ඔබ මගේම නම්………………….. …..40

**:-)අවසාන කොටස:-)**

නතාශා ඇයි ආදි ගැන කියන්න ගිහින් ඒත් කියලා නැවැත්තුවෙ..
එයාට මොකක් හරි කරදරයක්ද?එහෙමත් නැත්තම් එයා මැරි කරලද?රට ගිහින්ද අනේ ඉතින්..

අනේ ඉතින්…අනෙ නතාශා ඔයා ඇයි ඒත් ගෑවෙ මට ඉක්මනට කියන්න මගේ ආදිට මොකද

හ්ම්ම්..ඔයා නැති නිසා එයා ගොඩාක් දුකින් උන්නෙ..බොනවා බොනවා ඉවරයක් නෑ…සිහියෙන් උන්නු වෙලාවක් දවසෙ කොයි වෙලාවක වත්

නැති තරම්.

අනේ එයා තාම බොනවද

දැන් එයා බොනවා තියා…

අනෙ ඇයි එහෙම නැවැත්තුවෙ කියන්න මට..මොකක්ද ප්‍ර්ශනෙ එයාගෙ..

එයා දැන් හොස්පිට්ල් ඉන්නෙ..දැන් මාස තුනක් තිස්සෙ

අනෙ දෙවියනෙ ඇයි මට එයා මග ඇරුනෙ..මේ සේරම මන් නිසා නෙමේද

අනෙ නතාශා මට එයා බලන්න ඕනි…මේ දැන්ම..මගෙ රත්තරන්..දුක් විදිනවා මන් නිසා..අනෙ ඒ මන් නිසා කොහොමද මන් ඉවසන්නෙ..අනෙ මට සමා වෙන්න දෙයියො .සමා වෙන්න…

පපුව හිර වීගෙන එනවා..

මන් වැරදි කාරියක් දෙවියනෙ මේ සේරම..සේරම මන් නිසයි…ඉක්මනට…ඔව් පුලුවන් ඉක්මනට මට එයා දකින්න ඕනී

මන් නතාශවත් දාලා ඔෆිස් එකට ගියා..ගියා නෙමි දිව්වා…කෝ කොහිද මගෙ ඩයරිය…ඒකෙ ඒකෙ තිබ්බා පෝන් නම්බර්ස්..අනෙ ඔයාලා නම්බර්ස් වෙනස් කරලා නම් තියෙන්න එපා…

මන් මගෙ පොත් රාක්කෙන් දූවිලි බැදිලා තිබුනු පරණ ඩයරිය හොයා ගත්තා..හරි මේ තියෙන්නෙ

ඉක්මනට ඔෆිස් එකෙ පෝන් එකෙන් ඒ නම්බර් එක ඩයල් කරා..හදිස්සිය නිසාම නම්බර් එක හරියට ගහගන්න පුලුවන් උනෙ තුන් හතර වතාවක් උත්සහා කලාට පස්සෙයි…

අනෙ උස්සන්න..ආන්සර් කරන්න…

සින්දුවක්…

අනේ..ඉක්මනට

හෙලෝ

අහ්…ආන්සර් කලා…ඒත් ගෑනු කෙනෙක්

හෙලෝව්..

හෙ හෙලො…මට කිනාල්ට කතා කරන්න පුලුවන්ද

කිනාල් නම් වොශ් රූම් එකෙ…මන් එයාගෙ වයිෆ් මට දැනගන්න පුලුවන්ද ඔයා කවුද කියලා..

කිනාල් මැරි කරලද..හා ඒක හොදයි.. හ්ම්ම්..

අනෙ නන්ගො මන් ආදි..විහගි අදිශා

අහ් ..ආදි ඔය.. ඔයා ඇත්තටම ආදීද

අනෙ ඔව් මට ඉක්මනට කිනාල්ව ඕනි..ප්ලීස් නන්ගො

හ්ම්ම් ඔයා ගැන කිනාල් මට සේරම කියලා තියෙන්නෙ..හරි ඉන්න…

විනාඩි පහක් විතර මට බලන් ඉන්න සිද්ද උනා…බෑ බෑ…මට ඉවසන්න

හෙ..හෙලො..ආදි

ඒ කිනාල්

අනෙ කිනාල් මගෙ මගෙ ආදිට මොකද..මට කියන්න කිනාල්..අනෙ එයාට මොකද:-(

තෑන්ක්ස් ගෝඩ් ඔයා අන්තිමේදි කතා කලා ආදි..ඔයාව අපි කොහෙ කොහෙ හෙව්වද…කොහෙද ඉන්නෙ ඔයා

මන්..අනුරාදපුරෙ කිනාල්..අනෙ විස්තර පස්සෙ කතා කරමු කිනාල්.. මට එයා ගැනයි දැනගන්න ඕනි

හරි ආදි..ඔයා අදම මේ දැන්ම එන්න කොලබ…පුලුවන් ඉක්මනට

අනෙ මට එයා ගැන කියන්න කිනාල්

ඉක්මනට එන්නකො..විස්තර ප්ස්සෙ කතා කරමු..මන් තියනවා..

හ්ම්ම්..කිනාල් මට මුකුත් නොකියම පෝන් එක තිබ්බා..කිනාල් මට මොකක් හරි හන්ගනවා..අනෙ මගෙ රත්තරන්ට….නෑ නෑ නෑ එහෙම මොනාවත්ම නෑ…

නතාශත් ශෙහාරත් ඔෆිස් එකට ආවා

අනෙ නතාශා..ශෙහාර ප්ලීස් මාව මගෙ ආදි බලන්න එක්කන් යන්න…

හරි…ශෙහාර මොකො කියන්නෙ

මගෙන් අහන්න දෙයක් ද යන්

මන් ඉක්මනට ලෑස්ති උනා..ඔෆිස් එකෙ වැඩ තාවකාලිකව තමාරා නැන්දට පැවරුවා..මට ඉගිල්ලෙන්න පුලුවන් නම් මන් ඉගිල්ලෙනවා..සත්තයි ඒ තරමට මගෙ හිත කලබලයි..

ශෙහාරගෙ අතින් සුක්කානම උදුරන් ඩ්‍ර්‍යිව් කරන් යන්න තරම් මට හදිස්සියි..කදුලු ..ඔහෙ ඉහිරෙනවා…

මගදි කන්න නැවත්තුවත් ඒ කාලෙත් මන් කලෙ මගෙ ආදි ගැන හිතන එක..හැම දෙයක්ම මතක් වෙනවා..හැම දෙයක්ම .මේ සේරම මන් නිසයි මගෙ සුද්දට සිද්ද උනෙ..දෙවියනේ..ඒ මන් නිසයි…

පැය පහක් යද්දි අපි කොලබ..මන් නතාශගෙන් අහගෙන ආදි ඉන්න වෝඩ් එකට දිව්වා..

දොර ගාවම හිටන් උන්නෙ..අම්මි.නන්ගි..ලොකු සර්..කිනාල්

මාව දැකලා හැමෝම මාව බදා ගත්තා..මට මේ කාගෙන් වත් වැඩක් නෑ..මට ඕනි මගෙ ආදීව…එයාව ඇස් දෙකින් දකින කම් මට ඉවසුමක් නෑ

අනෙ කෝ මගෙ ආදි…අනෙ මට එයාව පෙන්නන්න

කවුරුත් කියන්නෙ නැත්තෙ ඇයි එයා කෝ කියලා

මේ අහන්න ආදී ඔයා කලබල වෙන්න එපා…ඔයා අන්තිම මොහෙතෙ හරි මෙහෙ ආව එක ලොකු දෙයක්

අන්තිම මොහොත..මොකක්ද මේ කියන විකාරෙ ඔයාලා..එහෙම වෙන්නෑ..මට පෙන්නන්න එයාව…

මට මගෙ ආදි පෙන්නන්න දෙයියනේ…

එයා එයා ඉන්නෙ..අන්තිම හුස්ම පොදත් එක්ක…

නෑ නෑ නෑ ඒක වෙන්න බෑ

මන් හොස්පිට්ල් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා..ඒක වෙන්න බෑ…කිසිම දාක…එයාට බෑ මාව දාලා යන්න…ප්ලීස් මට මගෙ ආදී බලන්න ඕනී…

හොදයි..හුම්…කලබල කරන්න එපා..හරි

ඩොක්ටස්ලගෙන් පර්මිශන් අරන් මට එයාව පෙන්නුවා

දෙවියනෙ හදවත ඉකිබිදෙන තරම්..මන් කොහොමද මගෙ ඇස් දෙකින් මේ දේවල් බලන්නෙ

රජෙක් වගෙ තේජසින් උන්නු මගෙ රත්තරන්..බට ගහලා මැශින් හයි කරලා…උන්නයින් බාගයක් වත් නෑ…

අනෙ මගෙ වස්තු මේ සේරටම…දෙවියනෙ මන් නේද වග කියන්න ඕනි…

අනෙ බබි මන් ආවා..ඇස් අරින්න රත්තරන්..මන් ආවා…ඔයාගෙ පොලගි ආවා…ප්ලීස් ඇස් අරින්න

එයා ගොඩාක් අමාරුවෙන් වග දැනෙනවා…

මලානික ඇස් ගොඩක් අමාරුවෙන් මන් දිහාවට හැරුනා..ඒ ඇස් පුදුමෙන් බර වෙලා..අදහා ගන්න බැරිව වගේ

පො..පොලගියෙ..මේ ඔයාද

සේලයින් ගහපු කෝටු අත් යාන්තමින් හොලවලා එයා මගෙන් ඇහුවා..මන් ඒ අත් හරි පරිස්සමට අතට අරන් අතොරක් නැතුව සිප ගත්තා..

ඔව් රත්තරන් මන් ආවා..ආවා මහත්තයො..ඔයාගෙ පොලගි ආවා….

මැනික ඇස් පියවෙන්න කලින් මගෙ මැනිකො දැක ගන්න ආසාවක් තිබ්බා…දැන් මට සැනසීමෙන් නිදාගන්න පුලුවන්

නෑ නෑ ඔයාට නිදාගන්න බෑ…මාව දාලා කොහේවත් යන්න බෑ..යන්න දෙන්නෙ නෑ…කොහොමටත්…බෑ

මගෙ මැනිකො..මන් අන්තිම මොහොතට ලගා වෙමින් ඉන්නෙ…ඒක පිලිගන්න මැනික..මේ ආත්මෙ මගෙ මැනිකෙට මන් කරපු තරමක් කලෙ වැරදි..මගෙ ඉවසීම නැතිකම..කලබලෙ..හෙවිල්ලක් බැලිල්ලක් නැතිකම නිසා මගෙ විහින් මන් ඔයාව අහිමි කර ගත්තා..මගෙ මැනිකව සැක කරා…දුක් දුන්නා..ඈත් කලා…මේ සේරම මැනිකගෙ ජීවිතෙ එක්ක කරපු සෙල්ලමට මට දෙවියො දුන්නු දඩුවම…මේ ආත්මේ මට ඔයාගෙ ආදරෙ විදින්න පින් මදි උනා…ඒත් ඊලග පාර එහෙම වෙන්නෙ නැස්…ඔයාගෙ ආදරෙ බලන් හොද කෙනෙක් වෙලා මන් එනවා..රත්තරන්..ආදරෙයි මගෙ සුද්දිට..ගොඩාක්…මැනික ලස්සන වෙලා…

කටවහන්න ආදි..ඔයා මාව දාලා යන්න ඈත් කරන්න හැදුවොත් ආයෙම..මගෙන් නෑ සමාවක් කට වහන්න

මන් ඒ වැහරුනු මූන අතොරක් නැතිව සිප ගත්තා…මගෙ වටෙ ඉන්නෙ කවුද කියලා වත් නොබලා

පේශන්ටව මහන්සි කලා ඇති..දැන් යන්න..

මැනිකො…යන්න කලින් මට අන්තිම කිස් එක දීලා යන්න…

නෑ නෑ කවදාවත් එහෙම කිස් එකක් දෙන්නෙ නෑ…ඔයාට බෑ මාව මග දාලා යන්න

නර්ස්ගෙ ඉල්ලීම නිසා මන් එලියට ආවා…මට තේරෙනවා..එයා..එයා මාව දාලා යන්න…හදන්නෙ..ඒත් බෑ…මොකක්ද ඇත්තටම එයාට වෙලා තියෙන්නෙ…මට ඒක දැනගන්න ඕනි…මොකක් හරි මාර්ගයක් පෙන්නන්න මට දෙවියනෙ…මොකක් හරි….මට බෑ එයා නැතුව ඉන්න.. එහෙම දෙයක් උනොත් මමත් එයා….නෑ නෑ එහෙම දෙයක් වෙන්නෑ

මන් කිනාල් එක්ක ගිහින් ආදිගෙ ඩොක්ටව හම්බුනා…

ඩොක්ට එයාට මොකක්ද තියෙන ලෙඩෙ

හ්ම්ම්..ඔයා කවුද

මන් එයාගෙ වයිෆ් ඩොක්ට…අපි හම්බුනා විතරයි..ආයෙම…වෙන් වෙන්න බෑ මට කියන්න ඩොක්ට

හ්ම්ම්..මෙහෙමයි හරිත ගොඩාක් දුර්වලයි..එයා ඩ්‍රින්ක්ස් එහෙම සෑහෙන්න කාලෙක ඉදන් පාවිච්චි කරලා තියෙනවා…එයාගෙ කිඩ්නි දෙකම නරක් වෙලයි තියෙන්නෙ

අනෙ….ඒත් ඒත් ඩොක්ට වකුගඩු ඒවා බද්ද කරන්න පුලුවන් නේද

හ්ම්ම්..ඔව්.

අනෙ එහෙම නම් ඇයි ඒ දේ නොකරන්නෙ ඩොක්ට..එයාට සල්ලි පර්ශ්නයක් නැනේ..

මෙතන සල්ලි නෙමි මිසිස් හරිත ප්‍රොබ්ලම්.එක..එයාට මැචින් වකුගඩුවක් අපට නොලැබුනු එක…හරිතගෙ තාත්තගෙ කිඩ්නිස් එයාට ගැලපුනත් ඒ මනුස්සයත් ඉන්නෙ අන්තිම කාලේ..ඒ දෙ කරන්න ගියොත් ඒ දෙන්නගෙම ජීවිතෙ අපිට නැති වෙන්න පුලුවන්..

හ්ම්ම්..නන්ගි

මන් හිතන්නෙ මිසිස් හරිත කියන්නෙ එයාගෙ සිස්ටර් වෙන්න ඇති..එයාගෙ නම් මැචින් තමයි. ඒත් එයා පර්මිශන් දෙන්න කැමති නෑ..ඉතින්…

ඉතින්…ඒ අවසානෙද…නෑ එහෙම වෙන්න බෑ….

ඩොක්ට අනෙ මගෙ ඒවා ගන්න..එකම බැරි නම් දෙකම හරි…මගෙ මුලු ඇගේම ඒවා අරගන්න..අනෙ මට එයා බේර දෙන්න…ඩොක්ට

ඒකට ඔයාගෙ ලේ මැච් වෙන්න ඕන

මැච් වෙයි ඩොක්ට…මැච් වෙයි..අනෙ අසුබ වාදීව කතා කරන්න එපා මැච් වෙයි…

හ්ම්ම්..අපි බලමු

……

දෙවියනෙ ඒවා ගලපන්න…මගෙ ආදි රැක දෙන්න

දෙවියන් තාමත් මන් එක්ක කියලා දෙවියො අද මට ඔප්පු කරලා පෙන්නුවා

අපේ ලේ ගැලපුනා…

……
මාවයි ආදීවයි ඔපරේශන් එකට ගත්තා….

මගෙ රත්තරන් වෙනුවෙන් මට කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකෙ නෑ…

එයා ගොඩාක් දුර්වලයි. …ඔපරේශන් එකෙන් මාසෙකට පස්සෙ එයා මන් ගෙදර ආවා…

අපි ආයෙම නීති පොතෙ අත්සන් කලා…මන් ආයෙමත් එයාගෙම උනා….

වෙන පෙම්වතුන් වගෙ මන්ගල රැයක් අපට නෑ..ඒත් මට බලන් ඉන්න පුලුවන්…

එදා රෑ…මන් ඒ පපුවෙන් ඔලුව තියා ගත්තා…

පොලගියෙ

ම්ම්ම්

ඔයාට පින්

ම්ම්ම්…ඇයි මන් වෙනුවෙන් එහෙම දෙයක් කලෙ රත්තරන්

ඔයා වෙනුවෙන් මට කරන්න බැරි කිසි දෙයක් නෑ ආදි…ආදරෙයි මන් ඔයාට ගොඩාක්

මගෙ මැනික…ආයෙම යන්න දෙන්නෙ නෑ…කොහේවත්

මන් යන්නෙත් නෑ මහත්තයො

ම්ම්..ඒත්

ඇයි ඒත්

මට දැන්ම බැරිවෙයි ඔයාව මගේම කරගන්න…පුලුවන්ද ඒ දවස එනකම් බලන් ඉන්න

මහත්තයො මෙච්චර කල් ඔයා වෙනුවෙන් ඉන්න පුලුවන් උනු මට ඒ දවස් ගෙවන කම් ඉන්න බැරි කමක් නෑ…මට..දැන් දොයියමු අප

හ්ම්ම් ආදරෙයි මැනිකො

එයා මගෙ නල්ල හිබලා…ලොකු සුසුමක් පිට කලා

එයා මගේ නම්..ආතම ගානක් උනත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුලුවන්…

මැනිකො…

ම්ම්ම්

සද්ද නැත්තෙ

මන් නිදි….

අදින් පස්සෙ මේ මුලු ලෝකෙම මන් විදින්නෙ..මේ පපුව මත හිස හොවන්

….කල්පයක් වුව බලන් ඉන්නම්
….ලෝකයක් තුල ඔබ දකින්නම්
…සිහිනෙනුත් මා ඔබ පතන්නම්
…අනේ …..**ඔබ මගේම නම්**

…කදුලු කතාවක සොදුරු අවසානයක…්

……………සවී විතානගේ…………

##පසු වදනක්-

මේ මන් ලියපු හත්වෙනි කතාව…ඒ වගේම ලියපු කතාවලින් ගොඩාක් දුකම හිතුනු කතාව…සමහර වෙලාවට මටම කතාව කියෝලා දුක හිතුනු වාර අනන්තයි…

මේ කතාව තව කොටස් පහ හයක් ගේමක් නැතුව මට ඇදන් යන්න තිබ්බා..ඒත් අද ඉදලා දවස් තුනක් මන් නැති වෙයි..ඉතින් මට ලැබෙන ඉන්බොක්ස් මැසේජ්..කමෙන්ට්ස් ඒවා බැලුවම ඔයාලට ඒ දව්ස් තුන ඉන්න බැරි වෙයි කියලා හිතුනා..ඒකයි කලබලෙන්

කෙටියෙන් කතාව මෙහෙම අද ඉවර කලේ…මන් හිතනවා ඔයාලා වෙනුවෙන් මන් සාදාරනයක් ඉශට කෙරුවා කියලා…මන් කවදාවත් ඔයාලගෙන් ලයික් කමෙන්ට්ස් ඉල්ලලා නැ…ඒත් හැමදාම ඔයාලා මට ලයික් කලා කමෙන්ට්ස් කලා..දැන් මට සමහර වෙලාවට ඩේටා ඔන් කරන්න බයයි .මන් රැ දොලහට ඔන්ලයින් ආවත් කවුරු හරි ඉන්බොක්ස් ඇවිත් මගෙන් කතාව ඉල්ලනවා..දන්නවා දැනෙනවා ඔයලගෙ මෙ ආදරෙ…ඉතින් ගොඩක් සතුටුයි..පලවෙනි කොටසට ලයික් වැටිලා තිබුනෙ දෙසිය ගානයි .

ඒත් මන් ඊයේ බලද්දි 38 වෙනි කොටසට ලයික් අටසීය පැනලා…ගොඩාක් සතුටුයි..ඔයාලගෙන් මන් ඉල්ලන්නෙ නැතුවම ඔයාලා මට දුන්නු ආදරේට…ගොඩාක් යාලුවො මට ලැබුනා..හැම දේකටම ස්තූතියි…ඔයාලගෙ හැම කමෙන්ට්ස් එකක්ම මන් බලනවා..රිප්ලයි නොකලත් ඔයාලා මට ලස්සනයි කියලා දාන ඒ ඇගයුම කතාව මේ තරමට ලස්සන වෙන්න එකම හේතුව …ඔයාලගෙ ආදරේට ගොඩාක් ස්තූතියි..ඇත්තමයි..මේ තමයි…මගෙ සතුට

හැමදාම මා එක්ක උන්නු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *