~තුන් පෙති මල~- 06

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය –

(6 වන දිගහැරුම)

මො..ක…ක්…!!!
දෙයියනේ මොනවද දුමිදු ඔයා මේ කියන්නේ?? එහෙනම් ඇයි මට මෙච්චර ආදරේ කලේ?

අනේ මට සමාවෙන්න බබා.. මම අසරනයි..

අසරණයි…..? මමයි දුමිදු අසරණ … ඔයාව විශ්වාස කරපු මමයි අසරණ …

ඇය හඩන්නටවිය. දුමිදු ඇගේ අත අල්ලා ගන්නට ගිය් විට ඇය ඔහුගේ අත ගසා දමා තවත් හයියෙන් අඩන්නට විය.

බබා වරදවා තේරුම් ගන්න එපා… මම කරපු දේ වැරැද්දක් . මම ඒක පිලිගන්නවා… ඒත් මම ඔයාට අවන්කවම ආදරෙ කරා බබා.

අවන්කවම??? එතකොට ඒ කෙල්ලටත් ඔයා ඔහොම පොරොන්දු වෙලා ඇතිනෙ දුමිදු. මම හිතුවෙ ඔයා අවංක කෙනෙක් කියලා. ඒත් …. ඒත් … ඔයා කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉද්දීම මගේ එක්කත් යාලු උනා… ෂික් …ඇයි ඔහොම ජරා වැඩ කරන්නේ ???

අනේ බබා මට ඇති තරම් බනින්න .මම අහගෙන ඉන්නම්. ඇත්තමයි මට ආපස්සට හැරෙන්න පුළුවන් නම් මම හැරෙනවා බබා..
ඒත් …මම එහෙම කලොත් ඒ කෙල්ලට කරන ලොකු අසාධාරණයක් …

ඔයාට දැන් ද අසාධාරනේ පේන්නේ දුමිදු..
එතකොට මට උනේ සාධාරණයක් ද??
ඇයි මට බොරු කලේ…

ඇය හයියෙන් හඩන්නට වූවාය. දුමිදු ඇයව ඔහුගේ පපුවට තුරුලු කරගත්තේය. ඇය ඔහුගේ පපුවට හිස තබාගෙන ඇති තරම් ඉකි බින්දාය…. කාලය ගත වුනි..

දුමිදු……. මට බැහැ රත්තරන් ඔයාව අමතක කරන්න.. අනේ … මට බැහැ…

අනේ මගේ මැණික ඔහොම කියන්න එපා.. මම පරක්කු වැඩි … ඔයාගේ ආදරේ විඳින්න මම වාසනාවන්ත නැහැ බබා …

සදුනිගේ මුලු ගතම ගිනිගන්නාක් මෙන් වේදනාවක් පවති. ඇය වටා මුලු පරිසරයම බ්‍රමනය වන්නාක් මෙන් දැනුණි.. ඇය තදින් දෑස් පියා ගත්තාය… ජීවිතේ මෙතරම් කඩාවැටීමක් ඇයට දරාගත නොහකි විය..

…………………………………………………………………….

නේවසිකාගරයේ ඇද මත සිටි සදුනි හෙම්බත් වන තුරුම ඇඩුවාය. තවත් ඇයට හැඬීමට තරමේ කදුලු නැති තරමේ ය…

මේ සිදුවූ දෙය ඇයට හීනයක් මෙනි. දුමිදුගේ ආදරය හමුවේ අන්ධ වී සිටි ඇය දහම් ගෙන් ඈත් වුයේ සිතා මතාමය.

දහම්ට දුන් වේදනාව ඇය අද විදිනු ඇත. ඇය මේ සම්බන්දය නවත්වමු යැයි දහම්ට පවසන විට දහම් දුක් වූ අයුරු අදටත් ඇයට මැවී පෙනෙයි…

අනේ මගේ සදූ ඇයි මෙහෙම තීරනයක් ගත්තේ??
අපි මෙච්චර කාලයක් ආදරේ කලේ මෙහෙම වෙන් වෙන්න නෙවෙයි බබා.

මම දන්නව මම ඔයා ගැන හොයලා බැලුවා මදි . කෙල්ලෙක් බලාපොරොත්තු වුණ ආදරේ මගේන් ලැබුණේ නෑ ඔයාට ..
ඒත් බබා මම ඔයාට ගොඩක් ආදරේ කළා . ඔයත් එහෙමයි . ඇයි මෙහෙම වෙනස් වුනේ ??

මට බැහැ සදූ ඔයා නැතුව ජීවිතයක් ගැන හිතන්න …
අනේ plc මාව දාලා යන්න එපා …

ඔහු එදා ඇය ලග සිට කිව් දේ අද තමන් විදින බව සදුනිට වැටහුනි. දෙයියනේ මට එච්චර ආදරේ කරපු දහම් ට කරපු අසාධාරනේ ට මට අද දඩුවම ලැබුණා…

ඒත් මම හොයපු ආදරේ දුමිදු ලග අඩුවක් නැතුව තිබුනා.. මම කොහොමද හිත හදාගන්නේ ….

………………………………………………………………….

Hello …දුමිදු ..

අහ් බබා කියන්න. මම හිතුව ඔයා ආයේ මට කතා කරන්නේ නැතිවෙයි කියලා.

ඔව් එහෙම තමයි හිතාගෙන හිටියෙ දුමිදු. ඒකයි ඔයාගෙ එක call එකකට වත් answer කලේ නැත්තේ .
ඒත් මට බැහැ එහෙම ඉන්න. (ඇය හඩන්නට වුනි)

අනේ රත්තරන් අඩන්න එපා…. මම ආස නෑ ඔයාට අඬනවට.. මම ආත්මර්ථකාමි උනා බබා.
මට ඔයාගේ ආදරේ මග අරින්න ලෝභ හිතුනා.

ඒකයි ඇත්තම දේ. ඔයා වගේ මට අරයගෙන් ආදරේ ලැබෙන්නේ නැහැ රත්තරං …..

අනේ දුමිදු එහෙනම් ආයේ මගේ ලගට එන්න මහත්තයෝ ….

එන්න පුලුවන් නම් එනව බබා.. ඒත් අර කෙල්ල මැරෙයි … ඒකි මට එච්චරටම ආදරේ කරනවා.. ගෙවල් වලිනුත් දන්න නිසා ආයේ ආපස්සට හැරෙන්න බැහැ මැණික ….

හ්ම්ම්ම් මට තෙරෙනවා…. තව කෙල්ලෙකුට දුකක් දීලා මට ඔයව ලබාගන්න ඔනී නැහැ දුමිදු..
ඒත් මම ඔයාට අවන්කවම ආදරේ කලා…මට හිත හදා ගන්න බැහැ දුමිදු….

හරි හරි පණ දැන් ඔය අඩන එක නවත්තන්න. හෙට මම call එකක් දෙන්නම්. දැන් නිදාගන්න..

අනේ මට එක පාරක් ඔයාව දකින්න ඔනි දුමිදු. හෙට එනවද ?

හරි බබා මම එන්නම්.
…………………………………………………………………

රත්තරනේ අඩන්න එපා ඉතින්.. ඔයා ඔහොම අඩද්දි මම කොහොමද හිත හදා ගන්නේ..?

ඔව් දුමිදු දැන් අඩල වැඩක් නැහැ තමයි . ඒත් මට තෙරෙන්නේ නෑ ඇයි මම මෙච්චර ඔයා වෙනුවෙන් අඩන්නේ කියලා..

වෙන කෙල්ලෙකුට මෙහම උනානම් ඒ කෙල්ල ඔයගේ මූන වත් බලන්නේ නැති වෙයි.. ඒත් මට …. මට ඔයාට වචනෙකින් වත් බනින්න හිත දෙන්නේ නැත්තේ ඇයි කියලා මටම තෙරෙන්නෙ නැහැ ..

ඇත්තමයි ඔයව හම්බ උන දවසේ ඉදල හරි පුදුම දේවල් වුනේ..

මට ඔයාව හොදට හුරුපුරුදු බවක් තිබුනා හැම වේලාවකදීම.

පොඩ්ඩක් හිතලා බලන්න දුමිදු මේ වෙනකල් සිද්ද උන දේවල් එක්ක අපි දෙන්නාගේ මොන තරම් ගලපාලීම් තිබුනද..

ඒවා හැම එකක්ම අහම්බයක් කියලා හිතුවට ඒවගේ මොකක් හරි හඟවුන දෙයක් තියෙනවා කියලා මට හිතෙනව බබා…

කොටින්ම ගිය ආත්මෙක හරි අපි අපේම වෙලා ඉන්න ඇති රත්තරන් … මේ ආත්මෙත් අපි හම්බ උනා. ඒත් අපේ වෙන්න බැරි වුණා …

වෙන්න ඇති බබා… මම ඔයාගේ ඔන්න ඔය ගති වලටයි වැඩියෙන්ම කැමති වුනේ .. ඔයා මේ ප්‍රශ්නෙදි ඒකට මූන දෙන විදිහ ගැන හරි ආඩම්බරයි. ඔයාට මටත් වඩා හොද කෙනෙක් ලැබෙයි … මැණික ….

ඔව් දැන් ඉතින් අපි පරක්කු වැඩි …. ඒත් දෙයක් කියන්නද අපි යාලුවෝ විදිහට මේ හිටියා වගේම ඉමුද.

ඇය එසේ පවසමින් ඔහු දෙස බැලිය .. ඔහු සෙමින් පහත් වී ඒ දෙතොල සෙමින් සිප ගත්තේය… ඉන්පසු දෑස් දෙකද තම දෙතොලින් සිප ගත් ඔහු ඇයව තදින් තම පපුවට තුරුලු කර ගත්තේය..

ඇය ඔහුව දැඩිව අල්ලා බදා ගත්තාය..
දුමිදු සදුනිව තව තවත් තම පපුවට තුරුල් කරගත්තේය . සදුනි ඔහුගේ පපුවට හිස තබා ගෙනම දෑස් පියාගත්තාය….

හ්ම්ම්ම් ….. හරි බබා…. අවසානයේ ඔහු මිමිනුවේය.

මට හිත හදාගන්න බැරි ඇයි දෙයියනේ … මොනවද මම මේ කිව්වේ.. එයට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත් ඇයි තවත් එයාට මම ලන් වෙන්නේ?…

දහම් මට කොයි තරම් ආදරයක් කලාද… එයගේ අඩුපාඩු නැතුවාම නෙවෙයි.. ඒත් එයාගෙන් නොලැබුණ ආදරයක්, මම බලාපොරොත්තු උන විදිහෙ රැකවරණයක් දුමිදු මට දුන්නා. ඒක නිසා නේද මම දුමිදුට ලන් උනේ… දැන් මට දුමිදුව මගේ කරගන්න බැහැ.. දහම් ට මම කරපු වැරැද්දට මම වන්දි ගෙවන්න ඔනී. ඔව් මම දහම්ට කතා කරනවා….

බබා අපි දැන් යමු ….ඔයා ඉක්මනින් hostal එකට යන එක හොදයි…

දුමිදු ගේ කට හඩින් ඇය කල්පනා ලොවෙන් මිදුනාය….

දුමිදු මට ඔයාට දෙයක් තියෙනවා කියන්න.
මමත් ඔයාට දෙයක් හැංගුවා…

මම ගෙදරින් කතා කරපු අයියා කෙනෙක් එක්ක කතා බහ කරලා හිටියේ…දහම් කියලා කෙනෙක්. ඒත් එහෙමට කියලා ආදරයක් පෙන්නුවෙ නැහැ එයාට මම..
ඒත් එයා නම් මට කැමැත්තෙන් හිටියේ ….

ඒත් ඔයාව හම්බ වුණාට පස්සේ මම එයාගෙන් ඈත් වුනා…
එයා අදටත් මට කියනවා එයා ලගට එන්න කියලා.. ඒත් මම ඔයාට අවන්කවම ආදරේ කලා දුමිදු… මම එයාගෙ ආදරේ පිලිගත්තේ නැහැ මේ වෙනකල් ..

ඒක ඔයාගේ තීරණයක් බබා. මම නම් කියන්නේ එයා හොද නම් ඔයාට නරකක් වෙන්නේ නැහැ නේ….
අනික ඔයාගේ ආදරේ ලබන්න එයා වාසනාවන්තයි…. ඒ වාසනාව මට ලබාගන්න බැරි වුණා …

ඔයාට වරදින්නෙ නැහැ මැණික ……..

……………………………………………………………….

සදුනි අවසානයේ තේරුම් ගත්තේ දහම් පමනයි ඇගේ පිහිටට ඇත්තේ යන වගයි..

දුමිදුට කිසි දිනක ආපස්සට හැරෙන්නට පුලුවන කමක් නැති බව ඈ තේරුම් ගත්තාය..
.
දහම් ඇගෙන් සිදුවූ වරදට සමාව දුන් අතර නැවතත් ඔහු සදුනිව තම පෙම්වතිය ලෙසින් පිලිගත්තේය… එය ඔහුගේ නිවට කම යැයි යමෙක් සිතුවද එය ඔහුගේ මහත්මා ගතියක් වන බව හැඟෙන්නේ අවසානයේ ඔහු සදුනිව විවාහ කරගන්නට තීරනය කිරීමෙනි..

කෙසේ වෙතත් සදුනිට දුමිදු කෙරෙහි දැක්වූ ආදරය මෙන් ආදරයක් දහම් වෙත ලබා දීමට නොහැකි විය……

එහෙත් එය දහම්ට නොවැටහෙන ලෙසින් සගවා තබා ගැනීමට ඇය මහත් වෙහෙසක් දැරිය ……..

සදුනි හා දුමිදු අතර යහලු කම ඒ ලෙසින්ම පවත්වාගෙන යාමට ඔවුන් වගබලා ගත්තෝය. එහෙත් ඔවුන් ඉන් පසු කිසි දිනක හමු නොවුනේය.. දුරකතනයෙන් පමනක් කතා කලෝය..
……………………………………………………………………

දිනක් සදුනි නිවාඩුවකට නුවර යාමට දුම්රියපොළ ට පැමිණියාය . දහම්ද ඇයව ඇරලවීම සදහා දුමිරියපොළට පැමිණ සිටියේය …

පරිස්සමින් ගිහින් එන්න මැණික …

දහම් ඇගේ හිස අතගා ඇයට සමුදුන්නේය..

………………………………………………………………….

සදුනි තම ඇද මත ඇල වී කල්පනා සයුරේ ගිලී සිටියදී ඇය ඉන් මිදෙන්නේ ඇගේ ජංගම දුරකථනය නාද වීමත් සමගය..

Hello
Hello සදූ……

අහ් කියන්න දුමිදු….

ඔයා කොහෙද ඉන්නේ බබා… මම නම් මේ kandy යන ගමන්. හදිස්සියේ යන්න හිතුවේ.

ඒයී …… පුදුමෙ කියන්නේ මමත් kandy ආවා ඊයේ.. ඔයාට කියන්න call ගත්ත phones වැඩ කලේ නැහැ …

හා..නේ….. මරු නෙ බබා…. … අපි හම්බ වෙමුද???

අනේ දුමිදු ….. දහම් එහෙම දැනගත්තොත් තව ප්‍රශ්නයක් වෙයි නෙද?? අනික ඔයාගේ කෙල්ලෙ kandy ම නේ ඉන්නෙත්….

හරි හරි ලමයෝ… ඒකට මම මොකක් හරි plane එකක් ගහන්නම්කෝ… ඔයා බය නැතුව ඉන්න..

තමා කල වරදට සමව දුන් බොදිසත්වයෙක් බදු දහම්ට මේ කරන්නේ ද්‍රෝහි කමක් යැයි ඇගේ සිත මුරගාන්නට විය…
එහෙත් ඇයට ඇගේ සිත පාලනය කරගත් නොහැකි විය…

…………………………………………………………………

……………
ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි යලුවනේ… සදුනි, දුමිදු , දහම් ගැන ඔයාලා හිතනදේ කියන්න.. මේ චරිත අදටත් ඉන්නවා… සමාජේ සිදුවූ සත්‍ය සිදුවීමක්.. 

3 Comments

  1. Eka hariyata samiya Saha athma sahakaruwa de akarayakin ipadila muna gahimak wage kiyala hithuna hariya boys over flower drama eke Jun puyo, Yoon jihoo wage 🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *