…. කදුලත් සැනසුමක්….40

40. වන කොටස.

අම්මා වාට්ටුවට ගේනකන් අපිට ඉන්න වුනා. බාබා ළග ඉන්න දුන්නෙ එක්කෙනාට නිසා මට ඉස්සහා බංකුවක ඉදගෙන ඉන්න සිද්ද වුනා. ඒක මට අමුතුම අත්දෑකීමක් වුනා, හිටි ගමන් දරුවන් බිහි කරන අම්මලා මහ හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙට මගෙ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා . මගෙ අම්මත් ඊයේ රැ මෙහෙම කෑ ගහන්න ඇති. මම ඉපදදෙනකොටත් මෙහෙම වේදනා විදින්න ඇති. මට අම්මට හුගක් ආදරේ හිතුනා.
අම්මා ටොලියක දාලා වාට්ටුවට අරගෙන ආවා. මම ටොලිය පස්සෙන් ඇද ලගට ගියා. අම්මව ටොලියෙ ඉන්නව දැකපු ගමන් ආච්චි අම්මට සිහිය නැතුව ඇදගෙන වැටුනා . කට්ටිය එකතු වෙලා ආච්චි අම්මව පුටුවකට අරන් වතුර ඉස්සා. අම්මා ටොලියෙ ඉදගෙම ඔලුව උස්සලා මට කිව්වෙ. අම්මව අල්ල ගන්න සුදු දූ කියලා. අන්තිමට අම්මවා උස්සලා ඇදෙන් තියන්න මටත් අඩ ගැහුවා ඉනෙන් පහල තවම හිරි වට්ටලා නිසා. මම අම්මව පැත්තකින් උස්සනකොට අම්මා මගෙ කර ට අතක් දා ගත්තා.
ඒ වෙලාවේ මට ආපු හැගීම මට කියන්න තේරෙන්නේ නෑ. මගෙයි අම්මගෙයි අතරේ හුගක් ලග සම්බන්දයක් තිබුනේ නැහැ, ඒ සේන බාප්පා නිසා. මං හැමදාම හිතුවේ අම්මාවත් මට ආදරේ නැ කියලා. ආච්චි අම්මට තුරුල් වෙලා මම නිදා ගත්තත්, කවදාවත් අම්මට තුරුල්වෙලා නිදා ගෙන තියේ කියලා මතකයක් නෑ.
අම්මගෙ ටිකට් කපන දවස උදා වුනා එදා මට ඉස්කෝලේ දවසක් මම ඉස්කෝලෙ යන්න යලින් ආච්චි අම්මට කතා කලා.

සුදු අම්මෙ..

හ්ම්ම්ම්ම්

අද අම්මා ටිකට් කැපුවම කොහෙද යන්නෙ. සුදු අම්මට බැරිද කොහොම හරි සේන බාප්පව කැමති කරන් අම්මා මෙහෙ එක්ක එන්න.

මොකක් හරි කරන්න වෙනවා සුදු දූ. අම්මට තුවාල දෙකයිනේ.
මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකලුත් අම්මා ගෙදර එක්ක ඇවිත් තිබුනේ නෑ. ත්‍රීවීල් රථයක් ඇවිත් පාර ළග නතර කලා. ඒකෙන් මුලින්ම බැස්සේ සේන බාප්පා. ඊළගට ආච්චි අම්මා චූටි මල්ලිවත් අරගෙන බැස්සා.
කාලෙකට පස්සෙ සේන බාප්පව දැක්කත්, ඒ මූන දැක්කම මගෙ හිතේ සැනසිල්ල අතුරුදහන් වුනා. ඒත් අම්මා වෙනුවෙන් ඉවසන්න මම තීරනය කලා.
අම්මා අමාරුවෙන් ත්‍රීවීල් එකෙන් බැහැලා ගේ පැත්තට එනවා මං ගිහින් අම්මව අල්ල ගත්තා. අම්මා ඇවිදගෙන ගෙට ආවේ හරිම අමාරුවෙන්.
සේන බාප්පා බලෙන්ම වගේ මාත් එක්ක කතා කලා මං අහන දේවල් වල වුතරක් උත්තර දිලා, පුලුවන් තරම් එයාව මගහැරියා. මොකද මට දැක්කහමත් එන්නෙ පුදුම කේන්තියක්. බොරු ආදර පෙන්නගන අම්මා බාලා ගන්න සුදු දූ කියාගෙන ඔලුව අත ගාන්න ආවා . මං එහාට වුනේ, ඒ හෙවනැල්ලවත් මගෙ ජීවිතේට වැටෙනවට අකමැති නිසා. ඒ වුන සිද්දිය නිසේන සේන බාප්පට කේන්ති ගියා කියලා මට තේරුනා. ඒත් මං ගනන් ගත්තෙ නෑ. ටිකක් වෙලා කියව කියව ඉදලා සේන බාප්පා ආපූ ත්‍රීවීල් එකේම යන්න ගියා. ලොකු මල්ලට ඉස්කෝලේ නිසා නැන්දලාගෙ ගෙදර නවත්වලා තිබුනා.
සතියකට පස්සේ ඉස්කෝලේ දෙසැම්බර් නිවාඩුව ලැබුනා. එදා ඉදන් මම වැඩි පුරම හිටියෙ ගෙදර නිසා අම්මගෙ වැඩ වලට උදව් වුනා. ඒ දවස් ටිකට අම්මයි මමයි හුගක් ළං වුනා. මම චූටී මල්ලිව වඩා ගත්තා, කවදාවත් ඒ තරම් චූටි බබෙක් මම වඩාගෙන තිබුනේ නැහැ. ඉස්කෝලේ නිවාඩුවට ලොකු මල්ලිත් ආවා. ඒයා තවම තුන වසරේ, ලොකු මල්ලි කිව්වට ලොකු නෑ.
කාලය හරිම වේගයෙන් ගෙවිලා ගියා අපි හිටියේ හුගක් සතුටින්. අම්මයි මල්ලිලා දෙන්නයි එක්ක මට වැඩි කාලයක් නිදහසේ ගත කරන්න ලැබුනා.
අම්මා ඉන්න නිසා ඒ දවස් ටිකට මං යාලුවන්ගෙ ගෙදරවත් ශානු අයියලාගෙ ගෙදරවත් ගියෙ නෑ. ක්ලාස් ගියා, අනිත් හැම වෙලාවෙම අම්මාලා එක්ක හිටියා.
බබාට තවම මාසයක් වත් නෑ දවසක් හවස සේන බාප්පා ත්‍රීවීල් එකකුත් අරන් ආවේ, අම්මව එක්ක යන්න. මං තව ටිකක් කල් ඉන්න කිව්වත්, සේන බාප්පා නැන්දලා ගෙදර ගිහින් රංඩු කරනවා කියලා, අම්මා මල්ලිලත් එක්ක යන්න ගියා.
*******************************
අලුත් අවුරුද්දේ , අලුත් පාසල් වාරය ආරම්භ වුනා. මම ඉස්කෝලේ ගියේ හරිම සතුටින්. මම හිතුවා වගේම රණසිංහ සර් හුගක් හොද කෙනෙක්. එයා පංතියෙ ළමයි එක්ක හැසිරුනේ යාලුවෙක් වගේ. සර් මටත් හුගක් ආදරේ වුනා.
මගෙ සියලුම වියදම් දරන්නෙ ශානූ අයියා. රෑවෙලා ක්ලාස් ඇරෙන දාට මාව ගෙදර ගිහින් අරලින්නෙත් ශානූ අයියා. ඉකෝලේ රැස්වීම් වලට එන්නෙ ආච්චි අම්මා නිසා ඉස්කෝලෙට ශානු අයියා ගැන ආරංචි වුනෙත් නැහැ.
අර සිද්දියෙන් පස්සෙ මම වැඩිය ශානූ අයියලාගෙ ගෙදර යන්න කැමති නැහැ. ඒක නිසා බොරු හේතු කියලා මම එහෙ යන එක මග හැරියා. මම එහෙ ගියත් අම්මාවත්, නංගිවත් ශනූ අයියා නැති වෙලාවට මාත් එක්ක කතා කරන්නෙ නෑ. අයියා ඉන්නකොට නම් හොදට කතා කරනවා. ඔය දේවල් ශානූ අයිය කියලා බොරුවට කේන්ති අවුස්සන්න බැරි නිසා, මම කියන්න ගියෙ නැ.
ශානු අයියට තේරිලා තිබුනා මං එහෙ එන්න අකමැති බව. එයා ඒ ගැන නිතර ඇහුවත් මං හරි උත්තරයක් දුන්නෙ නෑ.
මල්ලි හම්බෙලා ගෙදර ආපුවම අම්මා චූටී මාමා එක්ක ශානූ අයියා ගැන කියලා තිබුනා. අම්මා කැමති නිසා චූටි මාමාත්, ශානූ අයියට කැමතිද කොහෙද .එයා මං කරන කිසිම දෙයක් හොයලා බැලුවෙ නෑ.
දවසක් මම ගීත්මලගෙ ගෙදර ඉන්න කොට ශානු අයියා කෝල් එකක් ගත්තා . එදා එයාගෙ කතාව හරි අමුතුයි.

සුදු මැනික මට බයයි.

ඇයි ඇ ශානු අයියේ එක පාරම එහෙම කියන්නෙ.

එකපාරට නෙමේ ළමෙයෝ. මගෙ හිතට අමුත්තක් දැනෙනවා.

මොකක් ගැනද.

ඔයා මට කිව්වෙ සේන බාප්පගෙ සිද්දිය.
මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා. කවදාවත් ශානූ අයියා මගෙන් ඒ ගැන අහලා නෑ. මට අදහා ගන්න බෑ එක පාරටම ඒ ගැන අහන්නෙ ඇයි කියලා.

එදා ඔයාට මොකුත් කරදරයක් වුනේ නෑ නේද?

ඔයාට මාව සැකයිද ශානු අයියේ.

නෑ මට බයයී.

ඇයි බය. මට ඒකගෙන් කරදරයක් වෙලා නෑ. වෙන්න ගියා තමයී.

අනේ ඒත්.

එදා අර ක්‍රිස්ටි මාමාගෙ සිද්දියෙන් පස්සෙ ඔයාට මාව සැකයි නේද.
ඒකත් හේතුවක් තමයි.

තවත් හේතු තියෙද ශානූ අයියේ.

ඔයා එදා ඉදන් මෙහෙ එන්නත් අකමැතිනේ.

ඔයාලගෙ අම්මලාට මූන දෙන්න බැරි නිසානේ.

ඇයි මූන දෙන්න බැරී.
මට හේතුව කියන්න හිත් දුන්නෙ නැ. අම්මලා ශානු අයියා නැතුවම මට වෙනස් කම් කරනවා කියලා කොහොම කියන්නද. එහෙම වුනොත් ආයි මං එහෙ යන්න නෙමේ, ශානූ අයියා ගෙදරම දෙවනක් කරයී. ඒක නිසා මං නිහඩව හිටියා.

කියන්නකෝ ඇයි මූන දෙන්න බැරි.

එයා අර සිද්දිය ඇත්ත කියලා හිතනවා ඇති.

එහෙම නෑනේ අම්මා ඔයා එක්ක හොදට කතා කරන්නෙ.

හ්ම්ම්ම්ම්ම්ම්ම්

ඔය මට බයයී.

ඒනම් ඉතිං එක දෙයයි කරන්න තියෙන්නෙ.

ඒ මොකක්ද්ද සැකය ඇර ගන්න.

ඒ කිව්වෙ.

මං පිරිසිදු කෙල්ලෙද කියලා බලන්න.

පිස්සුද?

සැකනම් මොකක්ද මං වෙන කරන්නෙ. මට මොකුත් වෙලා නැ.

එදා ඒ කතාව එතනින් නතර වුනත් ශානූ අයියා ඒ ගැන නිතරම මගෙන් ඇහුවා. මට හිතෙන්නෙ ශානු අයියලගෙ අම්මා මාව අත් අරින්න කියලා බනිනවා ඇතී. මං හම්බෙන හැම වතාවකදිම ඔය කතාව ඇදිලා ආවා. මට දැන් නෑ ,කියලම එපා වෙලා. ඒකට උත්තර නොදී ඉන්න තීරනය කලා.
සේන බාප්පා කරපු වැඩ නිසා මට තවමත් සැනසිල්ලක් නෑ. ශානු අයියගෙ බයත් සාධාරන වෙන්න පුලුවන්. ඒත් මම කියලා මොනවා කරන්නද. දැන චූටී මල්ලිට දැන් මාස තුනක් විතර ඇති. ඒත් ඉතින් මල්ලි බලන්න යන්න විදියක් නෑ. සාමාන්‍ය පෙල ලියාලා එහෙන් ආපු දා ඉදන් මං තවම එහෙ ගිහින් නෑ. මං අම්මලාගෙ ගෙදර යනවට ශානු අයියා බයයී. ඒක නිසා මං එහෙ ගියේ නෑ.
මාස ගානක්ම ඉවසුවා , අර සිද්දිය නිසා අයියයී මායි අතර දැන් පොඩි රංඩුත් ඇති වෙනවා. ශානු අයියලගෙ අම්මාත් තවම එක එක දේවල් කියන නිසා ශානූ අයියට තවත් සැක ඇති වෙනවා ඇති.
ආයෙත් දවසක් ක්‍රිස්ටි මාමා ශානු අයියලාගෙ ගෙදර ඇවුත් තිබුනා. අයියා ඉන්න තැනම මං ගැන නරක දේවල් හුගක් කියලා තිබුනා. ශානු අයියා මට කෝල් කරලා දොස් කිව්වා.

මොකද්ද සුදු මැනික මේ කතාවේ තේරුම.

ඇයී ශානූ අයියේ.

මොකක් හරි හේතුවක් නැතුව ක්‍රිස්ටි මාමා ඔහොම කියයිද .

මට මොකක්ද කරන්න කියන්නෙ ශානූ අයියේ. ඒ මිනිහගෙ කට නවත්වන්න බෑ මට.

ඔය කතාවේ ඇත්තක් නැත්තම් ඔය තරම් කියවයිද. මටත් දැන් නම් තවත් විශ්වාස කරන්න බෑ.

මොන කරුමයක්ද්ද මේක. එහෙනම් ඉතිං මාව අතාරින්න . ඒත් ඔයා මං වෙනුවෙන් කරපුවා. මට අහපවු දෙන්න නම් විදිහක් නෑ. පුලුවන් කාලෙක දෙන්නම්.
කියන්න දෙයක් නැති නිසා කිව්වත් ශානු අයියා ඈත් වෙයි කියන බය දැනිලා මං අඩන්න පටන් ගත්තා.

මට තේරෙන්නෙ නෑ සුදු මැනික. මුන් මගෙ ඔලුව කන්නවා.

මට…. වෙන කියන්න .. දෙයක් නෑ අයියේ… ඔයා මං ගැන කැමතී තීරනයක් ගන්න.

ඊ ළග කොටසින් හමු වෙමු — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *