….. කදුලත් සැනසුමක්….27

27. වන කොටස.

මං ත්‍රීවීල් එකේ කොනක ඉදගෙන කල්පනා කලේ ඊළගට මොනවගේ දෙයක් සිදු වේවිද කියලා. ශානූ අයියලාගේ අම්මා තාම මාව හරියට දැකලත් නෑ. මේ වෙන්න යන්නෙ හොදක් ද නරකක්ද්ද කියලා මට හිතා ගන්න බෑ. ත්‍රීවීල් එක ශානූ අයියලාගේ ගේ පේන මානෙන් නැවැත්තුවා. මං අද මයී ශානූ අයියලගේ ගෙ තියෙන තැන හරියට දැන ගත්තෙත්.
සේන බාප්පයී අම්මයී ත්‍රීවීල් එකෙන් බැස්සා. මට ටිකක් ත්‍රීවීල් එකේ ඉන්න කියලා ,එයාලා ශානූ අයියලාගේ ගෙවල් පැත්තට ගියා.මං චූටී මල්ලිව ඇගට හේත්තූ කරගෙන මම කල්පනා කලා.

උබේ නැන්දම්මා දොර ඇරියෙත් නෑ. ඔබව භාර ගන්න බැරිලූ.
සේන බාප්පා කේන්තියෙන් එහෙම කියලා ත්‍රීවීල් එකට නැග්ගා. ත්‍රීවීල් එක පදවන මාමා ඇයී ඇහුවා.” මේ රෑ මෙහෙ ආවේ” සේන බාප්පා ඒ මනුස්සයත් එක්ක ඔක්කොම විස්තරය කිව්වා. මං ඉන්න තැන මෙහෙම කියනවා නම් නැති තැන මොනවා කියනවා ඇද්ද. වෙන පවුල් වල ගෑනූ ළමෙක්ගේ මේවගේ සම්බන්දයක් අහු වුනාම කාටත් හොර රහසේ හිමින් ඒක විසද ගන්නේ. ඒකට මෙහෙ” අණ බෙර ගහනවා”. සේන බාප්පට ඕනී මාව බේර ගන්න නෙමෙයී. එයා මං ගැන හොයන බව ලෝකෙට කියන්නයී, එයාට අවශ්‍ය දේ කර ගන්නයී විතරයී.
දවස් කීපයක් ඉස්කෝලේ ඇරියේ නෑ. අවසාන වාර විභාගය ලග නිසා ටීචර්ලා මල්ලි අතේ ගෙදරට පනිවිඩ එව්වා. පස්සේ ආයෙත් සේන බාප්පා පංති භාර ටීචර්ට සිද්දිය කියලා තිබුනා. ටීචර් පංතියට ආවොත් මට ඇනුම් පද කියන්න තියා ගත්තා .
අම්මා මැදිහත් වෙලා පංතී වලටත් එක්කන් ගියා. ඒත් නැන්දලාගේ ගෙදර නම් යන්න දුන්නෙ නෑ. රෑ ඇහැරගෙන පාඩම් කරන්න දුන්නෙත් නෑ.
ශානූ අයියා නිසාද කොහෙද මං සේන බාප්පා කියන කිසිම දෙයක් චුට්ටක් වත් මායිම් කලේ නෑ. කියන කියන දේට එකට එක කිව්වා. ඒවෙලාවට අම්මාගෙන් ගුටි ලැබුනා .ඒත් මං කට වහන් හිටියේ නෑ .ගුටි කාගෙන මට ඕනී දේ කියලමයී නතර වුනේ.
විභාගය ළග නිසා ඉස්කෝලේ ඇරිලා හය වෙනකන් පාඩම් කරන්න ලමයින්ව තියා ගන්න ඉස්කෝලෙන් සැලසුම් කරලා තිබුනා. හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න ලැබීමම මට සැනසීමක් වුනා. ගෙදර ආවත් සැනසීමේ පොතක් අල්ලන්න නැති එකේ ,ඒක හොදයී කියලා හිතුවා. දවසින් දවස විෂයන් බෙදලා කාල සටහක් හදලා තිබුනා. දවස ගානේ හවසට ළමයිට තේ දෙන්න අම්මලට බෙදලා දීලත් තිබුනා.
මේ පාර සිද්දියෙන් පස්සෙ අපිට කොහොමවත් කතා කරන්න , හම්බෙන්න ,ලැබුනේ නැහැ. ලිව්මක් ලියන එකත් හුගක් අමාරූ වැඩක් වුනා. විමූටයී මටයී එකට ඉන්න නැති නිසා කෝල් එකක් වත් ගන්න ලැබුනේ නෑ. විමූලට නම් ඒ තරම් ලොකු අවුලක් තිබුනේ නෑ එයාලගෙ ගෙදරිනුත් දුලාන් අයියා ගැන දැනන් හිටියා. ඒක අපේ ගෙදරට ආරංචී වුනාම අපේ ගෙදර අය කිව්වේ “ඒකිට නම් හරී ගියා අපේ එකීනේ මේ හිගන්නෙක් අල්ලගෙන තියෙන්නේ” කියලා.

ශදී…
විමූ එක පාරටම මං ළගට දුවන් ආවේ හදිස්සියක් වගේ.
ඇයී බං හදිස්සියක්ද්ද?

නෑ නෑ මට හොද අයිඩියා එකක් ආවා .

ඒ මොකක්ද්ද.

අපිට දැන් ඉස්කෝලේ ඇරිලා පාඩම් කරන්න ඉන්න නිසා ඇරුන ගමන් පැය කාලෙක ඉන්ටවල් එකක් දෙනවනේ ඒකේ හම්බෙමූ.

කොහොමද ඒක කරන්නෙ .මට නම් බයයී. ඔබ පලයං.

පොඩී පංති පැත්තට යමං. ශානූ අයියලට ඒ පැත්තේන් තියෙන කැලෑ පාරෙන් යන්න පුලුවන් අහු වෙන්නෙ නෑ.

හරී එහෙනම් කියලා බලමුකෝ.
විමුයී මායී පොඩි කොල කෑල්ලක විස්තරය ලියලා දයාන් අතේ යැව්වා. ශානූ අයියලා ඒක කියවලා, සතුටින් කෑ ගහනවා අපි පංතියේ ඉදන් බලන් හිටියා. මේ ක්‍රමය නිසා අපිට නිතරම මුන ගැහෙන්න අවස්තාව උදා වුනා.
සුලු මොහොතක් හරී ශානූ අයියගේ ළගින් ඉන්න එක මට ලොකු සැනසීමක් වුනා. අපි හමු වුන හැම වතාවෙම මං ශානූ අයියගේ උනුහුමට තුරුලූ වුනා. ජීවිතේ උපරිම ආදරෙ ශානූ අයියගෙන් ලැබෙනවා කියලා මට හිතුවා.
*************************************

සාමාන්‍ය පෙල විභාගයට තව හරියටම මාසයයී. මං හවස් වරුවක පොත් වල වැඩ වගයක් කරමින් හිටියා. සේන බාප්පා ගෙදර එනවා මට ඇහුනා, අම්මා වතුර ගේන්න ගිහින්. සේන බාප්පා කාමරයට ආවා

සුදු දූ….
මං කතා කරන්නෙ නෑ සේන බාප්පා එක්ක, මං ඇහුනේ නෑ වගේ හිටියා.

සුදු දූ.. මොකද ළමයෝ ඔහොම ඉන්නේ. මං කියන දේට පොඩ්ඩක් කැමති වුනානම් ඔය කොල්ලව ඔයා ළගටම ගෙනත් දෙනවනේ.
ඒ කතාවට නම් මගේ ඇගේ ලේ කුප්ත වුනා.

ආ… එහෙමද. වරෙන්කෝ .තෝ නම් මහ ජරා බල්ලෙක්. බල්ලන්ටත් විලිලැජ්ජාවයී.

කෑ ගහන්න එපා . සුදු දූ.
සේන බාප්පා ඔලුව අත ගාන්න උත්සහ කලා.

යනවා යන්න මෙතනින්. පලයං.

අනේ අනේ සුදු දූ..

යන්න නේද කිව්වේ. තොගෙ කැමැත්ත මට ඕනී නෑ. මට ඕනී දේ මං කරන්නේ..

ආ… එහෙමද බලමුකෝ කරලා.

මොනවා බලන්නද පලයං යන්න දෑහැට නොපෙනී.
ඒත් සේන බාප්පා කියවමින් එතනම රැදී සිටියා. මට කේන්තිය උහුල ගන්න බැරි තැන මේස උඩ තිබුන සේරම පොළවෙ ගැහුවා. හවස කඩේ ගිහින් ගෙනාපූ බඩු කවරෙත් පොලවෙ ගැහුවා. කාමරය පුරාම සීනී කවරයක් ඉහිරිලා තිබුනා.

මොකද කෙල්ලේ ඔය කරන්නෙ අපරාදේ හවස ගෙනාව සීනී ටික. උබේ කේන්තියට සීනී පලි නෑනේ.
එහෙම කියාගෙන අම්මා අපි අතරට ආවා.

අම්මා අහන් හිටියද මුගෙ බලු කතාව. අම්මත් ඉතිං මුගෙ පැත්තනේ. මට හෙන ගැහුවත් එකෙක්ටවත් ගානක් නෑ.
ඒ එක්කම චටාස් ගාලා පාරක් වැදුනා. සේන බාප්පත් මට ගහන්න පැනගෙන ආවා. මාත් ඇරියෙ නෑ මට පුලුවන් උපරිම ශක්තිය දාලා මාත් සේන බාප්පට ගැහුවා. ඔය පොරය අස්සෙ සේන බාප්පගෙ සරම කඩන් වැටුනා, ඉක්මනට සරම උස්සගෙන එලියට දිව්වා.
විනාඩි දෙකෙන් සේන බාප්පා ඇතුලට ආවේ කේන්තියෙන් .

පලයං යන්න මේ ගෙදරිං .මං කියන දේ නාහන එවුන් මෙහෙ ඉන්න ඕනී නෑ.

තෝ කියන්නෙ කරන්න පුලුවන් ඒවද බල්ලෝ.

පලයං එලිබැහැලා මගෙන් මැරුම් නොකා.

යනවා තමයී යකෝ. මටත් තෝ ඉන්න තැනක ඉන්න කිසි ආසාවක් නෑ. දකිනකොටත් තිත්තයී.
සේන බාප්පා මට ගහන්න පැන්නා. මං පාර පැත්තට පැනලා දිව්වා. ගේ ඇතුලේ වලිය ඇහෙනවා. ඒත් මං ගේ පැත්තට ගියෙ නෑ. මගෙන් ගන්න බැරී වාඩුව, සේන බාප්පා ගන්නේ අම්මගෙන්. අම්මට ගහනවා ඇතී හිතුනත්, තවත් පොර කන්න බැරි නිසා මං ගෙදරට එන පාර මැද්දට වෙලා ඉදගෙන හිටියා.
කට්ට කරුවලයි, සතෙක් සර්පයෙක් හිටියත් පේන්නෙ නෑ. සේන බාප්පා එහෙ මෙහෙ වෙනකන් ඉදලා ගේ පිලිකන්නට ආවා. මහ රැවෙලා ගෙට ආවේ සේන බාප්පට නින්ද ගියහම. එලිවෙනකන් ඇහැරලා ඉදලා ඇදුම් කීපයකුයී ,සේරම පොතුයී බැග් එකට දාන් මං ගෙදරින් පිට වෙලා ආවා.
විමුලගේ ගෙදර යන්න හිතුවත් අම්මා අකමැතී නිසා, නිමේෂලාගේ ගෙදර නතර වුනා. නිමේෂලගෙ අම්මා අපෙ අම්මට කොල් කරලා මං මෙහෙ බව කිව්වා. නිම්වෙෂට හිටියේ නංගිලාම දෙන්නෙක්. ඒ ගෙදර මට කිසිම කරදරයක් නැ.
හවස් වෙනකොට අම්මා රෙදී කෑමයී අරන් ආවා. මට ගෙදර එන්න කිව්වේ නෑ. නිමේෂයී මමයී රැ ඇහැරන් පාන්දර වෙනකන් පාඩම් කලා. හුගක් සතුටින් විනෝදයෙන් කාලය ගෙවිලා ගියා. ශානූ අයියා කිව්වේ විභාගේ ඉවර වෙනකන් මෙහෙ ඉදලා, ඊට පස්සෙ ගමේ යන්න කියලා .
සති දෙකකට පස්සෙ දවසක් හවස අම්මා මාව එක්කන් යන්න ආවා. මං යන්නම බෑ කිව්වා. ” මං අරූගෙන් මැරුම් කනවට කැමති නම් ඉන්නවා. බලනවා මගෙ දත” කියලා අම්මා කට පෙන්නුවා. ඉස්සරහා දතේ කෑල්ලක් කැඩිල ගිහින්.
මම ආයෙත් ගෙදර ආවා. පාඩම් කරන්න විදිහක් නෑ. මං උත්සහ කලෙත් නෑ .හිතේ නිදහසක් නැතුව පාඩම් කරන්න බෑනේ.
අවසාන වාර විභාගයත් පටන් ගත්තා. නිවාඩුවට කලින් ලකුනූ දෙන්න හැම ටීචර්ම උනන්දු වුනා. විභාගේ නිසා අපිට කලින් ගෙදර යන්න වුනා. අපි ගෙදර යන්න එනකොට නිශාන්ත සර් අපිව ප්‍රශ්න කරන්න අල්ල ගත්තා.
කොහොම හරී ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකන් අපිට යන්න දුන්නෙ නෑ. විමූටයි මටයී බොරු ගොඩක් කියන්නට සිද්ද වුනා සර්ට. ඉස්කෝලේ ඇරිලා, අද බස් එකේ යනවා කියලා මාත් විමූ එක්ක නතර වුනා.
ටික වෙලාවකින් ලොකු සර්ගෙ වෑන් එක අපි පහු කරන් ගිහින් ටිකක් එහායින් නතර කලා. නතර කරලා අපිට අතින් අඩ ගැහුවා. විමුයී මායී සර්ගේ වෑන් එක ලගට ගියා. වැන් එකේ ටීචර්ලා පිරිලා. නිශාන්ත සර්රුත් වෑන් එක ඇතුලේ හිටියා.

ඊ ළග කොටසින් හමු වෙමූ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *