දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ 01 – Ashi Jayathilake

❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️

**පළමු දිගහැරුම**

පොඩි දුව ළමයෝ මේ ගොම්මන් වෙලාවෙ එලියට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව එන්න දරුවෝ ගෙට..දැන් මාස කීයක් ඔයා ඔය විදිහට නොකා නොබී හීල්ලුවාද..?දැන් වත් පුතේ හිත හදාගන්න බලන්න..අපි කොච්චර ඇඩුවා දෙඩුවා වුනත් අශේන් පුතා ආයෙ එන්නෙ නෑ දරුවෝ..ඔයා ඒක තේරුම් ගන්න බලන්න..හෙට ඔයා පරන ජීවිතේ අමතක කරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඕනෙ දරුවෝ…දැන් හෙට ගමනට ඕන කරන හැම දෙයක්ම ලෑස්තිද…?
තාමත් සැන්දෑ අහස දෙස බලා සිටිනා දැහැම්ගෙන් ඇගේ මව විමසුවා…

ඔව් අම්මා…මට අශේන් මතක් වෙන ගානෙම මගෙ පපුව පිච්චිලා යනවා..අමතක කරන්න කිවුවට මං කොහොමද හිත හදා ගන්නෙ දෙයියනේ…මං මේ හැම දේකින්ම ඈත් වෙන්න ඕන හින්දමයි ඔය ජොබ් එකට යන්නේ අම්මා…දැහැම් දෑසට ඉනූ කදුළු ඔහේ ගලා යන්නට හැරියා…

හරි හරි අපි යං දැං ගෙට…සුභා තම බාල දියණිය සමග නිවස තුලට ගියා…

අශේන් යනු දැහැමිගේ පාසල් කාලේ පටන් ඇගේ ආදරය පතා ආ කුළුදුල් පෙම්වතායි..අශේන්ගේ හොදම මිතුරා වූයේ දැහැමිගේ සොහොයුරා වන සංජනයි…අශේන් ඇගේ ආදරය ඉල්ලා සෑහෙන කාලයකට පසු දැහැමි ඔහුගේ පෙම්වතිය වන්නේ නිවෙස් වල ආශිර්වාදය ද සමගින්..ඔවුන්ගේ ආදරය අවුරුදු පහක් ගලා ගියේ අශේන් සහ දැහැම් එකිනෙකා කෙරෙහි තව තවත් ආදරයෙන්ම ළං වීමෙන්..එහෙත් අවාසනාවන්ත ලෙස අශේන් සිය දිවියෙන් සමුගත්තේ දැහැම්ගේ මුළු ලෝකයම අදුරු කරමින්…අශේන් රිය අනතුරකට පත් වූ බව දැනගත් මොහොතේ ඇය සිටියේ සිහි විකල් වී මෙනි…
අශේන්ගේ දේහය නිවසට ගෙන එනවා වත් දැහැමි දැන හුන්නේ නැත..ඇය වරින් වර සිහි මුර්ජා වී රෝහල් ගත කරන්නට පවා සිදු වූයේ අශේන්ගේ අවාසනාවන්ත මරණය ඇයට තද බල පහරක් වූ බැවින්…

සුසාන භූමිය වෙත ඈ රැගෙන ගිය පසු අශේන්ගේ සිරුර බදාගෙන ඇය විලාප තැබුවේ පැමිණි සිටි සියල්ලන්ගේම දෑසට කදුළු නංවමින්…

දින සති මාස ගණන් ගොයද දැහැම් ජීවත් වුනේ අවට වෙන කිසිම දෙයක් ගැන හරි හැටි කල්පනාවකින් නොවේ…අශේන් සමුගෙන මාස අටක් පමණ ගත වූ තැන ඇය ටිකෙන් ටික පියවි තත්වයට ආවත්..ඇගේ මුහුනේ අශේන් කවදත් ප්‍රිය කරණ සිනහව අතුරුදන්ව තිබුනා….

****************************

ඇගේ යෙහෙලිය වන අනුපමා සමග දැහැම් හෙට දින කොළඹ යන්නේ ඔවුන් දෙදෙනාම ඉල්ලුම් කර තිබූ පුද්ගලික බැංකුවක රැකියාවකටයි…

අනූපමාගේ දුරින් නෑ වෙන නිවසක ඔවුන්ට නවාතැන් ගැනීමට ලැබෙන අතර දැහැම් මේ රැකියාවට යාමට කැමති වූයේද අනුපමාගේ බලකිරීම නිසායි…

හෙට දින දැහැම්ත් අනුපමාත් ඇගේ සොහොයුරා සමග කොළඹ යාමට සූදානමින් පසු වුනා…

දැහැමි ඇගේ රෙදි බෑගය තුලට අශේන්ගේ සුන්දර චායා රූපයක් දමා ගැනීමටද අමතක කලේ නැහැ…

***************************
අම්මාගේත් තාත්තාගේත් දෙපා වැදි ඇය අනුපමා සමග සිය සොහොයුරාගේ කාරයට නැගුනේ නැගෙන කදුළු ලේන්සුවට උරාගන්නට දෙමින්ය..

අද පටන් අශේන් එක්ක ගෙවූ සුන්දර වට පිටාවෙන් ඔහුගේ මතක සුවදින් තමා සමු ගන්නා බව මතක් වූ දැහැමි දෑස් තදින්ම පියා ගෙන සිටියා…

කෙල්ලේ දැන් උඹ ඔහොම හිටියා හොදටම ඇති..හෙටින් පස්සෙ කදුළු බෑ..මේ ලෝකෙ උඹට විතරක් නෙවෙයිනේ බං ඔය දේ උනේ…උඹට තාම අවුරුදු 24ක්..මට උඹේ දුක හොදට තේරෙනවා..ඒත් ඉතිං උඹ ජීවිත කාලෙම ඔහොම ඉන්නයෑ…හිත හදා ගනින්..කොහොම හරි..අනුපමා අවසානයේ පැවසුවා…

*****************************

ඔවුන් කෙලින්ම ගමන් කලේ නවාතැන් ගන්නා නිවසටයි…මහල් දෙකකින් යුතු නිවස වටා සුන්දර ගෙමිදුලක් ද විය..දැහැමිට නිවස දුටු ගමන් සිතට සැහැල්ලු බවක් හැගුනා…

අපේ දුරින් නැන්දා කෙනෙක් වෙනවා..අපිට වගේ නෙවෙයි..බර අත්තක්..ඒත් ඔය නැන්දගෙ ගති ගුණ මාර හොදයි..ඒකනේ මෙහෙම නවතින්න එනවට උනත් කැමති වුනේ…ලොකු පුතෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්..මාත් පොඩි කාලෙ දැක්කට පස්සෙ දැකලා නෑ..තව නංගි කෙනෙක් ඉන්නවා..එයා නම් තාම ඉස්කෝලේ යනවලු…අනූපමා නිවසේ අය ගැන ලොකු විස්තරයක් ලබා දුන්නා..

අප දුටු ගමන් එලියට ආවේ අනූපමාගේ නැන්දා යැයි පැවසූ රම්‍යා මහත්මියයි…

අනූ දුව අප්පේ දැකපු කල්..අම්මලා සනීපෙන්ද…?ඇය දැහැම් දෙසත් සොයුරා දෙසත් බලා ඇසුවා…

ඔව් නැන්දා…මේ ඉන්නේ මං කියපු මගෙ යාලුවා..මේ එයාගෙ අයියා..අනූ අපව රම්‍යා මහත්මියට හදුන්වා දුන්නා…

ඇය ලෙංගතුව සිනාසී එන්න දුව යැයි පවසා අපට අසුන් පැනවූවා..

කෝ නැන්දා අයියයි නංගියි…

නංගි නම් දැන් එනවා ඇති..අයියා එන්න හවස් වෙනවා දරුවෝ…ඔයාලා එනවා කියලා නම් දන්නවා..හදිස්සියෙ නිවාඩු ගන්නත් බැහැනේ..
ඇය දැහැම්ගේ සොහොයුරා සමගින්ද කතා බහ කර අවසානයේ අපට වෙන් කල කාමරය පෙන්වූවා…

කාමරය වෙත ගොස් ඇදුම් බෑගය තබා නැවත දැහැමි සොහොයුරා අසලට ආවේ ඔහුට සමුදීමටයි..

නංගි මම එහෙනම් ගිහින් එන්නම්.පරිස්සමෙන් හොදද…ඔහු ඇගේ හිස අත ගා අන් දෙදෙනාටද පවසා පිටව ගියේ දැහැමිගේ දෙනෙතට නැවතත් කදුළු එක්කරයි..

අපි යමු බං ඇතුලට..අනුපමා ඇගේ අතින් අල්ලගෙන නිවසට ඇතුල් වුනා…

###නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

2 Comments

  1. hey there and thank you for your information – I’ve certainly picked
    up something new from right here. I did however expertise some technical issues using
    this web site, as I experienced to reload the website a lot
    of times previous to I could get it to load correctly. I had been wondering if your hosting
    is OK? Not that I am complaining, but slow loading
    instances times will very frequently affect your placement in google and can damage your high-quality score
    if advertising and marketing with Adwords. Anyway I am adding this RSS to my email and could look out for a
    lot more of your respective interesting content. Make sure you update this again soon..
    Escape roomy lista

Leave a Reply

Your email address will not be published. Required fields are marked *