව රාක්ශනියක් වගේ..ආව මිනිස්සු මන් දිහා බැලුවෙ බයිට් එකට ගන්න පුලුවන් රසබර කෑමක් වගේ…

නිශාදි අක්කගෙ අයියත් පුලුවන් හැම වෙලේම මගේ ඇගේ ගෑවි නොගෑවි එහෙට මෙහෙට ගියා..හැමෝම හිතනවා ඇති මට ඒ තරම්ම අමාරුව කියලා…

මේ හිතත් ගතත් ආදි වෙනුවෙන් මිසක් වෙන කෙනෙක් වෙනුවෙන් නෙමී..

ඉස්සර හවසට අප්පච්චියි මමයි ඉදන් උන්නු අඹ ගහ යට බන්කුවෙන් මන් ඉද ගත්තා…

අදින් පස්සෙ මාත් එක්ක ඉද ගන්න මගෙ අප්පච්චි එන්නෙ නෑ කියලා මතක් වෙද්දි හ්ම්ම්ම්….

කාගෙ හරි කකුලකට පොඩි උනු අඹ කොලයක් සර සර ගාලා සද්ද දුන්නා..මන් පිටිපස්ස හැරිලා බැලුවා…

ආදී

අහ් මැඩම්ට මගේ නම මතකයි එහෙනම්..

ඔයා එහෙම කීවට ඔයා අමතක කරන්න..මට මැරිලා ඉපදෙන්න වෙයි ආදි…ඉස්සර වගෙ ඔය පපුවෙ අයිතිය මට හිමි නෑ…මට ඔයාව ගොඩක් ඕනි ආදි මේ වෙලාවෙ..ගොඩක් ඕනී..මට කියලා මේ ලොකෙ දැන් ඉන්නෙ ඔයා විතරයි..මට ඔය පපුවෙ ඔලුව තියාගෙන හයියෙන් කෑ ගහලා අඩන්න ඕනි ආදි..ඒත් ඔයා ඒ සේරම මග ඇහිරුවනි ආදි…මට ඔයාව ඕනම වෙලාවෙ

මැඩම් ඉතින් මොනාද ඉස්සරහට කරන්න ඉන්නෙ

මට මොනාද ආදි කරන්න කියලා ඉතුරු වෙලා තියෙන්නෙ..හැමෝම මගෙ ජීවිතෙන් ඇත් වෙලා යද්දි

ඕවා තමුන් විහින් කරගත්තු දේවල්..කරන්න කලින් හිතන්න තිබ්බා

ඔයා හිතන දෙයක් උන්නෙ නෑ ආදී මන් තවම..ත්…ඔ

ඇති ඇති මට ඔය බොරු බේගල් ඕනි නෑ..තමුසෙ දැන් තනියෙන් නෙ ඉන්නෙ..මෙතන ඇති ලක්ශ විස්සක චෙක් එකක්..තමුසෙගෙ ඇග්‍රිමන්ට් එකට මට කීයක් වත් දෙන්නත් බැරි උනානෙ..මන් දන්නවා මේ සල්ලි තමුන්ට වැඩක් නෑ කියලා..අරුත් ඔය ඉන්නෙ එහෙට මෙහෙට පැද්දි..පැද්දි..තමුසෙගෙ හෙවනැල්ල වගෙ .දැන් ඉතින් අප්පච්චිත් නැති එකේ ඌ එක්ක හැන්ගිහොරා ජවුසන් නටන් නැතිව ඌව වත් බැදන් එක විදියකට ඉන්නවා..නැත්තම් තමුසෙව අතින් අතට යයි…මොනා උනත් තමුසෙමට වන්චා කලාට මන් තමුසෙට ආදරෙ කලා ඇත්තටම…මට තමුසෙ කාගෙත් සුන්දරි වෙනවා බලන් ඉන්න බෑ..මෙහෙන් යනවා..අර තමුසෙගෙ මස්සිනාගෙන් බේරිලා ඉන්නවා..මෙන්න තියා ගන්නවා මගෙන් තමුසෙට වැරැද්දක් උනා නම් ඒකට හරියන්න…

එයාම කියලා එයාම යන්න ගියා…මන් දිහා ඇහිපිල්ලමක් නොගහා එයා බලන් ඉදලා…ඒ කියන්නෙ තවමත් ඒ හිතෙ මන් ඉන්නවා..හරි ආදි ඔයා කියනවනම්..මන් මෙහෙ ඉන්නෙ නෑ…ඔව් මටත් ඕනි හැමෝගෙන්ම හැම දේකින්ම ඈත් වෙලා ජීවත් වෙන්න..ඒත් ඔයා මගෙ ජීවිතෙ එදා වගේම අදත්සල්ලි වලින් මැනලා බැලුවා නේද

කමක් නෑ රන් කමක් නෑ..මේ මොහොතෙ මට ඔයාව ඕනිම වෙලාව..ඒත් හුම්ම්..ගිය ආත්මෙ මන් ලොකු පවක් කරන්න ඇති..ඒ හින්දා මේ ආත්මෙ මන් මේ විදියට තනි වෙන්න නියම වෙලා ඇති…

…..

දව්ස් හතම කිනාල් මාත් එක්ක නිදි මැරුවා…කිනාල් වගෙ යාලුවෙක් ලබන්න ගිය ආත්මෙ මොකක්දො පුන්චි පිනක් මන් කරලා තියෙන්න ඇති..

හැමෝම මගෙන් එක එක ඒවා බලාපොරොත්තු වෙද්දි මගෙන් මුකුත් බලාපොරොත්තු නොවි මා ලග ඉන්න කිනාල් මට සහෝදරයෙක්ට වඩා වටිනවා..

අප්පච්චිගෙ හත් දොහේ දානේ ගෙදරට හාමුදුරුවො වඩම්මලා දෙනවට නැන්දා කැමති උන් නෑ..එයාගෙන් සල්ලි යාවි කියලා බය වෙන්න ඇති..

ස්කූල් එකෙන් අස් වුනු දා ඉදන් ජොබ් එකක් කරපු නිසා සල්ලි මට ප්‍ර්ශනයක් නෑ…ආදි එදා මගෙ ජීවිතේට ලන්සු තිබ්බ සල්ලිත් තවම මගෙ පර්ස් එකේ..

මගෙ හැම දේකදිම නිහඩව මගෙ ලගින් ඉන්න කිනාල් එක්ක මන් පුලුවන් විදියට අප්පච්චිගෙ හත් දොහේ දානේ කිරිකිත්තමුල්ල පාරෙ තියෙන අරලියාරාමෙට පූජ කලා…

ඉස්සර මමත් එක්ක ඉගෙන ගත්තු යාලුවෙක්ගෙ නැන්දා කෙනෙක් ඒ ආරාමෙ දසසිල් මෑනියන් කෙනෙක් වෙලා ඉන්නවා..යාලුවා එක්ක මන් ඕනි තරම් ඒ ආරාමෙට ඇවිත් තියෙනවා..මල්ලිකා මෑනියො මටගොඩක් කරුනාවන්තයි…එතුමි තමයි දැන් ඒ ආරාමෙ ලොකු සිල් මෑනියො…

කිනාල් මාව උදෙ ආරාමෙන් දාලා ගියාට පස්සෙ මල්ලිකා මෑනියො එක්ක මන් මගෙ හිතෙ තියෙන හැම දේම කීවා..

මගෙ හිත සැහැල්ලුයි..බැදීම් ගැන හැගීමක් නෑ මට..

මල්ලිකා මෑනියො මගින් මගටම කියපු දේ ගැන මන් ගොඩක් හිතුවා..

හ්ම්ම් මා වෙනුවෙන් කවුරුත්ම නැත්තම් මේ බොරු බැදීම් ගැන හිත හිතා අඩ අඩා ඉන්න එකෙන් කිසිම පලක් නෑ..මන් දන්නවා ඒක…

මගෙ තීරනෙ මන් කිනාල්ට කීවා…එයාගෙ ඇස් ලොකු උනා…පැය බාගයක් විතර යනකම් එයා මන් එක්ක කතා කලෙත් නෑ…


ආදි තව පාරක් හිතලා බැලුවොත් නරකද…

තව මොනා හිතන්නද කිනාල්..ඒක තමයි හොදම තීරනේ..ජීවිතෙ ගැන ආයෙම බලාපොරොත්තුවක් නෑ මට

ඔයාට පිස්සුද ආදි..තවම ඔයාට විසි තුනයි..ඔහොම අසුබ වාදීව හිතන්න එපා..කවුරු නැතත් ඔයාට මන් ඉන්නවා

මන් ඒක දන්නවා කිනාල්..ඔයා මට ලැබුනු හොදම යාලුවෙක්

යාලු කමින් එහාට මට ඔයා ගාවට එන්න බැරිද ආදි…කාට ඔයා එපා උනත් එදා ඉදන්ම මන්..

එපා කිනාල් ඉතුරු කියන්න එපා..මේ හිත , මැරෙන තුරාවටම හරිතගෙ විතරයි..හරිතට ආදරෙ කර කර ඔයා ලගට වෙලා ඉන්න මට කවම දාකවත් බැරි වෙයි..ඒ නිසා එපා ..ඔයිට වැඩිය කිසිම දෙයක්..මන් ගත්තු තීරනය තමයි හොදම දේ..ඔයයි මමයි හැමදාම යාලුවො..අපෙ බැදීම පවිතයි..මට මගෙ තීරනෙ සතුටින් ගන්න ඉඩ දෙන්න

ඔයා හැමදාම හරිතට ආදරෙ කරන්න ආදි..ඒත් මට ඔයා ලගින් ඉදන් ඔයා බලා ගන්න ඉඩ දෙන්න…

මේ අහන්න කිනාල්..ඔ

අනෙ ආදි බෑ කියන්න එපා..මන් හොද නැද්ද ආදි…මන් කැතයිද ඉගෙන ගෙන නැද්ද..මගෙ මොකක්ද අඩුපාඩුව ආදි

කිනාල් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන රූපය,උගත්කම,සල්ලි,හැදියාව,ලෙන්ගතුකම ,ගුනගරුක බව ඔයා ලග වැඩි පුරත් එක්ක තියෙනවා..මන් ඔයාට අකමැති ඔයාගෙ අඩුපාඩුවක් නිසා නෙමි..මගෙ හිත හරිතට මිසක් වෙන කෙනෙක් ගැන හිතන්න හැදිලා නෑ..අනික ඔයයි මමයි එහෙම කලොත් හරිත අපි ගැන සැක කරපු දේ සැබෑ වෙනවා කිනාල්..අපෙ මේ මිතුරු දම අපි පවිතර විදියට තියා ගමු..මන් වගෙ අවාසනාවන්ත කෙල්ලෙක් බැදලා ඔයාගෙ ජීවිතෙ විනාශ කරගන්න එපා..ප්ලීස් කිනාල් මාව අසරණ කරන්න එපා..මට මේ තීරනෙ ගන්න ඉඩ දෙන්න

අනේ ආදි ඔයාට ඕක කරන්නම ඕනිද…අනේ

ඇති කිනාල්..මට ජීවිතෙ ගැන ආසාවක් නෑ…මගෙ තීරනේ ගන්න මට ඉඩ දෙන්න…

ඒත්

ඇති කිනාල්..මන් ඒ තීරනෙ ගත්තයින් පස්සෙ මාව බලන්න එන්න එපා…ප්ලීස්..ඉදලා හිටලා මන් කතා කරන්නම්…

ඔයා ඕක කරන්නම ඕනිද

හ්ම්ම්..ඔව්..ඒ තමයි සුදුසුම දේ..අදින් පස්සෙ මන් බලන්න එන්න එපා…මේ චෙක් එක හරිතටම දෙන්න..මට මේවා ඕනි නෑ…

කිනාල්ගෙ ඇස් වල කදුලු කඩන් වැටෙද්දි මන් කාර් එකෙන් බැස්සා..

මන් මේ නිස්සාර ජීවිතේට,ඔහෙ ගෙවිලා යන ජීවිතෙට සමු දෙනවා..මට දැන් කවුරුත් නෑ..බැදීම් නෑ..මල්ලිකා මෑනියො කියපු දේ මන් කරනවා..ඒක ස්තීරයි..

…මතු සම්බන්දයී… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *