~තුන් පෙති මල~ 02

-2 වන දිගහැරුම –

දෙයියනේ මේ කොහෙද???

ඇයට කොතරම් වෙලාවක් නින්ද ගියා දැයි ඇය නොදනී. හිතේ පැවති සාංකාවක් ,තනිකමත් එක්ක ඇය හොදටම හෙම්බත් වී ඇත.

ඇගේ ආසනයට එහා ආසනයේ සිටි වයසක පුද්ගලයා එම අසුනේ නොසිටියේය.

ඇගේ සිතට එක වර මතක් වූයේ පෙර මෙම අසුනේ වරදිලා වාඩිවූ තරුනයාය.

පව් කොහේ වාඩි උනාද දන්නෙ නෑ ….

අනේහ් එක අතකට මට මොකද. මගේ කව්රුත් නෙවෙයි නේ…ඇය ඇයටම මුමුනා ගත්තාය..

නැවතත් ඇගෙ දෙනෙත් ජනේලයෙන් පිටත ඈත වෙල් යාය දෙසට යොමු කරගත්තාය.

…………………………………………………………………..

ශික්…… මාර ලජ්ජාව ……

දුමිදු තම ආසනයේ හිදගෙන කලපනා කරන්නට විය.

“Excuse me .. මෙතන වෙන කෙනෙක් කලින් හිටියනේ. ඔයට වැරදිලා වෙන්න ඇති. පොඩ්ඩක් ticket එක check කරලා බලන්න”

ඇය කිව් වදන් ඔහුට කන් දෙකේ නැවත නැවතත් ඇසෙන්නට මෙන් විය.

මොනව උනත් හොද කෙල්ලෙක්. අපරාදේ නුවරට යනකල් එතන ඉන්න තිබ්බනම් chat එකක් දාගෙන යන්න තිබුණා . කෙල්ලත් ලස්සනයි. .දුමිදු තනිවම සිත්වේය..

ආයෙත් ඒ පෙට්ටිය පැත්තේ ගියොත් නම් කෙල්ලව බලගන්න තිබුනා.

යනවද නැද්ද යනවද නැද්ද ඔහුගේ හිත දෙපැත්තට වැනෙනට විය. හ්ම්ම්ම්ම් එක්කෝ ගිහින් බලනවා..

දුමිදු අසුනෙන් නැගිට පෙර හමුවූ තරුණිය සිටි කෝච්චී පෙටිටිය දෙසට ගමන් කරන්නට විය.

දුමිදු පෞද්ගලික බැංකුවක සේවය කරයි. සති අන්ත නිවාඩුවට තම මහ ගෙදර බලා ඔහු පිටත් වෙයි. උසට සරිලන මහතකින් යුතු කඩවසම් ශරීරයක් හිමි ඔහු ආකර්ශනීයි.

……………………………………………………………………..
සදුනි අසල ආසනය හිස් වී ඇති බව දුර තියාම දුටු දුමිදු ඇය අසලින් වඩි වුනේය.

ආහ් ඔයා…… සදුනි පුදුමයෙන් මෙන් දුමිදු දෙස බලා කිව්වය.

හ්ම්ම් මාව කලින් දන්නව වගේ නේ ඔයා.. ඔහු සෙමින් සිනාසුනි.

නෑ….. ඔයානේ ඉතින් මෙතන වැදිලා ඉදගත්තේ… ඇය ජනේලයෙන් පිටත් බලාගත්තාය.

මූ මොකාටද මේ එන්න හදන්නේ… මටත් ලජ්ජා නෑ එක පාරටම කතා කරන්න ගියා. සිතූ ඇය ලජ්ජාවෙන් ඉදිරිය බලා ගත්තාය.

ඉතින් ….. කොහෙද යන්නෙ මේ?

Kandy යන්නේ …

Kandy කියලා දන්නව ලමයෝ. මේ train එක යන්නෙ kandy නේ.

දෙදෙනාම එක වර සිනා සෙන්නට විය…

Vacation එකට ගෙදර යනව මම. ඔයා කොහෙද යන්නෙ?

මමත් ගෙදර තමා යන්නේ.. ඔයා කොහෙද?

සදුනි සිනාසී ජනේලයෙන් පිටත්ට දෑස් යොමු කලාය.

අපෝ ආඩම්බෙරේ මෙයාගෙ. බය වෙන්න එපා මම හොයගෙන එන්නෙ නෑ .

ඒ අතර සදුනිගේ ආසනයට යාබද ආසනේ වඩිගෙන සිටි පුද්ගලයා පැමිණෙන්නට විය .
සදුනි හා දුමිදු දෙදෙන්නාම ඔහු දෙස එකවරම බැලුවේය.

අහ් uncle sorry එන්න වාඩි වෙන්න. දුමිදු ආසනයෙන් නැගිටින ගමන් කිව්වේය.

නෑ නෑ හරි පුතා ඔයා ඔහොම ඉන්න. කිව් පුද්ගලයා නැවතත් දොර දෙසට ගමන් කරන්නට විය..

ඈහ් uncle ට මොකද්ද ඒ උනේ. මිනිහා මට මෙතන ඉන්න කියලා ආයෙම දොර ලගට දිව්වෙ. පව් අප්පා… දුමිදු සිනාසෙමින් කිව්වේය .

සදුනි තුශ්නිම්භූතව බලාසිට එයා හිතුවද දන්නෑ අපි couple එකක් කියලා.. අපෝ ලජ්ජාවෙ බැ.

මොකටද ලජ්ජා වෙන්නෙ . අපි මෙතන kiss කර කර හිටියේ ද..

ඊයා අනේ ඔයා කියන ඒවා. ලජ්ජා නැද්ද ජීවිතේටම අද හම්බ උන කෙල්ලෙක් එක්ක ඔහොම කතා කරන්න.

දෙයියනේ මම මේ කොල්ල එක්ක මොනවද මේ කියන්නේ.

හරියට කලින් ඉදන් දන්න කෙනෙක් එක්ක වගේ. ඒත් මට හරි පුරුදු බවක් දැනෙනේ ඇයි එයා ගැන. දහම් එක්ක ඉද්දි වත් එන්නෙ නැති අමුතු හැඟීමක් .. මොකද්ද මේ මට වෙලා තියෙන්නෙ. පිස්සුද මට.. සදුනි තනිවම සිතෙන් අහන්නට විය.

මොනවද කල්පනා කරන්නේ. මම මෙතන ඉන්නවට ඔයා අකමැති නම් මම යන්නම්.
දුමිදු අසුනෙන් නැගිටින්නට සැරසුණි.

එපා… එහෙම දෙයක් නෑ ….

දෙයියනේ මම මොකද්ද ඒ කිව්වේ…..

සදුනිගේ මනස බෙහෙවින් අවුල් ස්වභාවයක් ගෙන ඇති බව ඇයටම තේරුනි. මේ නන්නාදුනන තරුනයාය කෙරෙහි ඇගේ සිත මෙතරම් නම්‍යශීලී වන්නේ මන්ද යැයි ඇයවත් නොදනී…

……………………………………………………………….

කෙල්ල මොනවදෝ කල්පනා කරනවා. මාව හොදට දන්නව වගේ නේ කතා කලෙත්. ඒ ඇස් දෙක මට මොනවදෝ කියන්න හදනවා වගේද මන්දා.

කොහොමත් කෙල්ලට ලජ්ජා හිතිලා වගේ. බලමුකෝ….
දුමිදු එසේ සිතා සදුනි දෙස බැලුවේ ය.

එයා ලස්සනයී. කොන්ඩෙත් දිගයි. කෙල්ලෙකුට තියෙන්න ඔනී ගෑණු ගතිය එහෙම්මම තියෙනවා.. ඔහු සෙමින් ඔහුගේ වැලමිට ඇගේ අතේ ගෑවී නොගෑවී යන පරිදි තබා ගත්තේය.

එහෙත් ඇය අත ඉවතට ගත්තේ නැත . ජන්ගම දුරකතනයක් නාද වේ. එය ඇගේය.

Hello .
අහ් ඔව් දැන්නම් නුවරට කිට්ටුයි . හරි බැස්සම call එකක් ගන්නම් .

කවුද දන්නෙ නෑ කතා කළේ . කොල්ලද දන්නෙ නෑ ..

දුමිදු තනිවම ඇය දෙස බලා සිතන්නට විය.

කව්ද boy friend ද කතා කලේ..?

ඇය තිගැස්සී ඔහු දෙස බැලුවාය .

න්…නෑ..හ්…

ඒ කියන්න තාම boy කෙනෙක් නැද්ද ඔයාට?

නැහැ .. ඔයාට girl කෙනෙක් ඉන්නවා ඇති නෙහ්.?

නෑ තාම නෑ …..

දෙදෙනාම සිනා සී ඉවත බලා ගත්තෝය.

මට පිස්සුද. මම මොනවද මේ කියන්නේ. කොච්චර බොළඳ ද.ඇයි මට boy කෙනෙක් නෑ කියලා කිව්වේ. දහම් දන්නවානම් මගේ ඔලුව කයි.

සදුනිටත් ඇගේ මේ වෙනස තේරුම් ගත් නොහැකි ය. ඇගේ හිත අමුතුම හැඟීම්කින් පිරී ඇත.

දුම්රිය මහ නුවරට කිට්ටු වී ඇත. මෙතෙක් ආ දුර ඇතුලත දෙදෙනාම බොහෝ දේ කතා කලෝය. සිනසුනෝය. කාලය ගෙවෙන බවක් දෙදෙනාට නොදැනෙන්නට විය. අවට අදුර වසගනිමින් පැවතුණි .

නුවර ඉදන් කොහොමද යන්නෙ ඔයා? දැන් රෑ වෙලානේ.

ගානක් නෑ . Bus එකේ යනවා.

දුම්රියෙන් බැසගත් දෙදෙනාම දුම්රියපොළේන් ඉවතට පැමිනුණි .

හරි එහෙනම් මම යන්නම්. It’s so nice to meet you.. ඇය සිනා සී කිව්වාය.

Nice to meet you too….ඔයාගේ number එක දෙන්න කැමති නම්. මම call එකක් දෙන්නම්.

එහෙම ඕනි නෑ ඔයාගේ number එක මට දෙන්න. මම call එකක් දෙන්නම්.

Okkk
…………….

(සදුනි දුමිදුට call කරයිද?. හමුවෙමු මීලග කොටසින්)

……………………………………… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *