…..කදුලත් සැනසුමක්……23

23. වන කොටස.

මුලූ ඉස්කෝලෙම කතාව පැතිරිලා ගියා. ඉස්කෝලේ මට තිබුන සැනසීමත් නැත්තටම නැති වෙලා ගිහින්. මට දැන් ශානූ අයියා දිහා බලලාවත් සැනසෙන්න තිබුන අවස්තාවත් නැතුව වෙලා. ටීචර්ලා සර්ලා අපි ගැන ඇහැගහගෙනමයී හිටියේ.
මං ශානූ අයියව මගෑරියා පුලුවන් තරම, මට කතා කරන්න බයයි සේන බාප්පට ආරංචී වෙයී කියලා. සර්ලා ටීචර්ලා ශානූ අයියටත් දොස් කියලා තිබුනා. විමුත් මගෙන් ඈත් කරලා, මට කොයි පැත්තෙන් වත් සහනයක් නෑ. සේන බාප්පා තමා විමූ නිසා මං නරක් වෙනවා කියලා විමූව මගෙ ලග තියන්න,එපා කියලා තියෙන්නේ. ඒක නිසා විමූටයී මටයී කතා කරන්නත් ටීචර් නැති වෙලාක් හොයා ගන්න වුනා.
ටීචර්ස් ලගෙ තිබුන ආදරය සැලකිල්ල එහෙන්මම නැතුව ගියා. මගෙ පොත බලන වෙලාවටත් ටීචර්ස්ලා නෝක්කාඩු කියන්න ගත්තා.
************************************

මට දැන් නැන්දලාගේ ගෙදර යන්න තහනම්, සේන බාප්පා ලිව්මේ සිද්දිය ආයුධයක් කරන් “හීන් නූලේ” මගෙ ගම නවත්වලා දැම්මා. මං දැන් හැම රෑම ගෙවන්නෙ ගෙදර . ඒක නිසා මට කවදාවත්ම හොද නින්දක් ලැබුනේ නෑ. චූටී මල්ලී ඇගේ ගෑවුනත් උඩ ගිහින් ඇහැරුනා. ඒ තරමට බයෙන් මං ඒ ගෙදර නිදා ගත්තේ. සැහැල්ලු ඇදුමක් ඇදන් නිදා ගන්න නොතිබුන නිසා දාඩියයී,රස්නෙයී මගෙ නින්දට හුගක් බාධා කලා. නිදී නැතුව ඇදේ පෙරලිලා හිටියත් මට පාඩම් කරන්න පොතක් අල්ලන්න සේන බාප්පා ඉඩ දුන්නෙ නෑ. මං රෑ පොතක් ගත්තොත් අනිවාරෙන් සේන බාප්පා අම්මට ඇහැරවලා මට බැන්නා.
මං පුරුදු වෙලා හිටියේ රෑ පාඩම් කරන්න. ඒ නිදහ්සත් මට නැතී වුනා. මගෙ වරදයී, අවාසනාවයී නිසා සේරම වුනේ කියලා මං හිත සනස ගන්න වෑයම් කලා.
මං නින්ද නොයන නිසා ඔහේ කල්පනා කර කර හිටියා. අම්මටයී චුටී මල්ලිටයී හොදටම නින්ද ගිහින් . මං හිටියේ මැද කොට බිත්තිය අයිනේ නිදා ගත්තේ. නින්ද නොගියත් මං ඇස් පියාගෙන කල්පනා කරමින් හිටියා. මේ තරම් ඉක්මනට මට ශානූ අයියා නැතී වුනානේ කියලා. එක පාරට දෙයක් මගෙ ඇගේ ගෑවෙනවා මට දැනුනා. මං කලබල නොවී හොරේන් අස් ඇරලා බැලුවා. කොට බිත්තියට උඩින් එස්ලෝන් බටයක් මගේ ඇග දිහාවට එල්ල වෙලා. මං මොකක්ද්ද වෙන්න යන්නේ කියලා බලාන හිටියා.
ඒ බටෙන් මගේ පොරෝනය ටික ටික අයින් කරන්නයී සේන බාප්පගේ උත්සහය. කොට බිත්තිය එහා පැත්තේ තිබුන මේසෙට නැගලා, එල්ලිගෙන ,මහංසී වෙනවා. මං පැනපූ ගමන් බටේ අල්ල ගත්තා.

අම්මේ අම්මේ..
සේන බාප්පා ඒ සද්දෙත් එක්කම දඩස් ගාලා මේසෙන් පැනලා ගොරව ගොරව නිදී

අම්මේ…. අම්මේ…

හ්ම්ම්ම්ම්

මේ බලන්නකෝ .මේ බල්ලට මට නිදහසේ නිදා ගන්න දෙන්න කියන්නකෝ.

ඇයී මොකද කලේ.

මේ බලන්නකෝ බටේ දාලා මගෙ පොරෝන රෙද්ද ඉන්න එක අයින් කරන්න හැදුවා.

මොන පිස්සුද? ඔය ගොරවන්නේ එයා හොදටම නින්ද ගිහින්. ඔය ලමයගේ මනසගාත.

අම්මා කියන්නෙ මේ බටෙත් බොරුවක් කියලද?

උඩ තිබිලා වැටෙන්න ඇතී … විකාර හිතන්න එපා ළමයෝ. නිදා ගන්න
මට නින්ද යන්නේ නෑ. ඉස්කෝලේ වැඩ වගයක් තියේ ටිකක් ඉන්නවද මාත් එක්ක ඇහැරන්.
මොන වදයක්ද මේක කියලා අම්මා ඇදේ ඉද ගත්තා.

ඊ ළග කොටසින් හමු වෙමූ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *