….. කදුලත් සැනසුමක්……16

16. වන කොටස.
**************************************
මගේ ජීවිතේ හරිම සැල්ලිවෙන් ගෙවීගෙන ගියා. ඒ ශානූ අයියට පින් සිද්ද වෙන්න ඉතිං. ගෙදර නොයෙක් දේවල් සිද්ද වුනා ඒත් මං ඇඩුවේ නෑ. මගෙ හිත පිරිලා තිබුනේ ශානූ අයියගෙ ආදරයෙන්.
පොසොන් පෝයත් කිට්ටු වුනා. ඉස්කෝලේ සීල සමාදාන වැඩසටහනක් සුදානම් කරලා තිබුනා, පෝයට කලින් දවසේ.
ඉස්කෝලේ සේරම ළමයී ඒකට ශභාගී වුනා. ගොඩක් ගැහැනූ ළමයී ළමාසාරීවලින් සැරසිලා හිටියා. පිරිමි ළමයී සරම් ඇදලා. ඉස්කෝලේම හරිම පිං පාටයී. මං ඉවසිල්ලක් නැතුව හිටියේ ශානූ අයියා මොකක් ඇදන් එයිද බලන්න.ශානූ අයියලා එන බස් එක ආවා. මම සුපුරුදු විදිහට බුදු මැදුර ළග පෙර මග බලාගෙන හිටියා.
ශානූ අයියලා ඈතින් එනවා, ඒත් මං හිතපු විදිහට සරන් ඇදන් ඇවිත් නෑ.

තෙරුවන් සරනයි ශදී නංගියෝ.

තෙරුවන් සරනයි . සිල් ගන්නෙ නැතිද?

ගන්නවා. ඇයී…

කෝ සිල් ඇදුම්..
ශානු අයියාලා හිනාවකින් උත්තර දීලා යන්න ගියා. විමූයී මායී අපේ පංතියට ගියා. අපි හිටියේ ප්‍රධන හෝල් එකේ නිසා සිල් ගන්න ඉඩ හදා ගන්න ඩෙක්ස් පුටු සේරම පැත්තක ගොඩ ගහලා. බැග් ඩෙක්ස් ගොඩ අස්සට දාලා අපි ගියේ හේත්තු වෙන්න පුලුවන් තැනක් අල්ලලා ඉටිකොලය එලා ගන්න ගියා.
උදෙන්ම සිල් දෙන්න ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වැඩම කෙරුවා. ඒත් එක්කම ශානූ අයියයී යාලුවෝ කට්ටියයී අනිත් පැත්තේ දොරින් ඇතුලට ආවා. එතකොටයී මං දැක්කෙ කට්ටියම සරන් ඇදලා ශානූ අයියත් ඇදලා.
අපි පේනමානෙන්ම ඉදගෙන වැදගෙන ගථා කියනවා. මට නම් සිල් ගන්න කල්පනාවක් තිබුනෙම නෑ හොරෙන් හොරෙන් ශානූ අයියා දිහා බැලුවා. දවසපුරාම දේශකවරු ඇවිත් දේශනා පැවැතුවා. දවල් දානයට අම්මලා කෑමත් අරන් ඉස්කෝලෙට ආවා. අපේ අම්මත් පොලොස් ඇබුකක් ඇරන් ඉස්කෝලෙට ආවා. දෙමාපියෝ ඒකතු වෙලා දානේ බෙදුවා. අපේ අමමා ශානු අයියටත් බෙදනවා, මං හොරෙන්න් බළන් හිටියා. අම්මා හොද හිනාහාවක් එහෙම දාගෙන් ශානූ අයියට දානේ පිලි ගැන්නුවා.
ඉස්කෝලේ අරින වෙලාවට ළමයින්ට යන්න දුන්නෙ නෑ ,සිල් පවාරනය කරන්න හවස 4වෙනකන් තීයා ගත්තා.
මමයී විමුයී නම් සිල් ගත්තේ නෑ ,මං හිතන්නෙ. දේශන අහන් හිටියෙත් නැ. උදේ ඉදන් ශානූ අයියලා දිහා බලන් හිටියා. ඒ දෙන්නත් එහෙම තමා. ඉස්කෝලේ තව කපල් හිටියා. ඒගොල්ලො නම් කාටත් නොදැනෙන්න එකළග ඉදගෙන හිටියා.
මං සිල් පවරානය කරලා ගෙදර යද්දී මහ ඝෝෂාවයී. සේන බාප්පා ගෙද ඇවිත්. මගෙ ලෑලී කාමරය සේරම ගලවලා දාලා. මගෙ ඇද සාලේ කෑල්ලට දාලා.මුලුගෙටම තිබුනා බාගෙට හදපූ කාමර දෙකක් විතරනේ,හරියට ජනෙල් දොරවල් වත් නැති. සිදුරූ සේරටම ලෑලී ගහලා තිබුනා.

අම්මේ ඇයී මගෙ කාමරය ගැලෙව්වේ…

දන්නෙ නෑ සේන තමා ගැලෙව්වෙ.
මං සේන බාප්පා එක්ක කතා කරන්නෙ නැති නිසා මූන පුලුටු කරන් පුටුවක වාඩීවුනා.

අපිට කෙල්ලො නෑනේ. සුදු දූත් පහල නැන්දලාහේ ගෙදරනේ ඉන්නේ.

ඒත් මගෙ කාමරේ ගැලෙව්වෙ ඇයී මං ආයී ගෙදර ඉන්නෙම නැ. කවුරුත් මාව ගෙදර තියා ගන්න උත්සහ කරන්නත් එපා.
මං කේන්තියෙන් එහෙම කියලා ඇදුමකුත් අතට අරන් නැන්දලාගේ ගෙදර ගියා. පහුවදා බලනකොට අම්මලා නිදියන කාමරයට දොරක් සවිකරලා තිබුනා.

*************************************
අපේ ආදර කතාව හැමෝටම රහසින් ගලාගෙන ගියා. ශානූ අයියා මගෙන් කැමැත්ත අහලා හරියටම මාසයක් වුන දවස උදා වුනා. එදා හරියටම ක්ලාස් දවසක් .මං උදෙ ඇහැරුන ගමන් හිතා ගත්තා අද කොහොම හරි ශානූ අයියා දකින්න ක්‍රමයක් හදා ගන්නවා කියලා. ඒ වගේ මගෙ හිතට ලොකු දුකකුත් ආවා. අදට සියා නැති වෙලත් හරියටම මාසයයී.
වෙනදා වගේම විමුයී මායී ක්ලාස් එකට යන්න කලින් ශානූ අයියට කෝල් කලා. අද විශේෂ දවසක් බව එයාටත් මතකයී. මට කලියෙන් මාව බලන්න එන්න කොහොමද කියලා මගෙන් ඇහුවා. කොහොම හරි මාව දකින්න එනවා කියලා ශානූ අයියා පොරොන්දූ වුනා.
ක්ලාස් ඇරිලා අපි බස් හෝල්ඩ් එකට ආවා. ශානූ අයියලා පෙන්න නෑ. අපි හිතුවා අද නම් එන එකක් නෑම කියලා.
අපේ ඉස්කෝලේ ලමයී හය දෙනයී ඒ ක්ලාස් එකට ගියේ. අපි හයදෙනා ක්ලාස් ඇරිලා ගෙදර එද්දි හරිම ජොලී වැඩ කරනවා. පයින් ආවොත් ගෙදරට එන්න පැයක් විතර යන දුරක් ක්ලාස් එකට තිබුනේ. අපි කරන්නෙ බස් එකේ එන සල්ලි වලින් කඩචෝරූ කාලා පාර පුරා දගලමින් පයින්ම ගෙදර එනඑක. ඒක හරිම විනෝදයී කෑ ගහලා හිනා වෙනවා විහිලූ කරනවා. වෙලාවකට වටපිටාවෙ මිනිස්සු අපි දිහා බලන් ඉන්නෙ “පිස්සෝ රෑනක් යනවා දැක්කා වගේ”.
එදත් අනිත් යාලුවෝ බල කලා පයින් යමූ කියලා. ශානූ අයියලත් නෑ නේ, දුක අමතක වෙන්න එක්ක අපි පයිම ආවා. අපි ටික දුරක් එනකොට ශානූ අයියයී දුලාන් අයියයී බයික් එකේ ආවා.

ආ..න් ආ.. දූලාන් අයියා යනවා විමූ..
අනිත් යාලුවෝ කෑ ගහන්න ගත්තා. ඒත් ශානූ අයියලා අපි නොදැක්කා වගේ අපි පහුකරන් ගියා.

අයියො ඇයී බං දූලාන් අයියා තරහා වෙලාද?

අනේ මංදා බං
යාලුවෝ විමූගෙන් ප්‍රශ්න කරන්නෙ, කවුරුත්ම මගෙයී ශානූ අයියගෙයී ආදර කතාව දැනන් හිටියේ නැහැ. අපි නිහඩවම ඉදිරියට පිය නැගුවා. ශානූ අයියලා පාර අයිනේ බයික් එක නවත්තගෙන අපි එනකන් බලන් ඉන්නවා.
අපි එතනට කිට්ටු වෙත්ම යාලුවෝ විමූට විහිලූ කරනවා. විමුටයී දූලාන් අයියටයී කතා කරන්න දීලා අනිත් අය ශානූ අයියව කතාවට අල්ල ගත්තා.

නංගිලා ශදී නංගිට චාන්ස් එකක් දෙන්න හොදේ..
දුලාන් අයියා කෑ ගහද්දි යාලුවෝ ටික පුදුමයෙන් මං දිහා බැලුවා. මං ලැජ්ජවෙන් බිම බලා ගත්තා.

ඈ…. එහෙමත් එකක්ද්ද? අපි යනවා එහෙනම් .කතා කරලා වරෙන්කෝ අල්ල ගන්න. .

අපිට හැංගුවා නේද..

ආ…..අපිට චොක්ලට් ඕනී ඈ….
යාලුවෝ මට හොදටම විහිලු කරලා එතනි පිට වෙලා ගියා. බයික් එක නවත්වලා තිබුනේ විශාල ගසක හෙවනක් යට. පාරෙන් ටිකක් පහලින් ගෙයක් තිබුනා. ඇත්තම මං බය වුනේ සේන බාප්පා දන්න කවුරු හරී අපිව දකීවී කියලා, අපි හිටියෙ ප්‍රධාන පාර අයිනේ නිසා.

ශාදී නංගියෝ කොහොමද?

මං හොදින් ශානූ අයියේ.

අද විශේෂ දවසක්නේ. මං ඔයාට දෙයක් ගෙනාවා.
ලස්සන කොලයකින් ඔතලා තිබුනූ පුංචි තැස්ග්ගක් ශානූ අයියා මට දුන්නා. මං තවමත් ශානූ අයියගෙ මුහුන දිහා බලලා කතා කරන්නේ නැහැ. තෑග්ග අරන් මං බිම බලා ගත්තා. මං දැක්කා ශානූ අයියා නම් දිලිසෙන ඇස්වලින් මං දිහාම බලාන ඉන්නවා.
අපි වැඩි වෙලා හිටියේ නෑ, කවුරු හරී දකී කියන බය නිසාම. අපි දෙන්නා එයාලගෙන් වෙන් වෙලා යාලුවෝ එක්ක එකතු වුනා.
මට ලැබුන පුංචී තෑග්ග ගෙදර ගෙන්න බය නිසාම යාලුවෝ එක්ක එකතු වෙලා ගලවලා බැලුවා. යාලුවෝ ඉල්ලුවා වගේම චොක්ලට් එකක්. සේරලමලා විහිලූ කරමින් චොක්ලට් එක කෑවා.
මට ගෙදර එන්න බය හිතුනා සේන බාප්පට ආරංචි වෙලා ඇති කියලා. මං බයෙන් බයෙන් ගෙදර ආවා.

ඊ ළග කොටසින් හමු වෙමූ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *