…… කදුලත් සැනසුමක්…….42

42. වන කොටස.
එහෙ ඕනිවටත් වඩා නිදහස තිබුන නිසා. මම ශානූ අයියට නිතරම විහිලු කලේ. “ මාත් අම්මෙක් තාත්තෙක් ළග හොද පවුලක ඉන්න තිබුනේ ඔයා මේ කෝලං කරන්නෙ කොහොමද බලන්න” කියලා. එහෙම වුනත් මං ඔයාව උස්සනවා. ඒක තමා ශානූ අයියගෙ උත්තරය වුනේ.

කාලය කෙමෙන් ගිවී ගියා. අම්මා මම බලන්න ගමේ ආවා. දැන් චූටී මල්ලිට මාස අටයි. හරිම හුරුතල් වයස. එයාගෙ හුතලයත් එක්ක දවස් දෙකක් ගෙවිලා ගියා . අම්මලා ගෙදර යන්න සූදානම් වුනා. මට එදා පංති දවසක් නිසා මමත් අම්මාත් එක්කම පිටත් වුනා. මම එදා කලින්ම පංතියට ගියා. ටික වෙලාවක් යද්දි ළමයි දෙතුන් දෙනා එන්න පටන් ගත්තා. නයනි ,ගීත්මයී ඈත තියාම එනවා මම දැක්කා.

ශදියෝ.. අද කලින්ම මොකො

චුට්ටක් කලින් ආවා බං..

මේ ගීත්මටත් ඔනිලූ ඔබලගෙ දොළෙන් නාන්න.

ඉතිං වරෙල්ලකො. සල්ලි ගන්නෙ නෑ මම.

එදා නම් මරු නේද බං.
මාස ගනකට කලින් නයනී ,තිවංක අයියයි අපේ ගෙදර ඇවිත් ගත කරපු විදිය, නයනි ආසාවෙන් විස්තර කලා. අගෝස්තු නිවාඩුවත් කිට්ටු නිසා ,දවසක අපේ ගෙදර එන්න කට්ටිය තීරනය කලා. අපි හුගක් සතුටු වුනා ඒ දවස මතක් කරලා. එත් පංතිය ඇරෙනකොට මට ලොකු හිසදයකින් පෙලුනා. එක නිසා මම ශානූ අයියට කෝල් කලේ ගෙදර ඇරලන්න පුලුවන්ද කියලා අහන්න. එයා මට කිව්වා එයාලගෙ ගෙදර යමු කියලා. කොහොම හරි දහවල් එක කිට්ටු වෙද්දි අපි ශානූ අයියලාගෙ ගෙදර ගියා. මට ඕනි වුනේ ටිකක් නිදා ගන්න .ඒත් අපි එහෙට යද්දි කවුරුත්ම ගෙදර හිටියෙ නැහැ. ශානු අයියා යතුර හොයාගෙන දොර ඇරියා.

කෝ ශානූ අයියේ අම්මලා.

ටවුන් ගිහින් ඇති. අද නංගිට පංති දවසක්.
ඉක්මනට එයි නේද .
මම ගෙට ගිහින් පුටුවකට බර වුනා.

ඔලුව හුගක් රිදෙනවා ශානූ අයියේ.

අවුව සැර නිසා වෙන්න ඇති. ඉන්නකො පැනඩෝල් දෙකක් දෙන්න.
ශානූ අයියා අම්මලගෙ කාමරයට ගිහින් මට පැනඩෝල් හොයන්න සේරම බාස්කට් පෙරලනවා මට ඇහුනා. සාලේ කොනක ශානු අයියලාගෙ තාත්තා නිදා ගන්න වැල් ඇද තිබුනා. මම ඒ ඇදට ගිහින් ටිකක් ඇල වුනා. ටිකකින් ශානූ අයියා මට පැනඩෝල් දෙකකුයි වතුර එකකුයි ගෙනත් දුන්නා.

මේ දෙක බීලා ටිකක් නිදා ගන්න.
මම පැනඩෝල් දෙක බීලා එහෙන්මම ඇලවුනා. මට හොදටම නින්ද ගිහින්ලා. මම එක පාරටම නින්දෙන් ඇහැනා. මට හොදටම දාඩිය දාලා රස්නයට. ශානූ අයියා මව තුරුලු කරන් හොදටම නිදි. මට එක පාරට හිතා ගන්න බැරි වුනා. ඒත් ඒකෙ මට ලොකු අමුත්තක් දැනුනෙ නෑ. ශානු අයියා කොයිවෙලේද අවස්තාවක් එන්නෙ කියලනෙ ඉන්නෙ ,මාව තුරුලු කර ගන්න. මම හිමි සීරුවෙ ආදරෙන් ශානූ අයියගෙ ඔලුව අත ගෑවා.

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….
ශානු අයියා අඩ නින්දෙන් ඔලුව මගෙ පපුවට තද කර ගත්තා. එතකොට මගෙ මුලු ඇගට මොකක්දෝ දෙයක් සිද්ද වුනා. මට ශානු අයියව ඇහැරවන්න හිතුනෙ නෑ. ඒත් අම්මලා එයි කියලා එකපාරටම මට බයහිතුනා. වෙනදට අපි දෙන්නා තනියෙන් ගෙදර හිටියත් ටීවී බැලුවා නැත්තම් කෑම උයාගෙන කෑවා, ඒත් නැත්තම් තුරුල් වෙලා කතා කර කර හිටියා. මේක මට අලුත් අත්දැකීමක් වුනේ ඒකයී.

ශානූ අයියේ.. ශානූ අයියේ….

ඈ……
මම ශානු අයියගෙ මිදිලා ඇදේ වාඩි වුනා.

ඇහැරෙන්නකො ළමයො හවස් වෙලා.

එන්නකෝ තව ටිකක් නිදා ගන්න.
ශානු අයියා මාව ආයෙත් ඇදේ හාන්සි කරන්න හැදුවා.
බෑ බෑ අම්මලා එයි කෝ .. මට යන්න දෙන්න.
මම ඇදෙන් නැගිට්ටා. ශානු අයියා ඇදේ ඉදගත්තෙ ඇගමැලි කඩමින්. ශානු අයියා නිදා ගන්න කලින් අම්මලට කෝල් කරලා.. අම්මලා මාමලාගෙ ගෙදර ගිහින්ලූ. මම ශානු අයියට කිව්වා අපේ ගෙදර යමු කියලා. මොකද සමහර දවස් වලට ශානු අයියා අපේ ගෙදර රෑ ඉන්න එනවා. ලොකු අම්මත් නැති නිසා ලොකු අම්මගෙ කාමරේ නිදා ගන්නවා. ශානු අයියා අද බෑ කිව්වා. රෑ වෙන්න කලින් මාව ගිහින් අරලින්නම්, පුලුවන්නම් කන්න මොනවා හරි උයලා දෙන්න කිව්වා.
ඔලුවේ කැක්කුම අඩු නිසා ඇග හෝදන්න ඕනි කියලා මට හිතුනා. ශනු අයියා කම්මැලියා වගේ තාම නිදි කිරනවා.

ශානූ අයියේ. ඇග ටිකක් හෝද ගත්තා නම් හොදයී.

ඉතින් හෝදමු. හැබැයි මට බලං ඉන්න ඕනී.

ආ මේන් කෝලං .ලැජ්ජා නැද්ද කෙල්ලො නාන දිහා බලන් ඉන්න.

මගෙ කෙල්ලනේ.
මම කුස්සියට ගිහින් ලිප ඇවිලෙව්වේ උයන්න. වතුර කේතලය ලිපෙන් තියලා මම හාල් ටිකක් හෝදලා ලොකු ලිපෙන් තිබ්බා. ශානූ අයියත් අස්සට ඇවිත් මට උයන්න දෙන්නෙ නැහැ. තුරුල් කර ගන්නවා , කොනිත්තනවා ,සිප ගන්නවා, පිස්සු වැඩ හුගයි. හරියට පොඩි ළමෙක් වගේ හුරතල් වෙනවා. අමාරුවෙන් කියලා කියලා ඇගහෝදන්න වතුර බාන්න ලිද ලගට යැව්වා. උයලා ඉවර වෙලා මම දියරෙද්දත් ඇදගෙන තුවාය කරේ දාගෙන ලිද ළගට ගියා. ශානූ අයියට යන්න කිව්වට යන්නෙම නැහැ, ඒක නිසා මම බලන් ඉන්න ඇරලා ඇග හෝදන්න ගත්තා.
අද මෙයාව තියා ගත්තනම් හරි.
ශානු අයියා දිය බේරෙමින් හිටිය මන් දිහා අමුතු විදිහට බලාගෙන කිව්වා.

හොදට තියේවී.

ඇයි හොද නැද්ද?

මොකටද?

සැක ඇරගන්න තිබුනා අපරාදේ..
මගෙ හිත ලැජ්ජාවවෙන් පිරුනා. ඒත් මම ඒක හංගගෙන කතා කලා.
හොදට තියෙවී. බදින දවසට පහුවදා නැන්දම්මා මාව ගහලා පන්නයි.

ඒවා කොහෙද මාත් එක්ක. ඕවා කවුද නැන්දම්මට පෙන්නන්නෙ. මං විතරයි බලන්නෙ.

කතාවෙන් කතාවෙන් මම ඈග හෝදගෙන ඇග පිහදාන්න ගත්තා. ඊට පස්සෙ ශානු අයියත් ඇග හෝදන්න පටන් ගත්තා මම ගෙට ගිහින් ඇදුමක් දා ගත්තා. දැන් හතර වටින් අදුර වැටීගෙන එනවා. ශානු අයියලාගෙ ගේ තිබුනේ අනිකුත් ගෙවල් වලින් හුදකලා වෙලා. වටේ තිබුන රූස්ස ගස් නිසා අනිත් තැන් වලට කලින් ඇදිරි වැටුනා. මම ගෙදර යන්නත් ඕනී නිසා ජනෙල් සේරම වහලා දැම්මා. මම ජනේල පියනක අගුල දමින් ඉන්නකොට ශානූ අයියා පිටි පස්සෙන් ඇවිත් මගෙ බද වටේ අත් දා ගත්තා.

සුදු මැනික..

හ්ම්ම්ම්ම්ම්ම්ම්

අද ඔයාට කියන්න නිදහසට කරුනු නැද්ද.

නෑනේ..

හොද වැඩේ.

යමුද දැන් අපි.

හදිස්සිද. අද ඉන්නකෝ.

පිස්සුද ශානු අයියේ.
මම ශානූ අයියගෙ පැත්තට එක පාරටම හැරෙමින් ඇහුවා.

ඔයාට මාත් එක්ක ඉන්න බයද.

නෑ.. ඒ…..
තවත් මට කතා කරන්න ඉඩ ලැබුනේ නැහැ. මගෙ දෙතොලට තවත් සෙලවෙන්න ශානූ අයියා ඉඩ දුන්නෙ නැහැ. මට මොනවා වුනාද හිතා ගන්න බෑ. මට ඒ ග්‍රහනයෙන් මිදෙන්න ඕනි වුනේත් නැහැ.
පසු දින උදා වුනා, මම ශානූ අයියගෙ නිරුවත් පපුව මත හිස හොවාගෙන හිටියා.මම ශානූ අයියා එක්ක මුල් රාත්‍රිය ගෙව්ලා තිබුනා. එදා රාත්‍රිය මගෙ ජීවිතය වෙනස්ම මාර්ගයකට යොමු කලා. තව දුරටත් මම කන්‍යාවක් නොවන බව මතක් වුනත්, මට ඒ ගැන කිසිම වේදනාවක් තිබුනේ නෑ. මම තවත් ශානු අයියගෙ තුරුලට ගුලි වෙමින් නිදා ගත්තා. මං වැරදී කියලා මට හිතුනා, ඒත් මම ඒක අමතක කරන්න උත්සහ කලා.

සුදු මැනික…..

හ්ම්ම්ම්ම්

දුකයිද රත්තරං.

නෑ මගෙ අයියේ . මට සතුටුයි . ඔයාගෙ සැකෙත් දුරු වුනානේ.

මට ඒ දේ බලන්න ඕනි වුනේ නැ. මං දන්නෙ නෑ මට මොනවා වුනාද කියලා.

කොහොම හරි මාව තියා ගත්තා නේද?
මම ශානු අයියව තුරුල් කර ගනිමින් කිව්වා. මම නැගිටලා තේ හදන්න කුස්සියට ගියා. ශානු අයියත් මගෙ පසු පසම කුස්සියට ආවා. මම තේ හදන කොට ශානු අයියා මගෙ ළට ඇවිදින් නතර වුනා. ශානු අයියගෙ මූනේ ලොකු දුකක් තිබුනා

සුදු මැනික.

ඇයි ශානු අයියෙ දුකින්..

ඔයා පව් මගෙ මැනික.

මං පව් නෑ අනේ. ඔයා ඉන්නෙ මට.

ඊ ළග කොටසින් හමු වෙමු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *