…… කදුලත් සැනසුමක්…….18

18. වන කොටස.
එදා නැන්දලාගේ ගෙදර කවුරුත් හිටියෙ නැ ඒක නිසා මට ගෙදර ඉන්න සිද්ද වුනා. චූටී මල්ලී මායී සේන බාප්පා එන්න කලින් නිදා ගන්න ගියා. හුග කාලයකට පස්සෙ මං ගෙදර ඉන්න ,නිසා චූටී මල්ලිත් හුගක් සතුටින් හිටියේ. එයා ආසයී මං ගෙදර ඉන්නවට ඒත් මං ඉන්න දාට සේන බාප්පා රණ්ඩූ කරන නිසා චූටී මල්ලි මට ගෙදර ඉන්න කියලා කරදර කලේ නෑ. පොඩී වයස වුනාට චූටි මල්ලිට හැමදේම හොදට තේරුම් ගත්තා.
නිදිගන්න ගියාට නින්ද අහලකටවත් ආවේ නෑ . සීයා ,තාත්තා, ශානූ අයියා, මට සැරින් සැරේ මතක් වුනා.
අන්තිමට මට දන්නෙම නැතුව නින්ද ගිහින්ලා. සේන බාප්පා ගෙදර එනවා වත් මට මතක නෑ. මගෙ කාමරය කඩලා දාලා නිසා අම්මයී මල්ලී නිදියන කාමරයේ, එයාලගේ ඇදේ තමා මාත් නිදා ගත්තේ.මං නිදා ගත්තේ බිත්තිය අයිනේ. චූටී මල්ලි නිදා ගත්තේ මං ලග.
රෑ 10ට විතර මන් මං උඩ හිගින් ඇහැරුනේ මගෙ කකුලේ මොකක් හරී ගෑවෙනවා වගේ දැනිලා. එක පාරටම මං නැගිටලා ඉද ගත්තා. මං හොදටම දැක්කා සේන බාප්පා කාමරේ ඉදන් පැනලා දුවනවා. කේන්තිය උහුල ගන්න බැරිව මං රෑ කියලා නොබලා කෑ ගැහුවා.

අම්මේ… අම්මේ… අම්මේ….

ම්ම්ම්ම්ම්ම්

අම්මේ ඔයා හොදට නිදියන්නෙ .. ඇහැරලා බලන්න..

මො…න..වද.. ලමයෝ..

මේකටද මගෙ කාමරය කඩලා දැම්මෙ අහන්න. අර බල්ලාගෙන්. කුපාඩියා…..

මොකද මේ මහ රෑ කෑ ගහන්නෙ
බාප්පත් කාමරයට දුවගෙන ආවා.

ආ දැං බබා නේද? මොකුත් නොදන්න තොත්ත බබා.

සුද්දී…. සුදු දූ හීනෙන් බය වෙලාද කොහෙද?.

ඔව් ඔව් මං හැමදාම දකින්නෙ හීනනේ. ඔයා මොකුත් නොදන්න තොත්ත බබා.

කෑගහන්න එපා ලමයෝ. අහල පහල මිනිස්සුත් එයී. හිමින් කියන්වා මොකද වුනේ කියලා.
අම්මා ඇදේ ඉද ගන්න ගමන් කිව්වා.

කරන්න හොදා බල්ලට බලූ වැඩ .මට කියන්න හොද නෑ . කිව්වම හෙන ලැජ්ජයී නේද?
මට හොද නරකක් තේරුනේ නෑ. කටට ආපූ සේරම කියලා බැන්නා.

මොකක්ද්ද සේන මේ කියන්නෙ.

මං නම් දන්නෙ නෑ සුද්දී.
සේන බාප්පා මොකුත් නොවුනූ ගානට් කිව්වා.

මං ඇහැරෙද්දී කාමරේ ඉදලා දිව්වෙ ඇයී අහන්නකෝ එහෙනම්.. ඇයී අම්මා දොර වැහුවෙ නැත්තේ කියන්නකෝ. මේ ගෙදර බල්ලෙ ඉන්නවා කියලා දන්නෙ නැද්ද.

මං මේ පුතා නිදිද බලන්න ආවේ..

ආ.. ඇත්තද. අනේ ..පව් .

ළමයෝ මුලින් කෑගහන එක නවත්වන්න. ගමටම අණ බෙර ගහලා කියන්නද ඕනී දැං.
” මරාගෙන මැරෙන්න හිතන වෙලේ” සාම ගිවිසුම් ගහන්න අඩ ගහනවා. මට අම්මා එක්කත් කේන්ති. මං කට වැහුවෙම නෑ . බේරෙන්න බෑ කියලා තේරිලාද කොහෙද සේන බාප්පා කුනුහරුපෙන් බයින්න ගත්තා.
කට වහ ගනියව් හු…..යෝ. මං පො….ක් කියලද හිතන් ඉන්නෙ. තොපේ බලූ කතා සේරම අහන් ඉන්න.

ආ….බලූ වැඩ නොකර හිටියා නම් ඉවරනේ.. බලු වැඩ කරලා තව එනවා බයකර ගන්නත්.

කටවහපිය…..
ඒත් එක්කම චටාස්.. ගාලා කම්බුල පුරවලා ,අම්මගෙන් කම්බුල් පාරක් වැදුනා. චූටී මල්ලිත් ඇහැරලා අඩනවා. මාත් දැං කම්බුල අල්ලගෙන අඩනවා. මගෙ තොලත් පුපුරලා කටට ලේ රස දැනුනා. මං තවත් අඩ අඩා බනිනවා. අම්ම්ව්ත් පැත්තකට වෙලා අඩනවා. මං ඇදෙන් බැහැලා ගිහින් දඩාස්… ගාලා දොර වහලා යකඩයත් හේත්තු කලා.
මං කාමරේ ලයිට් එක දාලා පොත් මේසෙන් ඉද ගත්තා. කේන්තියයී දුකයී ඉවස ගන්න බැරිව පොතක් දිගැරගෙන පොත දිහා බලාගෙන ඇඩුවා. මං පොත් මේසෙ උඩ ඔලුව තියාගෙන රැ වෙනකන් ඇඩුවා. බාප්පා දැන් ගොරව ගොරව නිදී. මට තවත් කේන්තී. අම්මටත් නින්ද ගිහින්.
මට මේ හැමදේම ශානූ අයියට කියන්න ඕනී වුනා. මගෙ එක්ක ඉන්න හරී මාව අතාරින්න හරී ශානූ අයියට මට හැමදේම කියන්න ඕනී වුනා. එදා රෑ කදුලූ අතරින් මගෙ කුලුදුල් පෙම් හසුන ලියන්න පටන් ගත්තා. ඇත්තටම පෙම් හසුනක් කිව්වොත් වැරදී.” දුක් අදොනාවක් ” කිව්වා නම් හරී. මං හැම අකුරක් නෑර හැම සිදුවීමම ලිව්වා. ලියන ගමන් මං හුගාක් ඇඩුවා. කම්බුල දිගේ කදුලූ රූරාගෙන ඇවිත් ලියන අකුරු මතටම වැටුනා. ලිව්ව්ම ලියලා ඉවර වෙන කොට ලිව්මේ වැඩි හරියක් බොද වෙලා. සීආර් පිටු 8 ක් පුරා මං ලිව්ම ලිව්වා. අන්තිම වශයෙන්”” මං ගැන තීරනයක් ගන්න ශානූ අයියේ මට ඔයාට බොරු කියන්න බෑ. මාව අතහැරියත් මගෙ හිතේ කිසි තරහක් නෑ. හැමදාමත් මේ වගේම ඔයාට ආදරෙයි. “” කියලා ලියලා ලිව්ම පොත් අස්සෙ සගව්ලා පොත් බෑග් එකට දැම්මා.
මට ඇදට යන්න හිත දුන්නෙ නෑ. පොත් මේසෙ උඩම ඔලුව තියන් ඉන්න කොට ,මට එහෙන්මම නින්ද ගිහින් තිබුනා. අම්මා උයන්න ඇහැරුන වෙලේ මට කතා කලා.

සුදු දූ ඇදට ගිහින් තව පැයක් විතර නිදා ගන්න.

දැන් නිදියන්න බැ අම්මෙ.

අද ඔහොම ඉස්කෝලේ යන්න බෑ. නිදි මරලා . අද ඉස්කෝලේ යන්න ඕනී නෑ.

මට මේ ගෙදර ඉන්න කිසිම ආසාවක් නෑ. මැරුනත් මං ඉස්කෝලේ යනවා.
අම්මගෙ හිත රිදෙන්න ඇතී. මගෙ හිතේ තිබුනකේන්තියත් එක්ක එහෙම කියවුනා. මං බාප්පා ඇහැරෙන්න කලින් ඉස්කෝලේ යන්න ඇද ගත්තා. මල්ලිවත් ලැහැත්තී කරන් මං පාන්දරින්ම ඉස්කෝලෙට ගියා.
මගෙ තොලත් ටිකක් තඩිස්සි වෙලා. ඉස්කෝලේ නොගිහින් ඉන්නම බැරි නිසා මං ඉස්කෝලේ ආවේ. වෙනදා වගේම ශානූ අයියාලා එනකන් මග බලන් හිටියා. යලුවෝ හැමෝම මගෙ මූන දැක්කම ඇයී ඇහුවා. මල්ලි වැරදීමකින් දොර අරිද්දී මූන දොරේ වැදුනා කිව්වා.
ශානූ අයිය මාව පහු කරන් ගියේ තෙරුවන් සරණයී කියමින්. මං කිව්වා පොඩ්ඩක් අපේ පංතියේ එහා පැත්තෙන්, කොට බිත්තිය ගාවට එන්න කෝ කියලා. විමූ මාව දැක්ක ගමන් මූන ඇයී ඇහුවා. මන් සිද්ද වුන දේ කෙටියෙන් කිව්වා. ඒ වගේම සේරම විස්තර ලිව්මක ලිව්ව බවත් කිව්වා. උබ බය වෙන්න එපා .ශානූ අයියා ඔබව අතාරින්නෙ නෑ . විමූ මාව දිරි ගැන්නුවා.

ස්….. ස්…. ස්ස්… ඇයී එන්න කිව්වේ.

දෙයක් දෙන්න.

ඇයී මූන ට වෙලා තියෙන්නේ.කෝ
ලස්සන හිනාව.

ඒ සේරට උත්තර මේකේ ඇති ශානූ අයියේ. ඕක බලලා කැ..මැ..තී.. තීර… නයක් ..ගන්න.
මං ලිව්ම ශානූ අයියට දික් කලේ වටපිට බලමින්.ශානූ අයියත් ලිව්ම අරන් සාක්කුවේ දා ගත්තා

මොනවද මේ කියන්නෙ මගෙ ශදී නංගියෝ. මං තීරනය අරන් ඉවරයී. ආයී ඔයාව නැති කර ගන්න ඕනේ නෑ මොනවා වුනත්.

ඕ…ක බැල්ලුව..ම… ඔහො…ම කි…යන… එකක්… නෑ…
මගෙ කට හඩ බිදිලා ගියා.

නෑ නෑ.. මගෙ හිත කවදාවත් වෙනස් වෙන්නෙ නැ.
ටිකක් වෙලා දුකෙන් මං දිහා බලන් ඉදලා , ශානූ අයියා පිට වෙලා ගියා. මං ලොකු සුසුමක් හෙලලා හිත සැහැල්ලු කර ගන්න උත්සහ කලා.
හෙට තමා ලිව්මට ප්‍රථිපල ලැබෙන්නේ. මං නැන්දලාගේ ගෙදරට වෙලා මුලූ රැම කල්පනා කලා, හෙට මොනවගෙ දෙයක් වෙයිද කියලා. පහුවදා මං ඉස්කෝලේ ගියේ දෙගිඩියාවෙන් .

ඊ ළග කොටසින් හම්බෙමූ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *