~~~~ දෙව්දූ ~~~~~04 කොටස

එදා හවස අලුත් ළමයිට කැන්ටින් එක ලගට එන්න කියලා තිබුනත් සින්නොන්ට අහුනොවී කොහොමහරි අපි එළියට පැනගත්තා කියමුකෝ … මටයි අමාලිටයි හෙන හැපී ගේට් එකෙන් එළියට ආව නිසා …කොහොම හරි අපි සතුටට හිනාවෙවී පාර පැන්නා ..
‘ඒයි නංගි …..මොකද උබලා පැනගත්තේ අද අලුත් ළමයිට හවස නවතින්න කිව්වා නේද ..’
අපි ඉස්සරහට ඇවිදගෙන ආව අයියලා කට්ටියක් අමාලියි මායි වටකරගත්තා … එතන හිටිය මාන්දම හැදුනා වගේ කෙට්ටු කොල්ලා තමා අපිට සද්දේ දාන්න පටන්ගත්තේ … දෙවියනේ කියලා පැනගත්තා මදැයි මාරයෝ ටිකක් වගේ මුන් ටික අපි දෙන්නා මරාගෙන කන සයිස් එකට මුහුණු හදාගෙන බලාගෙන ඉන්නවා …මම දැක්කා අර උදේ හිටිය තේමිය කියන අයියත් ඒ ළමයි අස්සේ ඉන්නවා …
‘අයියේ අපි දන්නේ නැහැ …ඉන්න කිවුවා කියලා ..’ මම බය හංගගෙන ඇත්ත කියලා පේන්න මුහුණ හදාගෙන උත්තර දුන්නා …
‘මචං තේමි මෙකි තොත්ත බබා නේ …. බලපන්කො මුහුණේ තියෙන බබා පාර්ට් එක …’
තේමිය අයියා කට කොනකින් හිනාවෙද්දි … මාන්දමා නෝන්ඩි විදිහට හිනාවෙනවා …
‘හරි නංගිලා දැන් පලයව් ….හෙට අල්ලගන්නම්කෝ ..’ මූ එහෙම කියලා අපිට යන්න පාරේ ඉඩ හදලා දුන්නා …මම අමාලිගේ අතින් ඇදගෙන දුවන්න ලැහැස්ති උනා ..
‘ඔහේ හිටු ….. මෙවුන්ගේ හැසිරීම හරිම නින්දිතයි … ජේෂ්ඨ උත්තමයන්ට ආචාර කරලා අවසර අරන් පලයව් … ’
තවත් කොල්ලෙක් එහෙම කියද්දී අපි ආපහු හැරිලා දෙකට නැවිලා ආචාර කරා කට්ටියටම …
‘ජේෂ්ඨ උත්තමයිනි , අපිට යන්න අවසර දෙන්න …. ‘’
‘හරි හෙට උදේම ඇවිල්ලා ….චමත් ජේෂ්ඨ උතුමයා හම්බවෙන්න ඕන ..’
අපි දෙන්නා එතනින් මීටර් ගානක් යනකන් කතා කරේ නැතිව උපරිම වේගෙන් ඇවිදගෙන ගියා ..
‘හෙට මොන මරාලයක් පාත්වෙයිද දන්නේ නැහැ අමා …මට බයයි වගේ ..’ මම එහෙම කිව්වේ අර චමත් කියන කොල්ලා හෙට උදේ හම්බ වෙන්න කිව්ව නිසා …
‘ඒක තමා අනේ ….මොනවාද කරන්නේ …’
‘මොනවා කරන්නද …දැන් ඉතින් දෙන පරිප්පුවක් කන්න තමා තියෙන්නේ …’
මම එහෙම කියලා අමාලිට ටටා බායි කියලා බෝඩිම පැත්තට යන පාරට හැරෙද්දී අමාලි නුවර බස් හෝල්ට් එක පැත්තට ගියා …
‘දේව්ට හරිම මහන්සි පාටයි ..’ මම එනකන් ගේට්ටුව ලගට වෙලා බලාගෙන හිටපු වසන්තා ඇන්ටි මගේ අතේ තිබ්බ පොත් බෑග් එක බලෙන්ම එයා අතට ගත්තා ..
‘එච්චර මහන්සියක් නැහැ ඇන්ටි … මම රසම රස තේ එකක් ඕනි ’ මම එහෙම කියලා සාලේ තිබ්බ පුටුවක් උඩ වාඩිවෙද්දී සදෙව් මල්ලි කාමරේ ඇතුලේ ඉදලා එලියට ආවා ….
‘හා මම දෙන්නටම තේ හදාගෙන එන්නම්කෝ ..’
වසන්තා ඇන්ටි කුස්සිය පැත්තට යද්දී සදෙව් මල්ලි ඇවිත් මගේ ඉස්සරහා පුටුවක වාඩිවුනා
‘කොහොමද අක්කි රැග්‍ එක ….. ’
‘අති විශිෂ්ඨයි ..’ මම මුහුණ බේරී කරගෙන එහෙම කියද්දී සදෙව් මල්ලිට තේරෙන්න ඇති මට ඇතිවෙලා ඉන්නේ කියලා
‘මොකද උනේ කියනවාකෝ ..’
සදෙව් මල්ලිගේ මුහුණේ කුතුහලේ පිරිලා
‘උදේ කැම්පස් එකට ගියවෙලාවේ ඉදලා … රෙස්ට් එකක් හම්බවෙන හැමවෙලාවෙම රැග් රැග්….ඉවරයක් නැහැ හලෝ …’
මම අද උදේ ඉදලා වෙච්ච හැමදෙයක්ම කෙටියෙන් මල්ලිට කිව්වා …
‘අපේ ලොකු අයියාට කිව්වා නම් හරි … කොහෙද මෑන්ගේ ෆෝන් එකත් මේ දවස් වල වැඩ කරන්නේ නැහැ නේ … ’
සදෙව් මල්ලි එහෙම කිව්වේ දුකෙන් වගේ ….
‘ කමක් නැහැ තව ටික දවසයි නේ …කොහොමහරි මේ දවස් ටිකට කට්ට කමු ..’
මම එහෙම කියලා ඉවර කරද්දීම වසන්තා ඇන්ටි තේ එකත් අරන් ආවා …
‘අමුර්තය වගේ ඇන්ටි ….’ මම රස කර කර තේ එක බීවේ දවස් ගානක් පිපාසාවෙන් හිටපු කෙනෙක් වගේ .. එතකොටම තමා ගෙදර ෆෝන් එක රින්ස් යන්න පටන්ගත්තේ …. ඇන්ටි ගිහින් රිසීවර් එක කනේ තියාගෙන ටික වෙලාවක් කතා කරලා මගේ දිහා හැරිලා හිනාවුනා
‘කෝල් එක දේව්ට ..’
‘කව්ද …’
‘ඇවිල්ලාම බලන්නකෝ ..’
මම තේ එකේ ඉතුරු ටික එක හුස්මට බිලා ස්ටුල් එක උඩ කෝප්පේ තියලා ෆෝන් එක ලගට අඩියට දෙකට ගිහින් රිසීවර් එක අත ට ගත්තා …
‘දේව් මගේ සුදු දෝණි…. ’ එහා පැත්තෙන් ආවේ මගේ අම්මිගේ කටහඩ …
‘මගේ අම්මි …ඔයාත් එක්ක තරහයි …’
‘ඒ ඇයි මගේ රත්තරන් ..’
‘ ඔයා මට ඊයේ කතා කරේ නැහැ නේ …’
‘අනේ වස්තුවේ ඊයේ නංගිගේ ක්ලාස් එකට ගිහින් එන ගමන් බඩු වාගයක් ගන්න ගියා එද්දී හොදටම රෑ උනා …..ඔයා නිදි කියලා හිතලා මම කතා කරේ නැත්තේ ..’
අම්මි එක දවසක්වත් කතා කරේ නැත්තම් මගේ හිතට ලොකු පාළුවක් දැනුනේ …ඉතින් අපි විනාඩි දහයක් විතර විස්තර කතා කර කර හිටියා
‘මගේ තාත්ති ඉන්නවාද අම්මි … ’
‘ඉන්න මම දෙන්නම් ..’
අම්මි තාත්ති අතට රිසීවර් එක දෙන්න ඇති
‘දේව් … කොහොමද රත්තරනේ ….’
‘මට පාළුයි මගේ තාත්ති …ඒ උනාට වසන්තා ඇන්ටි ගොඩක් හොද හින්දා මට ඒ තරම් දුකක් නැහැ ..’
වසන්තා ඇන්ටි මට සලකන්නේ අම්මා කෙනෙක් දුවෙකුට සලකනවා වගේ …. ගෙදර නැති පාළුව එයා මට දැනෙන්න දුන්නෙම නැති තරම් …
‘කොහොමද රැග් කරනවාද කැම්පස් එකේ …’
තාත්තිට මම ඉස්කෝලේ කාලේ ඉදලා කරන කියන දේවල් අකුරක් නෑර කිව්වා ඒ පුරුද්ද තාම නැති වෙලා නැහැ … හැමදාම හවසට කතා කරාම මම එයාට දවසේ සිද්ද වුන දේවල් කෙටියෙන් කියනවා …. හැබැයි මම තේමිය ගැන නම් නොකියා ඉන්න පරිස්සම් උනා ….
පැයක විතර කතාව ඉවර උනේ තාත්තිට ඔෆිස් එකෙන් කෝල් එකක් ආව නිසා …. රිසීවර් එක තියලා යන්න හැරෙද්දී ආයෙම ෆෝන් එක රින්ග් වෙනවා ආයෙම අපේ ගෙදරින් කියලා හිතළා මම රිසීවර් එක අරන් කනේ තියාගත්තා ….
‘මොකක්ද අම්මි මම පැයක් තිස්සේ ෆෝන් එකට ට්‍රයි කරනවා මෙච්චර ෆෝන් එක බිසී ඇයි … ඒක නෙවේ මට පොත් වාගයක් ගන්න තියෙනවා … මට සල්ලි ටිකක් අකවුන්ට් එකට දාන්න …’
මම කතා කරන්නත් කලින් පොර කියාගෙන කියාගෙන යනවා …මේ නං සදෙව් මල්ලිගේ ලොකු අයියා වෙන්න ඕන …. කටහඩත් නිකන් අහලා පුරුදුයි පුරුදුයි වගේ ….
‘මම අම්මි නෙවෙයි ඉන්න මම ඇන්ටිට කතා කරන්නම් ..’ එයා කතාව නැවැත්තුවාට පස්සේ මම එහෙම කියලා රිසීවර් එක තියලා ඇන්ටි හොයාගෙන ගියා …
‘ඇන්ටි ඔයාට කෝල් එකක් ..’ මම එයාට පණිවුඩය කියලා මම කාමරේ පැත්තට ගියේ නාගන්න කියලා හිතාගෙන ..
*******************************************

පහුවදා උදේ අමාලියි මායි චමත් අයියා හොයාගෙන ගියා … තේමිය යාලුවොත් එක්ක අක්බාර් පාලම ලග ඉන්නවා …. චමත් එතන ඇති කියලා හිතලා හිතලා අපි කට්ටියට ලංවුනා
‘ සුභ උදෑසනක් ජේෂ්ඨ උත්තමයිනි ’
අපි දෙන්නා අයියලා ටික ඉස්සරහා හිටගෙන දෙකට තුනට නැවිලා ආචාර කරා …
‘සුභ උදෑසනක් …මොකද උදේම අපි හොයාගෙන ආවේ ’
‘චමත් ජේෂ්ඨ තුමා අපිට හම්බවෙන්න කිවුවා ඊයේ ..’
‘ආ එහෙමද … හ්ම්ම් … ඊයේ පැනලා ගියේ මෙතුමියෝ නේද … ’ තේමිය අයියා මගේ දිහා ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිව බලාගෙන ඉද්දි කවදාවත් නැතිව මගේ හිත වේගෙන් ගැහෙනවා ….කිසිම කොල්ලෙක්ගේ ලග ගැහුනේ නැති හිතට මොනවා වෙලාද මන්දා ..
‘හරි …දැන් එහෙම නම් කියමු බලන්න පුටුවරක් චක්කරේ ..’
තේමිය එකපාරටම එහෙම කිව්වාම මම නිකන් කරකවලා අතඇරියා වගේ මොකද මම මෙච්චර කාලෙකට දැනගෙන හිටියේ ගුණන වගුව විතරයි නේ … දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි ඔය විදිහට දහතුන්වරක් චක්කරේ වෙනකන් කියන්න දැනගෙන හිටියට පුටුවරක් චක්කරේ කියන්න මම දැනන් හිටියේ නැහැ …
පුටුවරක් එක පුටු එකයි
පුටුවරක් දෙක පුටු දෙකයි
පුටුවරක් තුන පුටු තුනයි
පුටුවරක් හතර පුටු හතරයි
හරියන්න හරි වරදින්න හරි කියලා මම එහෙම්ම කියලා දැම්මා
‘හම්මට කව්ද පුටුවරක් චක්කරේ කියලා දුන්නේ ..’ තේමිය මගේ දිහා බලාගෙන ඉන්නවා … කනාවට කිව්ව චක්කරේ හරි වගේ .. දෙවියෝ මගේ මුහුණ බැලුවා එහෙම නම්
‘මම හිතලා කිව්වේ ….’ මම අහිංසක මුහුණක් හදාගෙන එහෙම කිව්වම තේමිය අයියා හිතන්න ඇත්තේ මට දෙකට ගනින්න බැහැ කියලා …
‘හරි දැන් යන්න පුළුවන් …’ තේමිය එහෙම කිව්වාම මම අමාලිත් ඇදගෙන එතනින් යන්න පිටත් උනා ….

එදා දවසට තිබ්බ පළවෙනි ලෙක්චර් එක ඉවරවෙලා ප්‍රොපා එලියට ගිය ගමන් සින්නො ටිකක් අපේ පංතිය ආක්‍රමණය කළා .. චමත් තේමිය ඒ වගේම ලහිරු තව චායා මම මේ දැව කීපයට අදුරගත්ත සෙට් එකම එතන හිටියා

‘උබලා ඉංජලා ඉන්ජිලා කියලා ලොකු ලයින්ද දැන් …’ මේ කැම්පස් භාෂාව නම් වෙලාවකට මට අණ්ඩර දෙමල වගේ … පස්සේ තමා දැනගත්තේ ඉනිජිනියර් පැකල්ටි එකේ ඉගෙන ගන්න කෙල්ලොන්ට ඉංජි කොල්ලොන්ට ඉන්ජා කියලත් කියනවා කියලා …
‘නැහැ ජේෂ්ඨ උත්තමයිනි …. ’ අපි කට්ටියම එක හඩින් කිවුවා ..මම අමාලි හිමායා හිටියේ ඉස්සරාම වාඩිවෙලා .. තව අපිත් එක්ක අලුතින් ෆිට් උන බැචාලා ටික ජනිත් බිනුර ,මලිෂ්, ගගුලි , රොනාෂා අපිත් එක්ක එක පෙලට හිටියේ …

‘උබ වරෙන් …’ ප්‍රොපාගේ ටේබල් එක උඩ වාඩිවෙලා හිටිය අක්කා කෙනක් අතින් පෙන්නුවේ මාව ..

‘ කාර්ඩ් එක කියපන් ..’
එයා සැරෙන් තමා කතා කරේ
‘මට කාර්ඩ් එකක් නැහැ අක්කි ..’ මම ගණන් ගන්නේ නැතිව කියලා දැම්මා ..
‘අක්කි බක්කි ගාන්න එපා යකෝ …. තොපිට කියලා තියෙනවා නේ ජේෂ්ඨ උත්තමාවී කියපන්….. ආ මොකද උබට කාර්ඩ් එකක් එපාද අලයෙක් වෙන්නද ඕන …පල ගිහින් අර අයියාගෙන් නමක් ඉල්ලගෙන වර …’

මෙයා පෙන්නුවේ චමත්ව… මුළු ක්ලාස් එක ඉස්සරහම මට විලි ලැජ්ජාවේ බැහැ මම බොහොම අහිංසක විදිහට අර උත්තමාවිය පෙන්නපු මාන්දමා ලගට ගිහින් හිටගෙන පොර මගේ දිහා බලනකන් බලාගෙන ඉන්නවා …පොර මාව ගණන් ගන්නෙවත් නැතිව තව අයියා කෙනෙක් එක්ක බර කතාවක් …කොහොම හරි විනාඩි පහකට වඩා මම දෙන්නා දිහා බලාගෙන ඉන්නවා කතාව නවතිනකන් බට් නන්ස්ටොප් චැට් එකක් දෙන්නාගේ …මැදට පැනලා කතා කරොත් හොද පද දෙකක් අහගන්න වෙයි කියලා බය නිසා මම කට වහගෙන ඔහේ හිටියා …
‘මොකද උබ පැලවෙලා නමක් අහගත්තාද … ’ අර උත්තමාවී මගේ දිහා බලලා කෑ ගහනවා …
‘තාම නැහැ ජේෂ්ඨ උත්තමාවිය … ’
‘එහෙනම් එහා පැත්තේ ඉන්න බස්සා උත්තමයාගෙන් අහපන් …’
පැත්තකට වෙලා ඉන්න එකෙක් පෙන්නලා මෙයා ආපහු කියනවා .. මම ඉතින් ගොනාසේ ගිහින් ඒ අයියා ලග හිටගත්තා
‘මොකද මගේ ලගට ආවේ ..’
‘මට නමක් දාගන්න ජේෂ්ඨතුමා ..’
මම යටහත් පහත් විදිහට මුහුණ හදාගෙන බොහොම සංවර විදිහට එහෙම ඇහුවේ ..
‘ඇයි බොල උබ හිතුවාද මම උප්පැන්න ලියනවා කියලා …උබට උප්පැන්නේ තියෙන නම මදිවෙලාද මට කියලා නම් දාගන්න ආවේ …’
‘අනේ අයියේ මට නමක් දාන්නකෝ ..’ මොනවා කරන්නද අරුන් මාව ඉතුරු කරන එකක් නැහැ නමක් දාගත්තේ නැති නම් …
‘තේමිය …මේ බලහන්කො මේකිට නමක් දාන්නලු ….. අම්මලා දැම්ම නම් එපාලු …උබ මොකද කියන්නේ .. නමක් දාන්න පුළුවන් ද මේකට ..’
තේමිය අයියා තව අයියලා දෙතුන් දෙනෙක් එක්ක අපි ලගට ආවා ..කට්ටිය එකට එකතු වෙලා කුටු කුටු ගානවා …
‘ හරි අපි ඔයාට නමක් තිබ්බා …’ තේමිය අයියා උඩගු තාලෙට මගේ දිහා බලාගෙන ආඩම්බරේට එහෙම කිව්වා … මගේ හිතට සතුටක් මොකද දැන් මට නමක් ලැබෙනවා නේ …
‘මොණරි … ඒ තමා අද ඉදලා උබේ නම ….. තේමිය ජේෂ්ඨ උත්තමයා තමා ඔබ තුමියට නම් තැබීම සිදු කරේ …’
මොණරි නරක නැහැ ….
‘දැන් හැමෝටම ඇහෙන්න කෑ ගහලා තමුන්ගේ අලුත් නම කියමු බලන්න ..’
‘අද ඉදලා මගේ නම මොණරි …’ මම හැමෝටම ඇහෙන්න මගේ කාර්ඩ් එක කියුවා .. ඔන්න මම කාර්ඩ් එක අරගෙන ගිහින් වාඩිවුනා … ඔන්න ඉතින් කට්ටියටම කාර්ඩ් දීලා ඉවර වුනා …අපි බලාගෙන හිටියේ මේ දැන් සින්නො ටික පිටවෙලා යයි කියලා ඒත් යන පාටක් නැහැ …

‘හරි දැන් උබලාගේ දැනුම මිනුම බලන අවස්තාව ඇවිල්ලා තියෙන්නේ අපි දෙන මාතෘකාවට උබලා රචනයක් ලියන්න ඕන ….’
එහෙම කියලා කට්ටියට එක එක මාතෘකා ලියපු කොළ කෑලි බෙදලා දුන්නා …. ජෝන් සිනා සහ ඒබරන් සියා කියන මාතෘකාව තමා මට ලැබිලා තිබ්බේ …. මම අහස පොළව ගැට ගහන්න ට්‍රයි කලත් ඒ දෙක සම්බන්ධ කරගන්න බැහැ තව විනාඩි පහකින් රචනාව දෙන්න ඕන ….නැත්තම් මට වෙන්නේ අල වෙන්න (අතහරින ලද්දෙක් ) වෙන්න තමා ..කොහොමහරි හිතට ෆිට් එක අරන් මම ජේද කියපයක් ලියලා දැම්මා …
‘වෙලාව ඉවරයි දැන් කට්ටිය පිළිවෙලට ඇවිත් රචනාව කියවන්න ….’
ඔන්න කට්ටිය එක එකා ගිහින් රචනාව කියවලා එනවා ….ඊළගට හිටියේ මම

‘ජෝන් සිනා රෙස්ලින් සෙල්ලම් කරද්දී එබරන් සියා හන්දියේ කඩේ ටීවී එකෙන් බලාගෙන ඉන්නවා … ටීවී එකේ නොපෙන්නුවාට ජෝන්සිනා වගේම එබරන් සීයාද හොද රෙස්ලින් කාරයෙකි ..දවසක් මාටින් හොරාට කෙසෙල් කැනක් කපලා ඒබරන් සීයාගෙන් රෙස්ලින් පාරවල් කීපයක් කෑවේය …

මම රචනාව කියාගෙන කියාගෙන ගියා … කතාව අහගෙන හිටපු සින්නොයි බැචාලයි එක පාරටම හිනාවෙන්න ගත්තා … මම බිම බලාගෙන ගිහින් මගේ පුටුවේ වාඩිවුනා …

මතු සම්න්ධයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *