….කදුලත් සැ නසුමක් …. 48

….කදුලත් සැ නසුමක් ….

කෝ ඉන්නකෝ මං ඕවා කියන්නෙනෑ.

අනේ මොකුත් අහන්නවත් කියන්නවත් යන්න එපා ශානු අයියේ.

එත් සුදු මැණික ඔයා පව්නේ ..

කමක් නෑ ශානු අයියේ මට ඕවා පුරුදුයිනේ . මට ඔයා ඉන්න තැනක ඉන්න ලැබෙනවනේ ඒ ඇති.

අනේ මන්ද ඉතින් ….
මම ශානු අයියට අම්මලා එක්ක ඒ ගැන කතා කරන්න දුන්නේ නැහැ . එත් අම්මලා මොනදේ කිව්වත් මට වචනයක්වත් කිව්වේ නැහැ . මම සුපුරුදු විදිහටම ගෙදර වැඩ කරන් හිටියා . අම්මයි , නංගියි මාව මාගරින බව මට හොදටම තේරුනා . මම එයාලා ඉද්දි කුස්සියට ගියොත් එයා වචනයක් දෙකක් කතා කරලා කාමරයට ගියා .ඒක නිසා මම එයාලට බාදා කරන්න ගියේ නැ. වැඩ නැති හැම වෙලාවකම කාමරයට වෙලා පොත් පත් වල වැඩක් කර ගත්තා. ශානූ අයියලාගේ අම්මා හිතන්නේ කාමරයට වෙලා මම නිදා ගන්නවා කියලා. පාළුව වැඩි කමට සමහර වෙලාවට මට නින්ද ගියා .
නංගිට මාව ඕනි වුනේ ඉස්කොලේ වැඩක් කරගන්න ඕනේ වුනහම තමයි. ඒ වෙලාවට අක්කි මේක කියලා දෙන්නකෝ කියලා මගේ ලගට ආවා. අනිත් වෙලාවට මාව මතක නැහැ, අම්මා පොලේ ගිහින් ආපු ගමන් ගීන සේරම කාමරයට අරන් ගිහින් තනියම කැවා. මට ඒවා ගැන දුක් වුනේ නැහැ. ඒවා එයාට අයිති දේවල් කියලා මම හිතා ගත්තා. මම ඒ වෙලාවට කාමරයෙන් එලියට වත් ගියේ නැහැ. මම ඒ දේවල් හිතුවේ නෑ. ඒත් දුක හිතුන වෙලාවට හැමදේම කල්පනා වුනා. අම්මා නැති අඩුව හොදටම දැනුනා. සමහර විට ශානු අයියලාගේ අම්මලා මට වරදක් කරනවා නෙමෙයි වෙන්න පුළුවන් , එත් මට අම්මා ළග එහෙම ඉදලා නැත නිසා ඊර්ෂියා හිතනවා වෙන්නත් පුළුං කියලා ,වෙලාවකට මම හිතුවා.
ඉස්කෝලෙත් නොයන නිසා මට මොකක් හරි රැකියාවක් කලොත් හොදයි කියලා හිතුනා. මම පත්තර වලින් රැකියාවක් හොයන්න උත්සහ කළා. දවල් දවසම මට වචනයක් කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මම නිහඩවම ඉදලා පුරුදු වෙලා , මට කතා කරන එක අමතකම වෙලාද කොහෙද ශානු අයියා එක්කත් කතා කලේ ඕනිම දෙයක් විතරයි.

ශානු අයියේ ..

ම්ම්ම්ම්ම් …

මට ජොබ් එකක් කරන්න ඕනි.
ශානු අයියා පුදුමයෙන් මන් දිහා බැලුවා .

පිස්සුද ළමයෝ ..

කම්මැලි අයියේ ගේ අස්සට වෙලා ඉදලම .

එත් විභාගේ කරන්නේ නැද්ද එතකොට .

කරනවා ශානු අයියේ..

හා කරලා ඉන්නකෝ ජොබ් කරන්න .

මං පත්තරෙන් එකක් හෙව්වා .

ආ සේරම කරලයි මට කියන්නේ .

එක ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එකක්.

එහෙමද මොකද්ද කරන්න තියෙන්නේ.

දන්නේ නෑ . ගිහින්ම බලන්න ඔනී.

හා ගිහින් බලමුකෝ . හැබැයි ඔයා ඕවා කරන්න ඕනි නෑ . ඉස්සරලා පුළුවන් විදිහට විභාගය ලියලා ඉන්න. අනික ජොබ් කරන්න ඕනිත් නෑ.

කම්මැලි නිසානේ .

හා ගිහින් බලමු කො ගෙන්න බලන්න පත්තරේ .

මම කියන පරක්කුවෙන් පත්තරය ගෙනත් දුන්නා. ශානු අයියයි මමයි එතනට ගියා . ස්වයං රැකියා ගොඩක් තිබුනා . ගොඩක් ඒවාට මුලින් ලොකු වියදමක් ගියා අවශ්ය අමු ද්රව්ය ගන්න. එක නිසා මම හදුන් කුරු හදන්න තිරණය කළා. සල්ලි දීලා අමුද්රව්ය අරන් අපිට හදලා විකුණ ගන්න කියලා එයාලා කිවුවා.
රැකියා කරන්න උත්සහ කරපු එකෙන් මට එක හොදක් වුනා. ඒ ආයතනය මගින් විවිධ පටමාලා කරගෙන ගියා. මමත් ඔපිස් කොර්ස් එකක් කරන්න තිරණය කළා. ඉස්කූලෙත් නොයන එකේ මම කොර්ස් එකයි, රැකියාවයි කරගෙන ගියා . දවසේ වැඩ ප්රමාණය වැඩි වුන නිසා මට කල්පනා කරන්න දුක් වෙන්න තිබුන වෙලාව අඩු වුනා.ඒ නිසා මම හොද තීරණයක් ගත්තේ කියලා හිත හදා ගත්තා.
කොර්ස් එකේ විභාගයයි , උසස් පෙළ විභාගයයි ළග ළගම වැටිලා තිබුනා. මුලින් තිබුනේ කොර්ස් එකේ විභාගය . එකේ ප්රතිපල එදාම ලැබුනා . මම ගෙදර ආවේ සතුටින්. ශානු අයියා එනකන් බලන් හිටියේ ප්රතිපලය කියන්න.

මොකද අද මගේ සුදු මැණික සතුටින් ..
ශානු අයියා එනකන් පෙර මග බලන් ඉන්නවා දැකලා ශානු අයියා මගෙන් ඇහුවා .

ඇදග විභාගයනේ ක්ලාස් එකේ.

ආ .. ලේසි වගේ . කවදද රිසාල්ට් එන්නේ .

අද දුන්නා.

කියන්නකෝ ඉතිං ..
ශානු අයියා තවත් මගේ ලගට වෙමින් කිව්වා .

මම කොර්ස් එකේ ළමයින්ගෙන් දෙවෙනියා.

නියමයි..

ශානු අයියා මාව සතුටින් තුරුල් කර ගත්තා. අපි හිටියේ ඉස්සරහා දොර ගාව නිසා මම පිට බැලුවේ ඉබේටමයි .

අනේ ශානු අයියේ කවුරු හරි එයි.
ශානු අයියා මගේ අතින් ඇදගෙන කාමරයට ගියා.

ඊ ළග කොටසින් හමු වෙමු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *