ඔබ මගේම නම්…………………………20

මේ ගිනි රස්නේ වතුර ටිකක් ගෑවෙන එකත් සැපක්..අද ඉරිදා..ඔෆිස් නිවාඩූ…හුම්ම් ඒ වගේම අද මගේ උපන්දිනේ..කාටවත් කියන්න ගියේ නෑ..කොහොමටත් අප්පච්චි මිසක් මට මට විශ් කරන්න කියලා වෙන කෙනෙක් උන්නෙත් නෑ..මෙච්චර කාලෙකට..එහෙමයි කියලා උපන්දිනයක් සමරලත් නෑ..

පැයක් විතර ඇතිවෙන්න වතුර යට ඉදලා මන් රූම් එකට ගියා..තවමත් කොන්ඩෙන් වතුර බේරෙනවා..නපුරත් ඇදට වෙලා ෆිල්ම් එකක් බලනවා..මුනින් හැරිලා කකුල් වන වනා..වෙලාවකට පොඩි එකෙක් වගේ..

මන් පෙරේදා ගෙනාව පොතේ තව පිටු දහයක් විතර ඉතුරුයි..ඒක කියවන්න කියලා මන් පොත අරන් ඇදේ විට්ටට හේත්තු උනා..

පොලගියෙ

ම්ම්ම්

පොලගියෙ

ඇයි

මේ

ඇයි මොනාද ඕනි

වැඩක් කරමුද

මොකක්ද

පොලගි ස්කූල් එකෙ හිරමනේ ගෑවා නේද

ඒ මොකක්ද

හිරමනේ හිරමනේ

එයා මට ඒක අතින් කරලා පෙන්නුවා

ඒ කියන්නෙ වයලින් එකද

ඔව්

හුම්ම්

තවම පුලුවන් ද

ඔව්

ඕනිම සින්දුවක් ප්ලේ කරන්න පුලුවන් ද

එක පාරක් අහලා තිබ්බොත් පුලුවන්

හා ඒමද ඉන්නවකො එහෙනම් ..

නපුරා රූම් එකෙන් එලියට ගියා..ටික වෙලාවකින් එයා ආවෙ වයලින් එකකුත් අරන්…

ඕක…කාගෙද

මන් ගාව සේරම ඉන්ස්ටෘමන්ට් තියෙනවා ..පොඩි කාලේ ආසාවට ගත්තෙ …ප්ලේ කරන්න තමයි බැරි

දැන් මේක කොහේ තියෙලද ගෙනාවෙ..

මගේ පුන්චි කාලේ බඩු දාලා තියෙන රූම් එකේ..ආ යතුර වෙලාවක ගිහින් බලන්න ..

අද මොනා හිතිලද දන්නෙ නෑ…

මන් වයලින් එක චුට්ටක් පිහදාලා නිකටෙ රදෝගත්තා….වයලින් එක කාලයක් මගේ ජීවීතයම වෙලා තිබුනා..අම්මා මතක් උනු හැම වෙලේම මන් ඒක ගහපු කාලයක් තිබ්බා..මගේ ජීවීතයට වටිනාකමක් දුන්නෙ වයලින් එක….

ඕක තියන් කල්පනා කරන්න කීවේ නෑ …ප්ලේ කරන්න

ඉතින් මොකක්ද

මන් කියන එක..ඉන්න මන් නෝට්ස් පෙන්නන්නම්…

මෙන්න…

ගී ස්වර ප්‍ර්ස්තාර…

කී වෙනි නෝට් එකද

විසි දෙවනි පේජ් එක

ඕකේ..

ඔයා ප්ලේ කරන්න මන් කියන්නම්..

මන් ඒක ප්ලේ කරන්න හිතන් ඒ පේජ් එක හෙව්වා..අහ් මේ තියෙන්නේ …

ආදි මේක මේ….

ප්ලේ කරනවකෝ මෝඩි ප්‍ර්ශ්න අහන්නෙ නැතුව

ආදි කියන නිසා මන් ඒක ප්ලේ කරා..

Happy birthday to you
Happy birthday to you
Happy birthday dear aadhi
Happy birthday to you

අන්තිම පේලිය මන් ප්ලේ කලේ නෑ..දෙවියනි මට විශ් කරන්නද එයා මේක අරන් ආවෙ

මොකො උගුඩි වගෙ මන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නෙ..හැපි බෝද්දේ..සේම් ටු යූ

ඇත්තටම තව ඩින්ගෙන් මගෙ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න..මෙයා කොහොමද ඒක දැනගත්තෙ

ඔයා ඔයා කොහොමද ඒක දැනගත්තෙ

අයියො වෙරි සිම්පල්

ඒ කිවෙ

මෙන්න මෙහෙ පෝන් එක ගත්තා..ඒකට ආව මැසේජ් කියෙව්වා ..ඉතින් හොයා ගත්තා

එයා මේසෙ උඩ තිබ්බ මගෙ පෝන් එක අරන් මට පෙන්නුවා..

මොකක්..ඒ කියන්නෙ ඔයා මගෙ පෝන් එක බැලුවා

ඔව්

කාගෙන් අහලද මගෙ පෝන් එක බැලුවෙ ආ

කාගෙන් වත් අහන්න ඕනීද..මෙතන තිබ්බා මන් බැලුවා

කොහොමද ඔයා මගෙන් අහන් නැතුව මගෙ පෝන් එක ගත්තෙ ආ

මන් මොකටද පොලගියන්ගෙන් අහන්නෙ..මන් කරන්නෙ මට ඕනි දේ..අනික මන් තමුසෙගෙ..හ….

කියන්න ගිය දේ තේරෙනවා..ඇයි ආදි ඒක නොකීවෙ…

දැන් මෙතන පුපුරන්න දෙයක් නෑ මේන් පෝන් එක..

ආදි පෝන් එක මගෙ ලගට විසික් කලා..මන් පෝන් එකෙ මැසේජ් ඕපන් කරලා බැලුවා..කවුද මට විශ් කලෙ කියලා බලන්න..

කෝ මැසේජ් එක..ඩිලිට් කලාද ආ

දැන් බලනවා….

එයා එයාගෙ පෝන් එක ඔබනවා ඒ පාර..

ම්ම් ඒ පාර ආවා මැසේජ් එකක්..කවුද මේ

හැපි බර්ත් ඩේ මගෙ පොලගියෙ..තව අවුරුදු සීයක් පොලගියක් ලෙසම ජීවත් වෙන්න ලැබේවා..

ම්ම්ම්හ් මෙයා නම්..

ඔයා….

එයාගෙ මැසේජ් එක මට පෙන්නන්න ඕනි නිසයි එහෙනම් පෝන් එක විසික් කලේ..මෙහෙම පිස්සු වැඩ කරලා මාව පිස්සු වට්ටන්න එපා මැට්ටො..මට පිස්සු හැදේවි..

ඔයා නම් මහම මහා මැටි හරිතයෙක්

මන් ආදිට කොට්ටෙකින් ගැහුවා..ඇත්තටම මාව පිස්සු වට්ටනවා..කොහින් හොයා ගන්නවද මන්දා..ඒත් මගේ ජීවීතේ උපන්දිනේකට කෙරුනු විශේශම සුබ පැතුම්

ආහ් ෆයිට් ද ආ

ඔව් ඇයි

එනවා එහෙනම් ..

මායි එයයි කාමරෙ පුලින් විසිරිලා යන්නම කොට්ටවලින් ගහගත්තා..මගේ කොට්ටෙට කලින් එයාගෙ කොට්ටෙ ඉරුනු නිසා එයා මගෙ කොට්ටෙ උදුරගන්න ඇදට පැන්නා..ඒ පැනපු වේගේට අපි දෙන්නම ඇදෙ හිරවෙන්න ඇද කඩන් වැටුනා..දැන් ආදි මගෙ ඇග උඩ

ඒ ඇස් කෙලින්ම් මගෙ පැත්තට යොමු වෙලා..ආදි මූනට වැටුනු මගෙ කෙස් රොදක් අයින් කලා..

මොකො

මොකො කියන්නෙ

මගෙ ඇග උඩින් බහිනවා

බහිනවා තම්යි..ඒත් මේ මූන

ඇයි මූණ මොකො

පිරිලා…

ඒ කීවෙ

ඔයාගෙ මූණ පිරිලා..කම්මුල්..ඒවා රෝස පාට වෙලා..තොල්

මන් හිත යටින් මේ වර්නනාව අහන් උන්නෙ ගොඩක් සතුටින්..මේ වෙනස් වීම් අම්මිට් පින් සිද්ද වෙන්න තමයි ..

මැට්ටි

මට හිතෙනවා …මේ මූණ

ඒ වෙලේම ආදිගෙ පෝන් එකට කෝල් එකක් ආවා

මගෙ මූණ මොනාද කරන්න ඕනි උනේ ආදි අනේ කියලම යන්න..මාව පිස්සු වට්ටන්න එපා..ප්ලීස්..මගෙ හිත මොර දුන්නා

ආදි කෝල් එකට ආන්ස කලා..

ඕකෙ සුවිටි..මන් එන්නම්

සුඑඉටි සුවිටි කොයි වෙලෙත් හරහට එනවා..ඇයි අනෙ…ආදි මට ලන් වෙන්න හදන හැම මොහොතකම කොහිවත් ඉන්න සුවිටියෙක් ඇවිත් මට හරස් කපනවා …

ආදි ඉක්මනට ඇදගත්තා

එකත් එකටම මෙයා කොහෙ හරි යන් කියන්න ඇති..මන් වගෙ පව් කාරියෙක් ..මගෙ මිනිහට මන් ඉස්සරහම වෙන ගෑනු කෝල් දීලා අඩගහගන්නවා..පිච්චෙනවා දෙයියනෙ පිච්චෙනවා

ආදි දොර ගාවටම ගිහිල්ලා ආයෙම හැරිලා ආවා

හැපි බර්ත්ඩෙ පොලගි..උම්මා..හරියට හත වෙද්දි ලෑස්ති වෙලා ඉන්න..අපි ඩිනර් එකකට යන්..

එයාගෙන් ලැබුනු පලවෙනි ආරාදනාව..ඒ වගේම එයාගෙන් ලැබුනු පලවෙනි හාද්ද…

සිහියත් අසිහියත් අතර හිර වෙලා වගේ මන් එයා හාදු දුන්නු වම් කම්මුල අතගගා ගොඩක් වෙලා එහෙම උන්නා…

ඔයා මාව පිස්සු වට්ටනව ආදි..අනේ ඔයාට යන්න එපා කියලා කියන්න මට පුලුවන් උනා නම්..

කමක් නෑ..මන් ලෑස්ති වෙලා ඉන්නම් ඔයා මාව එක්කන් යන්න

පහ වෙද්දී මන් අම්මිට කියලා ලෑස්ති උනා..අම්මි මට හොදටම දොස් කීවා උපන්දිනයක් ගැන මන් කීවෙ නෑ කියලා

සොරි කියලා යාන්තම් බේරුනා..අද ආදි එක්ක උපන්දිනෙ සමරලා හෙට එයාලත් එක්ක සමරමු කියලා මාව පොරොන්දු ගත්තා..

අම්මි මට එයාගෙ ලග තිබුනු ලස්සන ගවුමක් දුන්නා..මේක එයා ගොඩක් කාලෙකට කලින් ගත්තු එකක්ලූ…

පියෝ වයිට් නෙට් රෙද්දෙන් මහලා තිබුනු ඒ හීනි අත් දාලා තිබුනු ගවුම මගේ ඇගට කියලම මහලා වගේ..

පුන්චි මේකප් එකකුත් එක්ක..කොන්ඩෙත් ලස්සනට හැදුව අම්මි මගෙ ලස්සන බැලුවා..

මගෙ ඇග දැන් කලින්ට වැඩිය පිරිලා..ලොකු වෙනසක් නැතිවුනත් මූනෙ තිබ්බ අදුරු පැහැය නැති වෙලා..සේරම අම්මිට පින් සිද්ද වෙන්න තමයි

පුන්චි ඒන්ජල් කෙනෙක් වගේ

අම්මි

අද තමයි මන් ඔයාව ලස්සනටම දැක්ක දවස..වෙඩින් එක දවසටත් වඩා ලස්සනයි අද

ම් ස්තූතියි අම්මි..සේරම ඔයා නිසයි

හරි හරි..අද මටයි ඩැඩිටයි පුන්චි පාටි එකක් තියෙනවා …එහෙනම් ඔයා පුතා ආවම එයා එක්ක යන්න…අපි යනවා

හරි අම්මි

….

තව විනාඩි පහකින් හත වෙයි..මගෙ හිත ඉවසිල්ලක් නෑ..මගේම මූණ කන්නාඩියෙන් බලපු සියවෙනි පාරද මන්දා…

මාව මේ විදියට දැක්කම ආදිට මොනා හිතෙයිද දන්නෙ නෑ..

නතාශා තරම් ලස්සන වෙලා නෑ තමයි ඒත් ඉස්සරට වඩා ලස්සනයි නෙමීද මන්..රූම් එකේ ලොකුවට ගහලා තිබුනු ආදිගෙ පොටෝ එකට ඇන ඇන මන් ඇහුවා..

අනෙ ආදි ඉක්මනට ඉක්මනට එන්නකො..

හත ,අට වෙලා අට නවය වෙලා දැන් පැය තුනකුත් ගෙවිලා ගිහින්..කෝ මේ ආදි ..එයාට මොකක් හරි කරදරයක්ද…

දැන් දැන් මගෙ ඉවසීමෙ සීමාවත් පැනලා ගිහින්..ආදි කීයට හරි එනකම් කියලා බලන් උන්නත් අම්මිලා ඇවිල්ලත් දැන් ටිකක් වෙලා

ඒත් මෙයා නැත්තෙ ඇයි..පෝන් එකට කෝල් ගත්තත් කිසිම උත්තරයක් නෑ…

හරියටම පාන්දර තුනාමාරට ආදි රූම් එකට ආවා…

මන් අඩලා අඩලා හෙම්බත් උනු මූනෙන් එයා දිහා බැලුවා…

වැනි වැනි ඉන්න හැටි එක තැන කෙලින් හිටන් ඉන්න බැරි මෙයා කොහොම ආවද මන්දා…

අහ්..හික්..හික්..මේ මොකඩෝ..මොකඩ වඩිග පටුන වත් නටන්න යනවද ආ…

අඩපු නිසා මේකප් දිය වෙලා මන් දැන් විකාරයක් වගෙ වෙලා..මෙයාට මතක වත් නැද්ද මට ලෑස්ති වෙලා ඉන්න කිව්වා කියලවත්

ආදි කොහෙද උන්නෙ මෙච්චර වෙලා

මමයි නතාශයි ගියා ඩෝග් ශෝ එකක් බලන්න ..නතාශගෙ පපීත් උන්නා තරගෙට .පපි ෆ්‍ර්ස්ට් උනා..අපි ඒක සෙලිබ්‍රෙට් කලා ක්ල්බ් ගිහින්…

මොකක්..ආදි..ඔයාට මට වඩා බල්ලෙක් ලොකු වුනාද..අනික මෙහෙම ආදිට පොවන්න තරම් නතාශා මෝඩියෙක්ද

කොහෙන් ගියත් රිදෙන්නෙ මේ හිතමයි…මන් බොරුවට බලාපොරොත්තු තියාගත්තා..හ්ම්ම්

මතු සම්බන්දයී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *