ඔබ මගේම නම්…………………………38

හැමෝමවම අත් හැරලා මන් මේ ගත්තු තීරනය වැරදීද..හැමෝම කීවට කෝ කොහිද මටම කියලා උරුම කෙනෙක්.

මන් වගේම මේ ලෝකෙ තනිවුනු ඒ අසරන හිත් වෙනුවෙන් මන් ගත්තු ඒ තීරනෙ මට සැනසුම උදා කරාවී..

වයිවාරණ වීච්චූරන ඇදුම් සේරම මන් නිශාදි අක්කට දුන්නා..නැන්දා එක්ක එකතු වෙලා නැන්දටම අයිති වෙන්න මන් මහ ගේ නැන්දටම විතරක්ම පැවරුවා..

තරහක් නෑ කවුරුවත් ගැන…මේ තමයි මට උරුම ජීවිතය..ආදරය මගෙ පොතේ නෑ….අහිමි වීම් විතරයි…

නැන්දගෙ,නිශාදි අක්කගෙ කකුල් වැදලා,මදි නොකියන්න මට සෙනෙහස දුන්නු පොඩ්ඩව බදන් මන් ඇති වෙන්න ඇඩුවා..

මහ ගේ..නොපෙනෙනකම් ඒ දිහාම බලන් ඉදලා මන් ඉස්සරහට හැරුනා…

ජීවිතෙ අන්තිම පාරට එකම එක වතාවකට ඒ ඇස් ආයෙම දකින්න ඕනී..

කැබ් එකේම මගේ බඩු තියලා මන් සාලුවකින් මුස්ලිම් කෙල්ලෙක් වගේ ඔලුව වහන් මන් ඔෆිස් එක ඉස්සරහා බලන් උන්නා…

පැයක් හරි මෙතන ඉදලා අද එයාව බලලයි මන් යන්නේ..

වැඩි වෙලා මට එතන ඉන්න සිද්ද උනේ නෑ…එයා ආවා…

හද ගැස්ම වැඩි වෙනවා දැනෙනවා…දුවන් ගිහින් ඒ ඇගෙ එල්ලිලා ඒ දගකාර කෙස් අවුල් කරන්න හිතෙනවා..ඒත් හුම්ම් …

ඒ වත ,අනේ එයා කෙට්ටු වෙලා…මූණ පුරා රැවුල වවන්…එයා ඔෆිස් එක ඉස්සරහට ගියා…ගිහින් එක පාරම මා දිහෑ බැලුවා…අදුර ගත්තද…අහ් නෑ මට වැරදුනා..

පිටිපස්සෙන් ආව නතාශගෙ කා එක නිසයි එයා නැවතුනේ..හ්ම්ම්…

කමක් නෑ මගෙ ආදි…කොහෙ කා එක්ක උන්නත් මගෙ මහත්තයා සතුටින් නම් ඒ ඇති…

මම් කැබ් එකට නැග්ගා…

අපියන්..

**තහනම් මට ඔයාගේ
රූපේ පේනා තැනක ඉන්නත්
මේ ලෝකෙ පවුරු බැදිලා අප වටා..
මේ ගෙවනා මොහොත ගානේ
ඔබව යාවි දුරක මාගෙන්
පුලුවන් නම් තබමි කාලේ නවතලා**

හ්ම්ම්…අපි ඒ තැනට ආවා…අද ඉදන් මේ තමයි..මගෙ නිවහන..

…..
මල්ලිකා මෑනීයො නොහිටින්න අද මන් කල්පනා කරලම මැරිලා..මේ පුන්චි පොඩිත්තො එක්ක දවස ගෙවද්දි කාලෙ යනවා නොදැනෙන තරම්..

ඒත් මන් හැමදාම උදේට පාර්තනා කරන්නෙ..ඉක්මනට රෑ වෙන්න කියලා..ඒ මගෙ හීනෙට ඔයා එන හින්දා මගෙ ආදි…ආදරෙයි තාමත් ඔයාට මන්..

පෙරුම් පුරන්න පුලුවන් නම්..බලාගෙන ඉන්න පුලුවන් නම් මන් බලන් ඉන්නවා රත්තරන්..

ජීවිතේට දැන් තියෙන්නෙ එකම ආසවයි ඒ ඔයාව මැරෙන්න කලින් ආයෙම එක පාරක් දැක ගන්න..

මල්ලිකා මෑනියො වගේම මටත් නිවන් මගට පිවිසෙන්න තිබ්බනම්..ඒත් හිතෙ ඔයා ගැන හැගීම් තියාගෙන මන් කොහොම මහන දම් පුරන්නද රත්තරන්..කෙලෙස් වැඩියි..ආසාව වැඩියි…

අප්පච්චිගෙයි අම්මගෙයි ලෝකෙට එකතු වෙන්න තිබ්බ නම්..ඒත් බෑ රත්තරන්..දැන්ම මැරෙන්න බයයි…ඒ ආයෙමත් ඔය ඇස් එකම එක පාරකටවත් දකින්න ඕනි නිසයි…

මල්ලිකා මෑනියො ඇරෙන්න පිටස්තර කා එක්ක වත් මන් සම්බන්දයක් නෑ…දැන් මන් පෝන් යූස් කරන්නෙත් නෑ..සමහර දාට ටවුන් ගියාම ඒ කටහඩ අහන්න ඕන කියලා හිත වද දෙනවා කරදර කරනවා මට..ඒත් ආයෙම මේ හිත කඩා ගන්න හයියක් නෑ…

මෙහෙට ආව එක කිනාල් දන්නවා වුනාට මන් ඉන්නෙ කොහෙද කියන්න දැනන් උන්නෙ..මල්ලිකා මෑනියො විතරයි…මාස තුනක් හතරක් කිනාල් මෑනියන්ගෙ ආරාමෙට ඇවිත් මන් ගැන හෙව්වා කියලා මෑනියො කීවා…මන් හැම තිස්සෙම මෑනියන්ට කීවෙ මන් ගැන මුකුත්ම එයාට කියන්න එපා කියලා…

මගෙ වෙලාවට මෑනියො ලන්කාවෙන් ගිය නිසා කිනාල්ට මන් ඉන්න තැන දැනගන්න ලැබුන් නෑ..

මන් දන්නවා..කිනාල් පව්..ඒ වගේම එයා හොද කෙනෙක්..කෙල්ලෙක්ට ලැබෙන්න ඕන හොද පෙම්වතෙක්..ඒත් යාලුවෙක්ගෙ දිහා බලන හැගුමට එහා මට එයා දිහා බලන්න බෑ..එයා ආදිට වඩා හොදින් මාව බලාගනිවි..ඒත් ආදි වෙනුවෙන් වෙන්කරපු මේ හිත..ආදිට මිසක් වෙන කාටවත් වෙන් කෙරෙන්නෙ නෑ

විහගි මිස් වැඩෙ ඉවරයි..පොඩ්ඩක් ඇවිත් බලනවද..

……..

අරලියා සෙවණ

මේ බෝඩ් එක හොදටම අබලන් වෙලා තිබුනේ..ඒකයි ආයෙම හදව ගත්තෙ..

අරලිය සෙවණ..ඇත්තටම සෙවනක්..අරලියා මලකින් විහිදෙන සුවද වගේම,අරලියා මලින් මතුවන පින්බර බව වගේම පිවිතුරුයි..

මල්ලිකා මෑනියන්ගෙ අනුදැනුම යටතේ පවත්වාගෙන යන මේ ලමා නිවාසය තායිලන්ත කම්පැනියකින් තමයි බලන් යන්නෙ..

මන් මෙහෙට ඇවිත් දැන් අවුරුදු තුනක්..කාලෙ ගෙවිලා ගියෙ මටත් නොදැනිම…

මේ ලමා නිවාසෙ පාලිකා තුමිය මමයි..ලමා නිවාසෙ බලා ගන්න ගමන්ම මෙ ගම්මානෙ ඉන්න පුන්චි දරුවන්ට මන් නොමිලෙ අකුරු කියලා දුන්නා..සන්ගීත පන්ති පැවත්තුවා..

හවස් වරුවට වයලින් එක අරන් ගල්තලාව උඩින් ඉද ගත්තම පොඩිත්තෝ සේරම මාව වට කරන් අහන් ඉන්නවා..

මාසයක් වත් නැති පුන්චි බබලාගෙ ඉදලා අවුරුදු දාහතක් වෙනකම් පොඩිත්තො එකසිය විසිතුන් දෙනෙක් මෙහෙ ඉන්නවා…

එයාලත් මාත් අතර තියෙන්නෙ පුන්චිම පුන්චි වෙනසක් විතරයි…එයාලට අඩු තරමෙ මන් හරි ඉන්නවා…ඒත් මට..මට මන් වත් නෑ…

ලමා නිවාසෙ පාසල් යන දරුවො උදෙන්ම පාසල් යවනවා..පොඩිත්තො බලාගන්න මන් එක්ක තව පස් දෙනෙක් ඉන්නවා..ඒ සේරමල්ලා මන් වගෙම තනිවුනු අහින්සක මිනිස්සු..

ගොඩක් වෙලාවට මෙහෙට ගේන දරුවන්ව අරන් හදාගන්න දරුවො නැති අය එනවා..ඉතින් හැමදාම කවුරුහරිම මෙහෙ එනවා..ඉතින් ඒ නිසාමයි අබලන් උනු බෝඩ් එක ආයෙම මන් හැදෙව්වෙ..

විහගි අම්මි..

පුන්චි කේශාන් අවුරුදු හතරක් විතර ඇති..මෙහෙට එයාව බාර දුන්නෙ ලමා හා කාන්තා රක්ශන අන්ශයෙන්..එයාගෙ අම්මා රට ගිහින්..තාත්තාගෙ අනියම් අම්මගෙ අතින් සිද්ද උනු තුවාල ලප කැලල් ඒ පුන්චි අත්වල තාම මැකිලා නෑ..

මන් නැවිලා කේශාන් බෝලෙව වඩා ගත්තා..

මොකො පැටියො

නාලිකා අම්මා නාවන්න එනවනෙ..

ඉතින් හොදයිනෙ බබි

අනේ..බෑ..නාලිකා අම්මා ඌවා කරනවා…

ඒමද

ඔව්..එයා ගොඩාක් ශබන් ගානා..මගෙ ඇස් ඌයියා වෙනා..දයියා වෙනා

හරි මන් කියන්නම්කො පොඩ්ඩක් සබන් ගාන්න කියලා දැන් ගිහින් නාගන්න

මට බෑ..විහගි අම්මි නාවන්නකො..

දැන් මට වැඩ පැටියො..මේ අහන්නකො දැන් ඔයා නාගන්න…ඔන්න හවසට මන් ඔයාව ඇග සෝදවන්න එන්නම්

පොලොන්දු වෙනවද

ඔව් ප්‍රොමිස්

එහෙනම් හවසට මන් එක්ක සූටින් මාටින් බලන්න එන්න ඕනි

ම්ම් හා..දැන් හොද බබි වගෙ යන්න..නාගන්න…

පුන්චි දගයා ඔලුව වනලා මගෙ අතින් බැස්සා..එයාගෙ අතෙ තිබ්බ චූටි කාර් එකත් ස්ටාට් කරන් එයා ඉස්සරහට දිව්වා..එයාගෙ ඒ ගමන නැවතුනේ..අරලියා සෙවණට ඇතුල් උනු කලු පාට කාර් එක නිසා..

ඇතුලෙ ඉන්න අයව පැහැදිලි නැති උනත් ඒ ආව අය පුන්චි කේශාන් එක්ක මොනා හරි කතා කරනවා..

පුන්චි කේශාන

් ආයෙම මන් ගාවට දුවන් ආවා..
ඇයි පැටියො

සුදු විහගි අම්මිව හම්බෙන්න ඕනිලු

මාව

ඔව්

ම්ම්..හරි බබි එයාලට කියන්නකො එහෙනම් ඔෆිස් එකට එන්න කියලා

හලී

චූටි කේශාන් ගිහින් කාර් එකට පනිවිඩෙ දුන්නා..කා එක ඔෆිස් එක ඉස්සරහින් නැවැත්තුවා

මම ඇතුලෙන් ඔෆිස් එකට ගියා..

තමාරා නැන්දෙ ඔය එලියෙ ඉන්න අයට ඇතුලට එන්න කියන්න

මන් උන්නෙ උදේ පත්තු කරපු බුදු පහනෙ පාන් තිරෙ හදන ගමන්..ඒ හින්දා ආව අයව මට පේන්නෙ නෑ..

ඉදගන්න

තෑන්ක්ස්

ඔයාලා මාව හම්බෙන්න ආවෙ දාන දිනයක් වෙන්කර ගන්නද..

නෑ මිස්..මේ..අපිට

ඔව්

අපි කැමතියි මෙහෙන් දරුවෙක් අරන් හදා ගන්න..

ඔයාලා ඇයි දරුවෙක් අරන් හදා ගන්න යන්නෙ

මගෙ වයිෆ්ට බබාලා ලැබෙම්නෙ නෑ මිස්..ඒකයි

හ්ම්ම්..ඔයාලා ඔයාලගෙ පොරොපටීස් බබා නමට ලියන්න කැමතිද..අනික ඔයාලා ප්‍ර්මිශන් ගන්නත් ඕනි..

අපි ඒ සේරම බලා ගන්නම්..මිස්..මට දරුවෙක් ඕනි..

දෙයියනෙ ඒ කටහඩ..

මන් ඉක්මනට එයාලගෙ පැත්තට හැරුනා…

මාව දැක්ක ගමන් ඒ ඇසුත් මන් වගේම ලොකු උනා…

විහගි””

–මතු සම්බන්දයි– 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *