… කදුලත් සැනසුමක්….41

වන කොටස.කාලය ගෙවිලා ගියත් ප්‍රශ්නවල අඩු වුනේ නැහැ. නොයෙකුත් හේතු නිසා ශානූ අයියයි මමයි නිතර ගැටුම් ඇති කර ගත්තා. සේරටම හේතුව වුනේ ක්‍රිස්ටි මාමා. මම ශානූ අයියලාගෙ ගෙදර යන එක නතර කරලා දැම්මා. ශානූ අයියාට අම්මලාගෙ අවුල නිසා මං නොඑන්නෙ කියලා තේරුම් අරන්න්ද කොහෙද, මට යමු කියලා බලකලෙත් නෑ. ශානු අයියා දිගටම මට උදව් කලා. මම ශානු අයියලාගෙ ගෙදර නොයා ඉන්න කොට ප්‍රශ්න ටික ටික මග හැරුනා. අම්මාගෙ කරදරය අඩු වෙන්න ඇති ,ඒක නිසා ශානූ අයියාගෙ මගෙන් සේන බාප්පගෙ සිද්දිය ගැන අහන එක නැවතුනා.නයනි තිවංක අයියයි දවසක් අපේ ගෙදර ආවා. ඒදා ශානූ අයියත් ආව නිසා අපි හුගක් විනෝදෙන් කාලය ගත කලා. නයනී මමයී එකතු වෙලා කැම ඉව්වා. ආච්චි අම්මත් අපිට උදව් කලා. ආච්චි අම්මට ඉතිං කයියට අල්ල ගන්න කෙනෙක් ඉන්නවා නම් වෙන මොකුත් ඕනී නෑ. ශානූ අයියයි,තිවංක අයියයි අල්ලගෙන බරටම කතාව. නයනී මමයි දෙන්නට හොද පරිප්පුව කියලා උයන ගමන් කතා වුනා.උයලා ඉවර වුනාම අපි දෙන්නත් කතාවට එකතු වුනා. ශානූ අයියලට විහිලු කරලා හිනා වුනා. දවල් කෑම වෙලාවත් කිට්ටු නිසා මම කැම මේසය සූදානම් කරන්න ගෙට ගියා. මම කෑම මේසය සූදානම් කරමින් ඉන්න වෙලේ ශානූ අයියා කුස්සියට ආවා.

ළමයා වැඩ වගේ..

මොකෝ මේ පැත්තෙ.

උදව්වක් එහෙම තියෙද බලන්න ආවේ.

අප්පේ මෙයාගෙ උදව්.
මම අවසාන ව්‍යාන්ජන දිසියත් අරන් කෑම කාමරයට ගියා. ශානු අයියත් මගෙ පසුපසම ඇවිත් බව දැනුනේ එයාගෙ අත් දෙක මගෙ බද වටා යද්දී. ශානූ අයියා ආදරෙන් මාව තුරුලු කර ගත්තා.

මොකද මේ …මාලුවත් හැලෙනවා දැන්…
මම බොරු තරහක් අරන් කිව්වා.

මට මොකද ඉතිං. හැලුනදෙන්…

කන්නෙ මොනවද එතකොට.
ඔයාව……

ආ ඇත්තද? සුදු අම්මා ආවොත් ඔයාට කොස්සෙන් කන්න වෙයි.

එත් කමක් නෑ….
ඒත් එක්කම පොඩි සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන්.

අතාරින්න …සුදු අම්මා එනවද කොහෙද?
මම ශානූ අයියගෙන් මිදිලා කැම මේසෙ පිලිවල සූදානම් කරන්න ගත්තා.

පූසෙක් අනේ. ඌටත් ඔයාගෙ කෑම රහ වැටිලද කොහෙද?
එහෙම කියාගෙන ශානු අයියා මගෙ ළගට ආවා. මගෙ උරහිස් දෙකට උඩින් බිත්තියට අත් දෙක තියාගෙන ශානු අයියා මාව කොටු කරගෙන. මම අත යටින් රිංගන්න යද්දි ශානූ අයියා මාව ආයෙත් එයාගෙ පපුවට තද කර ගත්තා .

රිංගලා බේරෙන්න නේද කල්පනාව..

අනේ ශානු අයියේ…

සුදු මැනික….

ම්ම්ම්ම්ම්ම්ම්…..

හාද……
මම දන්නවා ශානු අයියා මොනාද කියන්නෙ කියලා .මම ඔලුව උස්සලා ශානූ අයියා දිහා බැලුවා. ශානු අයියා මගෙ දෙකම්බුල් ආදරෙන් සිප ගත්තා. මොහොතින් මගෙ දෙතොල් මත උණුසුමක් දැවටුනා. ශානූ අයියගෙ දෙතොල මගෙ දෙතෙලතර පැටලී තිබුනා. මොහොතින් ඒ පහසින් මා මිදුනත් මම දෙනෙත් හැරියේ නැහැ. ජිවිතේ මුල්ම වතාවට නිසාදෝ මට දෑස් හරින්නට සිත් දුන්නෙ නැහැ.අයිත් ඒ මුහුන බලන්න සිත් දුන් නෑ, ලැජ්ජාවෙන් මුහුන රතු වෙලා. මුහුනට නැගුන සිනගව සගවා ගන්නට උත්සහ කරමින් ,මම ශානු අයියගෙන් මිදෙන්නට උත්සහ කලා.
සුදු මැනික.. තරහයිද
මට ශානු අයියගෙ මූන දිහා බලන්න බෑ . මම ඔලුව වනලා නෑ කිව්වා.

ඔයා අකමැති ඇති කියලයි.. මේ තරම් කල් මම ඉවසුවෙ.. ඇයි.. මගෙ දිහා බලන්නකෝ. තරහින් නේද.

පිස්සා…..
මම ශානූ අයියව එහාට තල්ලු කරලා, කෙලින්ම නයනිලා ඉන්න පැත්‍තට ගියා.
ලැජ්ජාවෙන් රතු වුන මුහුන සගවා ගන්න උත්සහ කරමින්.

යමු කන්න.

කෝ ශානුවා.
තිවංක අයියා මගෙ දිහා බලලා අදද්දි ,මම ගෙට එන්න ආපහු හැරුනේ ,තිවංක අයියට වෙනසක් දැනෙයි කියලා.

එයාට බඩ ගිනිලු . ආන් ඔයාලටත් කලින් කනවා.
ශානු අයියා මට නිදහසේ කන්නවත් දුන්නෙ නෑ. මගෙ දිහා බලාන හිනා වෙනවා. ඇස් වලින් ඉගි කරනවා. මම කොහොමද ඉතිං කෑම කන්නෙ. අපි හතර දෙනා හවස දෙකට විතර දොළට නාන්න ගියා. අව් රශ්මිය නිසා දොළ අවට තිබුන ගල් පා තබන්නවත් බැරි තරමට රත් වෙලා තිබුනා. නයනී මමයි දොළට බැස්සෙ ඇදන් හිටි ඇදුම් පිටින්මයී. නයනිට දොළේ නාලා පුරුදු නැහැ. පපුව මට්ටමට වතුර ඇති හරියට මම නයනිව එක්ක යද්දි නයනී හිටියෙ මගෙ අත තදින් අල්ලගෙන ,ගොඩ යමු කියලා කෑ ගහමින්. ශානු අයියටයි තිවංක අයියටයි හොදටම හිනා.

මොකුද්ද කනවෝ…
නයනි මාවත් අතහැරලා ගොඩට දිව්වෙ දොලේ ඉන්න පුංචි මාලුවෝ කකුලට කොටලා. නයනි පව් මට නම් හිනාව නවත්ත ගන්න බැරි වුනා. නයනී දිය බේරෙමින් ගලක් මත් ඉදගෙන හෝදිසියෙන් දොල දිහා බලනවා. හරිම අමාරු වුනා නයනිව ආයි දොළට ගන්න. තිවංක අයියා අමාරුවෙන් නයනිව නාන්න අඩගහ ගත්තා. ටිකක් වෙලා ඉද්දි නයනි දෝලේ නාන එක විනෝද බව තේරුම් ගත්තා. අපි හතර දෙනා එකිනෙකාට වතුර ගසා ගනිමින් විනෝදෙන් දිය සෙල්ලම් කලා.

ශදි නංගියෝ…….

ඇයි ශානූ අයියේ…
කෝ සබන් පෙට්ටිය..

බාල්දිය ඇතුලේ…

නෑනේ…..

නැති වෙන්න විදිහක් නෑ .ගෙනාවනේ…
එහෙම කියාගෙන මම ශානු අයියා ඉන්න පැත්තට ආවා. අපි අදින්න ගෙනා ඇදුනුයි, බාල්දියි තියලා තිබුනේ කුඹුක් ගහක හෙවන යට. නාන තැනට ටිකක් ඈතින්.

කෝ නැද්ද.

නෑනේ.
මම ඒ හරියට යනකොට ශානු අයියා මහෙ අතින් ඇදලා කුඹුක් ගහට මුවා වුනා. මට එතකොටයි තේරුනේ මේක ශානූ අයියගෙ හොර වැඩක් බව.

ශානු අයියේ ඇයි මේ…

ලස්සන බලන්න….
එහෙම කියලා ශානු අයියා මං දිහා අමුතු විදිහට බැලුවා. දිය බේරෙමින් තිබු ,මගෙ ඇදුම් ඇගටම ඇලී ගිහින්. තෙත ඇදුමුන් ශරීරය කැපී පෙනුනා. මම ඉක්මනින් තුවායක් අරන් පොරව ගත්තා.

මොකද්ද ඒ කලේ..

ඔයා නම් හොදටම නරක් වෙලා ශානූ අයියේ..
මං එහෙම කිව්වෙ බිම බලාගෙන.

කවුද දන්නෙ නෑ මාව නරක් කරන්නෙ. තව නරක මොකුත් කලෙ නෑ.
ශානූ අයියා මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.
අනේ.. ශානූ අයියේ තිවංක අයියලා දකී.

හැම එකටම නිදහසට කරුනු තියේ නේද? ඔහෙ දැකපුදෙන් ඕනි නිසානෙ බලන්නෙ.

අනේ….
ශානූ අයියා මාව තදින් තුරුලු කර ගත්තා. නැවතත් මගෙ දෙතොල් සිප ගත්තා.

ශානුවෝ. සබන් හොයන්න කොම්පැනියටම ගියාද?
තිවංක අයියා දොලේ ඉදන් කෑ හැහුවා. මම තුරුලෙන් මිදෙන්නට උත්සහ කලත් ශානු අයියා මට යන්න දුන්නෙ නෑ.

ඔව් හුගක් දුර ඉන්නෙ තව වෙලා යයී.

ශානූ අයියා එහෙම කිව්වෙ මගෙ මුන දිහා බලාගෙන ලෝභ කමින්. මම ශානු අයියගෙන් මිදිලා දොල පැත්තට ගියා.

සබන් පෙට්ටිය දාලා ඇවිත්නෙ. මං ගෙදර ගියා ගේන්න.

එකෙනුත් හොදක් වුනා නේ..
තිවංක අයියා එහෙම කියද්දි මගෙ මුන රතු වුනා. එයාලටත් තේරිලා. මට ශානු අයියත් එක්ක පොඩි කේන්තියකුත් ආවා.

ඔව් ඔව් .. සෑහෙන්න වාසී.
මම ශානූ අයියා දිහා රවලා බැලුවා. හවස ශානු අයියලා ගෙවල් වලට යන්න සූදානම් වෙද්දි, චූටී මාමා ආවා.
ශානු අයියත් එක්කත් ටිකක් වෙලා කතා කර කර ඉදලා, අපිත් එක්ක තේ එහෙම යන්න ගියා. දැන් අපේ පවුලේ ශානු අයියා නොදන්න කෙනෙක් නෑ. මට ඉගන ගන්න උදව් කරන්නෙ එයා කියලා හැමෝම දැනගෙන හිටියා. චූටි අම්මලා එහෙම ඒකටත් තරෙද මංදා එයාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා, ආච්චි අම්මට එහෙ එන්නලු මාව යාලුවෙක්ගෙ ගෙදර ඉන්න කියලා. ලැජ්ජ නැතුව ගෑනු ළමෙක්ට පිට ගෙවල් වල ඉන්න කියනවනේ. ලොකු අම්මවත් එයාගෙ පුතා එක්ක ගිහින් තිබුනා ,අක්කට තනියෙන් දරුවා බලා ගන්න බෑ කියලා.
මම පංතිවත් ,ස්කෝලේවත් පාඩු කර ගත්තෙ නැහැ. පුරුදු විදිහටම යාලුවන්ගෙ ගෙවල් වල යමින් ඉගෙනීම් කටයුතු කර ගෙන ගියා. ශානූ අයියගෙයී යාලුවන්ගෙයි උදව් නිසා මම සතුටින් ඉගෙනීම් කටයුතු කලා. දැන් ශානු අයියලාගෙ ගෙදරත් සාමකාමී. මම නිතරම එහෙ ගියා. ශානු අයියා හරි කැමති වුනා මං එහෙ එනවට.

ඊ ළග කොටසින් හමු වෙමු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *