…..කදුලත් සැනසුමක්…….05

05. වන කොටස.

**************************************
අද හරිම රස්නේ දවසක්. පංතියෙ ඉන්නත් බෑ පිච්චෙනවා වගේ. ඉගෙන ගන්නව තියා නිකන් ඉන්නත් බැරි තරම් . දවල් විවේකෙන් පස්සෙ හදිස්සී රැස්වීමක් තියෙනවා කියලා ඔක්කොම ටීචර්ස්ලා රැස්වීමට ගියා. ශිෂ්‍ය නායක නායිකාවෝ පොඩි පංති බලාගන්න කියලා ගිහින්. අපේ පංතියේ ළමයින්ට ඉතිං මගුල් ගෙයක් වගේ. “ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වලූනේ” ඒ වගෙ තමා. කෑ ගහන් නැත්ව පොතක් බලා ගන්න කියලා ගියෙ. මොන පොත්ද කට්ටිය වට වෙලා බර කයිය. පංති නායිකාව දේෂානී, එයා බැන්න නිසා වැඩි සද්ද නැතුව කට්ටිය තැන් තැන් වලට වෙලා කතාව.
මායී වීමුයී හිටියේ ලොකු හෝල් එකේ එක පැත්තක නිදහස් තැනක. සාමන්‍ය පෙළ උසස් පෙළ් පංති තිබුනෙ එකම ලොකු හෝල් එකක. පපවේ මට්ටමට විතර උස කොට බිත්තියට හේත්තුවෙලා පහලින් පෙනෙන වෙල්යාය දිහා බලන් හිටියා. දෙන්නම කතාවක් නෑ ඔහෙ බලන් ඉන්නවා. රස්නේ වෙලාවට ඉන්න හොදම තැන මෙතන. වෙල පැත්‍තේ ගසන් එන සුළග, සිරුර පිච්චෙන තරම් උණුසුම අඩු කරලා දැම්මා.
අපි හිටපු තැනට පිටිපස්සෙ තිබුනේ 12 ශ්‍රේණිය. ඒ කියනෙ ශානූ අයියලගෙ පංතිය. ඒත් පංතියෙ කවුරුත්ම හිටියෙ නෑ. සේරම ලමයී පොඩි පංතී තියෙන පැත්තට ගිහින්. මගේ හිතේ පොඩි දුකක් තිබුනා, ශානූ අයියා මාත් එක්ක හිනා වෙන්නෙ වත් නැති එක ගැන. එදා අඩනවා දැක්ක දවසෙ ඉදන්, එයා කලින් මාත් එක්ක කතා කරපු වචනය දෙකවත් කතා කරන්නෙ නෑ.

කෝ බං මේ දූලාන් අයියා බලහං කෝ ටීචර්ලා කවුරුත් නෑ .කතා කරන්න තියෙන හොද අවස්තාව. කොහෙ ගිහින්ද මංදා..
විමූගෙ ලතැවිල්ල පිරුනූ කට හඩ ඇහෙනවත් එක්ක මං එයා දිහා බැලුවා. විමූ හිටියෙ දුලාන් අයියා කොහෙද කියලා වට පිට බලමින්.

පොඩි පංති බලා ගන්න දාලා ඇති බං..

අනේ මංදා ..

අර එන්නෙ ශානූ අයියා නම්…
ඈතින් ශානූ අයියා එනවා දැකලා, මං කිව්වේ සතුටින්. අපි දෙන්නම ඒ පැත්ත බලන් හිටියා. ශානූ අයියත් ගොඩ දවසකින් ලස්සන හිනාවක් මවාගෙන, කෙලින්ම අපි ඉන්න තැනට ආවා.

ආ….. නංගිලා මොකද කරන්නෙ. ආං දුලාන් එන්න කිව්වා කැන්ටිම පැත්‍තට….
ශානූ අයියගෙ කටින් ඒ වචන ටික ගිලිහුනා විතරයී. විමූ සතුටින් ඉපිලිලා ගියා. කෙල්ලෙ කිරිල්ලියෙක් වගේ ඒ පැත්තට ඉගිල්ලෙන්න සූදානම.

එහෙනම් මං යනවා…. කෙල්ලෙ මං විජහට එන්නම්.

ආ.. හරි හරි මං එයාව බලා ගන්නම් .
ශානූ අයියා එහෙම කිව්වේ මං දිහා බලාගෙන හිනාවෙමින්. ඒ වචනය ඇහෙනවත් එක්කම මගෙ හිත ගැස්සිලා ගියා. මං මොකුත්ම කියන්නෙ නැතුව කොට බිත්තියට වාරු වෙලා වෙල් යායාට ඇස් යොමා ගත්තා. ඒත් ඉතිං මූනේ තිබුන හිනාව ඒක නම් හංග ගන්න පුලුවං වුනේ නෑ.

ඉතිං ශදී නංගී. කොහොමද පාඩම් වැඩ..
මගෙ ලගින්ම ශානු අයියගෙ කටහඩ ඇහෙද්දී මට් ඉබේටම එයා දිහා බැලුනා. එයත් මට එහායින් කොට බිත්තියට වාරු වෙලා .මං වගේම පහළ බලාන ඉන්නවා.

හො.. හොද.යී.. අයියේ. කරගෙන යනවා.
මං උත්තර දුන්නෙ අපහසුවෙන්. අපි දෙන්නා විතරක් එතන ඉන්න නිසා මට අපහසුවක් දැනුනා. ශානූ අයිය නම් ලස්සන හිනාවකින්, මං දිහා බලන් හිටියෙ .

ගනන් එහෙම කොහොමද?. ලකුණු කීයක් තිබුනද අන්තිම වාරේ..

67ක් තිබුනා.. ශානූ අයියේ..

එහෙනම් තව මහන්සි වෙන්න වෙයී. නිතර ගණං හදන්න. මොකක්ද අමාරුම පාඩම. මට නම් ජාමිතිය අමාරුයී.

මං නම් ආසම පාඩම ශානූ අයියේ..
මං සැරින් සැරේ මූණ දිහා බැලුවා .ඒ හැම වෙලේම එයා මගෙ දිහාම බලන් හිටියෙ. මට බලන්න බයයී ඒක නිසා මං බිම බලා ගත්තා.

විභාගෙ ලං වෙනකන් ඉන්න එපා . දැම ඉදන්ම පාඩම් කරන්න තව මාස 9නෙ තියෙන්නෙ.

ආ ශානූ අයියා . කෝ අපේ අයියා එහෙම.
අපේ කතාවට හවුල් හවුල් වෙන්න ආවේ ගයේෂා. ගයේෂාලගෙ අයියා හිටියෙ ශානූ අයියලගෙ පංතියෙ. ඒක නිසා ගයේෂා ශානු අයියලා එක්ක හුගක් එකතුයී. නිතරම වගෙ ගයේෂා ශානූ අයියලාගේ පංතියටත් ගියා..

ඒයාලා පොඩි පංති පැත්තේ ගයේෂා නංගී. මං මේ දුලාන්ලට සපෝට් එකක් දෙන්න කියලා.. ආවා..

හා දෙන්න කැන්ටිම ලග කයිය.
ගයේෂයී ශානූ අයියයි කතාවක. මං ඉතිං බලාගෙන ඉන්නවා. මට ටිකක් දුකයි, ගයේෂා මගෙ අවස්ථාව නැති කරපු එකට. ඒත් ශානූ අයියා හිනා වෙලා වචනයක් හරි මාත් එක්ක කතා කරපු එක ” රටක් රාජ්ජය දිනුවා වගේ” හදවතට දැනුනා.

අන්න මීටින් එක එවරයී වගේ. මං යනවා නංගිලා අරුන් දෙන්න තාම අතනනේ.
ශානූ අයියා කැන්ටිම පැත්තට දුවගෙන ගියා. මමයි ගයේෂයී පංතියට ගිහින් වාඩි වූනා. ටික වෙලාවකින් විමුත් පංතියෙන් ඇවිත් වාඩි වුනා. ඒ එක්කම පංති භාර ටීචර් පංතියට ආවා.

ළමයී ලබන සතියෙ පරීක්ෂකවරු එනවලූ . පංතිය පිලිවෙලට තියා ගන්න ඕනී. පොත් සම්පූර්ණ කර ගන්න, ඇගයීම සම්පූරණ කර ගන්න . තේරුනාද ?
ටීචර් කියාගෙන ගියා.

අනිත් එක මේ පංතිය දිග වැඩී අන්තිම පේලියෙ ඉන්න ලමයිට පාඩම ඇහෙන්නෙ නෑ. ශදීෂා ඔයාලා හතර දෙනා ඔය පෝලිම ඉස්සරහින් හරහට දා ගන්න.
ගුරු මේසේ ලගින්ම හරහට අපි ඩෙක්ස් පෝලිම දා ගත්තා.

දැන් හරී නේද ලමයී. අනිත් ලමයී සතියෙන් සතියට පොළිම් මාරු කර ගන්න හරිද.
ළමයී සේරම ඔලුව සලලා එකග වුනා. එහෙම කියලා ටීචර් පංතියෙන් පිට වෙලා ගියා.

මේ….. ශානූ අයියා දුලාන් අයියගෙන් අහලා උබ එදා අඩපු එක.
විමූ ඒක කිව්වේ හරි හදිස්සියෙන් රහසින් වගෙ. මං ඇස් දෙක විදහගෙන එයා දිහා බැලුවෙ බය මුසු මුහුණින්.

ඔබ මොකද කිව්වේ.

බය වෙන්න එපා බං මන් මොකුත් කිව්වේ නෑ. ගෙදර පොඩි අවුලක් නිසා කිව්වා.
මගෙ හිත සතුටක් කාන්දු වුනේ. ශානූ අයියට මාව විශේෂයි කියලා දැනුන නිසා. ශානූ අයියා මට ආදරෙයිද. මගෙ පපුවට ලොකු බරක් වගෙ දැනුනා. පොඩි වේදනාවකුත් එක්ක. ජීවිතේ මුල්ම වතාවට මට මෙහෙම හැගීමක් දැනෙන්නෙ. මං ශානූ අයියට ආදරේ කරනවද? , ශානූ අයියා මට ආදරෙයිද? අලුත්ම හැගීමක් මගෙ හිතට ඇතුල් වුනා.
මං එදා අඩපු එක දැකලත් . එයා ඒක මට අගවන්නෙවත් නැතුව කතා කලේ මගෙ හිත රිදෙයි කියලා වෙන්නැති. ලොකු සුසුමක් හෙලලා මං හිත නිදහස් කර ගත්තේ හරිම සතුටින්.
**************************************
කාලය “ඉබි ගමනිං” ගෙවිලා ගියා. මාර්තු මාසයත් උදා වෙලා. පළවෙනු වාර විභාගයත් ලගයී. මං හිතින් ශානු අයියට ආදරේ කරනවා. ඒක නිසාද කොහෙද මට දැනුනේ “ලොකේ එක තැන නැවතිලා වගේ කියලා. මට මේ හැගීම විමූ එක්ක වත් කියන්න බයයී. එයා දුලාන් අයියට කියයිද කියලා. ඒක නිසා මං හිතේම තියා ගත්තා කාටවත්ම කියන්න ගියෙ නෑ.
ගෙදර තත්වය නම් එන්න එන්නම දරුනු වුනා. මං සේන බාප්පට එළිපිටම බනින්නත් ., බාප්පා එළි පිටම නරක කතා කියන්නත් පටන් අරන් තිබුනා. අම්මට කිව්වටත් වැඩක් නැති නිසා මං කිව්වේ නැ. මගෙ ආරක්ෂාව මංම සළස ගන්න හිත හදා ගත්තා….

ඊළග කොටසින් හමුවෙමු…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *