….කදුලත් සැනසුමක්….50

50. වන කොටස. ( අවසන් කොටස)

ගෙදර අයගේ වෙස් වීම ශානු අයියාට දරා ගන්න බැරි වුනා. හැමදාමත් ශානු අයියා ගැන බැලුවේ ඒයාගේ මාමා නිසා මේ ගැන මාමා ඒක්ක කතා කරන්න ශානු අයියා තීරනය කලා. මාමා අම්මලාගේ හිත වෙනස් කරන්න පොරොන්දු වෙලා තිබුනා.
අම්මයි, චූටී මාමායි විවාහා මංගල්ය පොඩියට කරන්න තීරනය කරලා තිබුනා. මමත් ඒකට කැමති වුනේ බොරු වියදම් වලට අකමැති නිසා. අම්මා අපේ හදහන් ගැලපෙනවද බලලා තිබුනේ ශානු අයියාලාගේ ගෙදරින් ඒ ගැන හුගක හිතන නිසා. ශානු අයියා ඔවා බලන්න ඔනේ නැහැ කියලා අම්මලාට දෙිස් කිව්වා. ඒත් අපේ හදහන් හොදට ගැලපිලා තිබුනා.

පුතේ අපිටත් වෙන තැනකින් හදහන් බලවන්න ඔනේ.

දැන් ඒක පාරක් බැලුවා මදිද.
අම්මලා අායෙත් හදහන් බලන්න ඉල්ලනකොට ශානු අයියාට හොදටම කේන්ති ගියා.

ඒහෙම කියලා බෑ පුතේ අපිත් බලන්න ඔනේ.

ඔය විකාර වැඩ දැන් නවත් වන්න අම්මේ . මම දැන් ඒක පාරක් කිව්වනේ.
ශානු අයියා අකමැති වුනත් මම අමමාගෙන් හදහන් ඉල්ලා ශානු අයියලාගේ අම්මට දුන්නා. චූටි මාමලාගේ ගෙදර තමා මගේ විවාහා උත්සවය ගන්න තීරනය කරන් තිබුනේ. සියලු වියදම් චූටී මාමා දරන්න පොරොනදු වෙලා තිබුනා.ශානු අයියලාගේ පැත්තේ කිසි උනන්දුවක් නැති නිසා උත්සවය ඒක දවසින් ඉවර කරන්න ශානු අයියා තීරණය කලා. ඒ නිසා වියදම් වලට යොදා ගන්න කියලා ශානු අයියා චූටී මාමාට සල්ලී දුන්නා.
විවාහයට මාසයක් තියා මම චූටී මාමාලාගේ ගෙදර අාවේ අම්මාගේ අැවිටිල්ල නිසාමයි. ඒ අාවම තමා තේරුනේ චූටී මාමා විවාහට මොන තරම් මහන්සි වෙලාද කියලා. ඒයා විවහයේ අැදුම් ගැන පවා හිතලා තිබුනා. සියලු කටයුතු සාර්තකව සිදු වුනත් , තවම ශානු අයියලාගේ ගෙදරින් චූටී මාමා හම්බෙන්න නාවට මම දුක් වුනා. චූටී මාමාත් ඒ ගැන හිටියේ හරිම කේන්තියෙන්. මම නිතරම අයියාට කියලා කරදර කලේ , මේ වැඩෙන් චූටි මාමාට ශානු අයියාවත් ඒපා වෙයි කියලා බයට. විවාහා උත්සවයට ඒන්න ඒන්නම දින ලං වුනා. ශානු අයියාගේ තාත්තා නම් උත්සවයට ඒන්නේ වත් නැහැ කිව්වා කියලා ශානු අයියා මට කව්වා. මගේ හිතට සැනසීමක තිබුනේ චූටී මාමා ශානු අයියාව විස්වාස කරපු ඒක.

හෙලොව් සුදු මැණික.
මම අඩ නින්දෙන් පෝන් ඒක කනේ තීයා ගත්තම මට අහන්න ලැබුනේ ශානු අයියාගේ කටහඩ. මට හොදටම දවල් වෙනකන් නින්ද ගිහින්.

කියන්න ශානු අයියේ.

ඔයා දැන්ද අැහැරියේ
ශානු අයියා මගේ කටහඩින් අදුර ගන්න අැති. මම කමැලිකමින් අැදේ වාඩි වුනා. චුටී මාමාලාගේ ගෙදර කවුරුත්ම හිටියේ නැහැ. මදූ මල්ලී , නංගී ඉස්කෝලේ ගිහින්ලා. චූටී මාමායි නැන්දයීත් වැඩට ගිල්ලා.

නින්ද ගිහින්නේ….

අනේ අනේ කම්මැලියා…

අනේ ඉතින්… මට අැහැරවන්නේ නැතුව සේරමලා ගිහින්නේ…

ඔයා පවු නිසා කට්ටිය අැහැරවන්න නැතුව අැති.
ශානු අයියා හිනා වෙමින් කියද්දී , මොකක් ගැනද කියන්නේ කියලා මට තේරුනා.

අැයි දන්නෑ පව්…

මාසයක් මාව දාලා ඔහේ හිටපුවාගේ .අැරියස් තියෙනවනේ නිදි මරාගෙන ගෙවන්න ඒකයි.

අා… ඒහෙමද? බලමුකෝ නේ….

පාලු නැද්ද ළමයෝ මං නැතුව.

අනේ හුගක් පාලුයි ශානු අයියේ..
තව දවස් හතරනේ මගේ සුදු මැණික. ඊට පස්සේ සදහටම මගේ ළග. ඒතකොට කාටවත්ම බෑ ඔයාව මගෙන් අෑත් කරන්න.

හැමදේම හීනක් වගේ නේද. ශානු අයියේ..
මගේ හිත ඉබේටම අපේ පාසල් සමයට පිවිසුනා. හැමදාමත් ශානු අයියගේ දිලිසෙන අාදර බර අැස් දෙක ඒයාලාගේ පංතියේ ඉදන් බලං හිටපු හැටි මට අායී මැවිලා පෙනුනා . මම ඒ කාලයට හුගාක් අාදරය කලා.

ඔව් මගේ රත්තරණේ…. හැදේම හීනයක් වගේ…

අපේ හීනේ හැබෑ වුනා නේද ඒහෙනම්.

සුභ අාරංචියක් කියන්න ගත්තේ.

මොකක්ද අයියේ..

හෙට අපේ ගෙදර කට්ටිය චූටි මාමා හම්බෙන්න ඒනවා කිව්වා.

අැති යාන්තම්…

මාමාගේ කටේ බලේට කැමති වුනේ.

කොහොම හරි ඒනවා නම් අැති . නැත්තම් ඔයාටයි හරි නැත්තේ.
ශානු අයියා කියපු විදියටම අමිමායි ,තාත්තයි , මාමායි චූටී මාමා හම්බෙන්න අාවා . ඒකෙන් මගේ හිතට .ලොකු සැනසිල්ලක් දැනුනා.

***********************
මට නින්ද යන්නෙම නෑ. චූටී මාමාලාගේ ගෙදර සෙනග පිරිලා. ගේ සරසනවා, හඩ් ගහනවා, කළබලයට වැඩ හැමෝම. මම හෙට අපි දෙන්නටම ඉදගන්න තිබුන සෙටියේ තනියෙම ඉදන් ඉද්දී මදූ මල්ලි මට විහිලු කලා.
අා…. මනමාලී නම් දැන් මම සෙටිය අල්ගෙන…
ඒක අැහිලා හැමෝටම හිනා. මගේ මල්ලිලා දෙන්නයි , මදූ මල්ලී , නංගී, තව අහල පහල නංගිලා කීහිපදෙනෙකුයි මගෙ ලගම ගැවෙසෙමින් හිටියා.

සුදු දූ මට ඔයා ඒක්ක දෙයක් කතා කරන්න ඔනේ.
අම්මා චූටී මල්ලිව උකුලට අරන් සෙටියෙ කොනක ඉදගනිමින් කිව්වා. අම්මා අාවම මදූ මල්ලිලා ඒතනින පිට වෙලා ගියා.

කියන්න අම්මේ…

ඔයා මට කිව්වනේ ඔයාගේ වෙඩින් ඒකට සේනව ගෙන්නන් ඒපා කියලා. ඒත් මට ඒක ඉෂ්ඨ කරන්න බැරි ෙවන්වා සුදු දූ….

අැයි ඒ..
මගේ හිත පිච්චිලා ගියා.

මෙහෙ කවුරුත් ඒ කතා දන්නේ නැති නිසා චූටී මාමා ඒන්න කියන්න කිවුවා. චාරිත්‍ර වලට ඔනේ නිසා.

ඒත් මට චාරිත්‍ර වලට ඒයා ඒපා. ඒවා චූටි මාමාට කරන්න කියන්න.

ඔය ඉතින් කලබල වෙනවනේ. ඒකමයි මම කලින් කිව්වේ

ඒත් අම්මේ…

මට සමා වෙන්න සුදු දු.. අද වගේ දවසක වත් ඔයාගේ සතුට වෙනුවෙන් මොකුත්ම කර ගන්න බැරි පව්කාර අම්මෙක් මං
අම්මා අැස් අගට අා.. කදුල දෑතින් පිසදාමා ගනිද්දී, මගේ හිත අම්මා ගැන හුගක් දුක් වුනා.

ඒහෙම කියන්න ඒපා අම්මේ…. අම්මා දුක් වෙන්න ඒපා. අාපුදෙන්.
මම හිතා හදා ගන්න උත්සහ කරමින් කිව්වා.

ඒකාට අායි සුදු දූගේ ජීවිතේට ලං වෙන්න ඉඩ දැන්නේ නැහැ මම. මගේ දූ ඒ ගැන දුක් වෙන්න ඒපා. ශානු පුතාත් මගේ දූ හොදින් බලා ගන්න බව මම දන්නවා
අම්මා මාව තුරුලු කර ගනිමින් කිව්වා. මම අමිමාගේ උණුහුමට තුරුලු වුනේ හරිම අාසාවෙන්.

සුදු දු .. සුදු දූ.. අැහැරෙන්න. අන්දන කෙනත් අැවිල්ලා.
මම පාන්දර අැහැරුනේ අම්මාගේ කට හඩින්. මට පාන්දර වෙද්දී පැයක් දෙකක් නින්ද ගිහින් තිබුනා. මම ඉක්මනින් අැදෙන් බැහැලා මුන සෝදන් කාමරයට අාවා. පැය කීපයක් අැතුලත අන්දන්න අාපු අක්කා මාව මනාලියක් ලෙස හැඩ ගැන්නුවා. මුලින්ම මාව දැක ගන්න අාවේ චූටී මාමා, ඒයා තමා මගේ ජීවිතේ නිහඩ සෙවනැල්ල. ලස්සන සිනහාවක් මුහුනේ මාවාගෙන මගේ දිහා නිහඩව බලාන ඉදලා ඒතනින් පිට වෙලා ගියා.
කාර් ඒක ඒන හඩින් මම තේරුම් ගත්තා ශානු අයියා අාව බව. මට ඉවසිල්ලක් නෑ ශානු අයියා දකින කන්. මට ඒළියෙන් අැහුනා පිලිගැනීමෙ ගීතයෙන් ශානු අයියා අැතුලු පිරිස පිගන්න හඩ. කාමරයේ මම විතරක් හිටි නිසා මම දොර රෙද්ද අතරින් ශානු අයියා දිහා බැලුවා.
ශානු අයියා අද ලස්සන මනමාළයෙක්, ලස්සන සිනහාවකින් මුව සරසාගෙන පිලි ගැනීමේ ගීතයට සවන් යොමාගෙන හිටියා. ඒත් මම දන්නව් ඒ අැස් දෙකත් හොයන්නේ මාව කියලා. අපි දෙතැනක සිටි මාසය කල්පයක් වගේ මට දැනුනා.
විවාහය ලියාපදිංචි කිරිෙමන් පසු සියලු චාරිත්‍ර නිසි අයුරින් සිදු වුනා. සියලු නෑදෑ පිරිවර, අසල්වාසීන්ගෙන් ගෙන් නිවස පිරී තිබුනා. මගේ යාලුවෝ විමූ, නයනී , ගීත්මා, වගේම අයියගේ යාලුෙවා් හුග දෙනෙක් අපිට සුභ පතන්න අැවිත් හිටියා.
කෙමෙන් පිට වන මොහොත උදා වුනා. සුභ නැකතින් ශානු අයියයි මමයි දෑත් පටලන් නිවසින් පිට වීමට දොරටුව අභියෂට පැමිනියා. අම්මා සුදු මල් දැමූ වතුරු වීදුරුවක් රැගෙන ඉදිරියට පැමිණියා.
අපි දෙමාපියන්ගේ දෙපා වැද අාශිර්වාද ලබා ‍ගත්තා. අම්මායී අාච්චී අම්මායි අපි දෙන්නව තුරුලු කරන් අැඩුවා මටත් ඉබේටම අැඩුම් අාවා. ශානු අයියලාගේ අම්මයි තාත්තායි ත් අපිව තුරුලු කරන් සතුටු කදුලු හෙලුවා.
සියලු දෙනාගේ සුභාශිංෂන මැද ශානු අයියයි මමයි මංගල කාරයට නැගී අපේ ලෝකය සොයා නික්මී ගියා…
සමාප්තයි! — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *