….කදුලත් සැනසුමක්…..46

46. වන කොටස

අනේ ඇයි අඩන්නේ මගේ රත්තරනේ..

අනේ.. මාව…… එක්කන් ….යන්න ……මගෙ ශානූ ..අයියේ.

හරි රත්තරනේ එක්ක යන්නම්. අම්මාගෙන් ඇහුවද?

ඇහුවා . එයා ….කැමති නෑ…. ශානූ අයියේ…
මම කෑගසමින් ඇඩුවා. මට ඒ ගෙදර ඉදීම එපාම වෙලා තිබුනේ. ආච්චි අම්මා දොස් කිව්වත් මං ඇඩීම නැවැත්තුවේ නෑ. මගෙ හිත කරන්න ඉල්ලන්නෙ වැරදී වැඩක් කියලා මම දන්නවා. ඒත් මට තවත් දුක් ඉවසන්න බෑ. ඉස්සරහට මොනවා වුනත් කමක් නෑ කියලයි හිත කියන්නෙ. කොහොම හරි මගෙ කකුල හොද කර ගන්න ඕනේ.. අම්මට කීප සැරයක්ම කෝල් කරලා , යන්න ඇහුවා එයා කැමති නෑ.එයා තීරනය වෙනස් කරන්නෙම නැහැ. මාත් තීරනය වෙනස් කරන්නෙම නෑ , කෑගහලා ඇඩුවා
හවස් වෙද්දි ශානු අයියා බලෙන්ම වගේ මාව අරන් ගියා. මේ දවස් වල වියදම් වල හැටියට ත්‍රීවීල් වල යන්න සල්ලි නෑ ,බයික් එකේ කොහොම හරි යමුද ඇහුවා. මාත් හා කිව්වා. අනිත් කකුලට බර දිලා මම බයික් එකට නැග්ගා. කොහොමත් මට දැන් ඒ කකුල ඕනේ දේකට හුරුයී.අන්තිමේදී මං ශානූ අයියලාගෙ ගෙදර ගියා. ආච්චි අම්මා, අම්මට කියලා නෑ හවස මාව ශානූ අයියා එක්කන් ගිය බව. පහුවදා උදේ දැනගෙන අම්මා මට කතා කරලා හොදටම දොස් කිව්වා.
ශානූ අයියා පාන්දරින්ම මමලාගේ ගෙදර ගියා. මම ශානූ අයියගෙ අම්මත් එක්ක එකතු වෙලා බේත් කෙටුවා. පස්සේ ශානූ අයියලාගෙ අම්මා බේත් බැන්දා.ශානූ අයියා දොළහා වෙද්දි එනවා. මගෙ අනිත් වැඩ සේරම වුනේ ශානූ අයියගෙ අතින්. කැව්වේ, පෙව්වේ, නෑව්වේ, රෙදි හේදුවේ මේ හැමදේම කලේ ශානූ අයියා. තව බේත් හෙව්වෙ බේත් කෙටුවෙ, බේත් බැන්දේ පුලුවන් හැම වෙලාවකම ශානූ අයියා.
මාස තුනක්ම ගෙවිලා ගියා. මම දැන් මගෙ ඉස්කෝල ගමනත් හිතින් අත්අරින්න වෙනවා. මාස තුනක් ගෙවිලත් කකුල තවම බිම තියන්න වත් බෑ. හය වෙනි වතාවටත් බෙහෙත් අහන්න වෙදගෙදර ගියා. එහෙන් කිව්වෙ කරන්න පුලුඑවන් හැමදේම කලා, තවත් මේ කකුලට දෙන්න බෙහෙත් නැහැ, තේරෙන්නෙ නෑ මේ බේත් වලට ඇයි හොද නොවුනේ “ කියලා.
ඒ කියන්නෙ මට ආයී කවදාවත් මේ කකුල බිම තියලා ඇවිදින්න වෙන්නෙ නැහැ. වෙදගෙදරින් ශානූ අයියලාගෙර් ගෙදර ආපූ වෙලාවෙ ඉදන් මම ඇඩුවා.

අනේ… ශානූ.. අයියේ… මට ඇවිදින්න බැරී වෙයි නේද කවදාවත්ම.
පිස්සු කියන්නෙ නැතුව ඉන්න සුදු මැනික.

වෙන බෙහෙත් නෑ කිව්වනෙ.

වෙන තැනකින් ගමූ.

ඒත් මේ වෙදගෙදර මේ පැත්තට තියෙන හොදම තැනනේ ශානූ අයියේ.

උයිට වඩා හොද තැන් තියේ . ලොකේ කොහෙ හරි ගිනිහින් මං ඔයාව හොද කරනවා රත්තරං. ඔයා බය වෙන්න එපා.
මම එහෙන්මම ශානූ අයියගෙ උරහිසට ඔලුව තියාගෙන ඉකි බින්දා. ශානූ අයියා ටිකකින් ගෙදරින් පිට වෙලා ගියේ, හොද වෙද ගෙදරක් ගැන තොරතුරක් හොයා ගන්න. හවස හය පහු වුනත් ශානූ අයියා ගෙදර ආවේ නැහැ. මට බයකුත් හිතුනා, පරක්කු වෙනකොට, ශානූ අයියලාගෙ අම්ම කිව්වෙ වෙනදටත් යාලුවෝ හම්බෙන්න ගියාම රෑ වෙනවා කියලා. යන්තම් රැ අට පහු වීගෙන එද්දි ශානූ අයියා ගෙදර ආවා. මම හිටියේ සාලයේ ශානූ අයියගෙ තත්තාගේ ඇදේ වාඩී ගෙන ටීවී බලමින්. ශානූ අයියා හිනා මුසු මුහුනින් ඇවිත් මගෙ ලගින් ඉද ගත්තා.

සුදු මැනික බෙහෙත් කරන්න තැනක් හම්බුනා.

අනේ කොහොද ශානූ අයියේ. හොදයිලුද එතන.
මම ඇහුවේ හරිම හදිස්සියෙන්.

හොදයී කියන්නෙ හොදම හොදයී. අහලා තියෙද. “මරදංකඩවල යකඩයා” . අන්න ඒ වෙදමහත්තයාගෙන්.

මං අහලා තියේ අයියේ. හුගක් රිදෙනවලුනේ. එයා ඇට උනූ වෙලා හයි වෙන්න තෙලක් බදිනවලූ නේද?

ඔව් රිදෙනවා නම් තමා රත්තරං .ඒත් මගෙ යාලුවෙක් එහෙ ගිහින් එක දවසින් හොද වෙලා.

රිදුනට කමක් නැ අයියේ හොද වෙනවා නම්.

ත්‍රීවීල් එකක් කතා කරං යමූ, සල්ලි ටිකක් හොයාන. මගෙ අතේ සල්ලි නෑ සුදු මැනික මේ ටිකේ.
බයික් එකේ යමූ අයියේ.

පැය හත අටක ගමනක්, කකුලත් බැරුව ඉදන් ඒ තරම් දුර බයික් එකේ යන්න පුලුවන්ද?.

කොහොම හරී යමූ ශානූ අයියේ. බොරුවට වියදම් කරන්න ඕනී නෑ.
ශානු අයියා බයික් එකේ එක්ක යන්න නම් කොහොම වත් කැමති වුනේ නෑ. දවස් කීපයක්ම ගෙවිලා ගියත් සල්ලි හොයා ගන්න බැරි වුනා.අන්තිමේදී බයික් එකේ මරදංකඩවල යන්න ශානූ අයියා කැමති වුනා.
අම්මටත් විස්තරෙ කිව්වා. එයා කිව්වෙ පුලුවන් විදිහක් කරන්න කියලා. චූටී මාමා නම් මං ගැන හොයන එක නවත්තලම දාලා තිබුනා. ආච්චි අම්මා චූටී මාමාට කියලා තිබුනේ මම ටීචර් කෙනෙක්ගේ ගෙදර නතර වෙලා ඉන්නෙ කියලා. ආච්චි අම්මා පුංචිලාගෙ ගෙදර ගිහින් තිබුනා, ලොකු අම්මත් පුතාගෙ ගෙදරට ගිහින් තිබුනා .
අපි අටට විතර රෑ කෑමත් කාලා.මරදංකඩාවල යන්න පිටත් වුනා. මම තව නොන්ඩියෙන් පැන පැන යන්නෙ. ඒත් අනිත් කකුලේ වාරුවෙන් මම බයික් එකට නැග්ගා. වැඩි දුරක් යන්න කලින්ම. දනිස්ස නමාගෙනම ඉදලා, ඇදුම් කන්න පටන් ගත්තා.‍රෑ සීතලත් , නිදි මතත්, වේදනාවත් මැදින් අපි නිහඩව ගමන් කලා. පැය තුනක් ගත වෙත්ම මට වේදනාව තවත් ඉවසන්න බැරි වුනා.

ශානූ අයියේ. ටිකක් ඉදලා යමුද?

ඇයී.

දනිස්ස රිදෙනවා අයියේ නමන් ඉදලම. පස්සත් පිච්චෙනවා වගේ.

ඒකනී ළමයො මං කිව්වෙ, බයික් එකේ යන්න බෑ කියලා.

යන්න බෑ කිව්වෙ නෑනේ .පොඩ්ඩක් ඉදලා යමුනේ කිව්වෙ.

තව පැය තුනයී ආවේ, තව පැය පහක විතර දුරක් යන්න තියේ.

අනේ ඉතිං.

හරි ස්ටෑන්ඩ් එකක නවත්තන්නම්. මේ පාලූ හරියේ නවත්වන්න බෑ .
අපි තැනින් තැන නතර වෙමින්, විඩා නිවමින් දිගටම ගියා.

මම පාර හරියට දන්නෙ නෑ සුදු මැනික පාර වැරදිලා වගේ කාගෙන් හරී අහමුද?

කවුරුත්ම පාරේ නෑ නේ ශානූ අයියේ.
රෑ දොලහත් පහු වෙලා තිබුන නිසා පාරේ කවුරුත්ම හිටියේ නැහැ. ටික දුරක් යද්දි පොඩි රෑ කඩයක් හම්බුනා. අපි ඒකෙන් පාර ඇහුවා.

අයියෝ පුතේ ඔයාලා පාර වරද්දගෙනනේ. මේ පාරෙනුත් ගියහැකී ඒත් දුරයි. දැං ඉතිං අහපහු ගියොත් ඊටත් වඩා දුරයී මේ පාරෙම යන්න හැබැයි එළිය වැටෙයී එහෙට යද්දී.

ගොඩක් ස්තූතියී මාමේ. පාර හරියට නොදැන ආවේ.
තවත් මොහොතක් කතා කරමින් සිටි අපි නැවතත් ගමන ආරම්භ කලා. පාන්දර පහ කිට්ටු වන විට අපි වෙද ගෙදරට ළගා වුනා. ඒ වෙනකොටත් වෙදගෙදර සෙනග පිරිලා. ඒ තරම් පාන්දර ගියත් අපිට ලැබුන අංකය පනස් දෙක. එතරම් ප්‍රසිද්ධ නොවන බව බැලු බැල්මට පෙනුනත්, රෝගීන්ගෙන් අඩුවක් තිබුනේ නැහැ. නාම පුවරුවක් වත් ගසා නොතිබුන වෙදගෙදර කුඩා නිවසක පැවැත්තුනා.
හිත හයිය කරන් හිටියත් රෝගීන් එක්කෙනා දෙන්නට ප්‍රතිකාර කරද්දී මගෙ හිත් බයෙන් හිරි වැටුනා. බෙහෙත් බදින ස්ථානයෙන් ඇහුනේ විශාල අදෝනාවල්, හැඩුම්, කැගැසුම්. ප්‍රතිකාර නොගත් රෝගීන්ට ඒ පැත්තට යාම තහනම් වුනේ තද බදය වැඩු වන නිසා. ඒ තරමටම කුඩා නිවසකයී වෙදගෙදර පවත්වාගෙන ගියේ. වරකට රෝගීන් දහයක් පමන ඇතුලට ගෙන ප්‍රතිකාර අවසන් වූ විට තවත් දහ දෙනෙකු පමන ප්‍රතිකාර සදහා ගනු ලැබුවා.
කෙතරම් වේදනාවෙන් කෑ ගැසුවත් කිහිලිකරුවෙන් ඇතුලට ගිය රෝගීන් පය බුරුලින් තබා ඇවිදීමට හැකියාව ලබා තිබුනා. කෙමෙන් මගේ වාරය ආසන්න වුනා.

ශානූ අයියේ මට බයයී.

මටත් බයයී සුදු මැනික. කට්ටිය කැ ගහන තාලෙට.

මටත් රිදෙයි නේද.

මෙච්චර දුරක් ආපු එකේ ඉවසමු.
මගේ වාරය එළඹුනා. මගේ දනහිස පරික්ෂා කර බැලූ වෙදමහතා, පැය එක හමාරක් තෙල් පත්තුව බැද ගන්න.
කියලා, පත්තුව බදින ස්ථානයට පිටත් කලා. එම ස්තානයේ රෝගීන් බිම පෙරලෙමින් කෑ මොර දෙනවා. කොන්දෙ ,උකුලේ කැඩුම් බිදුම් රෝගීන් කුඩා බංකු වලට තබා ගැට ගසලා. මගෙ ගත අප්‍රාණික වෙමින් තිබුනා. ශානූ අයියගේ වාරුවෙන් ඇවිද්ද නිසා ශානූ අයියා මාව අල්ලගෙන හිටියේ.

ඔය අලුත් ළමයව පැදුලක් එළලා නිදි කරන්න.
බෙහෙත් බදින පුද්ගලයා ශානූ අයියට කියා සිටියා. ශානූ අයියා පැදුරක් ගෙනත් එළලා මට ඇලවෙන්න කිව්වා. සුලු මොහොතකින් තෙල් පෙගවූ රෙදි කැබැල්ලක් දීසියකට දමාගෙන විත් දන හිසේ ආලේප කරනූ ලැබුවා. ඊට උඩින් පොලිතීන් කොලයකින් ආවරනය කර පොල් පිති පතුරු හා කැට වේදනා ඇති තැන් වලට තබා හැකි තාක් තද කලා.

පැය භාගයක් යද්දි ලොකු කැක්කුමක් ආවේ නැත්තම් කියන්න ,ආයෙත් තද කරන්න.
එහෙම කියලා, පත්තු බදින පුද්ගලයා වෙනත් රෝගියෙකු වෙල ගියා. මගෙ වටේටම ඉන්න රෝගීන් කෑ ගහනවා.මම බිත්තියට හේත්තු වෙලා ඉද ගෙන අනිත් අය දිහා බැලුවා.තව ටිකකින් මාත් මේ වගෙ කෑ ගහයි. තවත් හිර කරන්න කතා කරනවා. කැටයි පතුරුයි තද වෙලා රිදිම් දෙනවා. මොන තරම් තදට ගැස ගද කිව්වොත් කකුල නෑ වගේ හිරි විටිලා තිබුනා. වෙදනාව ආවත් මම කෑ ගහන්නෙ නැතුව ඉවසගෙන හිටියා.

ඔය.. ළමයා ඔහොම ඉන්නකෝ. තව ටිකකින් අපි වගේ කෑ මොන දෙයි.
වේදනාවෙන් කෑ ගසමින් නැන්දා කෙනෙක් මා දෙස බලා කිව්වා.

ඔය ළමය රිදෙන්නෙ නැද්ද ඉන්න තව හිර කරන්න.
පත්‍තු බදින පුද්ගලයා තවත් පත්තුව හිර කලා. පොල් පිති කැට ඇතුලටම ගිලා බැහලා. තවත් නම් ඉවසන්න බෑ. ශානූ අයියා මගෙ ළගින් ඉදගෙන මං දිහා බලාගෙන ඉන්නවා. අවසන් පැය භාගය එළබුනා.

අනේ ශානූ… අයියේ… තවත්… ඉවසන්න බෑ…

තව පැය භාගයනේ ඉමූ.

අනේ …අර මාමාට… එන්න කියන්න..

තව පොඩ්ඩක් ඉවසමු.

තව …ඉවසන්න … බෑ… මගෙ… ශානූ .. අයියේ.. ලිහන්න කියන්නකෝ..

ඊ ළග කොටසින් හමු වෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *