~තුන් පෙති මල~ 01 – A.R.A

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය …

(සත්‍ය සිදුවීමක් පාධක කොටගෙනය ලියන ලදී .)

<1 වන දිගහැරුම.>

හතර වටින්ම කළු කර වැස්ස අත ලගම එන බව සදුනිගේ විඩාබර දෑසට පෙනෙන්නට විය.

ඇයටත් නොදැනීම ඇගේ පය ඉක්මන් වූයේ 3.35ට කොලඹිින් පිටත් වන දුම්රියට තව ඇත්තේ විනාඩි 15ක් පමනක් වූ නිසාවෙනි.

ඇය පිට කොටුව දුම්රිය පොළට ගොඩවදිත්ම මහා වරුසාව ආරම්භව තිබුනි.

“ඇති යන්තම් තෙමෙන්නෙ නැතුව කෝච්චියට ආවා.

ඇය කඩිනමින් දුම්රියට ගොඩ වැදුණි . ඇය සතු දෙවන පන්තියේ ටිකට් පතෙහි සදහන් ආසන අංකය සෙවීමට ඇගේ දෑස වෙහෙසෙනු ඇත.

අවසානයේ ආසන පේලියේ මැදට වන්නට තිබෙන ආසනයේ ඉහළ ඇගේ ටිකට් පතෙහි සදහන් අංකය සදහන් වී තිබුනි .

තම ගමන් බැගය ඉහලින් ඇති රාක්කයට දැමූ ඇය මීට සුලු මොහොතකට පෙර මිලදි ගත් සති අන්ත පුවත් පත අත රදවාගෙන ආසනයේ වාඩි වන්නට විය.

ජනේලය අසළ ආසනය හීමිවීම කොතරම් අගනේදැයි ඇය තනිවම සිතුවාය. පුවත්පත දිග හැරගත් ඇය එහි පිටු එකින් එක පෙරලන්නට විය.

සදුනි ජ පුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. උසට සරිලන මහතකින් යුතු ඇය තලෙලු පැහැයට නැකම් දක්වන්නියකි..

එහෙත් ඕනෑම අයෙකුට දෙවරක් හැරී බැලීමට තරම් වූ ලස්සනක් ඇයට උපතින්ම හිමි වී තිබුණා ය. ඇගේ ඉන පෙදෙසින් පහතට වැටෙන දිගු කෙස් කලඹ ඇගේ ලස්සන තවත් ඔප්නැංවීමට සමත් විය.

අදට ඇයගේ උපන් දිනය යෙදී තිබුණද හිතේ සතුට හොරු රැගෙන ගොස් වැනි හැඟීමක් ඇගේ සිත පෙළෙමින් පැවතින .

මන්ද ඇගේ පෙම්වතා වන දහම් පිලිබඳ නුරුස්නා හැගීමක් ටික දිනෙක සිට සිතේ දලුලා වැඩෙමින් පවතිමය.

දුම්රිය පිටත් වීමට තව ඇත්තේ ටික වෙලාවකි. ඇගේ ආසනයට යාබද ආසනයට තරමක් වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙක් පැමිණ වාඩි විය. ඔහු වාඩි වන විට සදුනි දෙස බලා යන්තම් සිනාසුනි..

වයසට නෙවේ uncle ගේ මනමාල හිනාව යැයි සිතමින් කටකොනින් ඔහුට පෙරලා සිනාසුනු ඇය නවතත් පුවත් පත කියවන්නට විය.

පිටතින් වර්ශාව හයියෙන් ඇද හැලෙනු ඇත. මොහොතකින් තම දකුනු අත්ලේ උනුසුම් යමක් ස්පර්ශ වනු දැනුණ ඇය හිස හරවා අනෙක් පස අසුන දෙස බැලුවාය .
ඈ… කොයි මෙතන හිටපු uncle… මේ කව්ද මේ…
මූට වැරදිලාද කොහෙද ශීට් නම්බර් එක.

සදුනිට අනෙක් පස අසුනේ තරුණයෙක් හිදගෙන සිටී.ඔහු ඉදිරිය බලා දිගු කල්පනාවක සිටින බව පෙනේ..

මූට කියනවද මෙතන වෙන කෙනෙක් හිටියා කියලා…සදුනි ඇගේ සිතෙන්ම අසන්නට විය..එක්කෝ ඔනි නෑ .මට මොකටද..

එසේ සිතුවත් ඇගේ සිත දිව යන්නෙම අර තරුණයා වෙතටමය.

ඇයටද පුදුමය.කිසිදිනක දැක නොවූ මේ තරුණයා පිලිබද යම් හුරු පුරුදු බවක් ඇයගේ සිතට එබිකම් කරන්නට විය.

“Excuse me….මෙතන වෙන කෙනෙක් වාඩි වෙලා හිටියනේ කලින්. ඔයා ticket එක check කරල බලන්න පොඩ්ඩක්…”

තරුණයා එක වරම ඇය දෙසට හැරුණි. ඒ දෙනෙත් සදුනිගේ දෙනෙත් හා එකිනෙක ගැටුනි… පපුවට දැනුණ යම් හුරු පුරුදු බවක් ඇයට කරදර කරන්නට විය.

අහ්…thank you.
ඇය ක්ෂණිකව ඔහුගේ දෑසෙන් තම දෑස් ඉවතට ගෙන ජනේලයෙන් පිටටට දෑස් යොමු කරන්නට විය .
තරුණයා තම ගමන් බෑගය අතට රැගෙන ඉදිරිපස පෙට්ටියක් බලා ගමන් කළේය …

දුම්රිය කොළඹ නගරයෙන් පිටත් වීම ඇරබීය. සදුනි ජනේලයෙන් පිටතට යොමු කල දෑසට ඔහේ බලා හිදීමට ඉඩ දී හිස් බැල්මෙන් බලා සිටී….

කව්ද එයා…මට එයාව කොහෙදි හරි දැකලා හුරුයි වගේ ..ඒ ඇස් දෙක මට හොදට හුරුය
ඇය කල්පනාවෙන් මිදුනේ ඇගේ ජන්ගම දුරකතනය නාදවූ බැවිනි .
“දහම් …පුදුමයි මතක් වෙලා මාව..”
“Hello

Hello බබා ඔයා කොහෙද දැන් ??

ඇයි අහන්නෙ .දැන්ද මතක් උනේ මාව..

අනේ මේහ්…එහෙම හරි මතක් උන නිසානේ ගත්තේ..කොහෙද ඉන්නේ ?

ගම්පහ හරියේ වගේ…

හ්ම්ම්…හරි මම තියන්නම්…පරිස්සම්ට යන්න සුදූ…පස්සේ call කරන්නම් …. උම්මා….

දැන් වැඩක් නෑනේ දහම්…අද මගේ birthday එක .ඔයාට අදවත් මාව හම්බවෙන්න එන්න විදිහක් නෑ කිව්වා . හිතට පුදුම වේදනයි දහම්..

මොකද්ද මේ ආදරේ තේරුම..අනික අද මම ගෙදරත් යනව.ඇගේ කටහඩ හැඬුම් ස්වරයක් ගත්තාය…

හරි හරි බබා sorry…එන්න විදිහක් තිබුනෙ නැ අද.පොඩ්ඩක් තේරුම් ගන්නකෝ..

ඇය දුරකතනය විසන්ධි කර අත තිබූ පුවත් පත හතරට නවා උකුල මත තබා ගත් ඇය විඩාබර දෑස් පියා ගත්තාය.

දෑස් පියා ගත්තද සිතේ මොකක්දෝ හැඟීමක් කැරකෙමින් පවතින බව ඇයට දැනුණි..තමා අසල සිට නැගිට ගිය තරුණයා යළිත් දැකගන්නට ආශාවක් හිතේ ඇතිවෙමින් පැවතිණි .

(මතු සම්බන්යි)

මේ මගේ පලමු නිර්මාණය .සත්‍ය අත්දැකීමක් පාදක කොට නිර්මානත්මකව ලියන ලද්දකි . කියවලා බලලා ඔයාලගේ අදහස් දක්වන්න යාලුවනේ…

ස්තුති !!
බුදුසරණයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *