~තුන් පෙති මල~- 07

-ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය –

ගොඩක් වෙලාද ඔයා ඇවිත්?…

නැහැ බබා ටිකක් වෙලා… ශාහ් කෙල්ලගේ ලස්සන..

ඇයි ??…. ඉස්සර මම කෑතද?..

අම්මෝ නැ නැ…ඉස්සරත් ලස්සනයි දැන් ගොඩාක් ලස්සනයි ..

අනේ මේහ් මම දන්නවනේ ඔයාගෙ කතා.. බොරු කියන්න උපන් හපන් කෙනා…

බබා ඔයා මට hint ගහනවා නෙද???

පිස්සුද අනේ. විහිලුවක් කලේ… හරි හරි අපි කොහෙද යන්නේ.. මෙහෙම පාරෙ ඉදලා කතා කරන්න බැහැ. කව්රුත් දැක්කොත් ඉවරයි..

සදුනි එසේ කියමින් වටපිට බැලුවේ කාගේ හෝ උකුසු ඇසට ඔවුන් හසු වේදෝ සැකයෙනි…

ම්ම්ම් හරි අපි නිදහසේ කතා කරන්න පුලුවන් තැනකට යමුද?? ඔයයි මමයි විතරක් ඉන්න තැනකට …. හාද ???

ඉතින් කොහෙටද දුමිදු????

මම දන්නව තැනක් .. ඔයා නගින්නකෝ බයික් එකට..

අනේ මන්දා මොන ලෝකේ යන්න හදනවද කියලා ඔයා නම්. ..

හරි හරි නගින්නකෝ… හැබැයි එතනට ගිහම මට බනින්න එපා හොදේ??

ඇයි කොහෙද එක්කගෙන යන්නේ?… අනේ මන්දා මට තෙරෙන්නේ නැහැ ඔයාගෙ කතා..
ඉස්සර නම් ඔයා එක්ක අපායට හරි යන්න එනව මහත්තයෝ ..
ඒත් දැන් ඔයා මගේ නෙවෙයි නෙ…

ඔය ඉතින් ආයෙත් හින්ට් ගහනවා. අනේ please බබා ඔය හින්ට් ගහන එක දැන්වත් නවත්තා ගන්න…
ඔයාට යන්න ඔනි නැත්තං කොහෙන් හරි කාලා ගෙදර යමු..

හරි හරි අනේ …මෙයාට යන කේන්තිය.. ගෙදරටයි දහම් ටයි බොරු කියලා එලියට පැන්නේ ඉක්මනට ගෙදර දුවන්න නෙවෙයි මෝඩයෝ….

ඇය එසේ කියා ඔහුගේ නහයෙන් අල්ලා සොලවන්නට විය..

හරි හරි නගිනවා බයික් එකට. ගැනුන්ගේ හැට හතර මායම නම් ඉතින් අයේ කියලා වැඩක් නැහැ ..

දෙදෙනාම සිනාසෙමින් බයිසිකල යේ නැගී පිට වන්නට විය.
………………………………………………………………

ෂාහ් බබා මාර ලස්සනයි මෙතන…
මෙච්චර නුවර ඉදලා මම කවදාවත් ඇවිත් නැහැ මෙහෙට….

ඒකනේ අපිම ඉන්න ඕනි ඉතින් මෙහෙම් තැනක එක්කරගෙන එන්න…
බහින්න ඉතින්… පිස්සී….

හන්තාන කදු පන්තියෙන් වටවූ සුන්දර පරිසරයක පිහිටි මෙමෙ ලැගුම් හල දුටු වනම සදුනිගේ හිත ඇද බැද ගත්තාය…
සීත දේශගුණයත් වටපිටාවේ සුන්දරත්වයත් පෙම්වතුන් යුවලකට ආදරෙන් වෙලෙන්න මෙය කදිම තෝ තැන්නකි….
සදුනි දුමිදු ගේ ඇතේ එල්ලුනි..
දුමිදු ඇයව තරයේ අල්ලා ගත්තේය….

බබා අපි බැදලා හිටියනම් honeymoon එන්න කියාපු තැන. මට ඒ වාසනාව නැහැ …

ඔය ඉතින් මොකද්ද බබා…මෙතනට ආවේ ඔයා එක්ක නිදහසේ කතා කරලා enjoy කරන්නනේ… mood අවුල් කරගන්න එපා මැණික ….. අපි යමු …..

දිමිදු ඇය කැටුව ලැගුම් හලට ඇතුලු වූයේ අලුත බැදපු යුවලක් ඇතුලු වන්නා සේය… සේවක මඩුල්ලද එලෙසින් සිතුවාට සැක නැත ..

Sir night එකක් ඉන්නද room එකක් ඕනි??

නැහැ අපිට අදම colombo යන්න වෙලාතියෙනවා…
අපිට day time එකයි ඉන්න ඔනි.

හරි sir පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න.. අපි room එක ready කරලා කියන්නම්….

Okkk……

දෙදෙනාම ආලින්දය වැනි කොටසේ තබා ඇති සෝෆාවක වාඩි වුනෝය..

දුමිදු අපි මේ කරන්නේ හොද දෙයක් නෙවෙයි නේද???
අර දෙන්නටම අපි දෙන්නා කරන්නේ සමාවදෙන්න පුලුවන් දෙයක් නෙවෙයි නේද??
අනේ අපි ආපහු යමු දුමිදු…
මේ කරන වැඩේ වැරදි අපි…..

හදිසියේ වත් අපිට අපේ සීමාව ඉක්මවලා ගියොත්…. මට මොකද්ද වෙන්නේ??
අනේ අපි ආපහු යමු….

පිස්සුද බබා.. මම එච්ංහර තිරිසනෙක් නෙවෙයි. ඔයාගෙ ජීවිතේ විනාස කරන්න..
ඇත්ත මට ඔයාව ලබා ගන්න බැහැ… අපි මේ කරන්නෙත් අර කොල්ලටයි කෙල්ලටයි වැරැද්දක් …
ඒත් …

ඇයි ඒත් දුමිදු???

මම ඔයාව පරිස්සමට ගෙදරට ගිහින් ඇරලවනවා මැණික . මාව විශ්වාස කරන්න…
අපි අපේ සීමාව තියා ගමු..
මගේ සීමාව පනිනේ නැහැ බබා… trust me..

Sir room එක ready.. මෙයා room එක පෙන්නයි.

දෙදෙනාගේ කතාව ඉන් නිම විය. දුමිදු ඇයගේ අතින් අල්වාගෙන හෝටල් සේවකයා පසු පසින් යන්නට විය..

මොකද්ද මම මේ කරන්නේ?? මම වැරදි…ඔව් මම වැරදි…. ඒත් … දිමිදු… අනේ…. මට තෙරෙන්නෙ නැහැ …. මමත් කැමැත්තෙන් නේ මේ ගමන ආවේ .. බලමු මම මගේ සීමාව පනින්නෙ නැහැ … අනේ දහම් මට සමාවෙන්න .

Sir මේක තමයි room එක. මොනවහරි අවශ්‍ය වුනොත් call එකක් දෙන්න..

හරි thanks…..

සේවකයා පිටව ගියේය … දුමිදු සදුනිවද කැටුව කාමරයට ඇතුළු විය .. දුමිදු දොර වසා අගුලු දමල ලදී… කාමරය ඉතා මනරම් ලෙස සකසා ඇත.. එහි පිරිසුදු කම, සුන්දර බව දෙදෙනාම දරා ගත් නොහැකි විය..

අනේ අපි බැදලා හිටියනම්…. දෙදෙනාගෙම සිත් මොර ගාන්නට විය….
සදුනි කාමයර කෙලවර ඇති ජනෙල් තිරය ඇතින් මෑත් කර විවර කලාය..
ඈතින් ඉතා මනරම් ලෙස මහනුවර නගරත් කදු වළල්ලත් ඇසට සුන්දර දසුනක් මවා පෑවේය ..

දුමිදු තම අත් ඔරලෝසුව ගලවා කණ්ණාඩි මේසය මත තබා සෙමින් විත් සදුනිගේ බද හරහා දෑත් යවමින් පිටුපසින් විත් බදාගත්තේය…

ඉන්පසු ඇගේ ගෙල පෙදෙස තදින් සිප ගන්නට විය…..සෙමින් ඇයව ඔහුගේ මුහුනදෙසට හරවාගත් ඔහු ඇගේ දෙතොල් රිසි සේ සිප ගන්නට විය..

.සදුනි තම දෑත් ඔහු වටා පටලවා ගනිමින් තවතවත් ඔහුට තුරුලු වී ඔහුගේ ආශාවන්ට ඉඩ ලබා දුන්නීය ..

මගේ රත්තරං …. මම ගොඩක් ආදරෙයි මගෙ පන… මට ඔයාව ඕනි මගේ සුදු අම්මී….

මමත් ගොඩක් ආදරෙයි මගේ මහත්තයෝ ….
අනේ මට ඔයාගෙම වෙන්න තිබුනානම්…

එසේ කියමින් සදුනි දුමිදුගේ දෑස් දෙස බලුවාය.. එම දෑස් කියා ගන්නට බැරි අසරන කමකින් ඇය දෙස බලා හිදින්නට විය….

ඔයා මාව පිස්සු වට්ටනවා බබා.. plc ඔහොම මන් දිහා බලන්න එපා…
ඇය ඔහුගේ දෑස් මග හරින්නට මෙන් බිම බලාගත්තාය .
ඔහු තම දෝතින්ම ඒ මුහුන ඔහු දෙසට හරවා ඇගේ දෙතොලත් මුහුනත් යලිත් සිප ගන්න විය..

ඇගේ සිහින් කෙදිරිල්ලත් සමගම ඔහු ඇයව දෝතින්ම වඩාගෙන මල් පොකුරක් මල් ආසනයක තබන්නාක් සේ ඉතා පරිස්සමට සයනය මත තබන්නට විය..
අනතුරුව සෙමින් ඇය දෙසට පහත් වී රිසි සේ සිප වලද ගන්නට විය…

දෙදෙනාම ඔවුනොවුන් ගේ ලොවතුල ආදරය වින්දෝය….. ඔවුන් තම සීමාවෙන් එපිටට නොගොස් එහි සුන්දරත්වය අත් වින්දෝය.

මගේ මැණික ඔයා හරි ලස්සනයි බබා…

ම්ම්ම්ම් ඔයත් හරි handsome ….

මට පිස්සු වගේ බබා… ඔයා මාව පිස්සෙක් කලා… ඔයා වගේ මට ආදරේ කරන කෙනෙක් ආයේ මට හම්බවෙන්නේත් නැතිවෙයි …
මට මේක දරාගන්න බැහැ මැණික ..

කදුලු පුරවාගත් දෑසින් දුමිදු එසේ කියා ඇගේ පපුවට හිස තබා හඩන්නට විය…

අනේ මහත්තයෝ please ඔයා ඔහොම අඩද්දී මම කොහොමද හිත හදාගන්නේ .???
එහෙම කියන්න එපා …. එයා ඔයාව හොදට බලා ගනී. ඔයාට මටත් වඩා ආදරේ දෙයි…

නැහැ මැණික ඔයාගෙන් වගේ ආදරයක් ආයෙ මට ලැබෙන්නේ නැහැ .. මම ඒක දන්නවා …

අනේ ප්ලීස් බබා ඔය කතාව නවත්තගන්න..
තව ටිකක් වෙලා අපි ඉදලා ඉක්මනින් යමු. දැන් හවස් වෙලා…

මට ලෝබයි …. අනේ එක්කෝ අපී දෙන්නම කොහේ හරි ඈතකට යමු …. කාටවත් හොයාගන්න බැරි වෙන්න.

පිස්සුද එච්චර බොලද වෙන්න ඔනි නැහැ අපි දුමිදු…
අපිට මේ ආත්මේ වාසනාව නැහැ එකතු වෙන්න… දැන් අපි දෙන්නම හිත හදාගන්න ඕනි …

මගේ මැණිකට මම ගොඩක් ආදරෙයි… ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ .. ඒ ආදරේ කාටවත්ම දෙන්නත් බැ මට..

මම ඒක දන්නවා මහත්තයෝ…..

…………………………………………………………………..

ඔවුන් ලැගුම් හලෙන් පිටත් වන විට හවස 4 ට පමන විය.. සදුනිගේ ගෞරවය එලෙසින්ම ආරක්ශා කිරීමට දුමිදු වගබලා ගත්තේය. ඇගේ පිරිසිදු භාවය එලිසින්ම ආරක්ශා විය..

දුමිදු පොඩ්ඩක් නවත්තන්න . මට call එකක්..

Hello…

අහ් කොහෙද ඉන්නේ සදුනි??

අ..ආ…ද..හ..ම්… මම..මම මේ…නු..වර…ආ..ආ..වා…… දැන් ගෙදර යන ගමන්…..

අනේ මේහ් තමුසේ බොරු නොකියා ඉන්නවා.. තමුසේ අද අරූ එක්ක රවුම් ගැහුව නේද???

අරූ…..?? කව්ද අරූ….???දහම් වැදගත් විදිහට කතා කරන්න… අනික මම පාරේ ඉන්නේ….

හරි තමුසේ ගෙදර යනවකෝ.. ඊට පස්සේ මම බලා ගන්නම් මොකද්ද කරන්නේ කියලා….

අනේ දුමිදු….. දහම්ට ආරන්චි වෙලා අද මන් ඔයාව meet උනා කියලා…

මොකක් එයාට කොහොමද ආරන්චි වෙන්නේ බබා… එහෙම වෙන්න විදිහක් නැහැ නේද??

ඔයා ඔයාගෙ යාලුවෙකුට වත් කිව්වද මාව අද meet වෙනවා කියලා.

නැහැ දුමීදු කව්රුත්ම දන්නේ නැහැ … oyaa කාටද කිව්වේ ???

පිස්සුද බබා මම එච්චර මෝඩයෙක් ද… කාටවත් කිව්වේ නැහැ …

එහෙනම් කොහොමද දහම් දැනගත්තේ.. අනේ මට බයයි දුමිදු….. දැන් අපි මොකද කරන්නේ???

මටත් හිතාගන්න බැහැ මොකක් කරන්නද කියලා….

දුමිදු දැන් කරන්න තියෙන්නෙ මෙච්චරයි.. අදින් පස්සේ අපිට කවදා හම්බ වෙන්න පුලුවන් වෙයිද දන්නේ නෑ …
සමහර විට ආයේ call එකක් වත් දෙන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ ….
අපි දෙන්නටම බේරුමක් නැහැ රත්තරං …
ඔයා බේරුනත් මට බේරුමක් නැහැ … දහම් මොන තීරනයක් ගනීද දන්නේ නැ… දෙයියනේ අපේ ගෙදරින් මේවා දැනගත්තොත් මාව මරයි…..

මගේ රත්තරං මම අදටත් ඔයාට ගොඩක් ආදරෙයි…..
ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ …
අදින් පස්සේ අපේ ජීවිත වෙනස් වෙයි….

මම දැන් යන්නම් ….. ඔයා පරිස්සමින් ඉන්න මගේ මහත්තයෝ …..

අනේ මගේ බබා මම කොහොමද හිත හදාගන්නේ .?..
ඔයා බයවෙන්න එපා දහම් ගන්න තීරනේ මොකද්ද කියලා මට කොහොම හරි දැනගන්න සලස්වන්න.
එයා ඔයාව භාර ගත්තේ නැත්තං මම තීරනයක් ගන්නවා මැණික …
මම ඔයාට අසරණ වෙන්න දෙන්නේ නැහැ ..

එතකොට දුමිදු අර කෙල්ල. ??ඒ කෙල්ලගේ ජීවිතේම විනාසයි නේද??? කෙනෙකුට ගින්නක් දීලා මට සතුටු වෙන්න බැහැ මහත්තයෝ ….
මම කොහොම හරි ඔයාට තොරතුරක් දෙන්නම්…
මම යන්නම් රත්තරන් ……

පරිස්සමින් ඉන්න බබා… මම ගොඩක් ආදරෙයි ඔයාට……

සදුනි යන දෙස දුමිදු කදුලු පුරවාගත් දෑසේන් බලා හිදින්නට විය…..

………
සදුනිගෙත්, දහම් ගෙත් ,දුමිදු ගෙත් ජීවිත වලට කුමක් වන්නට ඇතිද ??? ඔයාලා හිතන්නේ මොකද යාලුවනේ ??? 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *