……කදුලත් සැනසුමක්…….14

14. වන කොටස.

මළගෙදරින් පස්සෙ ඉස්කෝල්ලෙට ආව මුල්ම දවස හරිම පාලුයී .මං දුකින් නිසා කවුරුත් මගේ නිදසට බාධාකලේ නෑ. මළ ගේ නිසා වෙන්න ඇතී විමූ ශානූ අයියා ගැන මොකවත් ඇහුවෙත් නෑ, කිව්වෙත් නෑ .කෑම විවේකය වෙලාවේ මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ මං පංතියේ කොට බිත්තියට හේත්තු වෙලා පහළ වෙල් යාය දිහා බලන් හිටියා. විමූ කීපවතාවක් මට කෑම කන්න කතාකලත් මං ගියෙ නැහැ. විමුත් කටක් දෙකක් කාලා, අනිත් යාලුවන්ට කන්න ඇරලා, අත හෝදගෙන වතුර බෝතලයත් අරන් මං ළගට ආවා. කට්ටියම එක බත් එකට වට වෙලානේ කන්නෙ, කට්ටිය ඒක වැඩී ගානක් නෑ.

ශදීයෝ…

හ්ම්ම්ම්ම්ම්ම්..

මොනාද කල්පනා කරන්නෙ.

තාත්තා මතක් වෙනවා බං.

දුකයී තමයී. අපිට එන්න උනෙත් නෑනේ බං
විමූ මගෙ ළගින්ම බිත්තියට වාරූ වෙලා එහෙම කිව්වෙ හරිම දුකින්. අපි ටිකක් වෙලා කතා කර කර හිටියා.

ආ නංගිලා…..
දූලාන් අයියගෙ කටහඩ ඇහිලා අපී ඒ පැත්ත බැලුවා. පිරිමි ළමයී රෑනක්ම එතන හිටියා, ඒ අතරේ ශානූ අයියත් මං දිහාම බලාගෙන හිටියා. මට ඒ ඇස් දිහා බලන්න බැහැ, මං එයාගෙ ඇස් මගහැරියා.

විමූ නංගා එන්නකෝ පොඩ්ඩක් කැන්ටිම පැත්තට..
දූලාන් අයියා එහෙම කිව්වම විමූත් මට ගිහින් එන්නම් කියලා කැන්ටිම පැත්තට ගියා. ඊට පසෙ ශානූ අයියා මං ඉන්න තැනට කිට්ටූ වුනා. අනිත් පිරිමි ළමයිනුත් චුට්ටක් එහා විහිලු කරමින් මහ හයියෙන් හිනා වෙනවා.
මගෙ හදවතත් වේගෙන් ගැහෙන්වා, ඒ සද්දේ මට ඇහෙන තරම්. ශානූ අයීයා කොට බිත්තිය එහා පැත්තෙන් මං ළගටම ඇවිත්. මට ශානූ අයියව තවත් මගහරින්න බෑ. ඒත් මට මේ හැගීම දරා ගන්නත් බැ වගේ, “මගෙ හදවත් ඇතුලින් සිව්ම් වෙදනාවක් ඇවිත් මුලූ සිරුර පුරා දුවනවා වගේ “මට දැනෙන්නෙ.

ශාදී නංගියෝ . සමාවෙන්න මට මළ ගෙදර එන්න වුනේ නැ අනේ..
එ හඩ සවනට වැටෙන කොට මගෙ හිත ගැස්සිලා ගියා. ශානූ අයියා මගෙ කැමැත්ත ඇහුවට පස්සෙ අපි කතා කරන මුල්ම දවස.

ඒ….. ක..ට කමක් නෑ ශානූ අයියේ.

එන්න තමයී හැදුවේ. දුර නිසා පංතියෙ කෙල්ලන්ව ගෙදරින් එව්වෙ නෑනේ. මටයී දුලාන්ටයි විතරක් එන්න බෑනේ..

හරි ශානූ අයියේ .. මට තේරෙනවා.
මං කතා කලේ බිම බලාගෙන. හොරැහින් ශානූ අයියා දිහාත් බැලුවා. එයා නම් මගෙ ඇස් දෙක දිහාම බලන් ඉන්නවා. මං කොහොම එයා දිහා බලන්නද ඉතිං.

සමාවෙන්න හරිද

ශානූ අයියා මගෙ තාත්තව දැකලා නෑ නේද?

නෑනේ….. අපරාදේ අන්තිම මොහොතෙවත් දකින්න වුනේ නැනේ. තාත්තද ඒ සීයා නෙමෙයිද? විමූ නංගි කිව්වෙ සීයා කියලනේ…
මං ඉක්මනින් බෑග් එක ඇදලා මරන දැන්වීම ශානූ අයියට දික් කලා. මං ඒක ගෙනාවේ එයා වෙනුවෙන්මයී. මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මට ශානූ අයියට පෙන්නන්න ඕනී වුනා.
අපි සීයා ගැන හුගක් දේවල් කතා කලා. මං සීයගෙ විස්තර කිව්වෙ කදුලූ අතරින් ,ශානූ අයියට මූන දෙන්න බැරුව මං මූන හංග ගත්තා.

දුක් වෙන්න එපා දැං. ඔයාට….. මං ඉන්නවනේ. ඕනිම දේකට…. ම්ම්ම්ම්
ශානූ අයියා එහෙම කියනකොට ගල් ගැහිලා එයා දිහාම බලන් හිටියා..

ඇයී…….අනේ සොරී එදා වුන දේට. ඔයා මගෙන් ඈත් වෙයී කියලා බයට. මං එහෙම කිව්වෙ.

ම්ම්ම්ම්ම්ම්…

මොකද ශදී නංගියෝ….
මට හීනයක් වගේ, ශානූ අයියා මට ආදරේ කරනවා. මගෙ සිහින සේරම හැබෑවෙලා, මගෙ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්.
කාලය ගෙවිලා ගියා. ශානූ අයියා නිතර මට කතා කරන්න අඩගැහුවෙ නෑ. මට ඒකටත් කේන්තී, ඉදලා හිටලා වචනයක් දෙකක් කතා කලා විතරයී. එයා දූලාන් අයියට කියලා තිබුනේ කවුරු හරි දැක්කොත් මගෙ නමට ඒක හොද නෑ කියලා. ඈතට වෙලා මං දිහා ආදරෙන් බලං ඉන්න එක තමා එයාගේ එකම සතුට වුනේ. හරියට මං වේදිකාවක ඉන්නවා වගේ , ශානු අයියට එයාගෙ පංතියෙ ඉද ගත්තම මාව හොදට පේනවා. මටත් ශානූ අයියව හොදට පේනවා. එයා හැමවෙලේම මං මොනවද කරන්නෙ කියලා බලන් හිටියේ. හැබැයී අපේ පංතියට උගන්වන වෙලාවක මං එහෙ බැලුවොත් ශානූ අයියා මට රවනවා. ඒක නිසා ඉගෙන ගන්න වෙලාවට මං එහෙ බැලුවේ නෑ.
මං හැම වාර විභාගයකින්ම පංතියේ තුන නැත්තම් හතර වෙනියා. පාඩම් නොකලට උගවනදේ එවෙලෙම හිතට ගන්න පුලුවන් හැකියාව මට තිබුනා.
මං හුගක් තරගවලටත් ඉදිරිපත් වුනා, ටීචර්ලා සර්ලා මට හුගක් ආදරේ කලා ඒ හේතුව නිසයී ශානූ අයියා මට කතා කරන්න අඩ ගැහැව්වෙ නැත්තේ. ඒක නිසාම අපේ ආදර කතාව වැඩිය කවුරුත් දැන ගත්තේ නෑ.
දවසක් හිස් පීරියඩ් එකක නිර්මානී අක්කා මට එයාලගේ ක්ලාස් එකට කතා කලා. විමූ දූලාන් අයියා එක්ක කතා කරන්න ගිහින් නිසා මං තනියෙන් හිටියේ. ශානූ අයියත් පංතියෙ හිටි නිසා මං ඒ පැත්තට ගියා. මං පංතියට ගියා විතරයී ශානූ අයියා යන්න ගියා. මට මාරම දුකයී. මං නිර්මානී අක්කා ලගින් ඉද ගත්තෙ මූන ඇද කරන්.

ඇයී ශානූ අයියා ගියේ…

හ්ම්ම්ම්…. ඔයා පංතියෙ තනියෙන් නිසා ඔයා එක්ක කතා කරන්න කිව්වා මට. කවුරු හරි දැකලා සැක හිතයී කියලා එයාට ඉන්න බැයිලූ.
නිර්මානී අක්කයි මායී කතා කර කර හිටියා. ටිකකින් ශානු අයියයී ,යාලුවො පංතියට ආවා . එයාලා.මාව කයියට අල්ල ගත්තා.

ආ නංගී කොහොමද…

හොදයී අයියා…
ශානූ අයියගෙ යාලුවෙක් නිසා මං කතා කරන්න ගත්තේ. ශානූ අයියත් පැත්තකට වෙලා හිනාවෙවි බලන් හිටයා.

මේ උදේට ඔයා එක්ක එන චූටි මල්ලි කව්ද?

මගේ මල්ලි . එක වසරෙ ඉන්නෙ.

හානේ …මේ.. එයා කැමතීද දන්නෙ නෑ .මං එයාගේ ලොකු මස්සිනා වෙනවට…..
ශානූ අයියගෙ යාලුවා විදුරංග අයියා එහෙම කිව්වෙ හිනා වෙමින්. අනිත් යාලුවොත් බකස් ගාලා හිනා වුනා. නිර්මානී අක්කටත් හිනා.

අපෝ අයියා මෙතන කට්ටිය වැඩී මං ඔයාට ඒක පස්සෙ කියන්නම්කෝ..
මාත් ඒක විහිලුවට අරන් එහෙම කිව්වා.හැමෝම තාම මහ හයියෙන් හිනා වෙනවා. කට්ටිය තව ටිකක් වෙලා ඒ ගැන විහිලූ කලා . මං නිකමට ශානූ අයියා ඉන්නවද බලනකොට එයා පංතියෙන් යන්න ගිහින්.
ශානූ අයියට කේන්තී ගිහින් මගෙ දිහා බැලුවේවත් නෑ. මං එයා එක්ක කතා කරන්න උත්සහ කලත් එයා මාව මගහැරියා.
ඉස්ස්කෝලේ ඇරුනා. එදා සිකුරාදා දවසක් නිසා ප්‍රශ්නය විසද ගන්න සදුදා වෙනකන් ඉන්න වෙනවා. මං දුකෙන් පඩිවෙල බැහැගෙන විමූ එක්ක පහලට ආවා. ශානූ අයියා විද්‍යාගාරය ඉස්සරහා ඉන්නවා දැකලා මං ඒ පැත්තට ගියේ ,වෙන දෙයක් වෙන්න කියලා. අපි දෙන්න මූනට මූන හම්බුනා ශානු අයීයා මුන බෙරි කරන් හිටියේ හරිම දුකින්.

ඇයී ශානූ අයියේ…

මොකුත් නෑ ශදී නංගියෝ.

ඇයී අව්ලෙන් වගේ.

කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න.

ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා.

ඊ ළග කොටසින් හමු වෙමූ…😔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *