……කදුලත් සැනසුමක්…..04

04. වන කොටස..

මං එහෙම කිව්වම විමූ මූන ඇබුල් කර ගත්තා. උදේ ශානූ අයියගෙ සිද්දිය නිසා මං මාත් හිතින් දුක් වෙමින් හිටියේ.

හරි බං මට ඒකේ ගානක් නෑ.. මොකද මූන ඇබුල් කර ගත්තෙ. ඔබ දන්නවනෙ මට පිරිමි කියන කවුරුත්ම එපා.
බාප්පගෙ කෝලන් දැක්ලම මට පිරිමි සන්හතියම එපා වෙලා තියෙන්නෙ. මට කිසිම පිරිමියෙක් ගැන විශ්වාසයක් නෑ. පංතියෙ පිරිමි ළමයි ඇර වෙන පිරිමි ලමයි එක්ක මං කතා කලෙත් නෑ. ඒත් ශානූ අයිය එක්ක කතා කරන්න මගෙ හිතෙ කැමැත්තක් තිබුනා.ඒ ඇයි කියන්න මං දන් නෑ. මං කොහොමත් වැඩිය කා එක්කත් කතාවට ගියෙ නෑ.

එහෙම කියන්න එපා බං . හැම එකාම ඔහොම නෑ. ඒකා නාකියෙක්නේ. ඇයි ඊයේ මොනා හරි වුනාද ?
විමූ එහෙම ඇහුවේ මගෙ හැගීම තේරුම් අරන්. එයා තරම් වෙන කවුරුත්ම මාව තේරුම් ගත්තෙ නෑ.

ඒවා කියලා වැඩක් නෑ බං . හැමදාම ඔහොම තමයිනේ අම්මට කියලත් වැඩක් නෑ… උබට කිව්වොත් උබටත් දුක විතරයී. මං තනියෙන්ම විද… වන්..නම්. ම..ගේ කරු…මේ මේ….
ඇස් දෙක කදුලින් බොද වුනේ මටත් නොදැනිමයී. තවත් කතා කරන්න බැරි වුනා. මං ලේන්සුව අරන් මූන වසා ගත්තා.

එහෙම කියන්න එපා ශදී. මට කියහන් කෙල්ලෙ … අඩන්න එපා. මොකද උනේ..

වෙනදා… වගේ….ම තමා බං… . මං බාප්පා.. වැඩට…. යනකන්… හිටියා… ඇදුම් ටික ඇද ගන්න ..
මං බිම බලාන අමාරුවෙන් කියන්න ගත්තා. මගෙ ඇස් වල කදුලු උනනවා උල්පතක් වගේ. උගුර ඇතුලින් රිදෙනවා පපුවත් එක්ක මැරෙන්න වගේ.

මං යනකන් බලං ඉදලා කාමරේට ගියා ඇද ගන්න කියලා.

ඉතිං මොකද. වුනේ. මට බයයි කෙල්ලෙ අනේ කියපන් ඉක්මනට…
විමූ මගෙ මූනට එබුනේ හරිම දුකින්.

මං ඉතින් පුරුද්දට.. . . වටේ බලලා….. ඇදුම ගලවන්න ….හැදුවෙ. එතකොට මන් දැක්කා…. අර පෙරේතයා. බිත්තියෙ හිලකින් ….. බලන් …ඉන්නවා… කන්න වගේ….මට එපා… වෙනවා …..බං….. මට මැරෙන්න ඕනී…
මට හයියෙන් ඇඩුම් ආවා. මන් මුලු මූනම අත් දෙකෙන් වහගෙන අනිත් පැත්තට හැරුනා.

මහ බල්ලෙක් උබලගෙ බාප්පා. ඔබ මැරෙන්න ඕනී නෑ ඕකාවයී මරන්න ඕනී. ඌ ගිහින් නැද්ද. එතකොට
විමූ ඒක කිව්වේ හරිම කේන්තියෙන් වේගයෙන්.

නෑ…. යනවා.. . වගේ ගිහින්… අහපවු ඇ..විත්… සද්දයක් වත් ඇහුන්නෑ…අනේ . ..

අම්මාට කිවුවේ නැද්ද. උබ…

කිව්වා බං…… දැක්ක…… ගමන් කෑ…. ගැහුවා… මං.
එලියට යද්දී…. ඌ .. ගිය අතක් නෑ…. අම්මා කියනවා මට විකාරලූ මනස්ගාත…… ඔලුවෙ දාන්. ඒවා…. මැවිලා පේනවලූ….. මගේ… කරු..මේ බං… එයාත් මට . … ආදරේ .. නෑ එයාටත්…. විශ්වාස ඌව… මට ඒකයී තවත් දුක… ඒත් ඌගේ සෙරෙප්පු දෙක.. පාර.. ගාව තිබුනා..

ඉතිං උබ අම්මට පෙන්නුවෙ නැද්ද…
විමූ කතාව මැද්දට පැන්නා

පෙන්නුවා… බං….

ඉතිං අම්මා ඒවත් විශ්වාස කලේ නැද්ද..

නෑ… එතකොටම….. අරූ ආවා… අල්ලපූ… ගෙදර.. ඉදන්..

ඉතිං එතකොටවත් පිලි ගත්තෙ නැද්ද..

නෑ ඌ කියනවා . ….විටක් කන්න ගියාලූ….. ස්ද්දෙ ඇහිලා ඇයි බලන්නලූ ආවේ… මට. මරන්… මැරෙන්න හිතුනා බං… මං ඇහින් දැක්ක… . එක තෝ.. දැං නෑ කියනවද කියලා මං කෑගැහුවා. ඌ කියනවා බලන්නකො. සුද්දී. මේකී කියන….. කතාව…. ඇයී මං ගැන ඔහොම කියන්නෙ. විමල් ගෙන් අහලා බලහං… සුද්දී මං. එහෙ නෙමෙද …..හිටියෙ කියලා කියනවා. බලහං මොන දෙයියන්ට…. කියන්නද මේවා …

අම්මත් පිලිගත්තා ඉතිං.. අනේ මංදා බං උබලගෙ අම්මත්…
විමූ ඒක කිව්වේ හරිම වේදනාවෙන්

ඒක තාමා.. මට….
මට කිටන්න ගිය දේ කියන්න දුන්නෙ නැහැ .. විමූ මගෙ අත කෙනිත්තුවා ..

ඇයි බං…
මං කලබලෙන් වටපිට බැලුවා. දෙවියනේ ශානූ අයියා ඈත ඉදන් අපි දිහා බලන් ඉන්නවා . මගෙ මුලු ඇගම පිච්චිලා ගියා. මං එහෙ බලනවත් එක්කම ශානු අයියා අපිව නොදැක්කා වගේ එතනින් යන්බ ගියා. ඒත් එක්කම ඈතිං උදේ රැස්වීමට බෙල් එක වදිනවා ඇහුනා.

යමං දැන් … මූන හොද ගනිංකෝ….

අනේ විමූ ශානු අයියා දැක්කද කොහෙද. අනේ උබෙන් ඇහුවොත් මොකුත් කියන්න එපා අනේ.. අනේ..
මං විමූට ඒම කිව්වේ ආයාචනාත්මකව.

හරි බං . උබ දන්නවනේ. මං කාටවත්ම කියන්නෑ. දුලාන් අයියටවත් කියන්නෑ යමූ…
මම ටැප් එකට ගිහින් මූන සෝදා ගත්තා.

අනේ මට රැස්වීමට යන්න බැ බං…
අද දවස නම් එපාම කරපු දවසක් උදේ ඉදන්ම නරක දේවල් මයී වෙන්නෙ.

ශාදීෂා ඔබලා කොහෙද බං හිටියෙ… වරෙන් ඉක්මනට
කෑ ගහගෙන අපේ පැත්තට දුවන් ආවේ. දේෂානී.
ඒයා තමා පංතියෙ දක්ෂම ළමයා.

ඇයී දේෂානියෝ.
මං වෙනුවෙන් ප්‍රශ්න කලේ විමූ. මන් ඉන්න තත්වෙ දන්න නිසා මාව බේර ගන්න.

අද අපිට උදේ රැස්වීමලූ. කවුරුත් නෑ. කතාවක් වත් කියන්න. අනේ ශදී සිංදුවක් කියමූ.. අනේ…

අනේ මට බෑ .
මං එක පාරටම කලබල වුනේ බයට නෙමේ. මං ඊයෙ රෑත් අඩපු නිසා කටහට වෙනස් වෙලා ඇති කියලා.

අනේ .. අනේ.. පංතිය බේර ගනිං .කවුරුත් නෑ බං මං කතාවක් කරන්නම්. බෑ කියන්න එපා ශදී..
මට දේෂානී පව් කියලත් හිතුනා. මං කවදාවත් බෑ කියන්නෑ සිංදු කියන්න. ඒත් අද දවස හරි නෑ.

ශදී කියමූ . අවුලක් නෑ .කලින් කියපු එකක් කියමූ.
වීමූ එහෙම කියලා මගෙ අතින් ඇදම් උදෙ ප්‍රධාන රැස්වීම තියෙන පැත්තට යන්න හැරුනා.

අනේ තෑන්ක්ස් බං වරෙල්ලා.
දේෂානිත් අපි එක්කම රැස් වීම තියන තැනට ආවා. රැස්වීම පටන් ගත්තා. පංසිල් අරන් ජාතික කොඩියයී පාසල් කොඩියයී ඔසවලා. ජාතික ගීය එහෙමත් කිව්වා. මං ඔහේ කල්පනා කලා මිසක් මොනවා කිව්වද කලාද මතක නෑ . ඒ එක්කම මගෙ නම මයික් එකෙන් කියනවා මට ඇහුනා. මං නිරායාසයෙන්ම සිංදුව කියන්න ඉස්සරහට ගියා.
අවසර අරන් සිංදුව කියන්න පටන් ගත්තා.

මිදුලේ වැලි මාලිගාව
සක්විති පදවිය ලබන්න…
සතර දිශා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සද හිරු වී එළිය දෙමී……..

මං සිංදුව කියන ගමන් පහල ඉන්න ළමයී දිහා බැලුවා. එයාලා සාවදානයෙන් අහන් ඉන්නවා. මං නිකමට ශානූ අයියා ඉන්න පැත්ත බැලුවා. ශානූ අයියා මං ඒ පැත්ත බලනවා දැක්කා. එයා මාත් එක්ක හිනා වුනේ හරිම සතුටින් . මගෙ මූනටත් හිනාවක් ආවේ ඉබේටමයී. මගෙ හිතට පුදුමාකාර සැනසිල්ලක් දැනුනා. දුක් වේදනා සේරම අමතක වුනා. මං සිංදුව ඉවර කරලා ස්තූති කරලා. මයික් එක දේෂානිට දුන්නා. ලමයී සේරම සතුටින් අත්පොලසන් දුන්නා. මගෙ හිත තව තවත් සතුටින් ඉපිලිලා ගියා. පාසල තමා මගෙ සැනසීම. මං හිතිං මෙනෙහී කලා….

************************************
ඊ ළග කොටසින් හමු වෙමූ. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *