…. කදුලත් සැනසුමක්…..29

29. වන කොටස.

මොනවා කියන්නද?

මොනවා කියන්නද? හ්හ්.. මේකි තාම ඒක නවත්තලා නෑ. ඌත් එක්ක මගුල් වල යනවා.

ඔව් නවත්තලා නෑ . නවත්තන්නෙත් නෑ. ඔබට පුලුවන් දෙයක් කරපන්.

මොකක්ද්ද හු….. කිව්වේ.
සේන බාප්පා පැන්න ගමන් මට ගහගෙන ගහගෙන ගියා. මාන් කට වැහුවෙ නෑ. අම්මත් මැද්දට පැනලා පොරය නවත්වන්න උත්සහා කලා. අම්මටත් පාරවල් කීපයක් වැදුනා. කට්ටියම මැද්දට පැනලා ගහන එක නවත් වන්න උත්සහ කරපු නිසා මට ගහන්න බැරි උන පාරවල් අම්මට වැදුනේ.

ගහලා මැරුවත් මං තොට ඕනී ඒවා නම් කරන්නෙ නෑ. මරපිය…. මං නවත්වන්නෙ නෑ.. නෑ… නෑමයී…
කට්ටිය සේන බාප්පව තල්ලු කරන් ගිහින් එලියට දාලා දොර වැහුවා. මගෙ තොල පුපුරලා ලේ එනවා. ඇහැකුත් රිදෙනවා. මූන සීරිලාද කොහෙද දනවා.
සේන බාප්පා මට බනිමින් ගේ වටේ යනවා. ජනෙල් වලට ගහනවා කාමරේ ජනලයට දුන්න පාරට වීදුරුව බිදිලා සලසලාන් ගාලා බිම වැටුනා. කට්ටියම බය වෙලා. චූටී බාප්පත් මට බනින්න ගත්තා.

මේ කාලකණ්ණී කෙල්ලට මගුල් විසේ ගහලා. මෙච්චර රංඩු වෙනවා. පාඩුවෙ ඉන්න බැරි හැටියක්. මේකිට ඕනී අම්මව මරා ගන්නද කොහෙද.” ඇටෙන් පොත්තෙන් එළිය එද්දී මිනිස්සු හොයා ගන්නවා”. අම්මා වගේ ම නැතෑ දූත්.
මං තවත් කතා කලේ නෑ. මට හිතුනේ වරදකාරි මං කියලා මං බිම ඉදගෙන බිත්තියට හේත්තු වෙලා ඇඩුවා. සේන බාප්පා සාමදානෙන් කතා කරලා දොර ඇරවගෙන ආයෙත් ගේ ඇතුලට ආවා. මං බයටම නැගිට්ටේ ඊළගට මොනවා වෙයිද කියලා.

තෝ තවත් ජීවත් වෙන්න ඕනී නෑ .තෝව මරනවා මං අද…
සේන බාප්පා මගෙ ලැගට ආවේ ඉනේ හංග ගත්ත උල් පිහිය එලියට අරන් මට දික් කරගෙන. මට කරන්න ඕනී මොකක්ද්ද මතක් වුනේ නෑ. මරණ බයෙන් ඇග සීතල වෙලා ගියා. එහෙත් මම බිත්තියට හේත්තු වෙලා කෑ ගැහුවා. ආයෙත් කට්ටිය පොර කාලා සේන බාප්පව එළියට දැම්මා.

ඕකී ළග පෝන් එකක් ඇති හොදට ඕකිගෙ ඇදුම් අස්සෙ ඉදන් බලපියව්. මහ හු…. තෝ තමා ඕකිව හදා ගන්න දෙන්නෙ නැත්තේ.

හදන්න කියලා මරලා හරියනවද සේන…

කියන දෙයක් අහනවද ඔය හු….. කියන ඒවට මරන්න තමා වෙන්නෙ.

මගෙ කරුමේ……. වෙන මොකක්ද්ද.
අම්මා අදොනාව කියවමින් අඩන්න පටන් ගත්තා. සේන බාප්පා එළොයට වෙලා අපිට බනිනවා. අම්මයී නැන්දයී හැම තැනම පෝන් එක හොයනවා. කොහෙ හෙව්වත් හම්බ වුනේ නැ. මං හිතුවේ ඒකත් අහු වෙයි කියලා. සිතාරා අක්කා බයටම පෝන් එක දුමේ වලදක් අස්සෙ හංගලා.
සේන බාප්පා දැන් සද්ද නෑ. ටික වෙලාවක් නිහඩව ගෙවිලා ගියා. චූටී බාප්පා මං එපා කියද්දි කුස්සිය පැත්තෙන් දොර ඇරියා. අපි සේරම බයට දොර ළග රොක් වෙලා හිටියෙ. දොර අරිනවත් එක්කම සේන බාප්පා පොවක් උස්සගෙන ගෙට පැන්නා. කාටවත් හිතා ගන්න බෑ. කෙලින්ම මට කොටන්න පැන්නේ. මං එහෙට මෙහෙට පැන්නේ බයෙන් වෙව්ලමින්. කට්ටිය ආයෙත් සේන බාප්පා එක්ක පොර කද්දි මං ගෙයින් එළියට පැන්නා. ගේ පිලිකන්නට ගියා. ගේ ඇතුලේ මහ ඝෝසාවයී . වටපිටාවේ කට්ටියත් ඇවිත්. ඒත් කවුරුත් ළගට ආවේ නෑ. ආයෙත් අමාරුවෙන් සේන බාප්පව එලොයට දාලා දොර වහනවා මට ඇහුනා.
මාත් දැන් එලියේ. අද නම් මට පොරෝ පාර කාලා මැරෙන්නම වෙනවා. සේන බාප්පා කොහෙන්ද එන්නෙ කියලා දෙපැත්ත බලමින් මං අන්තිම මොහොත කියලා හිතලා ශානු අයියව මතක් කර ගත්තා. ටික වෙලාවක් ගියත් සේන බාප්පා නැති නිසා මං හිමින් හිමින් කුස්සිය පැත්තට ආවා. දොර වහලා. ගැහෙන හදවතින් දොරට ගහමින් කෑ ගහන්න ගත්තා.

අනේ අම්මේ…. දොර අරින්න. ඉක්මනට ….නැන්දේ දොර අරින්න…. මාව මරන්න කලින් දොර අරින්න. අනේ එනවා ඉක්මනට අරින්න.
සේන බාප්පා මාව දැකලා පොරව උස්සගෙන දුවන් එනවා. මං දොරට ගහමින් කෑ ගැහුවා. එතකොටම දොර ඇරුනා. මං ගෙට ගියා, කට්ටිය අමාරුවෙන් දොර වහ ගත්තේ. සේන බාප්පා දොර වහන්න නොදි ගෙට එන්න උත්සහා කලා. අන්තිමට අමාරුවෙන් එලියට දාලා දොර වහ ගත්තා.
එදා එළිවෙනකන් සේරමලා මට වට කරගෙන මට බැන්නා. පහුවදා එළි වෙනකොට අම්මා මගෙ ඇදුමක් මට ගෙනත් දීලා ඇද ගන්න කිව්වා.

ඇයී අලුත් එකක්.

ගමේ යන්න. ඔබ මෙහෙ හිටියොත් මැරුම් කනවා. මට මිනිහත් නැති වෙනවා. උබත් නැති වෙනවා.

සුදු අම්මා ළගටද?

එහෙ තියන්න බෑ පිරිමියෙක් නැතුව මල්ලිගෙන් අහලා බලන්න ඕනී .
ඕනී තැනක මෙහෙ නැතුව. මං සද්ද නැතුව ඇද ගත්තා. අම්මා රෙදි වගයකුත් බැග් එකට දාන් ඇවිත් තිබුනා. කට්ටිය වැඩි නිසා ශානූ අයියට පණීවිඩය දෙන්න විදිහකුත් නෑ. අපි ගමෙ එන්න පිටත් වුනා. තිබුන බය නිසාම මං පෝන් එක ගත්තේ නෑ . සිතාරා අක්කට කිව්වා පනිවිඩය කියන්න කියලා.
අපි කෙලින්ම ආච්චි අම්මලාගේ ගෙදරට ආවා. අම්මා ආච්චි අම්මායී,ලොකු අම්මයී එක්ක සේරම විස්තරය කිව්වා. පැය භාගෙකින් විතර අම්මගෙ මල්ලි චූටී මාමා එහෙට ආවා.
මං චූටී මාමාට හුගක් බයයී. මං විතරක් නෙමේ පවුලේ සේරම වගේ බයයී. එයා ගමේ නමක් තියාන ඉන්න කෙනෙක්. කවදාවත් කාගෙන් වත් ගුටි කෑවා කියලා ආරංචි වෙලා නෑ. ඒත් එයාගෙන් කවුරු හරි” අම්බානට කාලා” කියලා ආරංචි වුනොත් මිසක් . අපේ පවුල ගමක සාමාන්‍ය පවුලක්. වැඩි වත්පොහොසත් කම් තිබුනෙ නෑ.
අම්මා චූටී මාමත් එක්කත් සේරම විස්තරය කිව්වා. චූටී මාමා මාව භාර ගන්න කැමති වුනා.චූටී මාමාගේ බිරිද වැඩට යන නිසා මාව එයාලහෙ ගෙදර එක්ක යන්න බෑ කිව්වා. ආච්චි අම්මලාගේ ගෙදරම ඉන්න කිව්වා.
චූටී මාමලාගේ ගෙවල් තිබුනේ ඒ ගමේමයී. ගෙදරට කවුරු ආවත් චූටී මාමට ආරංචී වුනා. අම්මා චූටි මල්ලි එක්ක හවස් වෙන්න කලින් යන්න ගියා.” මේකි සත පහකට විශ්වාස නෑ” කියලා බෑග් එකේ ඇදුම් ටික ඇදේ හලලා චෙක් කරලා බැලුවා. හොද වෙලාවට පෝන් නොගෙනාවේ කියලා මං හිතින් මෙනෙහී කලා.
අම්මා ගියාට පස්සෙ චූටී මාමා ආයෙත් ආවා.

සුදු දූ පොඩ්ඩක් මෙහෙට එන්න.
චූටී මාමා කතා කරද්දී මං ගියෙ බයෙන් බයෙන්. මං තවම චූටී මාමා දිහා බලලා කතා කරලා නෑ. ඒ තරමට මම බයයී. මං චූටී මාමා ඉස්සරහට ඇවිත් ” ඉස්කෝලේ ලොකු සර්” ගාව ඉන්නවා වගේ බිං බලාගෙන හිටියා.
සුදු දූ. මට ඇත්ත සිද්දිය කියන්න. ඔය සේනයගෙ හැටි මං දන්නවනේ.

අම්මා කිව්වා හරී චූටී මාමේ.
චූටී මාමාගේ පෙරැත්තය නිසා. මට පුලුවන් හැටියට සේන බාප්පා ගැන කිව්වා.

හරී සුදු ඔයාට මෙහෙ ඕනී තරම් ආරක්ෂාව තියෙයී. හැබැයී මං කියන දේ අහන් ඉන්න ඕනී. වැරදී වැඩ එහෙම ,කරලා අහ වෙන්න එපා හැබැයී.
මං ඔලුව වනලා හා කිව්වා.

දන්නවනේ මගේ හැටි හොදට හොදයී ,නරකට නරකයී.

හරී චූටී මාමේ.

ඔය කොල්ලා මොන ජාතියෙද කියන්න මං දන්නෙ නෑ. අපි පොහොසත් මිනිස්සු නෙමෙයිනේ. හිගන්නෙක් වුනත් කමක් නෑ. හොද කොන්ද පනඇති එකෙක් වෙන්න ඕනී. පව්ලක් නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනී. තේරුනාද? තාම ඉස්කෝලේ යනවා නේද?

ඔව්.

එකනේ මුලින් ඌට ඉගෙන ගන්න දීපන් සුදු දූ. මට ඕනී කෙනාවයි උබ බදින්න ඕනී.දැන් උබ ඉන්නෙ මගෙ ලගනේ. ඕනී නැති වැඩ කරාලා අහු වෙන්න එපා. ආයි මට මේ ගැන කතා කරන්න තියන්නත් එපා.

හා චුටී මාමේ.
චූටී මාමගෙ දෙපා ළග වැද වැටිලා, ශානු අයියගෙ හොද කියලා වැලපෙන්න තරම් දුකක් ආවත් , චූටී මාමට තිබුන බය නිසා මං සද්ධ නැතුව හිටියා.

තව සුදු අම්මගෙ පෝන් එක අල්ලලා අහු වෙන්න එපා. අම්මේ….. ඇහැගහන් ඉන්න. මොකක් හරි වුනොත් මට කියන්න ඕනි තේරුනාද.
සේරම ප්‍රශ්න කාලය විසදාවී, දැන් නිදහසේ ඉන්නවත් තියෙනේ. සිතාරා අක්කා මං ගමේ ආ බව ශානූ අයියට කියයී. ඒකත් ශානූ අයියට ලොකු සැනසීමක් වෙයිනේ. මං එහෙම හිතලා හිත සනස ගත්තා.

ඊ ළග කොටසින් හමු වෙමූ… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *