….. කදුලත් සැනසුමක්…..32

32. වන කොටස.

මම පාත්තිය ළග තිබුන ගලක වාඩී වෙලා ශානූ අයියා දුන්න කවරය පරිස්සමින් දිගහැරියා. මදූ මල්ලි වට පිටාව ගැන විමසිල්ලෙන් හිටියා. ශානූ අයියා හැම වර්ගයෙම සිම් කාඩ් පත් ඒ කවරයට දාලා තිබුනා. ” පව් දෙවියනේ හැම ජාතියෙන්ම සිම්..” මගෙ හිත කෑගලා කිව්වා. මම සිම් කාඩ් පත් එකින් එක දාලා බැලුවා.
අපෙ ගම හුගක් පිටිසරයී. බස් එකක් පාරේ යන්නෙ කලාතුරකින් ත්‍රීවීල් වලින් තමා මිනිස්සු සේරම ගමන් ගියේ. තාක්ෂනය කියන එක නම් මේ පැත්තට බිංදුවයී. ගමේ හෑන් පෝන් එකක් තිබුනෙත් කලාතුරකින් ගෙදරක තමයී.
එක ම එක සිම් එකකටවත් සිග්නල් තිබුනේ නැහැ. ආච්චි අම්මාගෙ වර්ගයේ සිම් එකට විතරයී සිග්නල් තිබුනේ. මම මදූ මල්ලිට පොඩ්ඩක් බලන්න කියලා දොල පාර පැත්තට ගියේ ශානූ අයියට කතා කරලා බලන්න.

හෙලෝව්…

හෙලෝව්… ශානු අයියේ. ඔයා කොහෙද?

අපි තවම යන ගමං සුදු මැනික.

මේ සිම් එකට විතරයී සිග්නල් තිබුනේ අනේ. අපරාදේ ඔයා හුගක් සිම් ගෙනත්නේ.

කමක් නෑ දැං එකක් හරි වැඩනේ. අලුතින් සේරම ගත්තේ. කාගෙවත් සිම් ඔයාට දෙන්න බෑනේ. මාත් ඔය ජාතියෙ සිම් එක දාගෙන මිස් එකක් එවන්නම් .ගෙදර ගිහින්.

හා ශානු අයියේ. ඔයා පව්..

ඇයී පව් .ඔයානේ පව්.

මං නිසා නේ ඔයාට මේ සේරම කරදර.

ඔයා වෙනුවෙන් කරදර නොවී කොහොමද?

හ්ම්ම්ම්ම්ම්ම්.

මේ. මට ඔයාව තුරුලූ කර ගන්න හිතුනා……

ආ ඇත්තද වෙන මොකුත් හිතුන් නෑද දන් නෑ.

හිතුනා හිතුනා.

මොනවද… ශානූ අයියේ….
මං ඒක කිව්වේ පොඩි කේන්තියක් අරගෙන.

උම්මා එකක් දෙන්න හිතුනා..

තව හුගක් කල් යාවී එහෙනම්..

ඔව් නේද. කමක් නෑ ඒකට. පරිස්සමින් ඉන්න පෝන් එක පරිස්සම් කර ගන්න හොදද.

හරී ශානූ අයියේ. මං තියන්නම් දැං. සුදු අම්මා අපිව හොයනවා ඇතී.

හරී සුදු මැනික . පරිස්සමින්. බුදු සරණයී!. ඔයාට හුගාක් ආදරෙයී. උම්ම්ම්ම්මා. මේ..මේ ලොකු අම්මා නේද පාර කිව්වෙ. මං මතක් කරා කියන්න.

හරී…. බුදු සරණයි පරිස්සමින්..
ශානූ අයියටයි මටයී නිතර කතා කරන්න ලැබුනා. අවස්ථාවක් ආපි ගමන් මං දොළ පැත්තට දුවන් ගියා. මං දොළට යන්න හුගක් ආස නිසා ආච්චී අම්මාට කිසිම සැකයක් දැනුනේ නෑ.
දොළට තිබුනට ,කාමරයට සිග්නල් තිබුනේ නැහෑ. කොහොම හරී ඇදේ එක තැනක පෝන් එක පැත්තට හරවලා තිබ්බහම එක සිග්නල් කනුවක් ආවා. රෑට පොරවනය ඔලුවේ ඉදන් පොරවගෙන මැසේජ් ගහන්න මං පුරුදු වුනා. මං රෑට කරුවලේ නිදියන්නෙ නැහැ, පොඩි ලයිට් එකක් හරි දාගෙන නිදා ගන්න නිසා පොන් එකේ එළිය කාටවත් පෙනුනේ නෑ. මුල් දවස් ටිකේ ආච්චි අම්මාට ලොකු ප්‍රශ්නයක් වුනා රෙද්ද ඔලුවේ ඉදන් පොරවන එක. ටික දවසකින් ඒක ආච්චි අම්මට පුරුදු දෙයක් වුනා.
කාලය හිතේ සැහැල්ලුවෙන් ගෙවිලා ගියා. ලොකු අම්මගෙයී ,මදූ මල්ලිගෙයී උදව් නිසා ශානූ අයියයී මායි දෙන්නම සන්තෝෂෙන් හිටියා. දකින්න නොලැබුනත් සේන බාප්පා නැති තැනක මං ඉන්න එක ශානූ අයියට ලොකු සැනසීමක් වුනා. චූටී මාමා එක්ක ඇවිත් කතා කරන්නද කියලා ශානු අයියා නිතර මගෙන් ඇහුවා. චූටී මාමා කිව්වනේ ඉගෙන ගන්න අරින්න කියලා, මේ තියෙන නිදහසත් නැති වෙයි කියන බයට මං එපා කිව්වා.
*************************************
රෑ කරුවලත් ,මීදුමත් පරිසරය වසාගෙන තිබුනා. ලොකු අම්මයී, ආච්චි අම්මයී මමයී ටීවී බලමින් හිටියා.

අම්මේ පෝන් එක රින්ග් වෙනවා .
ලොකු අම්මා අම්මට කිව්වෙ ඇහුම්කන් දෙමින්. ආච්චි අම්මා කාමරයට ගිහින් පෝන් එක අරන් ආවා.

ආ සුදු දූ අම්මා…. ඔයාට කතා කරන්න ඕනිලූ.
ආච්චි අම්මා මට පෝන් එක දුන්නා.

හෙලෝව් අම්මෙ ඇයී.

ආරංචි නැද්ද රිසාල්ට් පිට වෙලාලූ.
මගෙ හිතට ආපූ සතුටට මම කෑ ගැහුවා.

අම්මේ .. මගෙ රිසාල්ට් බැලුවද? කොහොමද රිසාල්ට් කියන්නකෝ.

මගෙ ළග විභාග අංකය නෑ. මතක නම් කියන්න. මං දැන් නැන්දලාගේ ගෙදරින් බලන්නම් ..
මං විභාග අංකය කියාගෙන ගියා. අම්මා ආයේ කෝල් එකක් ගන්නෙ කොයි වෙලේද කියලා මම නොඉවසිල්ලෙන් පසු වුනා. පැය කාලකින් විතර පස්සෙ කෝල් එකක් ආවා. ඒ පාර පෝන් ආන්සර් කළේ මම. අම්මා විෂයනුත් එක්ක සම්මාන ටික කියාගෙන ගියා. ඉහලින්ම සමත් නොවුනත් හොද සමාර්ථයක් මම ලබලා තිබුනා.
ඉස්කෝලේ ටීචර්ලා ,සර්ලා නම් මගෙන් ඒ සාමාර්ත ගොඩක් බලා පොරොත්තුවෙන් හිටියේ පංතියේ දක්ෂ ළමෙක් නිසා. අන්තිම දවස් වල ගෙදර තත්වයත් එක්කද කොහෙද, මගෙ ලකුනූ අඩු වෙලා තිබුනා.
මගෙ ආසම විෂය වුනේ ව්‍යාපාර හා ගිණුම්කරනය. ඒ විෂයට ඒ සාමාර්තයක් තිබුනා. ඒක මට ලොකු සන්තෝෂයක් . මට උසස් පෙළ කරන්න ලැබෙයිද නොලැබෙයිද කියන්න දන්නෙ නැහැ. ඒත් උසස් පෙළ විභාගයට කොමස් විෂයන් ඉගෙන ගන්න එක තමා ලොකුම ආශාව වුනේ. ප්‍රතිඵල ආපූ එකේ සතුටත් එක්කම දුකක් ,බයක් ඇති කලේ, ” මට තව දුරටත් ඉගෙන ගන්න කවුරු උදව් කරයිද ” කියලා.
මං මගේ ප්‍රතිඵල හැමෝටම කිව්වේ හරිම සතුටින්. ශානූ අයියත් හුගක් සතුටු වුනා, “කවුරු නැතත් උසස් පෙළ කරන්න මං උදව් කරන්නම්” කිව්වා. චූටී මාමාත් හුගක් සතුටු වුනා. “දැන් උසස් පෙළ කරන්න අම්මා සල්ලී දේවිද” කියලයී චූටී මාමාත් ඇහුවේ.
මම ගමට ඇවිත් ගෙවුන ටික කාලෙට අම්මට මං වෙනුවෙන් කිසිම වියදමක් දරන්න පුලුවන් වුනේ නෑ. මම එහෙන් ආපූ දා ඉදන් සේන බාප්පා වෙනදටත් වඩා මතට ඇබ්බැහී වෙලා තිබුනා. හම්බකරන සල්ලි සත පහක් වත් ගෙදරට දෙන්නෙත් නැතිලූ, මං වෙනුවෙන් වියදම් කරයී කියලා. ඒක නිසාම අම්මා පෙර පාසලක උගන්වන්න යන්න තීරණය කරලා තිබුනා.
ආච්චි අම්මලාගේ ගෙදරත් රැකියාවක් කරන කෙනෙක් හිටියේ නෑ. ලොකු මාමා, අම්මගෙ ලොකු අයියා එවන මුදලින් තමා මහ ගෙදර වියදම් දරා ගත්තේ. චූටී මාමට වුනත් ස්ථිර ආදායමක් තිබුනේ නෑ. චූටී මාමාගේ බිරිද ගාර්මෙන් පැට්‍රියක රැකියාව කරලා උපය ගත්ත මුදලින් ගෙදර වියදම් දරා ගත්තේ.
මේ සියලුම හේතුත් එක්ක බැලුවම මට උසස් පෙළ කරන්න විදම් කරන්න පුලුවන් කෙනෙක් නැහැ. මං දුකෙන් වුනත් හිත හදා ගත්තා. දවාලක් රැයක් නැතුව අහිමි වෙන්න යන ඉස්කෝලේ ගමන ගැන හිත් වෙදනා වින්දා. වෙලාවකට කල්පනා කරමින් ඇඩුවා. ආච්චී අම්මා නම් කිව්වේ.” අඩන් නැතුව ඉන්න සුදු දූ ,කල්පනා කරන්න එපා සේරම ප්‍රශ්න හොදින් විසදෙයි” කියලා. සීයා හිටියා නම් මේ කිසි දුකක් නැති බව මට නිතරම මතක් වුනා.

**************************************
සිංහල දෙමළ අලුත් අවුරුද්දත් උදා වුනා. සීයා නැතිවලා අවුරුද්දක් වත් නැති නිසා අපි අවුරුදු සැමරුවේ නැහැ. අවුරුදු දවසට පස්සේ දවසේ අපි ලොකු මාමලාගේ ගෙදර ගියා. අහම්බෙන් වගේ අම්මයී, චූටී මල්ලීත් ලොකු මාමලාගේ ගෙදර ඇවිත් තිබුනා. ඒ දෙන්නා දැක්කම මට කියාගන්න බැරි සතුටක් ආවේ. ගමට ආවයින් පස්සෙ මං එයාලා දකින්නෙම අද නිසා.

සුදු දූ. ඔයාලා එනවා කිව්ව නිසා අපිත් ආවා ඕන්.

අම්මේ. ඔයාලා හොදින් නේද.

ඔව් ඔව්.. ඔයා හොදින්ද?
අපි ආගිය තොරතුරු කතා කලා. ඒත් මං ආයි ස්කෝලෙ යනවද නැද්ද කියන එක කවුරුත්ම කතා කලේ නැහැ.
හැමෝම දවල් කෑම වේල ගන්න සූදානම් වුනා. මමයී, චූටී මල්ලී කැම බෙදාගෙන ටීවී එක ඉස්සරහා වාඩී වුනා. අනිත් අය කෑම මේසෙම ඉදගෙන කෑම ගත්තා.

ලොකු නංගී . මොකද මේ. තව කෑම බෙදෙන් කන්නකෝ.

අනේ කන්න බෑ අයියේ.

ඇයී… අසනීපයක්ද්ද?

නෑ නෑ… මට ආයී කන්න බැරී වෙලා.
අම්මගෙයී ලොකු මාමගෙයී කතාව මට අහම්බෙන් ඇහුනා. එයාලගේ කතා බහ දිගටම අහන් ඉද්දී මට තේරුම් ගියා, අම්මාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා.
” දැන් ඉතිං මට කොහොමත් තව ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ.” මගෙ හිත පෙරලී කළා. මට සතුටූ වෙන්නද, දුක් වෙන්නද ඕනේ කියලා හිතා ගන්න බෑ. ඒත් දැන් කෑ ගහලා අඩන්නයී මට ඕනේ.

ඊ ළග කොටසින් හමු වෙමූ. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *